( ඇන්ටන් විජේරත්න මහනුවර උසස් බාලිකා විදුහල )- මහනුවර සිට මඩවල හරහා දිගන හා තෙල්දෙණිය දක්වා ධාවනය කරන පෞද්ගලික බස් ගමනාන්තය දක්වා ධාවනය කිරීමට නියමිතය.
ධාවන කාලය ඉක්මවා වැඩි කාලයක් ගන්නා බැවින් මගී ජනතාව දැඩි අපහසුතාවයකට ලක්වී සිටි.
ඇතැම් රියදුරෝ ජංගම දුරකථන භාවිතා කරමින් ඊට පෙර හා පසුපසින් එන බස් රථ හා සංවාදයේ යෙදිමින් මෙලෙස වැඩි කාලයක් ගමන සඳහා වැය කරති.
විනාඩි 45 කින් අවසන් කළ යුතු නුවර මැණික්හින්න ගමනට පැය එකහමාර ගන්නා බව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය දන්නා නමුත් ඒ සඳහා පියවර නොගැනීම කනගාටුවට කරුණකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාට ගාට ඇවිත් කටුගස්තොටත් විනාඩි 10 ට වඩා නවත්තල තියෙනවා. පොලිසියෙන් හිටියත් වැඩක් නැහැ. මිනිසුන්ගේ කාලේ පාරටම ඉවරයි.(නදී)
රට කනවා. අපරාදේ අපේ කාලේ.(නදී)
කියල වැඩක් නැහැ. හැමදාම එහෙමයි. කටුගස්තොට , මඩවල ගොඩක් වෙලා නතර කරගෙන ඉන්නේ ,අපේ කලේ කනවා.(නදී)
අයියෝ මොනවහරි විසඳුමක් කවුරු හරි දෙන්න. පුදුම කාල නාස්තියක් මිනිසුන්ගේ. කවුරු හරි ඒ ගැන කතා කළොත් හොඳට කතා කරන්නත් ඒ කොන්දොස්තරලා දන්නවා. කවුරු හරි ඉක්මන් විසඳුමක් දෙන්න. කරුණාකරලා. (ස)
ලංකාව කවදාවත් හදන්නවත් බැරි රටක් . මහින්ද රාජපක්ඹ ජනපති තුමා ඇරුනකොට ඔක්කොම හොරු.(නදී)
හදිසිටය නුවර යන්න ගොඩක් මගින් බලන් එන්නේ මහියංගන උඩුදුම්බර බස් වල යන්න (දී)
දොළුව හරහා මහනුවර ගම්පොල (මාර්ග අංක 635) බස් ගැනත් කියන්න තියෙන්නේ ඔය කතන්දරේම තමයි. බලධාරින්ගේ ඇස ඇරේවා! (නි)
මේ ගැන නම් කියල වඩක් නැ. සී.ටී.බී. එකක් අවොත් පන එපා කියල යයි. නැත්නම් ටෙලිෆෝන් කනේ ගහගෙන ගාටනවා. කටුගස්තොට විනාඩි 10. මඩවල විනාඩි 15. අපි කොහොමද වැඩට යන්නේ එන්නේ. මිනිස්සුන්ගේ කාලේ කා දමන යක්කු. මිනිස්සුන්ගේ සාප කෙරිලි මේ බස් වලට හොඳට වදිනවා. මේකවත් තේරුම් අරගෙන ඉක්මනට ගියොත් හොඳය.පොලිසියෙන් නම් මහා ලොකුවට ඉන්නවා. පගාව දෙනවා ඇති .(දී)