(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)
අභිනවයෙන් ඉදිකරන ලද මහල් දෙකකින් යුත් මහ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දින විවෘත කෙරැණි.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරිමට සමගාමීව මහ විලච්චිය ප්‍රදේශයේ ගොවීන් 50 දෙනෙකු සදහා ඉඩම් බලපත්‍ර ලබාදීම ද සිදු කෙරිණි.
මෙහිදි අදහස් දැක්වු අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසිය.
“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙ නායකත්වය යටතේ රට අවුලකින් අවුලකට නොයා ස්ථාවර රටක් බවට පත්කිරිමට හැකියාව ලැබුණා. මේ නිසා ලෝකයේ රටවල් ශ්‍රීලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට පටන්ගෙන තිබෙනවා.බොහෝ ඉක්මනින් ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි රටක් බවට ශ්‍රීලංකාව පිලිබඳව ලෝකය විශ්වාසය තබා තිබෙනවා”.
ඇති වූ ආර්ථික කඩා වැටීම යළි ගොඩනගන්නට සැලසුම් කිරිමේ දී ගොවිජනතාව කෙරේ මහත් විශ්වාසයක් තැබූ බවත් , එය එම ගොවි ජනතාවගෙන් ඉටු වූ බවත් , ඉදිරියට තව තවත් ඔවුන්ගේ එම ශක්තිය වැඩිදියුණු කිරිමට මෙවන් පහසුකම් සහිත රජයේ කාර්යාල ඉදිකිරිමෙන් හැකියාව උදාවන බවත් අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසිය.
ගොඩනැගිල්ල විවෘත කිරිමෙන අනතුරැව අගමැතිවරයා ප්‍රාදේශීය ලේකම් නිල කාමරයේ සමරු සටහනක් ද තැබීය.
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන මහතවරැද මෙහිදි සභාව ඇමතු අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ උතුරැ මැද හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් සමරකොන්,හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ ඇතුළු දේශපාලන අධිකාරිය, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ,අතිරේක දිස්ත්‍රික්ලේකම් වරුන් වන සන්ධ්‍යා අබේසේකර සහ ශාමිලා වික්‍රමආරච්චි , ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්,මහවිලච්චිය ප්‍රාදේශවාසින් ඇතුළු පිරිසක් මේ උත්සවය සදහා එක්ව සිටියහ.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහවිලච්චියට නව ප්‍රා. ලේ කාර්යාලයක්
තරිඳු Sunday, 16 June 2024 06:05 AM
මහල් දෙකක් විවෘත කරන්න ඇමැතිවරු අගමැති ඔක්කෝම ඇවිල්ලා...මෙයාලගේ වාහන ගාල් කරන්න වෙනම ඉඩමක් හොයා ගන්න වෙනවා....අයියෝ අපිව සුඛිත මුදිත කරන්න මෙයාලා දරණ වෙහෙසක්
nanda Sunday, 16 June 2024 06:49 AM
කලින් පාර්ලිමේන්තු බෙරිහන් දිපු හැටි අපිට නම්පමතකයි ලංකාවේ දේශපාලනය කියන්නේ ජනතාව මුලා කිරිමක්