ආචාර්ය හා මහාචාර්ය ‘ගෞරව‘ සම්මාන තනතුරු මුදලට විකිණීමේ සිද්ධිය අනාවරණය කරමින් 2012 මාර්තු 19 වැනි දින ‘දිනපතා ලංකාදීප‘ පුවත්පතේ පළ කළ වාර්තාවකින් සිදුවූ ලැජ්ජාව හා මානසික පීඩාව වෙනුවෙන් මහනුවර මහයියාව අශෝකාරාම විහාරාධිපති වල්දෙනියේ වජිරඤාණ හිමියන් ලංකාදීප මාධ්‍යවේදියකුගෙන් රුපියල් කෝටියක් වන්දි ඉල්ලා පැවරූ නඩුව මහනුවර දිසා විනිසුරු සමන් කාරියවසම් මහතා අද (25) ඉවත දැමීය.
වජිරඤාණ හිමියන් හෝ ඒ හිමියන්ගේ නීතීඥවරයා අධිකරණයට පැමිණ සිටියේ නැත.
නඩුවේ වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ඉන්ද්‍රකුමාර විජේතිලක මහතා කරුණු දක්වමින් තම සේවාදායක දඹුල්ලේ කාංචන කුමාර ආරියදාසට එරෙහිව පැමිණිලි පාර්ශ්වය අධිකරණයේ ගොනු කළ නඩුව, අධිකරණයේ විභාග වන අවස්ථාවේ අධිකරණයට නොපැමිණිම නිසා තවදුරටත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාම අසීරු බව ප්‍රකාශ කළේය.
දඹුල්ල ලංකාදීප මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතාට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කරමින් දිසා විසිනිසුරු ඉන් අනතුරුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
ආචාර්ය, මහාචාර්ය තනතුරු මුදලට විකුණන උපාධි කඩ යන මැයෙන් යෙදූ සිරස්තලයක් යටතේ දිනපතා ලංකාදීප පුවත්පතට ආරියදාස මහතා විසින් ලියා සපයන ලද වාර්තාවෙන් මෙම නඩුවේ පැමිණිලිකාර මහයියාවේ අශෝකාරාම විහාරාධිපති වල්දෙනියේ වජිරඤාණ හිමියන්ට අපහාස වූ බවට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥ ඩබ්ලිව් කීර්තිසේන මහතාගේ උපදෙස් පරිදි නඩුව පවරා තිබිණි
සබැඳි පුවත්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුකාරයන්ගෙන් රට ගලවා ගැනීම අපේ යුතුකමයි.(නදී)
මේක බුදුදහමේ වරදක් නෙමේ. නිර්මල ආගමට බෞද්ධ ශාසනයට ඇතුල්වෙලා ඉන්න සමහරු හිතාමතාම කරන සහ කරවන වැඩ . (නි)
අපේ එක්කෙනෙකුත් ආචාර්ය කෑල්ලක් දාගෙන තිබුනා. කොහෙන් ගත්ත එකක්ද දන්නෙ නැහැ (නි)
ලංකාදීප පුවත් පත සහ කතු මණ්ඩල සැමදා බැබලේවා!. ඔබ කරන සේවය වෙන පුවත් වලින් ලේබෙන්නේ නැහැ. ලංකාදීප පුවත් පතට සිංහල අප සදා නය ගැතිය.(නදී)
ලන්ඩනයේ මෙම තත්වය ටිකක් වෙනස් දැන් ආචාර්ය තනතුරු විතරක් නොවෙයි මහාචාර්ය තනතුරු වලටත් ගිහිල්ලා. මේ අයට සහය දෙන කොටසකුත් බිහිවෙලා.එංගලන්තයත් පිරිහිලා මේ වගෙ අය නිසා. (දී)
ශාසනයෙන් බඩ වඩා ගන්නන්ට ඉක්මනටම ඊට විපාක විදීමට සැලැස්විය යුතුයි. (නි)
ටෙනිසන්,මම ඔබේ අදහසට ගරු කරනවා. අපි අවුරුදු 30 ක් දුක් වින්දේ මේ ජාතිබේදා හින්දා. දැන්වත් අපි එක මවකගේ දරුවෝ වගේ සමගියෙන් රට දියුණු කරමු. (නි)
ලංකාදීපයටත් අපටත් ඔබ සම්පතක්. ඔබේ නිර්භීත ගමන් මගට මගේ සුබ පැතුම්!!! (නි)
අපේ අර ආචාර්යතුමත් මෙහෙන්ද දන්නෙ නැහැ උපාධිය ගන්න ඇත්තේ (නි)
ශ්‍රී ලංකාවේ ආචාර්යවරු දැන් හැමතැනම. මේ රස්නය ලන්ඩන් වලටත් දැන් ටික කලක සිට මහත් සීග්‍රයෙන් පැතිරයන්න පටන් අරගෙන. (නි)
සල්ලි තියෙන මෝඩ මුදලාලිලට ආචාර්‍ය උපාධිය ගන්න තියෙන අවස්ථාවක් නැති වුනා. කව්රුත් කොසොල් රජ තුමා දුටු සිහින 16 කියවන එක හොදයි.(නධී)
අහවල් ඇමති තුමත් මේකෙන් ආචාර්‍ය පට්ටම ගත්තනේ.(නදී)
සිංහල නම් වලින් පෙනී සිටින කපටින් ඉන්නවා. මුන්ව අල්ලන්ට අපේ සේනාවන්ට බාරයි.(නදී)
මේක හොයා ගත්තේ ලංකාදීපේ කෙනෙක්. අපි එයාලට ස්තුති කරන්න ඕනා. මේක මාර බිස්නස් එකක්. සල්ලි උල්පතක්. මෙයාට මාර බිස්නස් මොලයක් නේ තියෙන්නේ. (නදී)
සේනාව නොහිටින්න මෙලහකටත් අපිට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
කාංචන, ඔබට අපේ උපහාරය! කපටි චීවරදාරින්ව සසුනෙන් පන්නා දමමු. (නි)
බුදුසසුනට නිගාකරන්නන් ගැන තීරණයක් ගතයුතුයි (නි)
කව්රු මොන වංචා වැඩ කළත් බුදු සසුනේ කිසිම දෙයකට මොකුත් වෙන්නේ නැහැ. ඒකයි බුදු දහම කියන්නේ.(නදී)
කෝ සේනාව, කියලා හැම දේටම අහන්න එපා, එයාලට මීට වඩා වැදගත් රාජකාරි තියෙනවා. හැම රටේම ආචාර්ය උපාධි විකුනනවා නේ. අපේ ලොකු ලොක්කොත් ඒවා සල්ලි දීලා ගන්නවා නේ. (නදී)
සේනාව පන්සල් වල සිටින චීවරධාරීන් ගැන නිහඩ? (නි)
කාංචන , ඔබගේ පුවත් වාර්තා ඉතාමත් කාලෝචිත දේවල් . ඔබට සුභ පතමි . (නි)
කෝටියක් වන්දි ඉල්ලුවේ මොකටද දන්නෙ නැහැ (නි)
ආචාර ධර්ම වලට එකගව හරි දේ කිරීම නොබියව ඉදිරිපපත්වීම ගැන ඔබට ප්‍රණාමය (නි)
නියමියි නියමියි. දැන් ඒ පාර අධ්‍යාපනයත් විකිණාගෙන කනවාද? කව්ද මේවට වගකියන්නේ? (නි)
උපාධි දන්සැල් ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ? (නි)
කාංචන, ඔබ "පෑන" කඩුවට වඩා බලවත් බව නැවතත් ඔප්පු කලා. ඔබේ ප්‍රවෘත්ති මම බොහොම කැමැත්තෙන් කියවන්නේ. ලංකාදීපයටත් අපටත් ඔබ සම්පතක්. ඔබේ නිර්භීත ගමන් මගට මගේ සුබ පැතුම්!!! (නි)
එතකොට උපාධි කඩේ? ඒක තවම යහතින්ද? (නි)
බුදු සසුන රකින්න ඉන්න සමහර කට්ටියගේ වැඩ හින්දා අද මේ සසුන නැතිවේගෙන යනවා (නි)
දිනෙන් දින සිදුවන දේවලින් බුදු සසුන ගැන තිබෙන විශ්වාසය නැතිවෙමින් යනවා (නි)
හැමදාම තේරුමක් ඇති,වැඩක් ඇති,විවිධත්වයක් ඇති,පුවත් ගෙනෙන කොන්දක් ඇති දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස ගැන හරිම සතුටුයි.කරුණාකර වෙනත් අය වගේ දේශපාලකයන්ට බයේ,මුදලාලිගේ අරක්කු බෝතලයට යට නොවී නියම මාධ්‍යවේදියෙකු ලෙස සිටින්නට හැකිවේවා ! මගේ ප්‍රාර්ථනය එයයි (නි)
සත්‍ය නොබියව හෙලිකිරීම ගැන කාංචන කුමාර මාධ්‍යවේදියාට මගේ ප්‍රණාමය. (නි)
බුදු සසුන යනු සත්‍යයයි. සත්‍ය ජයගත යුතුමයි (නි)