IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මහනුවර රෝහල තවත් වාර්තාවක් තියයි

කාන්තාවකගේ හිස් කබලෙහි අසාමාන්‍ය අස්ථි වර්ධනයකින්  මොළයේ පටලයකින් හටගත් ගෙඩියක්  සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට මහනුවර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු සමත් විය. මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩබ්ලිව්.ඩී. ලෙස්ලි සිරිවර්ධන මහතා මේ සැත්කම රෝහලේදී කෙළේය. පෞද්ගලික රෝහලක ඒ සැක්කමට අයකරන ගාස්තුව රුපියල් ලක්ෂ හත හමාරකි. හිස් කබලේ දකුණු පැත්තේ ඇති වූ වර්ධනයෙන් නළලේ කොටසක් ඉදිරියට නෙරා ඇවිත් තිබිණි. දකුණු ඇසට ද  වේදනාවක් ඇති විය. දෙදරු මවක වන ඇය වසර හතරක්ම දුක් වින්දාය. පල්ලේ බැද්දේ කේ.ජී. චන්ද්‍රාවතී (52) මහත්මියගේ සැමියා ද අසනීපයෙන් සිටියි. පැය අටක සැත්කමකින් පසු  දවසක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඇය දැන්  වාට්ටුවකට යවා ඇත.

සැත්කමට මුදල් සොයා ගැනීමට ටිකට් මුද්‍රණය කරන්නට සැරැසී සිටියදී දොස්තර සිරිවර්ධනට මේ පුවත සැලවිය. හිස් කබලෙන් ඉවත් කළ ඇට කැබැල්ල වෙනුවට සෙ.මී. 5 X 5 ක ටයිටේනියම් කැබැල්ලක් යොදා සැත්කම කැරිණි.  චන්ද්‍රවතී මහත්මියට පැවැසුයේ ඒ සඳහා අවශ්‍ය වූ ඇණ අටක් මිලට ගැනීමේ මුදල වූ රුපියල් 12000ක් පමණි ටයිටේනියම් යනු බර අඩු මළ නොබැඳෙන ඉතා සැහැල්ලු ලෝහයකි.

තම ගුරුවරයා වන විශේෂඥ ශල්‍ය වෛද්‍ය දොස්තර සුනිල් පෙරේරාගෙන් ලත් පුහුණුව දොස්තර සිරිවර්ධන සිහිපත් කරයි. අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සැත්කම සාර්ථකව නිම කළ බව ඔහු කියයි.



අදහස් (0)

මහනුවර රෝහල තවත් වාර්තාවක් තියයි

ජනක Monday, 18 February 2013 10:32 PM

ඔබට දළදා සමිදු පිහිටයි! (නි)

:       0       0

නලින්ද Monday, 18 February 2013 10:41 PM

වෛද්‍යතුමනි, ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා! (නි)

:       0       0

සිසිර Monday, 18 February 2013 10:41 PM

නියමයිනේ. (නි)

:       0       0

ශාන් Monday, 18 February 2013 10:59 PM

සාර්ථකව සැත්කම නිමකළ ඔබට අපේ ගෞරවය ! (නි)

:       0       0

අනුක Monday, 18 February 2013 11:23 PM

අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සාර්ථකව නිම කළ සැත්කම හදිසියේවත් වැරදුණා නම්? (නි)

:       0       0

පෙරේරා Monday, 18 February 2013 11:31 PM

ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

සමීර Tuesday, 19 February 2013 05:59 PM

ඔබට සුභ පතනවා..! (නු)

:       0       0

ලලිත්-කටාර් Tuesday, 19 February 2013 12:17 PM

ලක් මෑනියන්ට මිණි පහනක් වේවා! ඔබගේ දක්ෂකම් මොහොතින් මොහොත වැඩි දියුනු වේව!(නදී)

:       0       0

තිලකගේ Monday, 18 February 2013 11:49 PM

මිනිසුන් අතර ඔබ දෙවියෙකි. ඔබතුමාට දීර්ඝායු! (නි)

:       0       0

සුප්රා Monday, 18 February 2013 11:57 PM

ඔබතුමාට සහ උදවු කළ සියල්ලන්ටම ත්‍රිවිධ රත්නයේ සරණයි! (නි)

:       0       0

සමන් Tuesday, 19 February 2013 06:07 PM

මෙන්න මිහිපිට ජීවත්වන දෙවිවරු. වෛද්‍යතුමනි ඔබ නම් දෙවි කෙනෙක්.(නදී)

:       0       0

ධම්ම Tuesday, 19 February 2013 12:00 AM

දෙවියන් සරන්නෙත් අප අතරමය. වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන එවන් අයෙකි. (නි)

:       0       0

පිටිගල Tuesday, 19 February 2013 12:01 AM

ඔබ මතු බුදුවේවා! (නි)

:       0       0

දීපාල් Tuesday, 19 February 2013 12:17 AM

මෙවන් මහත්වරුන් තව බොහෝ ගණනක් අපේ රට තුළ ඉපදේවා! (නි)

:       0       0

ප්‍රභා Tuesday, 19 February 2013 12:24 AM

මෙන්න මේ අය තමයි ජීවකවරු කියන්නේ. (නි)

:       0       0

බන්දුල Tuesday, 19 February 2013 12:31 AM

මෙවන් වෛද්‍යවරුන්ට මල් තියලා වදින්න ඕනෑ. (නි)

:       0       0

සමන් Tuesday, 19 February 2013 12:51 AM

මෙන්න දෙවිවරු. (නි)

:       0       0

චන්දන Tuesday, 19 February 2013 12:50 AM

ඔබතුමාට මෙවැනි සැත්කම් තවත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

දේවමුණිගේ Tuesday, 19 February 2013 01:58 AM

දොස්තර මහතා බුදුවේවා! (නි)

:       0       0

අශෝක Tuesday, 19 February 2013 02:00 AM

ඔබට බුදු බව ලැබේවා! (නි)

:       0       0

අමරා Tuesday, 19 February 2013 04:21 AM

දෙවියන් වැනි මෙවන් වෛද්‍යවරුන් තව තවත් බිහිවේවා! (නි)

:       0       0

ප්‍රියන්කා Tuesday, 19 February 2013 12:56 PM

ඔබට ශක්තිය ධෙර්යය සහ දීර්ඝායුෂ ලැබේවා.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 February 2013 05:51 AM

හැදූ වැඩූ සැමටත්, ඔබටත් නිවන්දැකීමට මේ පින් හේතුවේවා!.(නදී)

:       0       0

විදානගේ Tuesday, 19 February 2013 05:53 AM

සිරිවර්ධන දොස්තර මහත්තයා, අපට ආඩම්බරයි. ඔබට ජය!(නදී)

:       0       0

මුදිත Tuesday, 19 February 2013 06:05 AM

වැඩේ දැනට හරි නිසා ජනමාධ්‍ය මෙම විශ්වකර්ම වැඩ වර්ණනා කරයි. වැඩේ වැරදී ලෙඩා මළා නම්? එවිට පත්තරේ මුල් පිටුවේ මෙවැනි හෙඩිමක් ලොකු අකුරෙන් පළ වනු ඇත. "නිසි පහසුකම් නොමැති ශල්‍යාගාරයක කරන්නට ගිය සැත්කම නිසා දොස්තර තවත් ජීවිතයක් බිලිගනී" අනුකම්පාව භූමි කම්පාව වන්නේ එවිටය..

:       0       0

ගයාන් Tuesday, 19 February 2013 01:04 PM

බොහෝ රෝහල්වල වෛද්‍යවරු තියෙන පහසුකමි යටතේ හොද සැත්කම් කරනවා. ඒවා අඩුම ගානේ සතියකට වරක් වත් මාධ්‍යෙය් පලවෙන්නේ නැහැ.(නදී)

:       0       0

නිරෝෂන් Tuesday, 19 February 2013 01:22 PM

වෛද්‍යාවරයා විශිෂ්ටයි, ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ හතක මුදලකට පෞද්ගලික රෝහලක කරන සැත්කමක් රජයේ රෝහලක එයින් අඩකින්වත් කරන්න හැකියාවක් නැද්ද? නැතිනම් පහසුකම් නැද්ද? කොහොම වුනත් මේ රටවල් එක්ක ගනිද්දි අපේ රජයේ වෛද්‍යසේවය විශිෂ්ටයි.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 20 February 2013 06:28 PM

වැඩේ හරි ගිය නිසා හොදයි. (නි)

:       0       0

පරාක්‍රම Tuesday, 19 February 2013 07:00 AM

ඔබ කළ විශිෂ්ට කාර්යයට ජය වේවා!(නදී)

:       0       0

දමිත් Tuesday, 19 February 2013 07:14 AM

වැරදි දේවල් කලාම ගල් වගේම හොද දේවල් කලාම මල් පුදන්නටත් ලංකාවේ මිනිස්සු ගුණයහපත්. ඔබ තුමා මෙළොවට බිහිකළ දෙමිවිපියන් ඇතුලු පවුලේ සැමටම තෙරුවන් සරණයි.(නදී)

:       0       0

දර්ශන Tuesday, 19 February 2013 07:21 AM

ඔබ වැනි උත්තම මිනිසත් දෙවිවරුන් දුප්පත් මිනිසුන් වෙනුවෙන් යළි යළිත් ඉපදේවා! (නි)

:       0       0

හර්ෂ Tuesday, 19 February 2013 01:54 PM

ඔවුන් දෙවි වරු (දී)

:       0       0

ඉෂාර Tuesday, 19 February 2013 07:53 AM

ජීවකයනි, මාගේ හද පිරි උත්තමාචාරය! (නි)

:       0       0

චූලා Tuesday, 19 February 2013 08:04 AM

වෛද්‍යතුමනි නියමයි!(නදී)

:       0       0

රිස්මි Tuesday, 19 February 2013 08:25 AM

මෙතුමාට මගේ හද පිරි උත්තමාචාරය. අති විශිෂ්ට කාර්යයක්.(නදී)

:       0       0

රාජපක්ෂ Tuesday, 19 February 2013 08:33 AM

ඉතා උසස් ක්‍රියාවක්. ඔබට ත්‍රිවිද රත්නයේ සරණයි.(නදී)

:       0       0

දර්ශන Tuesday, 19 February 2013 08:40 AM

ඔබතුමාට හද පිරි ස්තුතිය.(නදී)

:       0       0

සුගත් Tuesday, 19 February 2013 08:43 AM

ඔබ වෛද්‍යවරුන් අතර වීරයෙක්. (නි)

:       0       0

නිරාන් Tuesday, 19 February 2013 08:55 AM

ඔබ තුමාට ගොඩක් පින්. වැරදි වීම ස්වභාවිකයි. යම් අත්වැරැද්දක් සිදුවූ විට එයටත් සාධාරණ විනිස්චයක් දීමට අප නම්‍යශීලී විය යුතුයි.(නදී)

:       0       0

මුරුද්දෙනිය Tuesday, 19 February 2013 09:00 AM

ඔබනම් දෙවියෙක්.(නදී)

:       0       0

සදා Tuesday, 19 February 2013 08:59 AM

ඔබට පින්. තව දෙයක් මේ පිටුපස මෙතුමා වගේම තව වෛදයවරු ඉන්නවා. ඒ අයවත් අමතක කරන්න එපා. සල්ලි හඹා යන ලොවක ඔබලා ගුනවත්.(නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 19 February 2013 09:11 AM

මුදිත ඔබ හරි. ලෙඩ්ඩු දාහක් හොඳ කලත් එක ලෙඩෙක් මළොත් ඔක්කොම ඉවරයි . මිනිස්සු තමන්ට ලැබෙන තොරතුරු අධයනය නොකර කෙලින්ම නිගමන වලට එළඹෙනවා. මාතර අත කපපු එකේදී එක හරිගියා. පොල්ගෙඩි 8 කතාවේදී එක හරිකියන්න බෑ . එම් ආර් අයි කතාවේ සත්‍ය තවම හරියට දන්නා කෙනෙක් නැහැ. නමුත් පාඨකයෝ ඒවාට බැනලා අපහාස කරලා ඉවරයි .(නදී)

:       0       0

අතුල Tuesday, 19 February 2013 09:37 AM

සුභ පැතුම් ඩොක්ටර්! (නි)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 19 February 2013 09:40 AM

ඔබ වැන්නන් අගය කළ යුතුයි. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 19 February 2013 09:41 AM

උතුමාණෙනි, ඔබට පින්! (නි)

:       0       0

දෝහා Tuesday, 19 February 2013 09:43 AM

මෙවැනි දේවල් මුලු ලෝකය පුරාම ප්‍රසිද්ධ වියයුතුයි. (නි)

:       0       0

චම්න්ද Tuesday, 19 February 2013 10:14 AM

මෙතරම් දක්ෂ දොස්තරවරු සිටියදී අතක් කැපීම පුදුමයක් නේද? ඔබ තුමාට දිර්ගායු පතනවා.(නදී)

:       0       0

රකිත් Tuesday, 19 February 2013 10:19 AM

මේ වෛද්‍යතුමාට මගේ උපහාරය! හැබැයි, එතුමා පැවසු පරිදි "අවම පහසුකම් යටතේ ලොකු අවදානමක් දරමින් සැත්කම කිරීමට" සිදුවීම ගැන කණගාටුවෙමි. මන්ද, මෙවැනි අවස්ථාවලදී කෙරෙන සෑම සැත්කමක්ම සාර්ථක නොවන හෙයින්. බලධාරීන් මේ පිළිබඳව කටයුතු කරත්වා!(නදී)

:       0       0

ජයී තිසර Tuesday, 19 February 2013 03:42 PM

ශල්‍ය වෛද්‍යවරයානෙනි, අවශ්‍ය නිසි පහසුකම් නොමැතිව පවා මෙවැනි සැත්කමක් සාර්ථකව කිරීමට ඔබ දැරූ උත්සාහය සහ ඔබේ ධෛර්ය්‍ය ඉතාමත් අගය කරමි. මගේ ප්‍රණාමය සහ සුබ පැතුම්.(නදී)

:       0       0

දිසානායක Tuesday, 19 February 2013 10:47 AM

සුදල් පසුපස හඹා යන නාගරික වෛද්‍යවරුන්ට මෙය හොද ආදර්ශයක්. අපේ ගෞරවය ඔබට පිරි නමමි.(නදී)

:       0       0

කමල් Tuesday, 19 February 2013 10:51 AM

හොද වැඩක්. සියළු දෙනාට ප්‍රනාමය.(නදී)

:       0       0

සේනානායක Tuesday, 19 February 2013 10:50 AM

විශ්මිතයි (දී)

:       0       0

සුජීව Monday, 18 February 2013 09:28 PM

ඔබ නම් දෙවියෙක්. (නි)

:       0       0

කෝසල Monday, 18 February 2013 09:33 PM

පහුගිය දවස්වල, මාතර රෝහලේ වාර්ථාව තරම් ප්‍රසිද්ධ නැහැනේද? (නි)

:       0       0

රසාංග Monday, 18 February 2013 09:39 PM

දොස්තර මහත්තයාට මල් තියලා වදින්න ඕනෑ. (නි)

:       0       0

සරත් Monday, 18 February 2013 09:44 PM

ඔබවැන්නන් මතු බුදුවීමට පෙරුම් පුරන්නන් වියයුතුයි. (නි)

:       0       0

සරත් Monday, 18 February 2013 09:47 PM

ඔබටත්, රෝගියාටත් තෙරුවන් සරණයි! (නි)

:       0       0

හිල්ම් Tuesday, 19 February 2013 04:27 PM

ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය මේ දවස් වල හොද නරක අතරේ දෝලනය වෙනවා (දී)

:       0       0

කෝසල Monday, 18 February 2013 09:48 PM

මෙතුමාගේ අනාගත වෛද්‍ය දිවියට සුභ පැතුම්! (නි)

:       0       0

අරුණි Monday, 18 February 2013 09:47 PM

ඔබට දෙවි පිහිටයි වෛද්‍යතුමනි. (නි)

:       0       0

ඉනායතූල්ලා Tuesday, 19 February 2013 11:33 AM

ගරු දොස්තර මහතා වෙත ඔඹ තුමාට සහ ඔඹේ සහකාර මණ්ඩලයට දෙවි පිහිට ලෙබෙවා යි ප්‍රර්ථනා කරමි (දී)

:       0       0

රොෂාන් Monday, 18 February 2013 10:01 PM

ඔබට යහපතක්ම වේවා! (නි)

:       0       0

සුරේස් Monday, 18 February 2013 10:13 PM

වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද - දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත... (නි)

:       0       0

ගාමිණී Monday, 18 February 2013 10:13 PM

මේ දොස්තර මහතාට අපේ කට්ටිය ලෙඩක් නොදැම්මොත් බොහොම පින්. (නි)

:       0       0

මොහොමඩ් Monday, 18 February 2013 10:16 PM

ඔබ කළ විශිෂ්ට කාර්යයට ස්තූතියි! (නි)

:       0       0

හේරත් Monday, 18 February 2013 10:20 PM

මෙන්න වෙදැදුරුතුමාට මල් මිටක්. (නි)

:       0       0

විජිත් Monday, 18 February 2013 10:23 PM

මෙවැනි සිදුවීම් ගැන අහද්දී හිතෙනවා මනුෂ්‍යත්වයේ ජීවකයින් තවමත් අප අතර ඉන්නවා කියලා. (නි)

:       0       0

අරුණ Monday, 18 February 2013 10:31 PM

විශ්වකර්ම වෙදැදුරන් සිටියත් ලක් දෙරණේ දහසින් බැදි පියලි නැතුවා සිත් ‍සතොසේ දනු දිනු විකුම් ගැයෙනා හඩ සිත් අඩියේ දිනු ලක්මවුන් පුතුන් අගයමි නිබදව‍නේ... (නි)

:       0       0

බන්දුල Tuesday, 19 February 2013 12:03 PM

රාජ්‍ය වෛද්‍ය සේවය සැමදා දිනේවා ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 84 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 494 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 1041 3

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 937 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 149 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 939 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38856 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25498 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site