IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ දස වසරක් හිරේ

මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා වැරැදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා සිර දඬුවම්, වන්දි හා දඩ නියම කළේය. 2002 පෙබරවාරි 1 හා මැයි 20 අතරදී ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම හා ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදිකරුවෝ වූහ. මේ සිද්ධියෙන් අඹන්වලගේ ඇසක් ද අහිමි විය. හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහ, ප‍්‍රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහට බරපතල වැඩ සහිතව දස වසර බැඟින් සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩද නියම විය. මේ අනුව දෙදෙනකුට දඩ වසර බැඟින් ද, පස් දෙනකුට වසර 30 බැගින් ද සිරදඬුවම් නියම විය. ඇසිඩ් ගැසූ ව්‍යාපාරික මොහොමඩ් රාපික් මොහොමඞ් රියාස් 3, 4, 5 සහ චෝදනාවලට වැරදිකරු විය. ඔහු එක් චෝදනාකට අවුරුදු 20 බැගින් අවුරුදු 80 සිරදඬුවම් නියමවිය. එහෙත් එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදී විසි වසරින් ගෙවී යයි.   එක් වරදකට රුපියල් රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ අටක දඩයක් ද නියම විය. දඩ නොගෙවන්නේ නම් අවුරුදු දෙක බැඟින් අවුරුදු අටකින් සිර දඬුවම දික්වෙයි. මීට අමතරව  ලලිත් අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50 ක වන්දි ගෙවන ලෙස මොහොමඩ් රාසික් මොහොමඩ් රියාස්ට නියෝග කළ විනිසුරු වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව වසර අවුරුදු තුනක් ඒ වෙනුවෙන් ගෙවීමට නියම විය. හුසේන් සෙයියදු මොහොමඩ් සාපිට 7 වැනි සහ 8 වැනි චෝදනා වලට වැරදිකරු කරමින් අවුරුද් 20 බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ දෙක බැඟින් දඩ ද නියම විය. එම දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් වසර හතරක සිර දඬුවම් ගෙවීමට සිදුවෙයි. ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නිව්ෆර්, එම්.ජේ. මොහොමඩ් රියාල් ඉස්රූම් රාමන් දෙ වැනි චෝදනාවන්ට වැරදිකරු කරමින් වසර 20 සිර දඬුවම් ද, රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම විය. දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ගෙවීමට සිදුවේ. මොහොමඩ් හනිපා මොහොමඞ් ඉමිටියාස්ට දෙවැනි වැනි ‍චෝදනාවට සහ හත්වැනි චෝදනාවට වැරදිකරු විය. එක්  චෝදනාවකට වසර විස්ස බැඟින් වසර  හතළිහක  බරපතල වැඩ සහිතව සිරදඬුවම විසි වසරකින් ගෙවි යන පරිදී නියම කෙළේය.  එක් චෝදනාවකට ලක්ෂ දෙක බැඟින් ලක්ෂ හතරක දඩ ද  දඩ නොගෙවන්නේ නම් අවුරුද හතරක  සිරදඬුවමක් ද නියම විය. අඹන්වලට ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම, ඇසිඩ් ගසා මරණයට පත් කිරීමට තැත් කිරීම ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදි කරුවෝ වූහ. 3, 4, 5, 6, 7 විත්තිකරුවනට ඉහත දඬුවම් වලට අමතරව පළමු චෝදනාව යටතේ වසර 10 බැගින් වූ සිර දඬුවම් ද සහ එම චෝදනාවට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ද  නියම කෙළේය. රජයේ මුදල් ද යහ පාලනය ද රැක දීමට ගොස් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ  තමාට යුක්තිය ඉටුවීම ගැන සතුටු වන බවත් එක ඇසක් පමණක් හිමි  තමා ඉදිරියේදී රාජකාරී කරන බවත් ඒ ඇස ඇස් හයකට සමාන බවත් නඩු තීන්දුවෙන් පසුව අඹන්වල මහතා මාධ්‍ය අමතමින් කීවේය.



අදහස් (0)

මහනුවර හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ දස වසරක් හිරේ

වරුණ Wednesday, 24 October 2012 01:45 PM

අනෙත් අයටත් මේ විදියට යුක්තිය ඉෂ්ට වෙනවනම් හොඳයි. (ස)

:       0       0

ඒ.එම්.ආර්.අමරකෝන් Wednesday, 24 October 2012 01:56 PM

රජයේ නිලධාරීන් විශ්වාසයි. (ස)

:       0       0

කළුආරච්චි Wednesday, 24 October 2012 01:46 PM

දඬුවම බරපතල මදි. මීට වැඩිය දඬුවමක් දෙන්න ඕනේ. (ස)

:       0       0

සේනානායක Wednesday, 24 October 2012 01:48 PM

කළ අපරාධයට ඔය මදියි. රටේ සමාජයට යහපතක් කළ මනුස්සයාට කළදේට අවීචි නිරයේ පැසවනවා වගේ විදවපල්ලා. (ස)

:       0       0

කුමාර Wednesday, 24 October 2012 07:12 PM

කාඩ්බෝඩ් වීරයන් අතර මෙතුමා මහජන මුදල් සොරකමට එරෙහි වූ නියම ජාතික වීරයෙක්. (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 24 October 2012 02:02 PM

වෛරය , ක්‍රෝධය හා ද්වේෂය නමැති මාරයින් පැරදවීමට ශක්තිය ඇති සිත් ලැබීමට අප පින්වත් විය යුතුයි. එවන් මිනිසුන් ලොව ඇත්තේ අල්ප වශයෙනි. (ස)

:       0       0

හිල්මි Wednesday, 24 October 2012 07:25 PM

කවුද මේ හොරා? පළමුවැනි විත්තිකරු මොහු නම් යවන්න කෙළින්ම එල්ලුම් ගහට. (නි)

:       0       0

සූරිය Thursday, 25 October 2012 09:59 AM

නියම දඩුවම ...නියම තීන්දුව (ස)

:       0       0

නාපාවල කටාර් Wednesday, 24 October 2012 02:02 PM

අසිඩ් ගැසීමට හේතුව කුමක්ද ? කෙසේවෙතත් දඩුවම මදි . (ස)

:       0       0

ලලිත් Wednesday, 24 October 2012 02:10 PM

බලන්න අඹන්වෙල මහත්තයා දිහා. මේ විදියට මිනිසුන්ට වද දෙන අය මිනිසුන් නෙවෙයි.නීතියෙන් දඞුවම් ලැබුණා.ඒත් ස්වභාව ධර්මයෙන් ලැබෙන දඞුවම මීට වඩා දරුණු බව හිතාගත්තොත් හොඳයි. (ස)

:       0       0

අශෝක Wednesday, 24 October 2012 02:27 PM

මොනවා වුණත් අඹන්වෙල මහත්තයට නැතිවුණ දේවල් හම්බ වුණේ නැනේ.....පව්.... (ස)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 02:44 PM

මරණ දඩුවම දිය යුතුයි (ස)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 02:44 PM

සියලු වැරදි කරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුයි (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 24 October 2012 02:53 PM

මහජන මුදල් කෝටි ගණන් ගිලදමපු අයට මේ රටේ දෙන සැප සිහිවන විට, රජයේ දේවල් ආරක්ෂා කිරීමට ගොස් ඇසිඩ් පහර කා අනන්ත දුක් ගැහැට විඳි මේ එඩිතර රාජ්‍ය සේවකයාට සාධාරණය ඉටු වීමට ගත වූ කාලය ගැන සෑහීමකට පත් විය නොහැක. (නි)

:       0       0

සම්පත් Wednesday, 24 October 2012 03:14 PM

ශ්‍රේෂ්ඨ තීණ්දුවක්. මේ විනිසුරුතුමා‍ගෙන් වැරදිකරුවන්ට කවදාවත් කිසිම සමාවක් නැහැ. (නි)

:       0       0

මොහොමඩ් Wednesday, 24 October 2012 03:08 PM

මෙයාලටයි ඇසිඩ් ගහන්න ඕනි (ස)

:       0       0

ජයම්පති Wednesday, 24 October 2012 03:11 PM

මෙම විත්තිකරුවන්ට දී ඇති දඩුවම ඉතා ලිහිල් බව මම සිතමි. (නි)

:       0       0

වාසල Wednesday, 24 October 2012 03:13 PM

විශිෂ්ට රාජ්‍යසේවයක් කරද්දී සේවකයන්ට වෙන අසාධාරණකම් වලදී අධිකරණය ගන්නා වූ නිර්භීත වූ තිණ්දු වලින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය වැඩිකරන්න පුලුවන්. (නි)

:       0       0

සදුනි Wednesday, 24 October 2012 09:01 PM

අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

ගිහාන් Wednesday, 24 October 2012 03:24 PM

දැන් ඉතින් ඊලඟට ඇපෑලක් යාවි, ඒකෙන් මොනව වෙයිද කියල තමයි බලන්න වෙන්නෙ. (ස)

:       0       0

පාලිත් Thursday, 25 October 2012 11:15 AM

මේ වගේ අයට මෙහෙම දඩුවම් දීලා මදී (ස)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 24 October 2012 03:25 PM

දුන් තීන්දුව නම් නියමයි (ස)

:       0       0

ධනුෂ්ක Wednesday, 24 October 2012 03:16 PM

මට හිතෙන්නෙත් දඬුවම බරපතල මදි. මේ විදිහටම රජයේ නිලධාරී හොරු ටිකකටත් සොයල දඬුවම් දෙන්න තිබුනානම්..... (ස)

:       0       0

උපාලි Wednesday, 24 October 2012 09:14 PM

වැරදිකරුවන්ට දුන් දඩුවම අනෙක් අයටත් හොද පාඩමක් වේවි (නි)

:       0       0

සරා Wednesday, 24 October 2012 03:30 PM

ඔබතුමාට නීරෝගී සුවය පතමු. (නි)

:       0       0

රිස්වි Wednesday, 24 October 2012 03:24 PM

හොඳ තීන්දුවක් (ස)

:       0       0

ශාන්ත Wednesday, 24 October 2012 09:36 PM

සාධාරණ යුක්ති සහගත තීන්දුවක්. ලංකාවට හිරු උදාවුණ සුන්දර දවසක්. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 24 October 2012 03:36 PM

ඇසිඩ් ගහපු අයට දුන්නු දඩුවම මදි. එල්ලන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ෂෙරීෆ් Wednesday, 24 October 2012 09:59 PM

වසර දහයකට පසුව හෝ සාධාරණ තීන්දුවක් ලැබීම පිළිබදව අධිකරණයට ගරුකරමු. (නි)

:       0       0

කුමාර Thursday, 25 October 2012 11:52 AM

අපේ ලංකාවෙත් සාධාරණ නඩු තීණ්දුවක් .............අහන්න ලැබීම සතුටක් (ස)

:       0       0

නිහාල් Wednesday, 24 October 2012 10:12 PM

අපරාධකරුවන්ගේ පරම්පරා වලටද හොදක් නොවිය යුතුයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 24 October 2012 03:57 PM

මරණ දඩුවම දෙන්න තිබුණා (ස)

:       0       0

පිටිගල Wednesday, 24 October 2012 03:59 PM

තීන්දුවට හා අධිකරණයට මාගේ ප්‍රණාමය (ස)

:       0       0

සනත්බුද්ධි Thursday, 25 October 2012 12:35 PM

අපේ රටේ මේවාගෙ ඇසිඩ් ගැසීම් නිතර නිතරම සිද්ධවෙනවා. බොහෝදෙනෙක් දන්නෙ නැහැ මේ වෙලාවෙ කරන්න තියෙන මුල් පියවර. කලුතර කෑගල්ල රත්නපුර වගේ රබර් කිරි කර්මාන්තය කරන දිස්තික්කවල රෝහල්වලට දවසට අඩුමගානෙ එක්කෙනෙක්වත් ඇසිඩ් ගහල එනවා. මේ රෝගීන් ඉස්සරවෙලාම කරන්න ඔනේ අඩුමගානෙ පැයක්වත් වතුරෙ ගිලිල නාන එක. ඒකෙන් ඇසිඩ් වලින් වෙන හානිය සීයට අනූවක් අඩුවෙනවා. ඊට පස්සෙ රෝහලට ඇවිල්ලා බෙහෙත් ලබාගන්න පුලුවන්. (දී)

:       0       0

හෙට්ටිආරච්චි Wednesday, 24 October 2012 11:07 PM

මේක තමයි ලෝකයේ තියෙන ඉහළම හොද මිනිස් කොට්ඨාශය වසන ධර්මද්වීපය. (නි)

:       0       0

විමුක්ති Wednesday, 24 October 2012 04:05 PM

ඇයි මිනිසු‍නේ මේ තිරිසන් ගති? මිනිසුන් වශයෙන් ඉපදු‍නේ ගිය ආත්මෙ පින් කළ නිසා නේද? (නි)

:       0       0

බොනී Wednesday, 24 October 2012 04:26 PM

වැරදි කරන අයගේ පවුල් පිටින් උල තියන්න ඕනි (ස)

:       0       0

අනිල් Wednesday, 24 October 2012 04:28 PM

වැරදි කර සැමදා සැගවිය නොහැක (නි)

:       0       0

සුමනා Wednesday, 24 October 2012 04:39 PM

මේ කට්ටියට කොහොමහරි සමාවක් අරන් දෙන්න අපේ දේශප්‍රේමී ඇමතිකෙනෙක් මැදිහත් වේවිද? (නි)

:       0       0

ශාෆික් Wednesday, 24 October 2012 04:42 PM

නියම දඩුවම (ස)

:       0       0

චමිලා Thursday, 25 October 2012 01:34 AM

මහාධිකරණ විනිසුරු මහතාණනි, අපරාධකරුවන්ට නියම දඩුවම් ලැබීම ගැන ඔබතුමාට ස්තූති කරමු. විය යුතු දේ එයයි. (නි)

:       0       0

පුබුදු Wednesday, 24 October 2012 05:06 PM

ආපහු කට්ටියක් පෙළපාළි යයිද? (නි)

:       0       0

කුමාර Wednesday, 24 October 2012 04:59 PM

දඩුවම නම් මදි. සියලු වැරදිකරුවන්ට ඇසිඩ් ගැසිය යුතුයි. (නි)

:       0       0

ජර්මනියේ සිට ලාලිත්යා Wednesday, 24 October 2012 05:05 PM

විනිසුරුතුමාණෙනි, ඔබට ප්‍රණාමය! මම ද එවකට රාජ්‍ය සෙවයේ නිලදාරිනියක්. හරිම කණගාටුදායක සිදුවීමක් මෙසේ නිම කළාට ස්තුතියි. (නි)

:       0       0

ප්‍රීනා Wednesday, 24 October 2012 05:16 PM

ලලිත් අඹන්වෙල මහතාට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

මාලක Thursday, 25 October 2012 01:44 PM

ඕකනේ කර ගන්න ඕන උනේ

:       0       0

මංජු Thursday, 25 October 2012 01:56 PM

නියමයි . නියම තීන්දුවක් අරන් තියෙන්නේ .අධිකරණය දැන් ස්වාධීන වෙලා. ඒ ගැන සතුටුයි (ස)

:       0       0

සුමිත් Thursday, 25 October 2012 05:44 AM

කරුණාකර නැවත මෙම සමාජයට ඔවුන් එවන්න එපා. (නි)

:       0       0

වරුණ Thursday, 25 October 2012 06:47 AM

මේ වගේ නඩුවක් විශේෂ ඕඩරයක් විදියට ගන්න බැරිද? තීන්දුව හොද වුණත් ගත්ත කාලය වැඩියි. (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 October 2012 05:48 PM

මෙවැනි අයට මරණ දඞුවම ක්‍රියාත්මක කරනවානම් හොඳයි. විනිසුරු උතුමාණෙනි, ඔබට ජාතියේ ප්‍රණාමය!!! (ස)

:       0       0

අරුණ Wednesday, 24 October 2012 06:03 PM

විනිසුරුතුමාට අපේ උපහාරය! මරණ දඩුවම දුන්නා නම් හොදයි. (නි)

:       0       0

තනුජා Wednesday, 24 October 2012 01:22 PM

වසර දහයකට පස්සේ, මොකටද මේ සල්ලි සහ දඩුවම්, ඇස්දෙකත් අන්ධ උනා නේද ඒ අහිංසක මනුස්සයාගේ, අපේ රටේ අසත්පුරුෂ මනුස්සයෝ (ස)

:       0       0

දුමිත් Wednesday, 24 October 2012 06:14 PM

මේ දඬුවමත් මදි.ඇහැක් නැතිවුණාට පස්සේ ඒ මනුස්සයා මොනතරම් වදයක් විඳිනවා ඇත්ද? ඇස් දෙකම පෙනීලත් ජීවත්වෙන්න බැරි ‍එකේ, තනි ඇහැකින් කොහොමද ජීවත්වෙන්නේ.(ස)

:       0       0

රුෂ්ඩි Wednesday, 24 October 2012 01:26 PM

ඉතා හොඳ තීන්දුවක්, නඩුකාර තුමාට අපේ ප්‍රණාමය. වන්දිය අඹන්වල මහත්තයාට ලැබුණානම් හොඳයි. (ස)

:       0       0

ප්‍රියා Thursday, 25 October 2012 08:44 AM

මහාධිකරණයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

දයා සෞදි Wednesday, 24 October 2012 01:27 PM

මහාධිකරණ විනිසුරු මහතාණනි, අපරාධකරුවන්ට නියම දඩුවම් ලැබීම ගැන ඔබතුමාට ස්තූති කරමු. විය යුතු දේ එයයි. (ස)

:       0       0

මොහොමඩ් Wednesday, 24 October 2012 06:14 PM

මේක ඇවිත් තමන්ගේ වැඩේ අවංකව කරන්න ගිය නිසා තමයි අබන්වල මහත්මයාට ඇසිඩ් පහරක් කන්න වුණේ.මේ රටේ සමහර ජරාව කන රාජ්‍ය සේවකයන්ට මෙතුමා ආදර්ශයක්.නමුත් මට නම් හිතෙන්නේ මේ දීලා තියෙන දඩුවම චූදිතයන්ගේ ඇගට දැනෙනවා මදි කියලා.දඩුවම තවත් වැඩි කළ යුතුයි. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 24 October 2012 01:27 PM

කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ (ස)

:       0       0

වීරසිංහ Thursday, 25 October 2012 08:53 AM

අඹන්වෙල යනු වීරයෙකි. අපි උසාවි තීරණයට ගරු කරමු. (නි)

:       0       0

නිරාන් Wednesday, 24 October 2012 01:37 PM

සැමටම සාධාරණ තීන්දුවක් ලැබෙන්නට ඇත. ඒ සඳහා කාලයක් ගතවීම සාධාරණයි.

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 October 2012 01:34 PM

මිනිස්සු මිනිස්සුන්ටම මේ වගේ දේවල් කරන්නේ ඇයි (ස)

:       0       0

සම්පත් Thursday, 25 October 2012 08:58 AM

කරුණාකර නැවත මෙම සමාජයට ඔවුන් එවන්න එපා (ස)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 October 2012 01:45 PM

ඇත්තටම හිරේ දානවද ?නැත්නම් මාස තුනෙන් ආපසු ගෙදර ද ? (ස)

:       0       0

දමිත් Wednesday, 24 October 2012 01:46 PM

ඕවටනම් කිසිම සමාවක් දෙන්න එපා අවුරුදු 50 ට 60 ට හිරේ දාන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 284 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1007 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 205 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1028 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 402 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1045 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site