මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යය ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර අද (8) පස්වරුවේ වීදි සංචාරය ආරම්භ කළේය.
නිලංග දෑල දියවඩන නිලමේ ගේ ප්‍රධානත්වයෙන් අද සවස 7.12ට පෙරහර ගමන් ඇරඹි අතර ඉන්දිරාජා හස්තියා පෙරහර කරඬුව වැඩම කරවයි.
අගෝස්තු 17 වැනි නිකිණි පෝදා රාත්‍රි අවසන් රන්දෝලි පෙරහර පවත්වා ගැටඹේ දියකපනාතොට දී දිය කැපීමේ මංගල්‍යයෙන් පසු පැවැත්වෙන දහවල් පෙරහරින් මෙවර ඇසල මංගල්‍යය අවසන් කිරීමට නියමිතය.
අද පළමු දින පෙරහර නැරඹීම සඳහා දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවර නගරයට එක් රැස්වී සිටිති.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු.(හේ)
සාදු! සාදු!! සාදු!!! මගේ රටට ශ්‍රී දළදා හිමි සරණයි! (හේ)
සාධු! සාධු! සාධු! (අ)
මගේ රටට දළදා හිමි සරණයි..... මේ තුන් හෙළයම අපේම උරුමයි..... සාදු...සාදු... සාදු..!!! (නි)
මගේ රටේ ආඩම්බරය! (නි)
අපේ සංස්කෘතියේ ශේෂවූ තවත් අභිමානවත් අංගයක්..... (නි)
සාදු .... සාදු.....සාදු.. (ම)
කස පුපුරන හඩ ලගම ඇසෙන විට පාර දෙපස සෙනග පිරෙනවා සාර බුලත් විට ඒ පුරුදු හඩ පෙර හැර එන බව පවසනවා (ම)
සාදු සාදු සාදු!!! ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ඒ සදාකාලික පාරිශුද්ධත්වයට පත් වූ අසිරිමත් දන්ත ධාතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා! ඇස් දෙකට දකින්න ලැබෙන බොහොම සුන්දර පින්බර දසුන් කිහිපයක්. තථාගත ධර්මයෙන් පෝෂණය වූ මගේ රටේ අභිමානවත් මංගල්‍යය (නි)
සාධු සාධු සාධු...!!! දළදා හිමි රැකවරණයි මගේ රටට! (නි)