මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුවහොත් තමාව විදුලි පුටුවට ගෙන යාමට උත්සහයක් ඇතැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනතාව මුලා කිරීමක් සිදු කළ බවත් නමුත් තමා බලයට පත් වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (13) පොළොන්නරුව වැලිකන්දේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.
ජනපති වැඩි දුරටත් ප්‍රකාශ කළේ යුද්ධ නතර කිරීමේන් පසු සිදු වූයේ බොම්බ පිපිරීම්, අවි ආයුධ ප්‍රශ්න හා කපා කොටා ගැනීම අවසන් වීම පමණක් බවත් යුද්ධය ඇතිවීමට විසඳුම් නොලැබුණු බවයි. මේ රජය යුද්ධය ඇතිවීමට විසඳුම් ලබා දී නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට විසඳුම් ලබා දෙන බව ද කීවේය.
එසේම මෙම රජය පසුගිය රජය මෙන් තෝරා බේරා ගත් ප්‍රදේශ පමණක් සංවර්ධනය නොකරන බවත් මුළු රටටම සමබර සංවර්ධනයක් ලබා දෙන බවත් ජනපති කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කතා ඇති මහත්තයෝ (නි)
අපි ඔය කියනකම්ම ඔහොම දෙයක් දන්නෙ නැහැනේ (නි)
අපෝ අපි මොකද නොදන්නේ ඒ ගැන? (නි)
අනේ අපි නම් ඕවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරාගත්තා කියන්නේ ඔබ ඔහු වරදක් කළා කියන එක පිළිගන්න නිසාද? එහෙනම් සාක්ෂි පෙන්වන්න අපිට. (නි)
අනේද කියන්නේ? (නි)
මොනවද මේ කතා? මුළු රටම සහ ජාතියම ත්‍රස්තයින්ගෙන් බේරාගත්තේ මහින්ද. අපි අද ඊයේ ඉපදුනා කියලා හිතන්න එපා. (නි)
මුළු රටටම සමබර සංවර්ධනයක් ලබාදෙන එක කරලාම පෙන්වන්නකෝ. (නි)
යුද්ධය ඇතිවුණේ රටින් කෑල්ලක් ඉල්ලලා. ඉතින් කෑල්ල දුන්නහම යුද්ධය නවතින නිසා එය දෙන්නද හදන්නේ? එහෙනම් අපිට යුද්ධය හොඳයි. (නි)
කෙනෙක් විදුලි පුටුවට යවනවට වඩා, යම් විදියකින් රට, ජාතිය සහ ආගම අනාථ වී ගියහොත් එය ලොකු පාපකර්මයක් වියහැකියි (නි)
තෝරන්න බේරන්න දෙයක් නෑ කොහෙවත් සංවර්ධනයක් නැති නිසා. (ම)
මේ රට මහින්දට විතරක් හිමි රටක් කියලද හිතන්නේ. දැන් තියෙන්නේ නව යුගයක්. එය වට්ටන්න බැහැ. (නි)
අනේ මෙහෙමත් කතා! අපිට නම් ඇතිවෙලා (නි)
එහෙම කළා නම් කොච්චර දෙයක්ද? (නි)
ඒ කියන්නේ විදුලි පුටුවේ කතාව ඇත්ත නේද? (නි)
ඉතින් කෝ ඔය කියන සංවර්දනේ? තිබිච්ච ටිකත් පරිහානියට පත් වෙන හැටි තමා පෙනෙන්න තියෙන්නේ. (ර)
පෙරලුන පිට හොඳයි කියනවා... (ර)
අපොයි ඔව් මෙයා තමා බේරාගතේ. (ර)
මොකටද මගෙ කට. ෆේස්බුක් එකේ කොමෙන්ට් ටික බලන්න. (ර)
අහසින් ගිය ඉබ්බාට උනුදේ තමයි මේවට කතා කලොත් අපිටත් වෙන්නේ. (ර)
දන්නේ නැද්ද මන්දා දැන් එකේ විදුලිය නැහැ කියාලා. (ර)
එක පළාතක්වත් සංවර්ධනය නොකර හිටියත්, එතකොටත් සියලුම පළාත් වලට සම සංවර්ධනයත් තමයි තියෙන්නේ (නි)
අනේ අපි නම් ඕවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
දන්නා යකාට වඩා නොදන්නා යකා වඩා හොඳයි කියා සිතපු මිනිසුන්ට වෙච්ච දෙයක් (නි)
කෝ ඉතින් අපිට සංවර්ධනයක් පෙනෙන්න නැහැනේ (නි)
අනේ අපේ මහින්ද මහත්තය බේරා ගත්තට ඔබ තුමාට පින් (බ)
මහින්ද මහතා විදුලි පුටුවෙන් ගළවා ගැනීම සැබෑ රාජතාන්ත්‍රික නායකයෙකුගේ යුතුකමක්. ඔබට ස්තුතියි. මොන පක්ෂයේ වුණත් රනිල් මහතාටත් මෙහි ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි. (නි)
ඔබල සන්හිදියාවට මුවාවෙලා කරන දේවල් වලින් වෙන්නේ මහා විනාසයක් දකුණේ (ම)
අනේ මන්ද මේවට උත්තර දීලත් බෑ නොදීත් බෑ. මූනට හම්බවුනොත් හොද උත්තරයක් දෙන්නම්. (ර)
ඇත්තම කියනවනම කියනවනම් ජනාදිපතිට ස්තුතිකරන්න ඕනෑ විදුලි පුටුව මහින්දගෙන් බේරගත්තට. (ර)
සමබර සංවර්ධනේ කොහෙද දැන් නැ...තියෙන්නේ (බ)
ඔබතුමා සැබෑ දක්ෂයෙක් (නි)
කතා නතර කරන්න කාලය ඇවිල්ලා. වැදගත් වැඩ ටික කරන එකයි (නි)
කරුණාකරලා පළාත් පාලන ඡන්දෙ තියලා නිදහස් පක්ෂයේ බලය තියෙන්නේ කාටද බලන්න (නි)
මොනාව කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ඔබතුමා දසත මෛත්‍රීය පතුරන සැබෑ ජන නායකයෙක්. මහින්ද මහත්තයාට මම මගේ ඡන්දය දුන්නත් ඔබගේ කරුණාබර පරිපාලනය ඉහළින් අගය කරනවා. ඒ වගේම මහින්ද මහතා බේරාදීම පිළිබඳව අපගේ ස්තුතිය පළකරනවා. නමුත් අපි කවදාවත් මහින්ද මහත්තයා දාලා යන්නේ නැහැ. අපි ඔහු සමඟයි. (නි)
මහින්ද මහත්තයා ගැන අපි හිතන්නේ ජාතියේ පිනට පහළවුණ කෙනෙක් කියලයි (නි)
එදා ඔබතුමා නිදහස් පක්ෂයෙන් නැතුව ඡන්දය ඉල්ලීම ගැන නිදහස් පාක්ෂිකයන් වශයෙන් අපි ගොඩාක් දුක්වුණා. නමුත් අද ඔබතුමා අපේ මහින්ද මහත්තයාගේ ජීවිතය බේරලා ලොකු පිනක් කරගත්තා. ඔබ අපේ නිදහස් පක්ෂයේ සැබෑ නායකයායි. (නි)
මහින්ද මහතාව බේරාගැනීම ගැන ඔබතුමාට පින්. (නි)
රට පවාලදීල මොනවා කලත් වැඩක් නැහැ (ම)
ජනපතිතුමාගේ ක්‍රියාව අගය කරනවා. (නි)
සැබෑ නිදහස් පක්ෂ නායකයෙකු ලෙස ඔබ හිටපු නායකයා බේරාගැනීම අගය කරනවා. (නි)
ජනාධිපතිවරයෙක් විදුලි පුටුවෙන් බේරාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. රටවල් වැඩි ප්‍රමාණයක් විරුද්ධවෙද්දී. මේ පින්කමම ඇති ඔබතුමාට මතු බුදුවන්න. (නි)
නියමයිනේ! (නි)
අපිට තියෙන්නෙ මේ රට විතරයි මොනවා කරන්නත් (නි)
දැන් දෙන්නකො මේවට උත්තර? (නි)
ගොඩක් මහන්සිද දන්නේ නැහැ...(බ)
මුළු රටම කිව්වේ පොලොන්නරුවද? (බ)
බලාගෙන ගියාම මෙතුමා මොනතරම් හොඳ කෙනෙක්ද? (නි)
දැන් මහින්දට ඕවා මතක නැහැ. එයා දඟලන්නේ නැවත බලයට එන්න. මහින්ද රටේ ජනාධිපතිකම කළේ රටට ආදරේටද? (නි)
ඔය විදුලි පුටු කතාව බොරුවක් කියලා ඔබතුමාගේ පර්ශවයෙම අය කියනවා නේද? (නි)
විදුලි පුටුවෙන් බේරාගත්ත එක හොඳයි. ඒකට රටේ ජනතාව ඔබතුමාට ස්තුතිවන්ත වේවි. හැබැයි ඔබතුමා විසින්ම මැතිවරණ කාලයේදී ප්‍රකාශ කළ විදියට ඔහු මේ රටේ මහජන මුදල් කාබාසිනියා කරලා තියෙනවා නම්, රාජ්‍ය මුදල් අවභාවිතයේ යොදවා තිබෙනවා නම් ඒවායින් බේරන්න එපා කියලයි අපි ඔබට කියන්නේ (නි)