හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් තිදෙනෙකු විසින් එක්රැස් කරන ලදැයි කියන මුදල් හා දේපල පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශයට ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ලංකාවේ බැංකු හා මුල්‍ය ආයතන 79 ක කළමණාකරුවන්ට අද නියම කළේය.
ඔවුන්ගේ හා ඥාතීන්ගේ නම් වලින් බැංකුවල සහ මුල්‍ය ආයතන වල ඇති වත්කම් වල තොරතුරු අවශ්‍ය වී ඇතැයි පොලිසිය දැන්වීය.
ඒ අනුව මෙරට ඇති වානිඡ්‍ය බැංකු 32ක සහ මුල්‍ය ආයතන 47ක කළමණාකරුවන්ට සැකකරුවන්ගේ ගිණුම් තොරතුරු ලබා දෙන ලෙස නියම කළේය.
දුෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසියේ මුල්‍ය විමර්ශන අංශය මෙම සිද්ධිය පිළිබදව පරිකෂණ ආරම්භ කොට ඇත.
මෙලෙස පරිකෂණ ආරම්භ කොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ආරකෂක නිළධාරීන් ලෙස කටයුතු කළ වන්නිආරච්චි නෙවිල්, තිස්ස විමලසේන හා දමිත් ගෝමිස් රණසිංහ ගැනය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුද්ද කිරීමේ කටයුතු කොහෙන් නවතීවිද කියලා කියන්න දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි. පොල් ටිකක්වත් ගහල බලමුද? අරගොල්ලෝ කියාවි යහපලානේට විරුද්ධ පාක්ෂිකයන් මර්ධනය කිරීම තව අඩියක් ඉස්සරහට අරගෙන කියලා !! (අ)
මහින්දට ගෑවුණු එකෙක්ව අත අරින්න එපා. අපේම රටක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටන පරාද කළ එකේ පලිය ගන්න තමයි අපේ ඔහෙලට ඡන්දෙ දුන්නේ. එහෙම නොකොළොත් ඔහෙලත් අපේ හතුරෝ. (බ)
දහම් ,ඔය නොකියා කියන්නේ යුද්ධය ගැනනේ. ඔන්න දැන් පර්ලිමෙන්තුවටා ආවා යුද්ධය අවසන්කිරීමේ නියම ගෞරවය ලැබිය යුතු ජෙනරාල් වරයා. නැතිනම් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා. දැන් බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. (ර)
දහම්, අන්ධ භක්තියේ සීමාවක් තියෙන්න ඕන. සමහර අයට මොනවා කෙරුවත් හොඳයි! හොරකම් කරලා තියනවා නම් ඔවුන් ගැන හොයන්න එපා කියලද කියන්නේ? (ර)
රොනී ඔබ හරි. දේශප්‍රේමයෙන් තමන්ගෙ හොරකම් දූෂණ වහගන්න මොන වීරයෙකුටවත් ඉඩ දෙන්න බැහැ. වීරකමට අපි ගරු කරනවා: හොරකම් කළාට දඬුවම් කරනවා: මිනීමරල තියෙනවනම් එල්ලුම් ගස් යවනවා. (බ)
සියලුම තරාතිරම්වල දුෂණ සෙවිය යුතුය (අ)
මෙහෙමත් දේවල් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙන්නේ දැන්නේ ඉතින් (නි)
මේ දුෂණ නොතිබෙන්න ලංකාවට හොඳ කලක් යන්න තිබුනා. පහුගිය දවස් වල ලංකාවේ බඩු මිල වල තත්වය පිටරටවල ඉඳලා එන අපිට හොඳට දැනුනා. අපිටත් එහෙමනම් ලංකාවේ මුදල් උපයා ජීවිකාව ගෙනයන අය ගැන කවර කතාද? ඔහොම යමු. අලුත් අදායම් මාර්ග කෙසේවෙතත් අඩු තරමේ දුෂණයවත් නතරවෙලා තියෙන එක රටටම මහත් ආශිර්වාදයක්. (නි)