ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන ආබාධයකට ලක්වීමෙන් බංග්ලාදේශයට එරෙහිව ලබන මාර්තු මස 8 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
අන්තර් සමාජ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. පිලට එරෙහිව එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පසුගිය ඉරිදා (17 වැනිදා) අවසන් වූ තරගයේ ස්ලිප්හි පන්දුරකිමින් සිටි මහේල උඩ පන්දුවක් රැකගැනීමට යෑමේදී වම් අතේ මැදැගිල්ල ආබාධයකට ලක්ව තිබේ.
මහේලගේ මැදැගිල්ල ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කර එය මේ වන විට ඕස්ටේ‍්‍රලියාවට යොමු කර ඇති බවත් එහිදී ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව මහේල කොපමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටිය යුතුද යන්න තීරණය කිරීමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරිකු පැවසීය.
මහේලගේ ආබාධය එතරම් බරපතල නොවූව ද අවම වශයෙන් සති තුනක් ක‍්‍රීඩාවෙන් ඉවත්වීමට සිදුවිය හැකි බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතත්ටම ඔහුට දැන් අවශ්‍ය විවේකයයි. (නි)
මයියයි, සංගයි නැත්නම් අපිට ක්‍රිකට් වලින් වැඩකුත් නැහැ. (නි)
ක්‍රීඩාවෙදි ආබාද ඇතිවෙනවා. වැරදියට හිතන්න හොද නැහැ.(නදී)
මහේලගේ වචන අතර පරාජය කියන වචනය තිබුණේ නැහැ. (නි)
අයි.පි.එල්. වෙද්දී හොද වේවිද? (නි)
මෙවන් ක්‍රීඩකයින් කණ්ඩායමේ නැත්නම් ලංකාවේ ක්‍රිකටුත් නැහැ. (නි)
ඉක්මන් සුවය ලැබේවා!(නදී)
අලුත් කට්ටිය දාලා ගහමු බන්ගලිදේශයට. (නි)
මේ මොන බොරුද? හරියට සති තුනක් නිමාඩුයි. එතකොට බංග්ලාදේශයේ අය යන්න ලගයි. ඔන්න කැපිල්ලේ මුල.(නදී)
මොකක්ද ආබාදය, කැපිල්ලක්ද?(නදී)
හැමදේම ඇදේට දකින්න එපා යොහාන්. (නි)
අපිට ඉන්න දක්ෂම ක්‍රීඩකයා (දී)
සුද්දන්ට බැන්නට අපිට සුද්දෝ ඕනෑ වෙන වෙලාවලුත් තියෙනවා. (නි)
ජයසූරිය ආපු ගමන් මොකද මේ වුණේ? (නි)
අයියෝ සල්ලි (දී)
අයියෝ ක්‍රිකට් (දී)
ඉඩෝරයට පොද වැස්සක් වගෙයි. (නි)