වසර 18 කට පසු ක්‍රිකට් ලෝක කුෂලානය මෙරටට ගෙන ඒමට දායක වු විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පවා පැසසුමට පාත්‍ර වු කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විරුද්ධව විනය පරීක්ෂනයක් ගෙනෙන්නේ නම් එය තමා දැඩිව හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ලංඩන් නුවර සිට එසැණට පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ
‘රටට සම්පත් වැනි ක්‍රිකට් ක්‍රීඩකයන්ට විනය පරීක්ෂන ගේන්නේ ඇතුලේ තියෙන දුෂන වහගන්නයි.
දක්ෂතා තියාගෙන ප්‍රවීන ක්‍රීඩකයින් නවකයින්ට තැන දෙන්න සමුගන්නකොට ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරිපාලන නිලදාරීන් විදියට අපි දකින්නේ මීට අවුරුදු ගනනාවකට කලින් දැකපු මුණුමයි. මොකක්ද රහස ? ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේල සන්ගලා ඉන්දියාවේ උපන්නා නම් දෙවියන්ට වගේ සලකන්නේ.(නදී)
පුහුණුකරු යන්නත් මේ අර්බුද හේතුවෙලා ඇති. (නි)
ක්‍රිකට් කියන්නේ මේ රටේ තවත් එක ජාතික ක්‍රීඩාවක් පමණයි.ජාතික කණ්ඩායම් නියෝජනය කරන ඕනෑම ක්‍රීඩකයෙකුට යම් විනය පද්ධතියකට යටත් වෙන්න වෙනවා. එහෙම නොවුණොත් එතන ඇති වෙන්නේ ප්‍රශ්නයක්.ක්‍රීඩාවට හානියක්.ඕනෑ තරම් ක්‍රීඩකයින් විනය කඩ කරලා දඩුවම් ලබා තියෙනවා. ජීවිතාන්තය දක්වා තරඟ තහනම් වලට ලක් වෙලත් තියෙනවා. මේ දෙන්නත් ජාතික පිල නියෝජනය කරන විනය පද්ධතියකට යටත් ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණයි. (නි)
ලංකාවේ ක්‍රිකට් පාලනය හරි හැටි කරගන්න බැරිකමින් ශ්‍රී ලංකාව තුළ සහ ලෝකය තුළ අප්‍රසාදයට ලක්වන්නේ පාලක මණ්ඩලයම මිස සංගක්කාර නොවේ. (නි)
සංගක්කාර කියන්නේ ලංකාව තුළ සහ ලෝකය තුළ ජනතාවගේ විශ්වාසය සහ ආදරය දිනා ගත් උගත්, බුධිමත්,සංවර, දක්ෂ මහතෙකි. මොහුට දේශපාලනයට ඒමට කිසිම බාධාවක් මට නොපෙනේ.රට බේරා ගැනීමට නම් මෙවැනි පුද්ගලයන් දේශපාලනයට පැමිණිය යුතුය. (නි)
ඔය විනය පරීක්ෂණ තියන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)
හරියට වෙහෙර ගිල්ල යකාට අග්ගලය මොකක්ද කිව්වා වගේ තමයි. (ස)
මෙයාට නමක් තියාපියෝ- බුන්දුලයයි කියාපියෝ- කඩේ යමින් අඬා පියෝ- මස් කටුවක් තියාපියෝ.(දී)
මහත්තයෝ .මේකෙන් දේසපාලන වාසි ගන්නවා එහෙම නෙමෙයි ඕන් .සංගා පොදු අප්ක්ෂකයා කරලා ,, .බොරු බයිලා ගහල දේසපාලන අසුචි වලට මේ මහත්තුරු දෙන්නා ඇදල දානවා නෙවෙයි හරි . රටම විතරක් නෙවෙයි ලෝකයම බලාගෙන ඉන්නේ . (දී)
ජ්‍යෙෂ්ඨත්වය හෝ දක්ෂතාවය කියන්නේ එකක්.පොදුවේ ක්‍රීඩකයින්ට බලපාන විනය නීති තව එකක්.වැරදි දෙයක් කළා නම් ඒකට විනය පරීක්ෂණයක් තියලා සුදුසු පියවරක් ගත යුතුයි.පාලක මණ්ඩලය නිවැරදි ඍජු තීන්දුවක් ගත යුතුයි. ඒ වගේම මුදල් මත කේවල් කර කර කොන්ත්‍රාත්තු අත්සන් නොකරන කට්ටිය ගැනත් තීරණ ගතයුතුයි. තැනක් ගන්න දක්ෂතා පෙන්වන්න බලා ඉන්න තරුණයින්ට අවස්ථාව ලබා දීලා මේ කට්ටියගේ තියෙන මේ රැස් දහරා අඩු කරන්න පාලක මණ්ඩලය පියවර ගත යුතුයි.පාලක මණ්ඩලය වදනේ අරුත අනුවම පාලක මණ්ඩලයක් විය යුතුයි. (නි)
ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ ගැටළුවට වගකිවයුත්තෙක් වහාම මැදිහත් වෙන්න ඕනෑ. (නි)
මතකනේ එකපාරක් මාලිංගව විනාශ කරන්න හැදුවා... (නි)
ජාතික විරයින්ට සලකන්නේ මේහේමයි. බුද්ධිමතුන් රට අතහැරලා යන ඵ්ක අහන්න දෙයක් නෑ.(නදී)
මෙවැනි උගත් ,බුධිමත් සංවර , දක්ෂ මහත්වරු අද ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉතා විරලය. මොවුන් ජාතික වස්තුන් වැනිය. මොවුන්ව රැක ගැනීම ජාතික යුතුකමකි. මොවුන්ට නිදහසේ අදහස් පලකිරීමට මන්ඩල වල අවසර අනවශ්‍යයි. ජනතාව මොවුන් කියන දෙය ඉස්මුදුනින් පිළිගනිති , පාලක මණ්ඩලය ගැන ජනතාවගේ පැහැදීමක් නැත. මේ ප්‍රශ්නය මෙතැනින්ම නවතා දැමීම පාලක මණ්ඩලයේ ඇගට ගුණය. ලංකාවේ ජනතාව කුපිත උනොත් මණ්ඩලේ නිලධාරීන්ට යුවරාජ් සින්ට උන වැඩේ සිධුවිමට හැක.(නදී)
ඇයි මේ ගොල්ලො පලා කෑවම බඩ යනවද? (නදී)
ඉතාමත් වටිනා අදහස් ටික. කල් යනකොට ක්‍රීඩකයින් ඉල්ලා අස් වුණත් මණ්ඩලේ අය පුටුවලම එල්ලිලා ඉන්නවා නේද? (ස)
එහෙම දෙයක් වුනොත් ක්‍රීඩාවට ලැදි සියළු ජනතාව පාරට බැස්ස විය යුතුය.(නදී)
පුහුණුකරු ගිය වෙලාවේ මෙහෙම කරන්න හොඳද? (නි)
රට වෙනුවෙන් සෙල්ලම් කල මිනිස්සු මේ, (දී)
මහේල හා සංගා නිසා තමයි අවුරුදු ගානකට පස්සේ ලෝක කුසලානයක් ලංකාවට ගෙනාවේ (දී)
පුහුණුකරුත් පැදුරටත් නොකිය ප්‍රතිවාදී පිලට එකතුවෙලා ඉන්න අවස්ථාවේ එංගලන්ත සංචාරයට පළපුරුදු ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල සහ සංගාගේ සහයෝගය ඉතා අවශ්‍යය , කරුණාකර මේ අවස්ථාවේ ඔවුන්ගේ මනස අවුල් කරන්න එපා , පිස්සු නැටුවොත් ජනතාව පාලක මණ්ඩලය වටකර පාලකයන් පන්නල දමන දවස වැඩි ඇතක නොවන බව මතක තබාගන්න , මෙම මහත්වරු දෙදෙනාට ජනතාව ආදරය කරන බව අමතක නොකරන්න . (දී)
එතකොට අර අපේ ලෝක කුසලානයත් අරගෙන කැප්ටන් මාලිංග, කාන්තා ලෝක කුසලානය දිනූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායිකාව එක්ක රික්ෂෝ එකේ නැගලා පින්තූරයක් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර අරගෙනද? නැත්නම් වහාම ඒ ගැනත් විනය පරීක්ෂණයක් පටන්ගන්න ඕනෑ (නි)
එහෙම කළොත් අපි පාරට බහින්න සුදානමින් ඉන්නේ. මෙදා පාර ලේසියෙන් අතහරින්න දෙන්නේ නැහැ. (නි)
මෙහෙම තමා රටක් ආශ්චර්යයට කිට්ටු වෙනකොට හැසිරෙන්නේ (නි)
නොදන්නා නිසයි අහන්නේ. ලන්ඩන් වලදී ඔබතුමාට සංගවයි මහේලවයි විතරමද පෙනුනේ? ඔබතුමාට මනාප ගහපු අයගේ දුක පෙනුනේ නැද්ද? (නි)
පල නොකියා පලා බෙදන්න එපා (දී)
මම ඉල්ලා සිටිනවා ඒ යෝජනාව කල අය ගැන විනය පරික්සනයක් තියන්න කියලා. . මහේල හා සංගා කියන්නේ නිරහංකාර මිනිසුන්ගේ හදවත් වල ඉන්න හොඳ විනය ගරුක දෙන්නෙක්.(නදී)
රට ගැන සිතා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කණ්ඩායමක් බිහි කිරීමට සමත්වූ මෙම විශිෂ්ට ක්‍රීඩකයන් දෙදෙනා රැක ගැනීම බලධාරීන් ඇතුළු අප හැමගේ යුතුකමක්... (ස)
දේශපාලනයට එයි කියල බයට දැන්මම බය කරගන්න වගේ jහදන්නේ.(දිල්)