ගංගාරාම වෙසක් අලෝක පූජාව මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරු මීට සුළු මොහොතකට පෙර විවෘත කළහ. අද සිට 19 දක්වා වෙසක් තොරණ හා පහන් කූඩු මෙහි ප්‍රදර්ශනය කෙරේ. කොළඹ වෙසක් අසිරිය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් කොළඹට ළඟාවන බවත් ප්‍රධාන මාර්ග රැසක් මේ වන විට බැතිමතුන්ගේ පිරී ඉතිරී ඇති බවත් වාර්තාවෙයි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බුදුන් වැඩි දේශයේ පක්ෂ භේද, වෛර අවශ්‍ය නැහැ කවමදාකටවත් (නි)
ජයන්ත, ඔබ මිලානොද? මෝඩ විදිහට අදහස් දමා තිබෙන්නේ ඔබ පමණයි. චණ්ඩිකම් ඔබ ළඟ තියාගෙන මෙතන පිළිවෙලට අදහස් දමන්න. (නි)
ආනන්ද විදානආරච්චි, නෙතට කඳුළු ගලන්නට තරම් ශෝචනීය දසුනක්ද මේ? මේක ඔබ දැක්කේ අදද? මේවා අපිට නම් අමුතු නැහැ. දැන් හිනාවෙලා කඳුළු පිහිදාගන්න. (නි)
මට නම් මෙය නෙතට කඳුළු ගලන්න තරම් ශෝචනීය දසුනක් නොව මුවට සිනහා නංවන්නට සමත් වූ සතුටුදායක පුවතකි (නි)
විවිධ දේශපාලන මත තිබුණත් අපි හැමෝම මිනිස්සු. එහෙත් අපේ කොටසක් මැතිවරණ සමයේදී මිනීමරාගන්නවා. (නි)
දේශපාලන ලොකු ලොක්කෝ කවදත් එකට හිටියා ,පක්ෂ වලදී වෙන්වුණාට. ඒත් අපේ ඡන්දදායකයෝ නම් අලල්පු ගෙදර අය සමඟත් දේශපාලනය නිසා වෛරයෙන් පසුවෙනවා. ගහමරා ගන්නවා. ඒ අය දන්නේ නැහැ හදිසියක් වුණාම මේ හැමටම පෙර හිත උණුවෙලා උදව් කරන්න එන්නේ අල්ලපු වැටේ ඉන්න අය කියලා. (නි)
ඉතා සතුටුයි. නායකයන් ආදර්ශමත් වෙනවිට තමා සෙසු පුරවැසියන් සමගිය සහයෝගය ගැන සැලකිලිමත් වෙන්නේ. (දී)
අපරාදේ කියන්න බැහැ හරිම සහයෝගයෙන් වැඩකරන නායකයෝ දෙදෙනෙක්. නිදහසින් පසුව මෙහෙම සහයෝගයෙන් වැඩකරන නායකයින් දැකලත් නැහැ. අනාගතයේදී දකින්න ලැබෙන එකකුත් නැහැ. හැබැයි අපේ යාලුවෝ නම්, පක්ෂෙට පාටට මරාගන්නයි නිතරම ලෑස්ති වෙන්නේ.මේ දෙන්න නම්, හරියට "ජාඩියට මූඩිය" වගෙයි. (දී)
මෙම දසුන නෙතට කදුලු ගලන දසුනක් රටක රජවරු සමගිව වැඩ කරනා විට සෙස්සන් එය ආදර්ශයක් කරගන්නවා නොඅනුමානය.(නදී)
ඔබ දෙපළ මෙහෙම එකට එකතුවෙලා අපේ මවුබිම ලෝකේ ලස්සනම වැදගත්ම රට බවට පත් කරන්න. ඒක ඔබ දෙපළට ජාති ජාතිත් පින් මොකද වෙනත් නායකත්ව යක් ඔබ දේපල හැර ලග පේන මානයක නැහැ. ඒ සදහා ඔබ දෙපලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා . (නදී)
අපේ ජනාධිපතිතුමා කිසිම දවසක නායකතුමාට කිසිම වේදිකාවකදී දොසක් කියලා නැහැ. විවේචනය කරලත් නැහැ. මෙහෙම එකතුවකදී අපි මේ දේවල් මතක් කර දිය යුතුයි කියලා මම හිතනවා. (නි)
මේ දෙන්නට මෙහෙම ඉන්න පුලුවන් නම් අපිටත්, රටටත් සුභ අනාගතයක්! අපි හැමටම ජයම වේවා! (නි)
අනේ සාදු සාදු. (ස)
ඔන්න ඔහොම ඉන්නකෝ හැමදාමත්... (නි)
මෙහෙම හැම වසරකදීම ගංගාරාමයේදී එකතු වී පුණ්‍ය කටයුතු වලට දායකවන්නට ලැබීමත් පෙර කරන ලද කුසල කර්මයක හේතුවක් වෙන්න ඕනෑ. (නි)
කොච්චර සිත සනසන දර්ශනයක්ද? අපි සැබවින්ම බලාපොරොත්තු වන්නේත් මෙයමයි (නි)
දෙදෙනාටම අපේ සුභ පැතුම්! (නි)
වජිර, මමත් ඉස්සර එහෙම හිතුවා. හැබැයි මේ වගේ අවස්ථා වලදී එකට එකතුවෙලා ඉන්න එක අපේ බොහොමයක් දේශපාලන අනුගාමිකයින්ට හොඳ ආදර්ශයක් වේවි. (නි)
දෙදෙනා එකට එකතුවුණොත් සාර්ථක ගමනක් යන බව විශ්වාසයි (නි)
මෝඩයෝ වගේ කෑගහන්නේ නැතුව දේශපාලනය ගැන අවබෝධයකින් අදහස් දාන්න.ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදී දේශපාලන රාමුවක නායකයෝ එකිනෙකාට එරෙහිව වැඩ කරන්නේ නැත. තම තමන්ගේ අදහස් හුවමාරු කරගැනීමක් මත දේශපාලනය කිරීම සිදුකරයි. මෙම නායකයින් දෙදෙනා එකතුවී ඉන්නා ආකාරය අප අගය කළ යුතුය. (නි)
ඉතාම ආදර්ශවත් නායකයින් දෙපළක් (නි)
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඉතාම වටිනා ආදර්ශයක් ඔබතුමාලා ලබාදුන්නා.... (නි)
අන්තෝ ජටා බහී ජටා ! (ස)
අපි සන්තෝසෙන් ඉන්නේ .දුක සෝකය නෑ දන්නේ. අය්යා මල්ලි වාගේ. අය්යා මල්ලි වාගේ. (ස)