IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහනුවර පිළිකා රෝහලට වෙරෝනා අතහිත

පාසල් සිසුන් අවදියේ සිට සමාජ සේවයට ලැදි මිතුරෝ පස් දෙනෙකි. වෙන්නප්පු නගරයේ ඈති නොයෙක් සමාජ සේවා ආයතන රැසක ඔවුහු ක්‍රියාකාරි සමාජිකයින් වුහ.

 පාසල් අධ්‍යාපනයට සමු දී තම තමන්ගේ ජිවිත සොයා යැමේදී මොවුන් එකිනෙකාගෙන් දුරස් විය. වසර 20කට පසු මෙම අපුරු මිතුරන් පස්දෙනා නැවත මුණ ගැසෙනුයේ ඉතාලියේ වෙරොනා නුවරදීය.

නැවතත් සමාජ සේවයට පිවිසීමට විමට ඔවුහු එහිදි කතිකාකර ගත්හ. වෙන්නප්පු මිත්‍රත්ව සුබසාධක සංගමය බිහි වනුයේ එහි ප්‍රතිපලයක් ලෙසිණි. මෙයට වසර තුනකට පෙර මිතුරන් පස් දෙනාගෙන් ඈරබි පෙන්නප්පු සුභසාධක සමිතියේ මේවනවිට සාමාජිකයෝ ගණන සියය ඉක්මවා සිටිති.

සාමාජිකයින් වැඩ් දෙනා කතොලික වුවත් ඔවුනට ජාති ආගම් බේද නොමෑත. පාසල් දෙවස්ථාන පාසල් රෝහල් අනාථ නිවාස රැසකට ඔවුන් මෙවන විට උදව්කර තිබේ. තවත් වටිනා සමාජ සත්කාරයකට අත ගෑසු වෙන්නප්පු සුභසාධක සංගමය ඒ වෙනුවෙන් පවත්වන සංගිත ප්‍රසංගයක් 13වෙනි සෙනසුරාදා සවස 6ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගණයේදී පැවැත්විමට නියමිතය.

මහනුවර මහා රෝහලේ ඉදිවන පිළිකා වාට්ටු සංකිර්ණයට මුදලින් උපකාර කිරිම මෙවර ඔවුන්ගේ අරමුණය. රොහල් බලධාරින්ගේ ලිඛිත අවසරය තම සංගමයට ලැබුණු බවත් ලැබෙන සෑම යුරෝවක් වැය වනුයේ ඒම පිලිකා වාට්ටු සංකිර්ණය ගොඩ නෑගිමට බවත් ඒ වෙනුවෙන් පවත්වන මෙම සංගිත ප්‍රසංගය රසවත් කිරිමට ක්‍රිස්ටෝපර් පෝල් පොඩි ජෝති වෑනි ජනප්‍රිය ගායකයින් සිකුරාදා වෙරෝනා නුවරට පැමිණෙන බවත් එම සංගමයේ සභාපති ඩික්සන් ප්‍රනාන්දු මහතා කියයි. පොලිස් ආරක්ෂාවද මෙම ප්‍රසංගය වෙනුවෙන් ලබාදී තිබේ.

 



අදහස් (0)

මහනුවර පිළිකා රෝහලට වෙරෝනා අතහිත

විරාජ් කාලිංග Thursday, 11 July 2013 09:13 PM

නොමිනිසුන් අතර මිනිසුන් ටිකක් කරන මේ උතුම් ක්‍රියාව හදවතින්ම අගයනවා (නි)

:       0       0

ක්ලෑරන්ස්-ඉතාලිය-මාරවිල Thursday, 11 July 2013 02:59 PM

මොකද මේ,වෙනදාට වෙන්නප්පුවෙ උදවියට මඩ අයගෙ ශබ්දයක් නෑත්තෙ. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 11 July 2013 04:15 PM

මෙම වෙන්නප්පු මිත්‍රයන්ගේ උත්සාහය හැමෝම අගය කළ යුතුය. මිලානෝ ඉන්න නුවර පුරවැසියනි, අඩුම තරමින් මෙම සංදර්ශනය නරඹන්නවත් යන්න. පිටිගල අයියා කියනවා වගේ බොන්න පමණක් සීමා වූ ආදී ශිෂ්‍ය සංගම් වලින් සමාජයට වැඩක් නැත. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 12 July 2013 04:26 AM

සුදිරගේ අදහස කියවන්න. මම ලියන්න ගියෙත් ඒකයි. (නි)

:       0       0

චන්දි Thursday, 11 July 2013 01:18 PM

හොද වැඩක් ජයෙන් ජයම" වේවා " චේතනාව හොද නිසා වැඩේ ජය වේවි සුබ ගමන් ඔයාල පස් දෙනාටම ජය නියතයි (අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 July 2013 01:22 PM

ඉතාමත් විශිෂ්ටයි සහෝදරයිනි. මම දන්නා පරිදි මිලානෝ නගරයේ නුවර පුද්ගලයන් රාශියක් ජීවත් වෙනවා. එක්තරා පාසලක නමින් ආදී ශිෂ්‍ය සංගමයක් පටන් ගෙන හැම රස්වීමකදීම බීලා ඉතිරිවන සොච්චමෙන් රගර් සපත්තු කුට්ටමක් හෝ ක්‍රිකට් බැට් එකක් පාසලට යවනවා හැරෙන්නට මෙවන් සත්කාරයක් ඔවුන් නුවරට කර නැත. වෙන්නප්පු සහෝදරයිනි ඔබලාට බොහෝ පින්! (අ)

:       0       0

සුදිර Thursday, 11 July 2013 01:27 PM

මේවට ආදාර දෙන්න එපා. මොකෝ ආදාර දුන්න කියල බජට් එකෙන් වෙන් කරන මුදල් අඩුවෙන්නේ නැහැ.අනික තමා ආදාර දීම හරහා වෙන්නේ කුසිත හොර තක්කඩි දෙපාලකයෝ සහ ඔවුන්ට කඩේ යන නිල දාරින්ට ගසාකෑමට උඩගෙඩි දීමක්.එමෙන්ම දුෂිත පාලකයන්ට කතිරේ ගහන අයට මෝඩ තීරණ විදවීම පහසු කිරීමක්.

:       0       0

නිලන්ත Friday, 12 July 2013 07:51 AM

සුදීර, නන්දන,ඔය දෙන්නම ඉස්කෝලේ ගිහින් නැහැ වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

පාලිත Thursday, 11 July 2013 01:43 PM

පින් සිද්ද වෙන වැඩක්

:       0       0

සුරංග. Thursday, 11 July 2013 06:14 PM

කොතරම් ලොකු පිනක් ද? ඔයාලට ජාති ජාතිත් මේ පින් අනුමෝදන් වෙන්න ඕනෑ (නි)

:       0       0

කෙවින් Thursday, 11 July 2013 01:44 PM

වෙන්නප්පුවේ ඉන්නේ හිත හොද මිනිස්සු. (දී)

:       0       0

ටෙනිසන් Thursday, 11 July 2013 02:01 PM

ආදර්ශමත් උපකාරයක්.මිතුරන් පස්දෙනා හා එකතුවූ සැමට නිදුක් නිරෝගී සුව හා දීර්ගායුස පතමි. (නි)

:       0       0

චන්දි Friday, 12 July 2013 10:32 AM

සුදිර,ඔයා වගේ අය ඉන්න තාක්කල්,මගේ රටට හරි යන්නේ නැහැ. හැමදේටම ආණ්ඩුවට කියවන්නේ නැතුව ඔය හම්බ කරන එකෙන් පිනක් දහමක් කරන්න බැරිනම් නිකන් කියවන්නේ නැතුව ඉන්න. මොකද ඔය යන අපායට අනෙක් අයවත් ගෙනියන්නද හදන්නේ...? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 453 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 971 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 629 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 969 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1409 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 586 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24812 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site