හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානි හා ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු වූ නෙවිල් වන්නිආරච්චි 2010 සිට 2014 දක්වා වසර 5 ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි නොකළැයි අල්ලස් කොමිසම අද (18) නඩු 5ක් ගොනු කැරිණි.
නෙවිල් වන්නිආරච්චිට සැප්තැම්බර් 28 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (18) නොතීසි නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් රටේ නීතිය හොඳින් ක්‍රියාත්මක වෙනවා (නි)
කාලයක් මේ කට්ටිය එක කඩේ එකට කාලා තේ කෝපි බීවා. අපේ කට්ටිය මේ දෙගොල්ලටම කඩේ යනවා. (ර)
අපෙ වත්කම් පෙන්නුවොත් මේ කට්ටිය දුවයි. (ර)
මේක නම් දැන් මහම මහා පිස්සුවක්. දැන්වත් හිටපු නායකයා පස්සේ දුවන එක නතරකරලා රට හදන්න හිතුවොත් හොඳයි (බ)
ඩුබායි තිලක් විතරක් නෙවෙයි මහින්දගේ ගෝල නිලධාරියෙක් වුන සාජන්ට් දන්නෙත් නැහැ කොමිෂන් ලත් නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශන පෝරමය පුරවන බව කුම්බලාකටු කෑවනම් විදවපන් බළලෝ කිව්වලු (බ)
එහෙනම් හොද ගාණක් ලැබෙන්න ඇති.(හේ)
තව මේ වගේ කී දෙනෙක්ට නඩු වැටෙයිද දන්නේ නෑ.(හේ)
වැරදි කරලා කවදාවත් බේරිලා ඉන්න බැහැ (නි)
අනේ, ලොක්කා වත් ඇහැව්වේ නැද්ද මොකද මේ වැරදි වැඩේ කරන්න කියලා? (හේ)
ටික ඉන්නවා මේ වගේ අය.(හේ)
එයාලා ඒ කාලේ මෙහෙම වෙයි කියලා හිතන්නේ නැතුව ඇති (නි)
සතුටු වෙන්න පුලුවන් මාවතකට දැන් රට යොමුවෙලා (නි)
තිලක් ඔය ලංකාවට යන්නකෝ. (ර)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
කරන කලට පව් මිහිරිය මී සේ... (නි)
කෑ දේවල් වමාරන කාලය දැන් ඇවිදින්. හිතුවේ මහා රජානෝ සදාකාලිකයි කියා. (නි)
දැන් ආණ්ඩුවේ ඉන්න කට්ටිය හරි පාරිශුද්ධ මිනිස්සුනෙ (නි)
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් පැය 24 ම කැපවිම නිසා අමතක වන්නට ඇති. රට බේරාදුන් රජකු ආරක්ෂා කරන මොහුට කාලයක් දෙන්න ආදායම් හෙළි කිරීමට (නි)
දේවේන්ද්‍ර-ජර්මනිය, ලංකාවේ නියම තත්වය නොදැන නිකන් කඩේ යනවා. ලංකාවට ගොස් ගම් පළාත්වල මිනිසුන් සමඟ ටිකක් කතාකළාම සත්‍ය තේරුම් ගනීවි. (නි)
මට නම් පෙනෙන්නේ මේක "රාජපක්ෂ භීතීකාවක්" (නි)
හරි නම් කවුරුත් තම වත්කම් හෙළි කරන්න ඕනෑ. සමහරු සල්ලි හොයාගෙන ගෙයක් දොරක් හදාගෙන ඉන්නකොට හුඟ දෙනෙකුට ඇහේ කටු අනිනවා වගේනේ. ඔය කරන්නේ පළිගැනීමක් කියලා පක්ෂ විපක්ෂ කාට වුණත් තේරෙනවා. මේවට වියදම් කරන්නේ කාගේ සල්ලිද? (නි)
ලොකු ලොකු අය පන්සල් ගානේ යනවා. ගෝලයෝ මලු පුරවා ගන්නවා. හොරාකෑ දේවල් යළි රජයට ගතයුතුමයි. (නි)
වැරදි කළා නම් දඬුවම් විඳින්නම ඕනෑ (නි)
හිටපු ඒකාධිපති ඇතුළු පිරිස වසර ගණනාවක් දුක් මහන්සියෙන් ඉපැයූ සෑම දෙයම ජනතා සතු කරන යුගයක් එනවා. (ම)
හොරු ඇල්ලිය යුතුයි. එය පළිගැනීමක් වෙන්නේ වහලුන්ටයි (නි)
කලබල නොවී අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මහින්ද රාජපක්ෂ මහතාගේ වටේ හිටපු කට්ටිය එතුමාගේ අනුහසින් ඇති හැකි පමණ ජනතවගේ මුදල් ගසා තිබෙන බව නම් පේනවා. නමුත් එතුමා උදේ සිට රෑ වෙනතුරු කියන්නේ එතුමාගේ අයගෙන් පළිගන්නවා කියලා. (නි)
කාලය කොපමණ ගතවූවත් වැරදිකරුවන් නිවැරදිකරුවන් වෙන්නේ නැහැ (නි)
හොරු අල්ලන වැඩේ හිමින් කරන්න. තව අවුරුදු හතරක් ආණ්ඩුව කරන්න තියනවානේ (නි)
සොරා කෑ ජනතා මුදල් නම් නැවත ජනසතු කළයුතුමයි, එසේ සොරා කා ඇත්නම් (නි)
අපිට නම් දැන් මේවා දැකලා දැකලාම එපාවෙලා (නි)
මේක නම් දැන් මහම මහා පිස්සුවක්. දැන්වත් හිටපු නායකයා පස්සේ දුවන එක නතරකරලා රට හදන්න හිතුවොත් හොඳයි (නි)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. නඩුකාරවරු සිටියදී කට්ටිය තීන්දු දීලත් ඉවරයි. (නි)
කාගෙවත් පස්සේ දුවනවා නොවෙයි මේ. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. (නි)
රටක් විදියට අපි හුඟක් ඉස්සරහට ගිහින් තියෙන්නේ. සංවර්ධනය කියන්නේ පාරවල් හඬන එක විතරක් නෙවෙයි. මිනිසුන්ගේ සංවර්ධනය වගේම රටේ සංවර්ධනයත් එක විදියට වෙනවා මේ රජයෙන්. ඉපදුන හැටියේ ළමයි දුවන්නේ නැහැ. එ්කට කල් ගත වෙන එක නොදැනීම දුකක්. (බ)
නුල්බෝලේ දිග වැඩි නිසා අවුරුදු ගණනාවක් තිස්සේ පැටලිලා තිබෙන ඉතිහාසයක් ටික ටික ලිහාගෙන එන්න ඕනෑ එතකම් පොඩ්ඩක් ඉවසන්න වෙනවා (බ)
අවුරුද්දක් තිස්සෙම මහින්ද ගැන කතා කළා. තවමත් ඉවර නැද්ද? (නි)
රටේ නීතිය ක්‍රියාත්මක වෙනවිට, දැන් මේකටත් කියයි පළිගන්නවා කියලා. (නි)
නිතිය දැන් අකුරටම ක්‍රියාත්මක වෙනවා. නිකම් පාරේ යන මිනිසුන්ට උසාවියකින් නොතේසි නිකුත් නොකරන බව මෙහි අදහස් දාන අයට තේරෙන්නේ නැහැ. ඕනෑ කෙනෙකුට බෙර ගහන්න පුළුවන්. නමුත් හැම කෙනාටම බෙර වාදනය කරන්න බැහැ. (නි)
දවසින් දෙකෙන් නඩු අහලා හිරේ දාන්න බැහැනේ. මුලින් අල්ලස් කොමිසමෙන් විමර්ශනය කරලා වැරදිකාරයෙක් නම් මහේස්ත්‍රාත් උසාවියේ නඩුව පවරන්න ඕනෑ. ඉන්පසු මුලික කටයුතු ඉවරවුණාම නීතිපති මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරන්න ඕනෑ. ඊටපස්සේ තමා උසාවියෙන් වැරදිකාරයෙක්ද යනවග තීන්දු කරන්නේ. ඕකට ඉතින් අවම වශයෙන් අවුරුදු දෙක තුනක් යනවා. හිටපු අගවිනිසුරුතුමියගේ නඩුව ඇහුවා වගේ පැය විසිහතරෙන් කෙනකු වැරදිකාරයෙක් කරන්න බැහැ (නි)
වසර 5ක් පුරාවට වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම වරදක් නොවේද? දැන් ක්‍රියාත්මක වන්නේ නීතිය නොවේද? නීතිය වල්වැදුණු යුගයක සිටි අයට නිවැරදි නීතිය අමතකවීම ගැන පුදුම වියයුතු නැත. (නි)
නීතිය හරියට ක්‍රියාත්මක නොවෙන අය ඉන්නවා නම් ඒ අයටත් අනාගතේ පුළුවන් මැතිවරණයක් තියලා ආණ්ඩුවක් පත්කරගෙන, කොමිසමකුත් පත් කරලා මේ වගේ නීතිය ක්‍රියාත්මක කරන්න. කවුරු කළත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්න කට්ටියක් ඉන්නවා. (නි)
මේවා වැරදි හොයලා මිනිසුන්ට දඬුවම් කරන්න නොවේ !! මහජනයාගේ නැතිවුණු දේපල ආපසු ලබා ගැනීමයි කළ යුත්තේ. (හේ)
මෙතන ඉන්න සමහරුනම් කඩේ යන හැටි බලන්න. (ර)
නීතිය සැකසී ඇත්තේ තර්කය පදනම් කරගෙනය. තර්කයේ මාධ්‍ය භාෂාවයි. භාෂාව මුල් කරගෙන නිවැරදිකරුවෙකු වැරදිකරුවකු ද, වැරදිකරුවකු නිවරදිකරුවකු ද කළ හැකිය. මෙය නීතිඥයන්ගේ හා විනිසුරුවරුන්ගේ දක්ෂතාවය නිසා අවසාන තීන්දුව සිදුවේ. ඊට පහළින් ඉන්න අය නීතිය දැනගෙන කථා කරන්නේ කීයෙන් කීදෙනාද? (ර)
හිටපු ජනාධිපති අගමැති ලගේ ආරක්ෂාවට ඉන්න හමුදා නිලදාරීන් වත්කම් හෙළිකරන්න ඕනිද? මම නම් අහල නැහැ.... මහින්ද මහත්තයාගේ ආරක්ෂාවට ඉන්න අයගේ විතරයි වත්කම් හෙළිකරන්න කියන්නේ... මහින්ද සමග හිටිය අයගේ විතරක් වත්කම් හෙළිකරන්න කියන්නේ ඇයි? අඩුම ගානේ මැති ඇමති ලගේ වත් වත්කම් හෙළිකරලා නැහැ. (ර)
ආ... ඒකද? වත්කම් බැරකම් වල මොනවාද තිබුණේ දන්නෑ....? (ර)
මහින්ද වටේ හිටිය දැන් මෛත්‍රීපාල සමග හිටින හොරු අල්ලනේ නැද්ද? (බ)