(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යටිතල පහසුකම් අංශයෙන් ඇති හවුල්කාරිත්වය තවත් දැඩි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී මහව - අනුරාධපුර දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියක් ඉදිකිරිම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 14.9 ප්‍රදානයක් ඉන්දීය රජය ලබාදුන් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ(07) ප්‍රකාශ කළේය.
මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක් අතරතුර ඔහු මෙම අදහස් පළ කළේය.
පවතින ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව යාපනය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී සිසුන් 200 කට (එක් විශ්ව විද්‍යාලයකට සිසුන් 100 බැගින්) පූර්ණ ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක්ද ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයේදී ප්‍රකාශයට පත් කෙරෙනු බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.
වසර 5 ක කාලයක් පුරාවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් 1500 ක් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමකටද නිල සංචාරයේදී අත්සන් තැබූ බව සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. එසේම ද්විත්ව බදුකරණය මග හැරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකටද ජනාධිපතිවරයාගේ තෙදින නිල සංචාරයේදී අත්සන් තැබූ බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරයේදී ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වුණු බවද සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කළේය. එහිදී සම්පූර්ණ සහ ඵලදායී අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටි බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවැසුවේය.
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගෙන් සිව් දෙනකු ඔවුන් පාවිච්චි කළ වැඩිපුර වාහනය මේ වන විට ජනාධිපති කාර්යාලයට බාරදී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහව -අ‘පුර දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් අත හිත
Lalla Thursday, 09 January 2025 10:51 AM
තලේමන්නාරම ඉන්දියාවට යාමට කරල ඉන්දීය දුම්රිය සේවය එක්ක එකතුව අපේ දුම්රිය සේවය දියුණු කලොත් ලංකාවට සංචාරක කර්මාන්තය මතින්ම ගොඩ එන්න පුළුවන් නේද. ඉන්දීය දුම්රිය අති විශිෂ්ට ලෙස දියුණු සහ මුලුමනින්ම ඉන්දීය එන්ජින් සහ මැදිරි භාවිත කරන්නේ.සියල්ල දේශීය විදුලි දුම්රිය වලට පරිවර්තනය කරගෙන යනවා.අපි තවම හැත්තෑ වසරක් පරණ කැනේඩියානු එන්ජින් හොඳයි කියල පාවිච්චි කරනව...
Nimal 1 Friday, 10 January 2025 05:35 AM
මෙය මාස කිහිපයකට පෙර ධාවන පථයේ පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම සමඟ සමගාමීව සිදු නොකළේ මන්ද? සංඥා පද්ධතිය දුර්වල නම් නවීකරණය කරන ලද ධාවන පථයේ ප්‍රයෝජනය කුමක්ද? ඊටත් වඩා වැදගත් වන්නේ අපගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අප වෙනත් ජාතීන් මත යැපෙන්නේ ඇයි? අපිට අපේ දෙපයින් හිටගන්න බැරිද?