මැදමුලන සිය රාජපක්ෂ වලව්වේදී විමල් වීරවංශ හිටපු ඇමැතිත් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිත් පුවත්පත් ඡායාරූප ශිල්පීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මහ හඬක් නැගූහ. වේදිකාවේ සිටින තමන් ඇතුළු පිරිස් ඡායාරූප ශිල්පීනට නොපෙනිතියි ඔවුහු දිගින් දිගටම කියන්නට වූහ.
‘වාඩිවෙන්න, වාඩිවෙන්න නැත්නම් එහාට වෙන්න. පින්තූර ගන්න අයට අවහිර කරන්න එපා‘ ආදි වශයෙන් මහින්ද හා විමල් පුවත්පත් නිදහස රකින්නට ගිරියෙන්ම කෑගැසූහ. තම විශේෂ ප්‍රකාශය කරන්නැයි දිනේෂ් ගුණවර්ධන හිටපු ඇමැති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළේය. ඒ වන විට වේදිකාවට බොහෝ පිරිසක් නැග සිටියහ.
‘මේ වේදිකාව කඩා වැටෙයි. බහින්න. බහින්න‘ යනුවෙන් දිනේෂ් ඇතුළු පිරිසක් ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්වී සිටියහ. හිටපු ජනපති ආරක්ෂකයන්ට කරන්නට බැරිවූ දේ ඔවුහු කළහ. මහින්ද රාජපක්ෂ මහතා සිය කථාව ඇරඹුවා පමණි. විමල් වීරවංශ මහතා කථාව ආරම්භ කර මහාසංඝරත්නයෙන්ද අවසර ගත්තේය. විමල් වීරවංශ මහතා ඔහුගේ කනට යමක් කෙඳිරීය. සිය කථාව නතර කළ මහින්ද තවත් නිවේදකයකුගේ රාජකාරිය බාරගත්තේය. දැන් විමල් වීරවංශ මහතා කථා කරනවා යනුවෙන් මහින්ද නිවේදනය කළේය. දිනේෂ්ද නිවේදක රාජකාරි කළේය. විමල් වීරවංශ මහතා මයික්‍රෆෝනය මහින්දගෙන් බාරගෙන කථා කළේ ඡායාරූප ගැනිමේ අවහිරය ගැනයි. හිටපු මාධ්‍යවේදියකු වන විමල් තම පැරණි සගයන් වෙනුවෙන් එවැනි සෙනෙහසකින් කථා කළ අවස්ථාවක් මීට පෙර දැක නැත.
ඉන්පසු ඔහු මයික්‍රෆෝනය යළි මහින්දට බාර දුන්නේය. තමාට උදව්කළ අයගේ නම් වැල මහින්ද කියාගෙන ගියේය. වසර 23කට පෙර මිය ගිය ටී.බී.ඉලංගරත්න මහතාද පසුගිය ජනවාරි 9 වැනිදා තම පරාජයෙන් පසු තමාට සෙනෙහස පෑ හා උදව්කළ අයකු ලෙස හැඳින්වීය. තමාට වැරදීමක් වූ බව වටහාගත් මහින්ද ඉන්පසු ටී.බී.ඒකනායක මහතාගේ නම කීවේය. ඔහුට කියන්නට ඕනෑ වූයේද ඒ නමයි.
තමාට උදව් කළ අය අතර ‘රණතුංග පවුලද‘ සිටින බව මහින්ද ඊළඟට කීවේය. පිරිසක් කෑගසමින් කීවේ ‘රණතුංග පවුල නෙමෙයි‘ කියාය. එවිට මහින්ද කියා සිටියේ ‘මම කීවේ ප්‍රසන්න රණතුංගගේ පවුල ගැනයි‘ යනුවෙනි.
ජනවතිවරණය සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති විවේචනය කළ සහ ජනපතිවරයකුට තුන් වරක් ඉදිරිපත් විය නොහැකි යැයි මතය මුලින්ම ඉදිරිපත් කළ හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන් සිල්වා ද අද මැදමුලනට ගොස් සිටියේය. ඔහු හිටපු ජනපති අසලම සිටිනු දක්නට ලැබිණි. මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට නොගන්නා ලෙස හෙල්පිං හම්බන්තොට නඩුවේ දී තීන්දුවක් දීම ගැන කණගාටු වන බව ද ඔහු මීට පෙර කියා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව නොව වැඩ වැදගත් (නදී)
පොඩි අත්වැරදීමක් වෙන්න ඇති (නි)
අපේ ගෙවල් පැත්තේ මේ හොරු රැල ආවොත් ඉලපත අතට ගන්නවා (අ)
අනේ ඕවා ඔහොම තමයි. පොඩ්ඩක් වරදින්න ඇති (නි)
ජනතාව තමුන්ව ගෙදර ඇරියේ ඇයි කියා ඔහු තවම තේරුම් අරන් නැහැ (නදී
අනේ අනිච්චන් ! අර හිටපු විනිෂ්‍යකාර මහත්තයෙතකුත් ඔතනට ඇවිල්ල ඉන්නව නේද ? සුනාමි සල්ලි හොරකන්කෙරුව එකෙන් බේරුව එකට මුළු ජාතියෙන්ම සමාව ගත්තු මහත්තයා නේද ඔය ? (නදී)
අනේ අනිච්චන්!!! අනේ මේ රටේ ඉන්න ලොක්කන්ගේ හැටි. (නි)
බලනකොට මෙතුමා එන්නේ අපි ගැන හිතලනේ? (නි)
ගණන් ගන්න එපා දැන් වයසයි නේ .යන්නේ කොහෙද මල්ලේ පොල් එකයි (අ)
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්. (නි)
රට නම් වල පල්ලට ගියාම මොකද ? කරපු හොරකම් වලින් බේරෙන්න නම් බලය ගන්නම වෙනවා (නදී)
මෙදා පාර ජයගත්තොත් ඔබගේ සැබෑ මිතුරන් හා සතුරන් කව්ද යන්න මතක තබා ගෙන වැඩ කිරීම වැදගත් (බ)
මේ මොනවා කිවූවත් අදටත් රටේ වැඩියෙන්ම ජනතා කැමැත්ත තියෙන්නේ මහින්දට. කොටි හිතවාදීන් හැර. ඒ නිසා පාර්ලිමේන්තු ඡන්දෙදි මහින්දටයි වැඩි වාසි තියෙන්නේ. (ර)
දැන් ඉතින් වයසයිනේ ඔහොම වෙන එක ස්වාභාවිකයි (බ)
දැන් ඉතින් වයසයිනේ! පැටලෙනවා පැටලෙනවා ... තාම හිතේ මම ජනාධිපති කියලා! (නි)
අපිට තවම මතකයි (බ)
ඇල්සයිමර් වගේ, බොහොම භයානකයි මේ වගේ අය අගමැති කරන එක (නදී)
තනිව ආවොත් යු.එන්.පී එක දිනුම්. රනිල් අගමැති. ශ්‍රීලනිපයෙන් අාවොත් පක්ෂේ දිනුවට, පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත යු.එන්.පී කැමැත්තත් එක්ක අගමැති චන්ද්‍රිකා. කොහොම කලත් මහින්ද ගෙදර (නදී)
මොන සෙල්ලමක් හරි දාල දින්නේ නැත්නම් කල වංචා එළිවෙන නිසා හොරු කල්ලියම එකට එකතු වෙලා. ආයෙත් එන්න රටට ආදරේට වගේ පෙන්නුවට ආවයින් පස්සේ අවනීතිය රජකරාවී(නදී)
ජාතියේ පියානනි, ඇවිත් අපේ රට බේරාගන්න.(හේ)
කොහොමත් අද කට්ටියම පඹ ගාලක පැටලිලා හිටියේ. මොන ප්‍රකාශෙන්ද සන්ධානෙන්ද එන්නේ කියලා පැහැදිලිව කියන්න බැරි වුණා. ශ්‍රීලනිපේ සන්ධානේ නැහැ. (බ)
මෙදා පාර ජයගත්තොත්නම් ඉතින් අර ඥානසාර හාමුදුරුවෝ කිව්ව සරණ තමයි සාමාන්‍ය මිනිස්සුන්ට. (බ)