අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කිරීමට සමත් විය.
මෙහිදී මහේල පන්දු 81 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස් කිරීමට සමත් විය. මහේල මේ වන විට එක්දින තරග 394 කදී ලකුණු 11,022 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එයට ශතක 15 ක් සහ අර්ධ ශතක 69 ක් ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,000 ක් රැස්කළ තෙවැනි ක‍්‍රීඩකයා සහ ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 ක් රැස් කළ 8 වැනි ක‍්‍රීඩකයා ලෙස මහේල ඉතිහාසයට එක්විය. සනත් ජයසූරිය (13,430) සහ කුමාර් සංගක්කාර (11,237) මහේලට ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.
ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ලාභියා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 18,426 ක් රැස්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල ඔබට උණුසුම් සුබ පැතුම්!(නදී)
එදා සංගා කළා වගේ ඔබ තරගයේ බර ඇගට ගෙන ක්‍රීඩා කළා. සුභ පැතුම්! (නි)
මහේල තම කාරිය මැනවින් ඉටු කළා. ඒත් කුලයා නැත්නම් පරදිනවා (නි)
තව දුරටත් රට වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට වාසනාව ශක්තිය ඔබට ලැබේවා! (නි)
ඔබට උණුසුම් සුභපැතුම්! රට වෙනුවෙන් ඉදිරියටත් මෙවැනි දස්කම් දක්වන්න. (ත)
මහේල සුපිරි ගේමක් ගැහුවා. අනිවාර්යයෙන් මේක නම් දිනන්න ඕනෑ. සුබ පැතුම්. අපිට මාලී ඉන්නවනේ (නි)
මට මතකයි ඒ කණ්ඩායම නියෝජනය කරමින් සිම්බාබ්වේට එරෙහිව නොදැවි ලකුණු 80 රැස් කළා. ඔබ අදත් ඒ වගේ. සුබ පැතුම්, ජයවේවා! (නි)
මහේලට උණුසුම් සුබ පැතුම්! ඉදිරියටත් මේ වගේම ක්‍රීඩා කරන්න වාසනාව ශක්තිය ඔබට ලැබේවා!(අ)