IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මහින්දට එරෙහි පෙත්සම විභාගයට

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අගෝස්තු 05 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදුවන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා  සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තුවට නම් කර ඇති නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනු කළ මෙම පෙත්සම සම්බන්ධ නොතීසි  වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට අද (24) උදෑසන ලැබී තිබීම නිසා ඒ පිළිබඳ  නීති උපදෙස් ලබා ගැනීමට  සහ අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා  කල් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම පෙත්සම සළකා බැලීම කල් තබන ලදී.

අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියෙහි  මෙම පෙත්සම කැඳවන ලදී.

මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

හිටපු ජනාධිපතිවරයාත් මේවන විට මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අවාසියක් වන  බැවින් එම ආරාක්ෂාවට අඩු කිරීම හෝ මැතිවරණයට තරඟ වදින අනෙකුත් අපේක්ෂකයින්ටද මෙවැනිම ආරක්ෂාවක් ලබා දෙන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.

හිටපු ජනපතිගේ ආරක්ෂාවට අතිවිශාල පොලිස හා යුද හමුදා නිලධාරීන්  යොදවා තිබෙන බවත්,ට්‍රක් රථ, ඩිෆෙන්ඩර් රථ, ලෑන්ඩ් කෘෂර් රථ, කැබ්, බස් ඇතුළු යුද හමුදා වාහනද එසේම ලංකාවේ දැනට ඇති හොඳම බෙන්ස් රථය ඇතුළු තවත් වාහනද, අධි ආරක්ෂිත බෙන්ස් රථය සඳහා පෙට්‍රල් ලීටරද, ඩීසල් ලීටරද, තිබෙන බව පෙත්සමේ සඳහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාද නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතාද පෙනී සිටියහ.



අදහස් (0)

මහින්දට එරෙහි පෙත්සම විභාගයට

කණිෂ්ක Friday, 24 July 2015 11:23 AM

එතකොට ෆොන්සේකා මහත්තයත් ආරක්ෂාව ඉවත් කරලද ඉන්නේ? (නදී)

:       0       0

ලයනල් Saturday, 25 July 2015 12:54 AM

මේ ඉල්ලීම හරි. මමත් කියන්නේ වහාම කට්ටිය අඩුකරන්න ඕනෑ (නි)

:       0       0

සුරන් Saturday, 25 July 2015 03:32 AM

මහින්ද මහතාගේ පසුගිය වසර පහේ දේශපාලන ක්‍රියාකාරකම් වලට මාගේ අප්‍රසාදය පලකරන අතර මෙම ගොනු කර ඇති පෙත්සම ගැන කණගාටුවක් ඇතිවන්නේ. මහින්ද ඔහු තමා කොටි සංවිදානයේ ප්‍රදාන හතුරා , යුද්දය අවසන් කරපු ඔහුගේ ආරක්ෂාව පිලිබඳව අප මෙලෙසද ඔහුට සලකන්නේ. මනුෂත්වය නමැති පුන්සද වැසි යාමට දේශපාලනය නමැති කළු වලාකුලට ඉඩ නොදෙන්න. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 11:46 PM

ලස්සන වැඩේ කියන්නේ සොරකමට ගොදුරුවන මිනිසුන්ගේ මුදලින් මේ අය රැකීමයි. (නි)

:       0       0

ලාල් Friday, 24 July 2015 03:06 PM

මෙයාට දැන් මහාලොකු ආරක්ෂාවක් අවශ්‍ය නැහැ.මෙයා මහමැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉල්ලන නිසා,අනිත් අපේක්ෂකයන්ට වගේම සමාන ආරක්ෂාවක් තිබුනොත්,සියලු දෙනාටම කරන සාධාරණයක් නේද? (අ)

:       0       0

ස්මිත් Friday, 24 July 2015 10:09 AM

ඊට පස්සේ සතියකින් ඡන්දෙ එයි. පෙරහැර ගිහින් ඉවරයි නඩු අහනකොට. අනිත් අපේක්ෂකයන්ට අසාදාරණය වෙලා ඉවරයි (නදී)

:       0       0

රනුක Friday, 24 July 2015 10:18 AM

දැන් එතකොට අගමැති මැති ඇමතිවරු මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ වාහන ආරක්ෂකයන් නැතුවද ඡන්දෙට එන්නේ? සරත් පොන්සේකා ටත් ඇමති කෙනෙකුගේ ආරක්ෂාවටත් වඩා තියාගෙන එයා ඡන්දෙට එන්නේ. මේ ඔක්කොම මහින්දට බයයි. බයගුල්ලෝ එක්ක මොන සටනක්ද?...(අ)

:       0       0

සුමනසිරි Friday, 24 July 2015 10:48 AM

දැන් තමය යහපාලනය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 45 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 421 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1291 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1576 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2112 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1069 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20323 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18067 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site