හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.
ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ වදින ආකාරය ගැන සාකච්ඡා කිරීමට එහි අරමුණ බව ද කියති.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.
ඉදිරි මහ මැතිවරණයේ දී තරඟ වදින ආකාරය ගැන සාකච්ඡා කිරීමට එහි අරමුණ බව ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයට හොරා කියන කට්ටිය ඕපාදුප කියන ගමේ ගැනු (මෙහෙම ගැනු නැහැ දැන් මේ වැඩේ කරන්නේ පිරිමි) වගේ හොරා හොරා කියන්නේ නැතුව සාක්කිත් එක්ක ඔප්පු කරන්න. රටේ මිනිස්සු "හැරිසන්" වගේ බුරුවො කියලා කතා කරන්න එපා. (නදී)
සරත් ෆොන්සේකා මහත්තයව හිරේට දාලා කරුණාට ඇමතිකම් දීපු එකයි සිංහල ජාතියේ මහා පාවා දීම. (නදී)
මහින්ද බල ලෝභියෙක්. එයාට කවදාවත් එන්න වෙන්නේ නැහැ (නදී)
මම කිසිම කට්ටියකට ප්‍රශස්ති ගායනය කරන්නට යන කෙනෙක් නොවෙයි. මම බොහොම කාලෙක ඉඳල ලියන කෙනෙක් සහ ලිව්වේ මම හරිය කියල හිතෙන දේවල්. (නදී)
හමුදාපතිව හිරකරලා,ත්‍රස්තවාදීන්ට ඇමතිකම් දීල, ඉතිරි රණවිරුවෝ පාර අතුගාන්ඩ දාල පාවල දුන්නේ කවුද ? (නදී)
හොඳට හිතලා බලන්න මහින්ද යුද්දය ඉවර කළා නමුත් රටේ ආර්ථිකයට කළ වැඩක් නැත. බදු දඩ වැඩි කරමින් රට කළා දැන් ඕනා රට දියුණු කලහැකි නව නායකයෙක්(නදී)
අපිට දේශපාලනය කරන්න අලුත් මිනිස්සු හොයන්නේ කොහොමද? ඔය රටේම ඉන්න අයම තමයි බඳවා ගන්න ඕනේ. අලුත් මැති ඇමතිවරු හැටියට නැතිව අලුත් අයව මවන්න බැහැනේ. ඉතින් අලුත් නීති දාල හරි ඔය ඉන්න අයම තමා ඕක කරන්න ඕනේ. නැතුව අලුත් මිනිස්සු ඉපදිලා ඇවිල්ල කරන්නේ නැහැනේ. අනික ලංකාවේ ඉන්නේ ඔක්කොම එකම ආකල්ප තියෙන මිනිස්සු. ඉතින් අපි හිතනවා වගේ දියුණු රට වල වගේ ලස්සන රටක් හදන්න අමාරුයි අපේ රටේ කෙටි කලකින්. ඉන්නෙත් උගත්තු හැමදාම බණත් කියනවා. ඒත් ලෝකෙන්ම ගොඩක් අද ඉන්නෙත් පිටිපස්සෙන් එහෙම නේද ? (නදී)
ආයෙත් බලු පොරය පටන් අරන්. ඔය කියන ජාති හිතේෂීන් කියන පිරිස ආයෙත් බලයට එන්න හදන්නේ තමන්ගේත් තම හෙංචන්යියලාගේලත් හොර මැරකම්, තක්කඩි කම් වහගන්න කියලා අපේ මිනිසුන්ට නොතේරෙන හැටි. මේ සැරේ වත් උගත් බුද්දිමත් රටට ඇත්තටම ආදරය කරන පිරිසක් තෝරා පාර්ලිමේන්තුවට යවන්න බුද්දිමත් ජන කොටස් වග බලා ගත යුතුයි. ඒත් පතිරණ කීවා සේ බුද්දිමතුන් පිටරටකින් තමයි ගෙන්න ගන්න වෙන්නේ.(නදී)
මහින්ද මහත්තයෝ ඔයාලට අපේ ඡන්ද නැතිව ආණ්ඩුවක් හදන්න බැහැ. ඉස්සරහට අපි තමා ආණ්ඩු හදන එක තීරණය කරන්නේ. ඒ නිසා වැඩිය දඟලන්නේ නැතිව ඉන්න (නදී)
වියරු බල තන්හාවකින් පසුවන කෙනෙක් ප්‍රජාත්‍රන්තවාදය අගයන ජනතාවකට සුදුසු නොවේ. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හිරයට යැවීම එක වියරුවකි.බලය දීර්ඝ කරගැනීමට 2/3 මිලයට ගැනීම තව වියරුවකි.සුදු වැන් සංස්කෘතිය, තම බලතන්හාව පවත්වා ගැනීම වෙනුවෙන් දුෂිතයන්ගේ පයිල් ළගතබා ගැනීම, මුල්‍ය කටයුතුවලට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන තමන් අත තබා ගැනීම වියරු තන්හාවක සහ බලතන්හාවක ලක්ෂණයකි. තමන්ට හිමි බලය තව වියරුවෙක් මඟින් රටට අයහපතක් නොවීමට එය සිමා කළ, අවංක නායකයෙක් සමඟ ජයක්ග්‍රහණය වෙත යාමට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකා මෙන් නොසිතා බෙදීමකට උත්සාහ ගන්නේ ඒ.ජා.පක්ෂයේ ජයක්ග්‍රහණය උදෙසාද? දැනට සොයාගෙන ඇති වංචා දුෂණ යටපත් කිරීම වෙනුවෙන් ඒ.ජා.පක්ෂයට ලබා දෙන දීමනාවක් වෙනුවෙන්ද?අද පැමිණ ඇති තැන ජනතාව තේරුම් ගත යුතුය.(නදී)
කුහුඹුවනේ නුඹට රජේක් ඇත අපට රජේක් නැත. කියන කියමන සනාත වෙන්න දෙන්න එපා....බඩ ගැන නොසිතා රට ගැන සිතා ජන්ද පාවිච්චි කලොත් හොදයි මගේ මතය. (ස)
මහින්ද පරාද වෙලා .කරුණාකරලා ජාතිවාදය කරන්න එපා ඔබට විටරද රට කරන්න පුළුවන් ? මෛත්‍රී ජය වේවා!!!!! ඔබට සුබ පැතුම් !!!! (ස)
බටන්ගල මහත්තයෝ අපිට රජෙක් ඕන කියන මිනිස්සු ඉන්න රටක තමුන්නාන්සේ ඔය කියන බුද්දිමතුන් පිට රටකින් තමයි ගෙන්න වෙන්නේ. (නදී)
මහින්දට තියෙන තණ්හාව. කළු සල්ලි සුදු කරගන්න දඟලන දැඟලිල්ල පේනවනේ. (අ)
ලංකාව හදන්න පුළුවන් රටක් නෙමෙයි. නැවතත් ජනතා දේපල කොල්ල කන්න වැඩ සුදුසු කවුරුද කියල ඔයගොල්ල ඡන්දපලේදී තෝරලා එන්න. (අ)
ලැජ්ජා නැති හැටි (අ)
සුරන් ගේ අදහස මසුරන්. අද තහනම් වචනය සිංහල රණබිම මරුනේ සිංහලයෙක් කියල කියන්නත් එපා කිව්වා නේ. මෙන්න කැට යහපාලනේ ජාතික කොඩියට විදිනවා විදිනවමයි. සිංහයා හලන්න යන්නේ .(නදී)
මහින්ද මේදා පාර නම් 58 ලක්ෂයක් නෙමෙයි ලක්ෂ 40ක් වත් ගනීද දන්නේ නැහැ. 58 ලක්ෂයක් දුන්නේ එයාගේ රජය තියෙන වෙලාවක නේ. දැන් නේද දන්නේ එයාලගේ වැරදී වැඩ සහ එයාලගේ අවුරුදු 9 තුල දැන් ගෙනත් තියෙන පනත්වත් ඉටු කළේ නැහැ 2/3 ක බලයක් තිබිලත්. එයාල කලේ ලොකු ව්‍යාපෘති ගෙනල්ල ඇමතිලට හම්බ කර ගන්න දුන්න එක සහ එයාල හම්බ කරන එක. ආයෙත් එන්න හදන්නේ හිතුවෙත් නැති පරාජය දරා ගන්න බැරුව මානසිකව එයාල වැටිලා ඉන්න නිසා කියල මම හිතන්නේ (නදී)
මහින්ද නොහිටින්න අද කයිය ගහන අය කොහෙද ඉන්නේ කියලත් හොයාගන්න නැති වෙනවා. කලගුණයක් නැති අවජාතකයින්ගෙන් පිරුණු රටක් මේක. සුද්දගේ කාලේදී සිංහල රජ්ජුරුවන්ට වඩා සුද්දව ලොකු කරගත්ත. රට පාවල දීල , 88-89 සිංහල තරුණ කොල්ලෝ කෙල්ලෝ 60000ක් මරපු අය අද මේ රටේ අයට දෙයියෝ වෙලා. පුදුමයක් වෙන්න දෙයක් නැහැ ලංකාව ගිනි තියපු හනුමන්තව දෙවියෙක් කරලා දේවාල හදල වදින රටක් නේ. මේ රටේ අනාගතේ ගොඩක් අඳුරුයි. (නදී)
මහින්ද රට අර්ධ ම්ලේච්චත්වයක් කරා ගෙන ගිය ගමන නැවත අරබන්න දෙන්න එපා (අ)
ප්‍රශින්ගේ සහ වින්සන්ට් ගේ අදහස් මම ද අනුමත කරමි , පසුගිය අවරුදු 4 තුල තිබුණු ආකාරයට රට පාලනය කිරීමෙන් විශාල ආර්ථික විනාශයක් රටට සිදුවිය , කරුණාකර උගත් , බුධිමත් , අවංක පිරිසක් පාර්ලිමේන්තුවට යවමු පරණ හොරු නැතුව (අ)
අඩුපාඩු තිබුනත් මහින්ද නැවත දිනවන්න ඕන රටට තිබෙන ප්‍රධාන අභියෝග ගැන සිතලා. (අ)
මම පරම්පරාවෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයෙක්. එහෙත් ලාම්පු කලගෙඩි සෙල්ලම සහ 1989-1990 භීෂණයෙන් පසු උග්‍ර එජාප විරෝධියෙක්. ජනවාරි 8 යහපාලනයක් පත්කර බලන් හිටිය යමක් කොරයි කියල.
සදුන් යුද්දය නවත්තපු මහින්ද මහත්තයට අපිත් ආදරෙයි. ඒත් දුෂණ, වංචා වෙනකොට නීතිය වල් වැදෙනකොට අසාධාරණය රජයන කොට අහක බලාගෙන හිටපු මහින්ද මහත්තයට අපි විරුද්දයි. කාලගුණයක් නැහැ කියන්න එපා. 2010 චන්දෙත් අපි එතුමා සමග හිටිය. ඉහත කී කරුණු නිසා ඒකාධිපති පාලනය අපිට එපා උනා. (නදී)
ජනතා කැමැත්තෙන් පැරදී ගෙදර යවන ලද නායකයෙක් මෙතරම් බල තන්හාවෙන් පෙළීම විහිලුවට කාරණයකි. මේ ගොල්ලන්ට ඕන ඕන විදිහට කෙරුම් පාන්නේ, නව ජනාදිපතිගේ වැනෙන සුළු,එඩිතර තීරණ ගැනීමට ඇති බියසුලු ගතිය නිසා බව බව පැහැදිලි කරුණකි. දියුණු රටවල මෙසේ පැරදී ගෙදර ගිය නායකයන් කිසියම් සමාජ මෙහවරක් කරගෙන වැදගත් විදිහට ජීවත් වෙන බව පෙනෙන කරුණකි. මෙයට හොඳම උදාහරණය දැනට ලංකාවට සැපත් වී සිටින අබ්දුල් කලාම් මැතිතුමානෝය. (නදී)
පනීත්, ඔබේ කතාව හරි නමුත් එදා සිංහලයේ අයිතිය ගැන කතාකල මහා සෙන්පතියත් අද දේශපාලකයෙකු වසයෙන් සිංහල අයිතිය ගැන කතාකරන්නේ නැහැනේ. දෙමල ජාතිවාදයේ ප්‍රදානම පුරුකක් වන විදේශිය දෙමල ඩයස්පෝරාවට මෙහි සැණකෙළි පවත්වා කාර්යාල පිහිටිවිමට අවස්තාව මෙම මැතිවරණයෙන් නොලැබේවා.(නදී)
මහින්ද මහත්මාගේ අගය ,නොදන්නා නිවට ද්‍රෝහීන් පිරිසක් මොර දෙනවා .ඇත්තටම මේ රටේ සියලුම ජනතාවට කොටි උවදුරෙන් ගලවා ඔවුන්ට නිදහස් රටක් ඇති කලේ මහින්ද මහත්මායි.පොදු අපේක්ෂකයා වටා එකතු වූ අය මේ රට විනාශ කිරීමට යම් කුමන්ත්‍රණ බලවේගයක ඒජන්තයෝ පිරිසකි. ඡන්දවලින් පැරදුනු පක්ෂයක් පොදු අපේක්ෂකයා හරහා නැති බලයක් ලබාගත්තේ කෑදරකම නිසා නොවේද? ලැජ්ජාවක් නැතිවාද? එනිසා මේ රට මේ අවස්ථාවේදී ඉදිරියට ගෙන යාමේ හැකියාව ඇති එකම නායකයා මහින්ද මහත්මායි. (අ)
j . r ඔහුගේ ධුර කාලය ඉවර වීමෙන් පසු ඊළඟ පරම්පරාවේ නායකයන්ට පක්ෂයේ කටයුතු භාර කර විශ්‍රාම ගියේය , ඩිංගිරි බණ්ඩා විජේතුන්ගත් තමන්ගේ කාලය ඉවර වීමෙන් පසුව නම්බු පිටින් විශ්‍රාම ගියේය , අපේ රාජපක්ෂ මහතාටත් යද්ධය දිනලා , දෙවෙනි ධුර කාලය අවසානයේදී , 2005 දී පොරොන්දු උන පරිධි වියවස්තාව වෙනස් කර විධායක ජනාධිපති ධුරය අවසන් කර නම්බු පිටින් විශ්‍රාම ගොස් ඉතිහාසයේ ලංකාවේ සිටි ජනාධිපතිවරු සෑම දෙනාටම වඩා ඉහලින් වැජඹෙන්නට තිබුණි , නමුත් ඔහු විසින් බලතන්හාව නිසා සියල්ල නැති කරගන්නා ලදී , දැන් හදන්නේ ආපසු ඇවිත් පාක්ෂිකයන් දෙකඩ කර පක්ෂය පරාජය කරන තැනට කටයුතු යොදන්නටය , (අ)
ප්‍රකාශ්, හොඳයි,මා අසන ප්‍රශ්නයට ඔබට හරි පිළිගතහැකි පිළිතුරක් දෙන්නට පුලුවන්නම් මම අදම මගේ පව්ලේ ගුවන් ටිකෙට් පත් ටික වෙන් කර ගන්නවා ඔබ ඔය කියන වීරයාට ඡන්දය දමන්න. පසුගිය ඡන්දය දින මහින්ද, සිරිපාල මහතා මෙන් ඩමියක් කරගහගෙන ගියේ මන්ද? අනිත් අයවලුන්ට ලජ්ජා නැතිවාද කියා අසන්නට පෙර මේ ලජ්ජා නැති වැඩේ කලේ මන්ද කියා කියන්නට තරම් කොන්දක් ඔබට තියනවාද? (නදී)
ඩමියක් වෙන්නේ කොහොමද සෙනෙවි මහත්තයෝ.. ඒ ජනාධිපති අපේක්ෂකයෙක්නේ නිත්‍යානුකුලව ඇප මුදල් බැදලා තරගයට ඉදිරිපත් වුනු..ඒ මනුස්සයට අපහාස කරන්න එපා. එතුමා රූකඩයක් නෙමෙයි කාගේවත්.හොද කොන්දක් තියෙන පුද්ගලයෙක්..(නදී)
මහින්ද නොහිටින්න අද කයිය ගහන අය කොහෙද ඉන්නේ කියලත් හොයාගන්න නැති වෙනවා. සදුන්ගේ අදහස් අගයමි. (නදී)
මහින්ද වටේ එදා හිටි අය අද නැත්තේ යුද්දෙන් පස්සේ එයා වෙනස් උන නිසා. ඒ අයව, ජනතාව අමතක කරලා එයා එයාගෙම ගමනක් ගියා නම් අපි ඒවා මතක් කරන්නේ ඇයි(නදී)
සෙනවි මහතා ඔබ හරි . එය වරදකි හා නොසුදුසුයි. නමුත් දේශපාලනය කරන විට එවැනි දේවල් සාමාන්‍යයි. මතකද චන්ද්‍රිකා නෝනා වගේ කාන්තාවක් බිම දිගේ ඇදගෙන ගියා ඒ දවස් වලට . අද වැදගත් මහින්ද හොද හෝ වැරදී නොවේ රටේ ආරක්ෂාව හා ආර්ථිකය මහින්ද ට ගොඩ ගතහැකිද යන්නයි . මෛත්‍රී රට ආරක්ෂා කරනවා නම් මහින්ද මොකටද ? ආර්ථිකය නම් බල්ලට ගියා වේ එ්ත් රටේ ආරක්ෂාව අනතුරේ දාන්න පුළුවන්ද ? සමා වන්න ආරාධනයකින් තොරව ඔබ අැමතුවාට (බ)
මහින්ද මැතිතුමාට ජයවේවා... (අ)
සාගර මම ජන 9 වෙනිදා සිට කිව්වේ ලිව්වේ මේ ටික තමා. එතකොට අර ලක්ෂ 50 කල්ලිය මට ජාතිවාදය අවුස්සනවා කීවා. මම හිතන්නේ එයාලගෙත් ඇතිනේ රණ විරුවෝ , බලන්නකෝ සැප්තැම්බර් වලින් පස්සේ මොකද වෙන්නේ කියලා (නදී)
ඉඳුනිල් ඔයාට පොඩ්ඩක් වැරදිලා වගේ ඒ හමුදාවේ කෙනාට නඩු දාල තියෙන්නේ යහපාලන ආණ්ඩුව කලේ නෙවේ කව්ද කියල හොයල බලන්න එතකොට කව්ද පාවලා දීල තියෙන්නේ කියල දැනගන්න පුළුවන් වේවි අනිත් එක තීන්දුව දීල තියෙන්නේ ආණ්ඩුවෙන් නෙමේ උසාවියෙන් (අ)
මොන පක්ෂයේ වුවත් හොර තක්කඩින් මැතිසබයට යවන්න එපා.. (අ)
මොන පක්ෂයේ උනත් හොර තක්කඩින් මැතිසබයට යවන්න එපා (නදී)
ඉඳුනිල්, ඔයාට ඡන්දෙ දෙන්න ගැටළුවක් වෙන එකක් නෑ වගේ. මොකද විනිසුරුවන්ට දේශපාලනය කරන්න නොහැකිනේ... රණවිරුවන්ට මරණ දඬුවම් නියම කල විනිසුරුවෝ ඡන්දෙට නෑ නේ. (නදී)
මහින්ද දැන් රටට පෙරට වඩා අවශ්‍යයි (නදී)
මහානාම, මෛත්‍රීපාල පක්ෂය හා රණවිරුවන් පාවා දුන් කෙනෙකු විදිහට ඔප්පු වී හමාරයි. ඔහු කොන්ද පන නැති හරි තීරණයක් ගන්න බැරි පාලකයෙක් බව පෙනෙන්නේ නැද්ද? මීළඟ ජනාධිපති වරණය වනතෙක් හිටියොත් රට දෙකට බෙදලාත් ඉවර වෙයි. මහින්ද ආවොත් යලිත් රට බේරාගනියි (නදී)
මහින්දගේ බලයට තියෙන කෑදරකම. ලැජ්ජයි (නදී)
අලි බබා සහ හොරු 40 ද ? නැහැ ඊට වැඩිය වැඩි හොරු ගණනක් (නදී)
ඉඳනිල්, ඉතින් මනුස්සයෝ උසාවි නියෝග දුන්නේ ජනාධිපති ද? . (අ)
රට වෙනුවෙන් ජිවිත කැප කළ අපෙ රණවිරුවන දෙමල සංධානවලට අවශ්‍ය විදියට පවදිල නීතියෙන් දඩුවම් දෙනකොට කෝ බේරාගන්නවා කිව අය.(අ)
පක්ෂය පවා දුන්න කියා කියා ජනාධිපති තුමාට බනින්නේ මොකද? එතුමාව ජනාධිපති වුණේ කගේ ඡන්දෙන්ද දැන් නැහැ නේද?(අ)
මෛත්‍රීපාල ගේ පක්ෂය රණ විරුවන් පාවා දීල ඉවරයි. (අ)
මහානාම, මෛත්‍රීපාල ජනපති මොනවා නැතත් පක්ෂය නම් පාවල දීල ඉවරයි. නිදහස් පක්ෂයට වාසිදායක විදිහට විශ්වාස භංග සම්මත කරලා ඉවර වෙලා ඡන්දයට ගියා නම් එක්සත් ජාතික පක්ෂයට වෙන අවාසිය නිසා තමයි මේ වෙලාවේ විසිරුවන්න තීරණය කලේ. පක්ෂය පාවා දිලා දිනපු නායකයෝ නම් නැහැ...අපි බලා ඉදිමු. (අ)
සමහර පුවත් පත් යහපලුවන්ට කඩේ යනවා ,සමහර පුවත් පත් මහින්දට කඩේ යනවා .පාඨකයා අතරමං වෙලා මෙයාලගේ ඩබල් ගේම් නිසා (අ)
මෛත්‍රිපාල ජනාධිපති තුමා රටත් , රණවිරුවනවත් බේරා ගන්නවා කියා සහතිකයක් දෙනවා නම් ඔබතුමා ඡන්දෙ ඉල්ලන්න අවශ්‍ය නැහැ , එහෙම නොවුනොත් ,මෛත්‍රී ජනාධිපති තුමා , පක්ෂය පාවා දුන්න පමණක් නොවේ , රටත් , රණ විරුවනුත් පාවා දුන්න ලෙස ඉතිහගත මීලග ජනාධිපති වරණයෙන් අන්ත පරාජයට පත්වී සදාකල් පසුතැවිලි වීමට සිදු වේ . (අ)
ඉන්නම බැරි හැටියක්. (අ)
මෛත්‍රීපාල ගේ රජය රටත් රණ විරුවනුත් පාවල දීල ඉවරයි . එම නිසා ඔබතුමා නැවත ඇවිත් රටට වැඩක් ඇති දෙයක් කරන්න .(නදී)
නායකයෙක් වෙන්න හැමෝටම බෑ. ඒත් නිවටයකු වෙන්න ඕනම කෙනෙකුට පුලුවන්.(නදී)
ලුම්බිණි, ඔබ යහපාලන කට්ටියගේ ප්‍රශස්ති ගායනය කරන්නට වෙනත් පුවත්පතකට පිටු ගණන් ලියන ලුම්බිණි බව මම විශ්වාසකරනවා. ඔබගේ බලාපොරොත්තුව නොවෙයි රටේ බලාපොරොත්තුව. මහින්ද ඡන්දෙට එනවද නැද්ද කියන එක මහින්දගේ වැඩක්. මහින්ද දිනවනවද නැද්ද කියන එක ඡන්දදායකයාගේ වැඩක්. මහින්දට විරුද්ධ අය මොකට කියනවද මහින්ද නොආයුතුයි කියලා. ඔහු ඇවිත් පැරදුනාම සතුටුවෙන්න. නමුත් ඔහු දිනනබව දන්නා නිසයි මෙයාල කලබල.(නදී)
සියලු දෙනාගේ දැනගැනීම පිණිසය. ලංකා පක්ෂ දේසපලනයේ ලොකුම පාවාදීම මෛත්‍රීපාල ජනපති සිදුකර ඇත. (ස)
දින සීයේ වැඩ සටහනින් ජනතාව යථාර්තය කුමක් දැයි අවබෝධ කර ගත්තා.ඇතැම් විට මේ එළඹෙන්නේ 'වරද නිවැරදි කර ගැනීමේ' වාරයයි. (ස)
මහින්ද වෙනුවෙන් ඡන්දය දැමීමට ලෝකයේ කොහේ හිටියත් අගෝස්තු 17 අපි ලංකාවේ (නදී)
දැන් රණ විරුවන් සතුටින් ඉන්නේ ඒ අය කානු සුද්ද කරන්න යවන එක නවත්තපු නිසා. ගෝටා ආවොත් ඒ අය ආයෙත් කානු සුද්දකරන්න යවනවා කියලා එයාලා දන්නවා. (නදී)
අයියෝ මහින්ද ඔයාට අබ සරණයි ! පක්ෂේ විනාස කරන්නේ නැතුව ගෙදරට වෙලා හිටියොත් නේද හොද ? මොකද පක්ෂය ඉදිරියට ගෙනයාමේ වගකීම තියෙන්නේ ජනාදිපති තුමාට , පැරදිලා ගෙදර ගිය ඔයාට තියෙන්නේ පන්සලකට ගිහින් භාවනා කරන්න (නදී)
අපි හැමදාමත් අපේ රට බේරගන්න සපුමල් කුමාරය එනකම් බලාගෙන ඉන්නවා. අනගාරික ධර්මපාල තුමා පැවසුව විදිහට ඔය සපුමල් කුමාරයව තිබිරිගේ තුලදීම මරාදමනවා. අද අපි ස්වං වාරණයකට පත්වෙලා. අද තහනම් වචනය සිංහල . සමහර විට මගේ අදහසත් බලදාරිය විසින් ඉවත් කරන්න පුළුවන්. අපේ රටේ අනාගත පරම්පරාව ගැන හිතනකොට දුක හිතෙනවා. ඔවුන් අනාගතේදී දැන් පරම්පරාවට වෛර කරනවා නියතයි.(නදි)
සාගර කියන දේ ඇත්ත. එදා ඒ මහා ජාතික වීරයාව සිරගත කරලා මහින්ද මුළු සිහල ජාතියම පාවල දුන්නා. මෛත්‍රී මහත්තයට විතරයි කොන්දක් තිබුනේ ඒක නිවැරදි කරලා ඒ සරත් මහත්තයට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දීල පිදිය යුත්තන් පුදන්න. (නදී)
මම උදේ යනකොට දැක්කා ග්‍රාමසේවක මහත්තය වගේ අභයාරාමෙට ඇවිල්ල ඉන්නවා (නදී)
තවම බල තන්හාව ගිහිල්ලා නැහැ (නදී)
ඔහුට හිමිවිය යුතු ෆීල්ඩ් මාර්ෂල් තනතුර වෙනුවට එදා කේ පි ගේ ඉල්ලීමට ඒ මහා රණ විරුවාව සිරගත කළා . එදා 30 වසරක යුද්ධය නිම කර දුන් මහා යුග පුරුෂයාට කුබි පිරිච්ච බත් හිර ගෙදරදී කන්න දුන්නා. ඒ සාපය මුළු මහත් සිංහල ජාතියෙන්ම සාපයක් විදිහට වැදුනා, පැරදිලා ඉතා ලජ්ජා සහගත විදිහට ගෙදර යන්න උනා. (නදී)
මෙහි පලවූ අදහස් ගැන මට හරිම පුදුමයි. ඇයි අපි තවමත් දේශපාලන නායකත්වය එක පුද්ගලයෙකුම සතුවිය යුතු බව කියන්නේ? දැක්මක් ඇති අලුත් කෙනෙකුට රටේ අගමැති කම පවරන්න. වැඩ බැරි දේශපාලන පරපුට්ටන් ගෙදර යවන්න. අලුත් අදහස් ඇති උගත් අය මැති සබයට යවන්න. මේ පාරවත් අපේ වටිනා ඡන්දය දෙමු. අපි මොනවා කිව්වත් ජනතාව පවතින වාතාවරණය නිසාම දෙපැත්ත ගැනම කලකිරිලා. ඡන්ද ප්‍රතිපලවල ප්‍රතිශතය ඒක 19 වැනිදාට පෙන්නුම් කරාවි.(නදී)
මෛත්‍රී ද මහින්දද නෙමේ ඉන්දියාව යුරෝපය සහ ඇමරිකාව ද චීනයද ?චීනයේ 8%පොලියද 12.5 භාණ්ඩාගාර බිල්පත් ද ?නොබෙදුන දේශයක් ද ?තුනට කැඩී ගිය දේශයක් ද ?(නදී)