‘මම එදා සිට අද දක්වා බොහෝ පාගමන්වලට සහභාගි වුණා. මහින්ද රාජපක්ෂ මහතා එදා පාගමන් ගියේ මේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්. ඒ වගේම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. නමුත් අද ඔහුත් එක්ක පාගමනේ ඉදිරියෙන්ම යන්නේ සැකකරුවෝ. ලෝකෝත්තරයෝ‘ යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (1) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයකදී පැවසීය.
‘අද මහින්දගේ දේශපාලනය ආරම්භ කරපු තැනට ආපසු ගමන් කරලා තියෙනවා ජනපතිකම් කළාටත් පස්සේ. ඒක තමයි කියන්නේ රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා‘ යැයි ද ඔහු කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිතලාගේ වැඩ ගැන රටම දන්නවා. 88-89 කාලේ මතක් කරගන්න. අනෙක කුහකයෙක් වගේ කතාකරන්න එපා. තමන්ගේ හෘද ශාක්ෂිය ඇත්ත දන්නවා ඇති. (නි)
සේනක හරි. මුන් තමයි මහින්දව කෑවේ. එතුමා කරපු දේවල් ඇරෙන්න මුන් මොනවද මේ රටට කරේ? මුන්ට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනේ. (අ)
ඔබලා රටට කරපු වැඩක් තියෙනවාද රටේ අාර්ථිකය විනාශ කළා දියුණු වේගෙන අාපු රට විනාශ කළා. ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු කළාද (බ)
තව ටික දවසකින් බලාගන්න පුළුවන් අනිත් අයට වෙන්නේ මොනවාද කියලා (හේ)
අද මහින්දට බනින්නේ රටට මෙලෝ දෙයක් නොකළ මිනිස්සු.(හේ)
මහින්ද ට බනින්නවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. මුන් ටික කවදද, විදේශ ප්‍රතිපති, අනාගත සැලසුම්, රටේ සංවර්ධනයට වැඩ පිළිවෙල් ගැන කතා කරන්නේ. මුන් කරන්නේ මහින්දට බනින එක විතර තමා. (බ)
ඔබ නැව් ගත්තේ කොහොමද කියලා දන්නවා (බ)
හොදම දේ තමයි මහජනතාව මේ ලංකාවේ දේශපාලකයන්ව වර්ජනය කිරීම..(හේ)
හිටපු ජනාධිපති තුමා කරපු ලොකුම වරද තමයි මේ වගේ වංචාකාරී දුර්ජන කුමන්ත්රණකරුවන් ළංකරගත් එක. අැත්තම කියනවා නම් ඒ දවස්වල එතුමාත් තමා වටා සිටි නියම දේශප්‍රේමීන් හදුනා ගත්තේ නැහැ. එහි ප්‍රතිපලය තමයි එතුමාත් පරාජය වී රට දේශද්‍රෝහීන් අතට පත්වීම.(බ)
පුදුමේ කියන්නේ ඒ පැත්තේ ඉන්නකන් එයාල හොඳයි ...එ්ත් පැරදුනාම අනික් පැත්තට පැනලා කගේ කාගේත් වැරදි වහගන්න බොරුවට බනිනවා. රැවටෙන්නේ හැමදාම මහජනතාව. ඒ වැරැද්ද ජනතාව හදාගන්න ඕනනේ. (බ)
මෙතුමා ඕනෙම පක්ෂයක ඉන්නෙ අවුරුදු 2-3 විතරයි (බ)
එතකොට අල්ලස් කොමිසමට 17 ත් වරක් නොගිහින් ඉන්න කෙනා මොනවගේ කෙනෙක්ද? (නි)
දැන් මේ අය හිනා වෙලා ඉන්නේ කවුරු නිසාද?(හේ)
අනුන් ගැන කියවනවට වඩා හොඳනැද්ද එක පාරක් අල්ලස් කොමිසමට ගොඩවෙලා ආවනම්.(අ)
බාල වයස්කාර ගැනු ළමයි බලෙන් ගෙදර තියාගෙන ඉන්න අයට කියන්නේ ලොකොත්තරයෝ කියල ද බාලාපරද කාරයෝ කියලද ඇමති තුමෝ. එතකොට පොලිසි වලට කඩා පැනල ගණන් කාර කන් කරන එවුන් කවුද? (අ)
තමුසේ සුදනනේ හොරකම් වලින් ආරක්ෂා වෙන්න තමයි එජාපයට පැන්නේ.(අ)
මෙහෙමත් හොරු ගොඩකට රටක් පාලනය කරන්නන පුලුවන්ද කරන දේවල් විදවන කොට තනියම කන්න වෙනවා (අ)
කටින්ද මන්දා මේ කතා කරන්නේ? හොඳ වෙලාවට ලොකුම හොරු ටික මේ ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්නේ (නි)
\"ඒක තමයි කියන්නේ රජකම් කළත් කළකම් පළ දෙනවා කියලා\" මේක ඔය දෙපැත්තට පැන පැන ඉන්න අයටත් අදාලයි. කවද හරි මේ ලෝකෙන් යන්න අරය අඩ ගහද්දි තමයි ගොඩක් අයට තේරෙන්නේ. .(රේ)
ගිය පාගමන් වල අරුමය කවුරුත් දන්නවා. රැකෙන්න ඕන නිසා කාට හෝ හේත්තු වෙලා ඉන්න එපැය.කී පොළකට පැන්නද? (බ)
රාජිත ඇමති තුමෝ, දේව ශාප ගැන විශ්වාශයක් ඇත්නම් කට පරිස්සම් කරගන්න. (බ)
වෙනස පෙනෙන්නේ ඔබ ඉන්නේ අනෙක් පැත්තේ නිසා.(හේ)
ඔක්කොම එකයි.(හේ)