මහ මග දමා යන වැඩිහිටියන් රජයේ වැඩිහිටි නිවාසවලට යවා ඔවුන් සතු දේපළ රාජසන්තක කළ හැකි නීති සකස් කළ යුතු බව ඇමැති එස්.බී.දිසානායක කියයි.
බොහෝ විට දූ දරුවන් විසින් වැඩිහිටියන් මහ මඟ දමා යෑමේ අවස්ථා ඇතියි කියති.
මහ මඟ දමා ගොස් වැඩිහිටි නිවාසයන්හි භාරකාරීත්වයට පත්වීමෙන් පසු එම නිවාස වලදී මියයන වැඩිහිටියන්ගේ දේපොලවලට පසුව ඔවුන්ගේ ඥාතීන් හිමිකම් කීමට පැමිණීම නිසා සමාජසේවා දෙපාර්තමේන්තුවට ගැටලු රාශියක් ඇතිවී තිබෙන බව අනාවරණය වීමෙන් මෙවැනි පියවරක් ගත යුතු බවට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්වූ පළාත් සමාජසේවා ඇමැතිවරුන්ගේ සමුළුවකදී ඇමැතිවරයා යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීපා, ඔයා කියන එක අපේ ඥාති අක්කා කෙනෙකුත් කළා. වයසක අම්මට කුණුහරපෙන් බැනලා ඉඩමක සහ පාරක් ලියවා ගත්තා. ඔයා ලියපු එක දැක්කමයි මට හිත්නේ මේක මේ සමහර අම්මන්ඩිලා හිතා මතාම වයසක අයට කරදර කරලා කරලා ඒ අයට ඉවසන්න බැරිම ලියලා දෙන නිසා කරන හිතා මතා කරන වැඩක්. වයසක අයට බනින අයට නම් දැඩි දඩුවම් දිය යුතුයි.(බ)
එතකොට එහෙම දමායන වැඩිහිටියන් දරුවන්ට දේපළ පවරා තිබුනොත්? (නි)
භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරන්න ගියාම , සාරදර්ම පිරිහෙනවා (බ)
දේපොළ තියන අයනම් පාරට දාන්නේ නෑ. පාරට දාන්නෙ දේපොළ ලියල දුන්නට පස්සේ. (බ)
අසරණ දෙමාපියන්ට අද දරුවන් සලකන හැටි දැක්කම. මේ ශ්‍රී ලංකාවේ මිනිසුන් මෙපමණ කාලයක් ජීවත් වූණේ ගෝත්‍රික කොටසක් අතරේද කියල පුදුම හිතෙනවා.? අපේ කාලේ කිරිඅම්මා කිරිඅත්තට ගෙදර තියෙන ඉස්තරම්ම පුටුව ඇද පිළියෙළ කරලා දෙන්නේ .ඉදගන්න නිදාගන්න , අපි අසුනක ඉදගන්නේ නැහැ වැඩිහිටියන් බිමක ඉදන් ඉන්නවානම්.? තවමත් අපි ළඟ ඒ ගති ගුණ .තියෙනවා .ලංකාවේ මිනිස්සු දැන් වයසක ආත්තම්මා කෙනෙකුට තනියෙන් නිවසක ජීවත් වෙන්න දෙන්නේ නැහැ.මරල දුෂණය කරලා යනවා .මේ වට නීතියත් තදින් තියෙන්න ඕනේ? රටක මිනිසුන්ගේ ගුණධර්ම පිරිහුනාම එක පෙනෙන්නේ නැහැ රට ඇතුලේ ජීවත්වෙන මිනිසුන්ට.පිටින් ඉදන් බලන මිනිහටයි එක පෙනෙන්නේ .? අනික මුදලින් රටක් පෝෂණය කරලා වැඩක් නැහැ ඒ රටේ සදාචාර ධර්මයන් පිරිහුණ තැන .පැවැත්මක් නැහැ.ධනය බලය.ඒවා තාවකාලික දේවල් .මිනිස් ගුණ දර්ම සදාචාරයන් .ඒ රටක මිනිස් සමුහයක පෞරුෂත්වය ගොඩනංවන මහා බලගතු දෙයක් ..? වැඩිහිටි ගරුත්වයෙන් මුල පුරන්න ..තමන්ගේ දරුවන් හරිතැන යොමුකරන්න සාම වැඩිහිටියෙකුම වග බලාගන්න ..? එකාව දොස්තර කෙනෙක් , ලෝයර් කෙනෙක් , ඉංජිනේරුවෙක් , කරන්න කලින් ..මුල අඩිතාලම නිවසින් තම පවුලෙන් ..දෙමාපිය සෙනෙහසින් ..ගුණ ධර්ම වලට යොමුකරන්න ..ඒ තැනින් ප්රත්යක්ෂව සදා කාලික ගුණවත් නැණවත් ප්‍රගතියක් ලබාගත හැක..? (අ)
ගෙදර අය එක්ක රණ්ඩු වෙලා ගිහින් අනියම් භාර්යාවන් එක්ක ඉන්න තාත්තලට අන්තිමට මොනවා වෙයිද? දේපල රාජසන්තක කරනවා කියපු නිසා ඇහුවේ. (අ)
මහ මග දමා යන විතරක් නෙමෙයි වැඩිහිටියන්ට බනින ගහන දරුවො ලේලියො ්මේ සියල්ලන්වට දැඩි දඩුවම් දිය යුතුයි.මෙවැනි අය නිසා තමයි සමාජය කුරුවල් වෙලා තියෙන්නේ. මේහෙම කරන අය ඒවා කරන්නේ පොඩි දරුවන්ටත් පේන්න. එතකොට ඒ අයත් ලොකු වෙලා ඒ දේම කරනවා. නිති මගින්, දඩුවම් මගින් බය කරලා හරි වැඩිහිටියන්ට හිරිහැර නොකරන සමාජයක් හැදිය යුතුයි. (බ)
අපේ අල්ලපු ගෙදර ඉන්න මහා වංසක්කාර දොනියැන්දා ඇයගේ දරුවන්ද ඉදිරියේ අසළ නිවසක වෙසෙන ඇයගේ මවට කෑගහන්නේ “ මහ අම්මන්ඩි, ඕකි, “ සහ තවත් කිව නොහැකි වචන වලින්. අපිට ඇස් වලින් කදුලු එනවා ඒවා ඇහෙනකොට.(බ)
අසරණ දෙමවිපියන්ට නොසළකන, බනින, හිරිහැර කරන දරුවන්ට සහ ලේලියන්ට හෙනහත ගහන්න කියලා මම හැමදාම උදේ සවස පතනවා. (බ)
වයසක අයට බනින, දරුවන්ට බනින ගහන අවස්ථා දැක්කොත් ඒවා රෙකොඩ් කර පොලිසියට භාර දෙන්න. වයසක අයට බැනලා මානසික පිඩනයට පත් කිරිම දඩුවම් ලැබිය හැකි, කිසිදා රැකියාවෙන් උස්සවිම් ලබාගත නොහැකි දඩුවමක් බවට පත් කරන්න.(බ)
අජිත්, ප්‍රාණ භුක්තිය තියාගෙන දේපොළ දරුවන්ට ලියලා දුන්නම අලුත එන ලේලිය ටික දවසක් යනකොට සැමියට ඇවිටිලි කරනවා සම්පූර්නයෙන් ලියවා ගන්න කියලා. ඒක බැරි වුනහම තමයි කැත විදියට අම්මලාට බනින්න පටන් ගන්නේ. අනික ප්‍රාණ භුක්තිය තිබුනත් වයසක අය නැවත ඕවා ගන්න නඩු දාන්න යන්නෙ නැති බව කට්ට ලේලියෝ දන්නවා. (බ)
රජයේ රැකියාවක් කරන ගමේ සමාදාන විනිසුරු පදවියක් ඇති දුවෙක් ඉන්නවා. එයා එයාගෙ 80 මවට බනින්නේ අහගෙන ඉන්න බැරි තරම් නරක විදියට. දේපොල ලියාගෙන , දරුවොත් බලවගෙන දැන් වයසක අයගෙන් වැඩක් නැති නිසා අවසාන භාගයේ බලන්න වෙයි කියලා බයට වෙන සහෝදරියන් ගාවට මවව යවන්න හිතේ තියාගෙන අර අම්මට බනිනවා (බ)
කාලෙකින් ඉතා වැදගත් කර්තව්‍යක් ගැන ඇමතිතුමා යමක් කිව්වා .ඒ වගේම බලන් ඉන්නැතුව ඉක්මනට ක්‍රියාත්මක කරන්න. (ම)
අපේ කාර්යාලයේ ඉන්න මැදිවියේ අම්මන්ඩියෙක් එයාගෙ මහළු මවට බැනපු හැටි රස කර රක කියනවා කෑම වෙලාවෙදි යෙහෙලියන්ට. එයා කියනවා තව ටික දවසකින් ඉඩම ලියලා දෙයිලු එයාට අම්මා (බ)
හොද දෙයක් කරන්න. ඒ විතරක් නෙමෙයි දෙමාපියන්ට නොසලකා හරින බල පුතාගේ ලේලිටත් යම් අවවාදයක් හෝ කුමක් හෝ දෙයක් කිරීමට හැකි නම් හොදයි. දේපල ටික අයිති වෙනකල් වත් සලකන්නේ නැහැ (බ)
මනුස්සකම ...රැකගන්න , ඉගෙන ගත්තානම් හොඳයි නේද ..(බ)
මේ රටේ වැඩිහිටි නිවාස වලට ගෙවීමට ඔවුන්ගේ වත්කම් මදි නම් දරුවන් හෝ මුනුපුරන්ගෙන් එම මාසික ගෙවීම අය කරගන්ටත් නීති සකසා තියෙනවා. ගැලවෙන්ට බැහැ.(බ)
අසරන වයසක දෙමව්පියන්ට බනින එක නිති මාර්ගයෙන් නැවැත්විය යුතුයි. මේක හරිම වදයක් ඒ අයට. සැනසිමේ මැරෙන්නවත් ඉඩක් දෙන්නෙ නැහැ සමහර දරුවන් සහ බහුතර ලේලියන් (හේ)
ඔය නීතියත් එක්කම එහෙම සලකන ළමයින්ට ලොකු දඩ මුදලක් ගෙවන්න හදන්න. නැත්තන් හැමෝම පාරට ගෙනත් දාන්න පටන්ගනී. (බ)
මේක රජයට ආදායම් මාර්ගයක් කර නොගෙන නොසලකා හරින ලද වැඩිහිටියන්ගේම සුභ සාධනයට මේ දේපොළ විකුණා ලැබෙන මුදල් යොදා ගත යුතුයි .(හේ)
මේවා තමයි වැඩ.(හේ)
අදහස හොදයි ඒත් වැඩක් නෑ (හේ)
බෞද්ධ රටක ගුණධර්ම පිරිහෙද්දී අපේ සංඝයාවහන්සේලා පෙළපාලි යනවාට අමතරව වෙනත් වැදගත් යමක් සිදු කරනවාද? (ම)
දෙමාපියොත් දැනගන්න ඕන ප්‍රාණ භුක්තිය තියාගෙන දේපොළ දරුවන්ට ලියන්න ; බොහෝ ප්‍රශ්නවලට මුල කසාදයම තමා. (ම)
අනේ මහත්තයෝ, වයසක වැඩිහිටි කාන්තාවන්ගේ ඇදුම් ගලවල පාරේ එහෙම ඇදගෙන යන්න ලෑස්තිවෙන්න එපා....(බ)
ඇමතිතුමනි ගරුතර අනුකම්පාවෙන්ම ලියමි සමස්ත සමාජයටම ,මනාකොට දන්නා බැවින් විසදුමක් සියලු සමාජ ගැටළු එකතැන විසදන ,තමන්ගේ මව්පියන්ට පමණද සියලු මව්පියෝ රකින , විදර්ශනා භාවනා ක්‍රමය විශ්ව කර්ම ක්‍රමවේදයක් , පාසල් මට්ටමින් උගන්වමු , මහා විද්‍යාඥයන් බිහිකරන්නත් පුළුවන් ,මෘදු මොලොක් මිනිසුන් බිහිකරන්නත් පුළුවන්, සාන්ත සුවයට පත්වෙන්නත් පුළුවන්. (බ)
අපේ බාල මල්ලිත් අම්මට කුණුහරපෙන් බැනලා මහ ගෙදරත් , ඉඩමත් ලියවා ගත්තා. දැන් අම්මව පන්නලා දමලා. අම්මා ඉන්නේ අපි එක්ක.මල්ලිට ඕනේ එයාගේ බිරිඳට සැප දෙන්න විතරයි. (බ)