මහනුවර නගර සීමාවේ මහජන පාගමන් සීමා කරමින් මහනුවර මහේස්ත්‍රාත් බුද්‍ධික සී රාගල මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය.
මේ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයෙන් බ්‍රහස්පතින්දා (27) අරඹන්නට සිටි පාද යාත්‍රාව මහනුවර නගර සීමාවට පිටතින් පටන් ගැනීමට සිදුවන පොලිසිය කියයි.
එක්සත් ජාතික පක්ෂය ද ප්‍රවර්ධන වැඩසටහන් කරන්නේ නම් එම වැඩසටහන එදින පස්වරු දෙකෙන් පසු සිදු කළ යුතු බව ද අධිකරණය නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂයේ වැඩසටහන් මහනුවර පවත්වන බවට සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පාගමනක් එකම දිනයේ පැවැත්වීමෙන් මහජන පීඩාවක් හෝ කලබලයක් ඇතිවේයැයි මහනුවර පොලිසිය හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කළ කරුණු දැක්වීමක් අනුව මහේස්ත්‍රාත් වරයා එම නියෝග කළේය.
කාර්ය බහුල නගරයක් වන මහනුවර නගරයේ උදෑසන පාගමන් ගියහොත් විශාල පිරිසක් පීඩාවට පත් විය හැකි බව ද පොලිසිය දැන්වීය.
ඒකාබද්ධ විප්කෂයේ ආගමික වතාවත් මහනුවර දළදා මාළිගාව අසල සිදුකිරීමට බාධාවක් නැතැයි උසාවිය දැනුම් දුන්නේය.
ඒකාබද්ධ විප්කෂයේ නියෝගය ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල මහත්වරුන්ට බාර දීමට ද, එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් මහත්වරුන්ට බාරදීමට ද නියෝග කැරිණි.
ඒකාබද්ධි විපක්ෂයේ ආගමික වතාවත් අද සවස පැවැත්වීමට නියමිත බව එහි ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රටක් මේක. මුළු රටේම ධනය හොරාකාලා වීරයෝ වගේ එළියට එනකොට පිළිගන්න ඉන්න මිනිස්සු ඉන්න මේ රට ගැන කුමන කතාද? (නි)
දැන් හරි සතුටු ඇති. දෙපැත්තේම ඒවා අධිකරණ නියෝගයකින් සාධාරණව නතර කියලා. (නි)
නීල් වගේ අයට ඕනෑවෙලා තියෙන්නේ, හූ කියලා හරි මියගිය කොටින්ව අවදිකරවන්න තමයි. නුඹලා වගේ අය සිහින මැව්වට මියගිය කොටි ආයේ නැගිටින්නේ නැහැ. (නි)
දැන් ඒකාබද්ධය මේ ගැන මොකක්ද දන්නෙ නැහැ කියන්නේ (නි)
රට වෙනුවෙන් සැම දෙනා පැමිණෙන්න. ජනවාරි 8 රැවටුනා සේ නොරැවටෙන්න
කොහෙන් බැරිවුණත් අපිව නවත්වන්න අමාරුයි (නි)
අපේ සටන අපි අතහරින්නේ නැහැ (නි)
මහින්ද යුද්ධය අවසන් නොකළා නම් ඔය විරුද්ධව අදහස් දාන කට්ටියත් සමහරවිට මෙලහකටත් මේ ලොව නැහැ (නි)
ආ! නීල්ට දුකයි වගේ වැරදි වලට යමක් කියනකොට. ඒ කාලේ ජරාව කාලා වගෙයි. දැන් බලනකොට යුද්ධ කරලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නොවෙයි, රාජපක්ෂලානේ (නි)
සිංහලයා තරම් ගුණමකු ජාතියක් මේ මුළු ලෝකෙම නැතුව ඇති (නි)
අදහස් දැක්වීමේ ක්‍රමෝපායන්ට ඉඩදෙන්නේ ඔහොමද ? පොලිසිය ඔය තහනම් නියෝගය ගන්න තිබුනේ කල් ඇතුව. මොකද ආණ්ඩුවේ කටයුත්ත කරගන්න තිබුනා එතකොට. මොකද නීති 2ක්. එජාපයේ කටයුත්ත ඒගොල්ලෝ හවසම තමා දාගෙන ඉන්න ඇත්තේ. කොහොම කිවුවත් මහජනයා පීඩාවෙන් තමයි දැන් කාලෙක ඉඳන් ඉන්නේ. ඔය කියන තරම් පීඩාවක් පාගමනෙන් වෙන එකක් නැහැ (නි)
සිංහයින්ට බියවී තිබෙන තරම මෙයින් මනාව පැහැදිලි වී තිබේ (නි)
ලී කුවන් යු වගේ අවංක පාලකයන් අපිට නැහැ. ඒ හින්දා එකඅතකට අපිට හොරු හොඳයි (නි)
මාර්ග අවහිර කරන එවුන්ට නම් ගහලා එලොවන්න ඕනා. (බ)
රස දන්නා අයට බලන් ඉන්න බැරි විත්තිය පෙනෙනවා,අද මේ අය පාරට බහින්නේ රට ගැනවත් ජනතාව ගැනවත් හිතලවත් නොවන බවටත් ! එෆ්.සි.අයි.ඩි එකටයි,විශේෂ ජනාධිපති කොමිසමටයි බයේ විත්තිය ඉතා පැහැදිලියි. (බ)
බලය තියෙද්දී තමන්ම බලය බදාගන්නෙ නැතිව, තියන බලය බෙදා හදාගෙන කටයුතු කළා නම් අද ඔය ප්‍රශ්න මුකුත් නැතිව රට පාලනය කරගෙන ඉන්න තිබුනානේ. බල තන්හාව තමයි ඔය හැම දේටම මුල? (බ)
ජනතාවට කරදරයක් නොවුනොත්නම් හොඳයි තමයි (බ)
රාජපක්ෂ ආණ්ඩුව මේ රට කොටින්ගෙන් මුදා නොගෙන විනාශ වෙන්ඩ දෙන්න තිබුනේ උඹල වගේ අය එක්කම (බ)
මෙවැනි ක්‍රියාකාරකම් වහා නැවැත්විය යුතයි . මේවායින් වෙන්නේ මහජනයාගේ එදිනෙදා ජීවිත අපහසුතාවයට පත් කිරීමත් පාලන ආණ්ඩුව අස්තාවරයට පත් කිරීම සහ නීතිය සාමය කඩ කර අවුල් තත්වයකට පත් කිරීමයි ඒකායන අරමුණ . (බ)
පහුගිය කාලේ වගේ පෙළපාලිය යන්න දීලා අතරමැදදී මැරයන් දම්මලා ගහලා පන්නලා පෙළපාලිය විසුරුවන ක්‍රමය දැන් නැහැ. කොහොමත් වැඩකරන ජනතාව අපහසු තාවයට පත් කරන පාදඩ යාත්‍රා නතර කිරීම රටට යහපතක්. (අ)
ඒකාබද්ධ විපක්ෂයට ජය වේවා! දැනටම රජය හත්පොළේ ගාගෙන. අපිට හිනා (නි)
චානක ඇස් ඇරගෙනද? වහගෙනද? නැත්නම් නින්දෙන් දුටු හීනයක්ද? (නි)
“මම සිංහයාට බයයි නංගියේ“ (නි)
මේ පදයාත්‍ර කරන ඔක්කොටොම නඩු කෝටියයි. හොරකම්, වංචා,. තක්කඩි රැළ කාවද රවටන්න හදන්නේ. මෙයාල මොකක්ද මේ ඉල්ලන්නේ කියල කවුරු හරි කියනවද? (ම)
චානක ලොස් ඇන්ජලිස්, හීන දකින්නේ නැතුව ලංකාවට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. (නි)
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ. කමක් නැහැ. යහපාලනයනේ. (නි)
බයක් නැත්නම්, පා ගමන් බැරි නම් ගුවන් ගමන් තිබ්බත් රජය හරි දෙයක් කරනවා නම් කිසිදේකට සැළෙන්න අවශ්‍ය නැහැ. (නි)
ගිය ආණ්ඩු කාලේ නම් ඉතින් මේවට විසඳුම් දුන්නේ රතුපස්වල න්‍යායෙන්. පොලීසිත් නැහැ, උසාවිත් නැහැ. එයාලා ඒ කාලේ අනිත් අයගේ නිදහස උපරිමෙන් සීමාකරලා දැන් උපරිමෙන් භුක්ති විඳින්න හදනවා. (නි)
තිත්තයාට වාරයක් ඇවිත් දැන් කොකාට බැටදෙනවා වගේ. ඔහොම ඉවසාගෙන ඉන්න, තව වැඩි දවසක් නැහැ (නි)
එහෙම තමයි යහපාලනය. නීතිය කාටත් එකයි (නි)
බයද (බ)
මොකද බයනොවී ඉන්න බැරිද? පව්! (නි)
ජය වේවා පාද යාත්‍රාවට! (නි)
රජය බයවෙලා. මෙවැනි දුර්වල රජයකින් මොන ප්‍රයෝජනයක්ද රටට? (නි)
මේ වනවිට රට ශිෂ්ටසම්පන්න රටක් බවට පත්වීමේ දිශාන්තයට වැටී තිබේ. දූෂණය අවම කර ගැනීමට අවශ්‍ය ආයතන පද්ධතිය ඇතිකර ගනිමින් සිටින අතරේ තොරතුරු දැනගැනීමේ අයිතියද තහවුරු කර තිබේ. වෙන කවරදාටවත් වැඩිය ජනමාධ්‍ය නිදහස ඇතිකර තිබේ. යා යුතු ගමන නිමකර නැතත්, අඩුපාඩු සහිත වූවත් අවශ්‍ය ආරම්භය ගෙන ඇත. කළයුතු වන්නේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවේචනාත්මක සහ ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත්වීමකි. එය කළ හැකිවන්නේ සහ එයට සදාචාරාත්මක අයිතිය ඇත්තේ ඉදිරිගාමී, ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසි කණ්ඩායම් වලට මිස ජාතිවාදී දූෂිතයින්ට නොවේ. (නි)
නීල්, මොවුන්ට ඒවා දැන් මතක නැහැ (නි)
සත්‍යපාල, ඉඩ ලැබුනු වෙලාවේ ත්‍රස්තවාදය විනාශ කළ අයට අනික් ඒවා සුළු දේවල් (නි)
රටේ නීතියක් ඇති බව දැන්නම් පෙනෙනවා (නි)
එන්නකෝ කඩුගන්නාවට. අපි බලාගන්නම් (නි)
දෙගොල්ලන්ටම නීතය එකයි කියලා දැන් පේනවනේ! (නි)
මොකද මේ කලබල වෙලා . මහජන මතයට ඉඩ දෙන්න , තමන් කරන දේ හරියට කරනවානම් ජනතාවගෙන් උත්තර ලැබේවි ඡන්දයකදී. (ම)
තරඟෙට ආගමික වතාවත් කරනවා හැමෝම. මහජනයාට යහපතක්ම වේවා කියලා. මහමගදී දුක්විඳින්නේත් මහජනයාමයි (නි)
වෙනස ඕක තමයි. (නි)
අමිල, යසස්, බයවෙලා නෙමෙයි. යහපාලනයත් නෙමෙයි. ඔය නීතිය. (නි)
හීන්නූලෙන් වගෙයි දැන් වැඩ! (නි)
මේගොල්ලෝ කරපු පව් වහගන්න පා ගමන් ගිහින් බේරෙන්න පුලුවන්ද? “කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ” (නි)
අමිල කිවුවේ ඇත්ත තමයි (නි)
මොන දේවල් කළත් සාමාන්‍ය ජනතාවට කරදරයක් නොවිය යුතුයි. දැන් මේ පෙළපාලි වලින් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට කොච්චර බාධාවෙනවද? නීතියෙන්වත් එය අවම කළයුතුයි (නි)
ජනතාව අපහසුතාවට ලක්වෙන දේවල් කිසිම පක්ෂයක් කරන්න එපා. මොකද ඔයාලා හැමෝම කරන්නේ ඔයාලගේ වාසියට (නි)
ජනතාව අපහසුතාවයට පත් කරන යහපාලනය ගෙදර යැවීමට අපි සැවොම එක්වෙමු.(ම)
ජනතාව අපහසුතාවයට පත්කළේ වෙන කවුරුත් නෙමෙයි, ආණ්ඩුවයි (නි)
ලොකු දෙයක්. තියෙන වාහන තදබදය අස්සේ තවත් ජරමරයක් වෙන්ට තිබුණේ. (නි)
ඔන්න යහපාලනය. ඕක තාමයි අලුත් වෙනස (ම)
බය වෙලා වගේ (ම)
ජනතාව අපහසුතාවයට පත් කරන සියලු උද්ඝෝෂණ වලට වැට බැදිය යුතුය (ම)
නියම වැඩේ. ඔහොම තමයි කරන්න ඕනේ මිනිස්සුන්ට කරදර වෙන විදිහට වැඩ සිද්ධ වෙනකොට. යහපාලනයට ජය වේවා. (ම)
පව් ආණ්ඩුව හොඳටම බයවෙලා. රටට හොඳම නායකයා මහින්ද කියලා දන්නවනේ (නි)
රටට යමක් කරපු කට්ටියක් මේක කෙරුවා නම් අන්න අපිත් සහයෝගය දෙනවා. (නි)
එහෙම කරපු එක හොඳයි (නි)
මහින්දට බය වෙලා නේද. කෝ බන් අර ලොකුවට කතා කරපු අය.(බ)
වතුර ටැංකි ටිකක් ලෑස්ති කරලා තියන්න. පාරේ ගමන් කරන හැටි කියා දෙන්න (බ)
හැමදෙයක්ම මාධ්‍යයෙන්ම දැනගන්න පුළුවන්කම තියෙද්දී අහවල් කාරණයට ද සල්ලි වියදම් කරගෙන කාලය විනාශ කරගෙන, ඔය මළ ඉලව්වලට, ගිහින් ඇන කොටා ගන්නේ? බුද්ධියෙන් කල්පනාකරලා, ඡන්දයක් ආවාම තමන්ට කැමතිනම් තීරණයක් ගන්නයි තියෙන්නේ, මහජනයාට කරදරයකුත් නෑ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරි මහත්ම,මහත්මීන්ට අවහිරයකුත් නෑ. අය්යෝ සල්ලි. (බ)
පොලිසිය හොද තීරනයක් අරගෙන තියෙනවා.ප්‍රධාන මාර්ග අවහිර කරමින් මහජන දෛනික ක්‍රියා වලට බාධාවන අන්දමින් සිදුකරන සියලුම උද්ඝෝෂණ සහ දේශපාලන ක්‍රියා කාරකම් නැවැත්වීමට වහාම නීති සකස්කල යුතුයි.(අ)
මේ මොන විහිළුවක් ද? අන්ත දූෂිත රජයක් ගෙදර යවා වසරක් ගත වීමට පෙර නැවත සුදනන් ලෙස බලය එන්නට තැත් කරමින් සිටිනවා. උපයපු ධනය උපයාගත් ආකාරය කියා ගත නොහැකි අය පෙළපාලි යනවා. මෙහෙමත් රටක්. (බ)
මේවද මැතිවරණයට ඉස්සෙල්ල කිව්වේ. මේවා දකින්න සෝබිත හාමුදුරුවෝ නොසිටිය එක හොඳ ය. මුලින්ම දින යොදා ගත්තේ ඒකාබද්ධ විපක්ෂය නේද? මේකද යහ පාලනය?මේ අහන්නේ මම දේශපාලන ගැත්තෙකු නිසා නොව ලජ්ජා නැති දේශපාලනයට ඇති පිළිකුල නිසා..(බ)
ආණ්ඩුව හරි දේ කරනවානම් ඇයි ඔච්චර බය. ජනමතය වෙනස්කරන්නෙ කොහේ (බ)
නීතියේ ස්වාධිපත්‍ය හැමෝටම ! සමහරුන්ටනම් මේ ක්‍රමය දිරවන්නෙම නැහැ වගේ නේද ? එයාලට ඕන පා ගමන් එනකොට හමුදාව දාල වෙඩි තියවන්න හරියට අර රතුපස්වල කළා වගේ නේද ? මේක යහපාලනය හොඳේ (බ)
නිරේෂ් සිරි යසස් ඔයාලා ඔක්කොම නියම වෙනස දැකල නෑ. ඒ වෙනකොට ප්‍රමාද වෙලා තියෙයි (බ)
මෙදිනට තවත් පක්ෂයක් කටයුත්තක් දමාගැනීම උසාවියට යන්න පාර කපාගැනීමක් ලෙසයි දකින්න තියෙන්නේ. (නි)
මේ තීරණය අපි අගය කරනවා. විශිෂ්ටයි (නි)
ජනතාව නම් කිසිම අපහසුතාවයක් නැතුව යහපාලනයත් එක්ක ඉන්නවා (නි)
මතක නැද්ද යු එන් පි එකේ ජනබල මෙහෙයුම? ඒ වගේ එකක් තමා මේක. ඇයි මේ බයවෙලා? (නි)
මම හිතුවා මෙහෙම වෙයි කියලා (නි)
පාද යාත්‍රා කෙසේවෙතත් ඔය සමහර කට්ටිය පහුගිය රජය කාලේ අහස් යාත්‍රාවල නම් හරියට ගියා නේද? (නි)
අනේද කියන්නේ, යහපාලනය නැඟලා යනවා (නි)
මේක තමයි යහපාලනයේ අළුත්ම වෙනස! ඒ නිසා අපි කියන්නෙ දැන්වත් පවතින පාලනයට ගෙදර යන්න කියලා. (නි)
මහින්දගේ කාලෙත් උද්ඝෝෂණ තිබුණා. ඒ රටට සාමය ගේනකොට කරපු උද්ඝෝෂණ. අද අපිට වැට් බද්දට විරුද්ධවවත් සාමකාමී උද්ඝෝෂණයක් කරන්න බැහැ (නි)