IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්දට ඇති වරප්‍රසාද අනිත් අයට නෑ‘

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන් අතර අසාමන තත්ත්වයක්   ඇතැයි ද, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව ද කියමින් ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද අපේක්ෂකයකු වන නීතීඥ සුනිල් වටගල මහතා අද (17) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්, කුරුණෑගල තේරීම් භාර නිලධාරී සහ පොලිස්පති එම පෙත්සමෙන් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

හිටපු ජනපතිට පොලිසියෙන් 105 දෙනකු ද, යුද හමුදාවේ 105 දෙනකු ද, ට්‍රක් රථ 04ක්, ඩිෆෙන්ඩර් තුනක්, ලෑන්ඩ් කෘෂර් තුනක්, කැබ් දෙකක්, බස් දෙකක් ඇතුළු යුද හමුදා වාහන 20ක් ද ලබා දී ඇතැයි වටගල මහතා සඳහන් කරයි.

ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහන හතක් ද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටර 750ක් ද, ඩීසල් ලීටර 1200ක් ද, ස්මිත් ඩිටෙක්ෂන් එක්ස්රේ යන්ත්‍ර, පරීක්ෂා කිරීමේ ගේට්ටු, මයින් ඩිටෙක්ටර ඇතුළු තවත් උපකරණ ද ලබා දී ඇතැයි ඔහු පවසයි.

IMG_3694 IMG_3703



අදහස් (0)

‘මහින්දට ඇති වරප්‍රසාද අනිත් අයට නෑ‘

සරත් කුමාර Saturday, 18 July 2015 06:20 AM

අමතර දේවල් සියල්ල ඉවත් කළ යුතුයි. නැතිනම් අපේක්ෂකයින් සියල්ලන්ටම ඒවා ලබා දිය යුතුයි (නදී)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Saturday, 18 July 2015 06:09 PM

මහින්ද ට දීපු මේ සියල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධියි. මැතිවරණය අවසන් වෙන තුරු මේ "බයගුල්ලාට" දීපු සියලු දේවල් ඉවත් කල යුතු වෙනවා. මේවා නිසා අනිකුත් අපේක්ෂකයන්ට වරප්‍රසාද ප්‍රශ්නයක් ඇතිවෙන බැවින් අසාධාරණයක් වෙනවා. මොකද සිරිසේන ජනාධිපතිතුමාට රාජ්‍ය කටයුතු සඳහා අධි ආරක්ෂක වාහනය මහින්ද බාර නොදුන්නේ ? සමහරවිට එම රථය මහින්දගේ "බුදල් සල්ලි" වලින් ගන්න ඇති. හිටිද්දී මහජන මුදල් වලින් සුඛ විහරණ ජීවිත ගත කලත්, තාමත් එයා හිතන් ඇති එයා තාමත් ශ්‍රී ලංකාවේ "නිළ නොලත්" ජනාධිපති කියල.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 574 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 660 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2110 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1566 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1504 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1752 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24756 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23347 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site