බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය අද වාහන දෙකක්, ජංගම දුරකතනයක්, පහරදීම සඳහා යොදා ගත් මිටි හා අඬු හා පිස්තෝල දෙකක් රස පරීත්ෂකට යවා වාර්තාවක් ලබා ගැනීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අවසර දුන්නේය.
එක් වාහනයකින් සොයා ගත් ලේ පැල්ලම් ද ඩී එන් ඒ ජාන පරීක්ෂණයකට යැවීමට නියම විය.
සිද්ධියේ තෙවැනි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.
ඔහුගේ බිරිය දුරකතනයෙන් කතා කරමින් පැමිණිල්ලට බලපෑම්කරතියි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඇයට නොතීසි නිකුත් කරන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කළේය.
සැකකරුවන් දෙදනකු මහේස්ත්‍රාත් නිලමැදිරියේදී කළ රහසිගත ප්‍රකාශයේ පිටපතක් රහස් පොලිසිය ඉල්ලූ නමුත් මහේස්ත්‍රාත් එය ප්‍රතික්ෂේප කළේය.
පැමිණිල්ලට එම ප්‍රකාශ ලබා දීමෙන් විත්තියට අගතියක් වේයැයි සැකකරුවන්ගේ නීතීඥවරු මහේස්ත්‍රාත්ට කරුණු දැක්වූහ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලබන නව වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සියාම්ගේ මිතුරකු ද, පොලිසියේ සිව් දෙනෙක් ද ඇතුළු හය දෙනෙක් රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගනු ලැබ සිටිති.
(ඡායාරූප කිත්සිරි ද මෙල්)
(ඡායාරූපය ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88.89 දවස්වල නිලනොවන පොලිසි කොපමණ තිබුනද .දැ(අ)
ප්‍රජාතන්ත්‍ර වාදී රටක් නම් මිනි මරණ එක හොඳ අදහසක් හැටියට හිතන්න එපා. ගාල්ලේ මිනීමැරුම් වෙද්දී වාස් ගාල්ලට මාරු කලා. පස්සේ කහවත්තේ ආච්චිලා කපලා කොටලා මරද්දී රත්තපුරේට මාරු කලා. හැමදේම එයා සමතයකට පත්කලා. අඳුනන්නේ නැති මල සිරුරු බොහොමයක් උනා. මෙව්වා කාටත් මතක ඇති. මේ විදියට වාස් යෙදෙව්වේ ග්‍රාම සේවකළා නෙමේ කවුද කියල තේරෙනවා ඇතිනේ. වාස් දඩයක්කාරයෙක් කලා. අද තනියම ඇතුලට යනවා. වාස්ට වමාරන්න ඉඩක් ලැබෙන එකක් නැහ. එහෙම උනොත් නැවත ඇමරිකාවට යන්න වෙන නිසා. ඒකනේ බය නැතුව වාස්ගේ නෝනා පොලිසියට බලපෑම් කරන්නේ.(නදී)
මිනී මැරීමට මෙතරම් දක්ෂ මෙයාට ඩෙංගු මදුරුවෝ මරන්න කොන්ත්රාත්තුවක් දෙන්න තියෙන්නේ.(අ)
මොනව වුනත් කොන්ද පන ඇතුව වැඩකරපු මහත්තයෙක් (නි)
වාස් යනු එදා සිටි වීදිය බණ්ඩාර වැනි කෙනෙකි (නි)
මිනි මරුවන්ටත් වීරයෝ කියන අයත් ඉන්නව..මුන්ට අමු කැවිලද (අ)
මට මොකුත් මතකනැහැ (අ)
මම නම් හිතන්නේ මෙතන මොකක් හරි දෙයක් තියනවා. මෙතුමා හොදට සේවය කරපු නිලදාරියෙක්. (නි)
රහස් ප්‍රකාශය දීපු අයට මොකද වෙන්නේ? (ත)
සමහර DIG ලගේ දරුවන්ගේ විවාහ උත්සවයදී ශාක්ෂියට එන්නේ කැලණියේ රජතුමා.කස්ටම්,පොලීසිය,පාසැල වනාහි ලංකාවේ දුෂිතම ස්ථානයන්ය.(අ)
වාස් කියන්නේ ඇත්තටම දක්ෂ නිලධාරියෙක්. වාස්ට වැරදුනේ අර රත්තරන් ජාවාරම අල්ලපු එක. වාස් මහත්තයා දන්නවා මේකෙන් බේරෙන හැටි.(නදී)
අඩුයි මිටියි අරගෙන වඩු මඩුවක්වත් දාලද? (නි)
මොන නඩුවෙන් බේරුනත් තමන්ගේ හදවත ඇතුලේ ඉන්න විනිසුරුගෙන් බේරෙන්න බැරි බව අපරාද කරන හැමෝම හිතන්න (ත)
අයියෝ ඕක මොකන්ද එක මිනීමරුවෙක් බේරගත්තේ වාස්ව බේරගන්න එක සුළු දෙයක්.(නදී)
ඔය නෝනා ලොකුම ලොකු අයෙක් එක්ක හිතවත්. ඒක නිසා නවත්වනවා බොරු. (ත)
ඔබ රටට කරපු වැඩ කොටස කාටවත් කරන්න බෑ. ඔබ නියම පොලිස් නිලධාරියෙක්. ඔබට ජය පතනවා. ඔබේ සේවය රටට ඔනේ. (ත)
ඔබ නියම වීරයෙක්. ඔබට දෙවියන්ගේ පිහිටයි. (ත)
ඔබ තුමා අපිටනම් වීරයක්. සත්‍ය ජය ගනී. (ත)
ඔබ තුමා රටට ගොඩක් වැඩ කරපු කෙනෙක්.ඔබට ජය වේවා. (ත)
බලය තියනකොට සමහර අය තමන්, තමුන්ගේ පව්ලේ අය නීතියට උඩින් ඉන්නේ කියලා හිතනවා. හැසිරෙන්නේ බලය සදකාලිකයි කියලා. තමුන්ගේ වල තමුන්ම කපා ගන්නවා. (නි)
මිනිසුන් මේ විදියට අපරාධ කරන කොට වග කිව යුතු අය දඩුවම් නොකර සිටියත් ස්වභාවධර්මයෙන් දඩුවම් දෙනවා මයි. (ත)
මට මතකයි මෙතුමාගේ විලංගු වැටුන මේ අත් දෙකට මහ සංගරත්නය පිරිත් නූල් ගැට ගහල ආශීර්වාද කල හැටි, අනේ අම්මපා මේ අත් දෙකේ ලේ ගාගත්තනේ. (ත)
මෙයා නරක නිලදාරියෙක් නෙමෙයි. හැම හොඳ කෙනෙක් ගාවම නරක තියෙනවා. නරක මිනිස්සු ළඟ හොඳ තියෙනවා. පොලිසියේ නිසා නරක කරන්න පෙලබෙනවා වැඩියි. මොනවා වුනත් කවදාම හරි වරදට දඬුවම් අනිවාර්යෙන්ම ලැබෙනවා,එලියට ආවත් ඒක වෙනස් වෙන්නේ නැහැ (දී)
මම ජීවිතයෙන් බැට් කරනවා. මෙයා අරයව හෙමින් නිදහස් කරලා පස්සේ කාලෙක පොලිස්පති කරානවා. නැත්නම් ඒ අයගේ සියලුම කෙලි මෙයත් අරයා වගේම දන්නවා. ලසන්තව ගෙනත් දීලා මරන්න උදව් කළ කෙනෙකේනේ.(නදී)
ඔබ හරි ඉදුනිල් (නි)
මේ වාස්ට සිර දඩුවම් ලැබිය යුතුය.(නදී)
මේවා ගැන හිතන්න එපා. මේවා හෙදම වෙන දෙවල්ල්නේ. (අ)
මෙයත් එස්. එෆ්. වගේ දේශපාලනේට ඒවි වගේ.(නදී)
මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා එන්ගලන්තෙ සහ නවසීලන්තෙ. අවුරුදු 20 කට වැඩි කාලයක් එයාලා ලංකාවෙන් ගිහින්. ලංකාවේ වෙන දේවල් නිසා පුදුම කළකිරීමක් එයාලට තියෙන්නේ. ආයෙත් එන්න ආස වුනත් රට ගැන කළකිරිලා ඉන්නේ. (නි)
මොනවා උනත් පොලිසියේ අය නම් පුදුම බයකින් ඉන්න බව පේනවා. ඒ කියන්නේ මෙයා එලියට එනවමයි කියලා දන්නා නිසා. මේකත් නාට්‍යක් කියල මේ දේවල් වලින් පේනවා.(නදී)
ෂෙරිෆ් මොකද ඔච්චර මහා සංඝරත්නය ගැන හොයන්නේ? (නි)
කව්රු මොනවා කියුවත් මිනීමරුවන් - මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් - ස්ත්‍රී දූසකයන් වගේ අයට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුමයි.(ත)
මෙතුමා හිනාවෙනවා දැක්කේ අදයි (නි)
උදය, විදිය බණ්ඩාර කියන්නේ මොන වගේ කෙනෙක්ද? (නි)
සරත් කියන විදියට බලේ තිබියදීත් මෙයා ඇතුලට දාන්නේ මොකද? ඔය කියන දේවල් උනා නම් මෙයා බාර ගන්න එකනේ කරන්න ඕනේ. එතකොටනේ ඔක්කොම වැරදි යට යන්නේ. මෙයා පොලිසියේ නම පාවිචිචි කරලා මිනි මැරුම් කල බව එළිවෙලා ඉවරයි. මිනි මරුවන්ට සුදු හුණ ගාන්න එපා.(නදී)
රජකම් කෙරුවත් කළකම් පලදේ. (නි)
අම්බලන්ගොඩ මනුස්සයෙක් මෙහෙම වැඩක් කරපු එක ගැන මට ගොඩක් පුදුමයි. මේ වගේ වැඩ කරන්නේ ඇයි කියලා හොයලා වැරැද්දේ මුලටම බෙහෙත් කරන්න ඕනා. නැතිනම් මේ අය තව තවත් විනාශයට ඉක්මනින් යනවා.(නදී)
ෂුවර් එකටම ලංකාදීප එසැණ පුවත් වලට දාන ප්‍රතිචාර වලට මුකවාඩමක් එන දිනය වැඩි ඈතක නෑ. මෙන්න කැට. පරිස්සමෙන් යමු.(නදී)
මේ ගැන හුගක් වෙබ් අඩවි වලින් වැඩිදුර කරුණු හෙළි කරනවා. (නි)
සුදු කමිසය කළු කලිසම ටයි පටිය සපත්තු ජෝඩුව,මේකප් එක මේ හැමදේම නිසා ගෞරවනීය මහත්මයෙක් කියල හිතල ද කොහෙද. ලංකාවේ දැන් ගජරාමෙට ස්ත්‍රී දුෂණ,බාල අපරාද,මංකොල්ල ජාවාරම්,පාතාල කල්ලි,වගේ දේවල් වැහිවහලා. මුන්ට අන්දන්න කඩමාල්ලක්වත් දෙන්න වටින්නේ නැහැ.(නදී)
හංගපු අවි එහෙම නැද්ද අනේ (අ)
අනේ මෙයාගේ උජාරුව. ජයවේවා. යුද්ධය දිනපු ෆොන්සේකා මහත්තයට වත් මෙහෙම නැහැ.(නදී)
අගුලානේ පොලිසියට කිව්වා නම් නෝනව බය කරනවනේ.(නදී)
අනේ ඉතින් ඔහොම කුඩුවක් ඇතුලේ ඉඳන් ඇඟිලි දික්කරන්න තුන් හිතකින්වත් හිතපු කෙනෙක්ද? ජීවිතේ හැටි! කතාවක් නම් තියෙනවා ඕනෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සේ හොඳ භාර්යාවක් ඉන්නවා කියලා. ඒකේ අනික් පැත්තත් එහෙම වෙන්න ඇති මගේ හිතේ. (නදී)
මොකද මෙයා මෙච්චර ගේම් එකකුත් දීල මමයි රජා වගේ ඈක්ටි පාරක් දාන්නෙත ඈතුලෙ නම් දුකක් විදපු පාටක් නෑ තුන් වේලම හරක් මස් වගේ කාල තියෙන්නේ.(නදී)
දෛයිවය වෙනස් කරන්න කාටවත් බෑ. වරදක් කලොත් විදවන්න වේවි. තමන් ටික ටික ඉහලට යනකොට නිහතමානී වෙන්න ඕනා. දෛවයේ සරදම් මේවා තමා.(නදී)
නොනා තාම පොලිස් පාට් දානවා. අල්ලලා දාන්න කුඩුවට.(නදී)
රහස් පොලීසිය තමා මෙතරම් දුරක්වත් මේක ඇදගෙන ආවේ. ලොකු තැනකින් මේවා වහන්න බලපැම් තියනවාලු. (නදී)
මේ නෝනා තමයි අර මාළඹේ පරිඝනක විද්‍යාපීඨයේ කොල්ලෙක්ගෙ ඔලුව පාග පාගා ගහලා තිබුනෙ. එයාල වගේ උසස් අය එක්ක එකට ඉගෙන ගන්න එන්න එපා කියලා.(නදී)
මේ මොකටද පොලිස් ආරක්ෂාවක්? කව්ද එහෙම දෙන්න කිව්වේ? මට තේරෙන්නේ නෑ.(නදී)
අලුත්ම රගපෑමක් කරන්න යන බව පෙනෙනවා. එහි පළමු පියවර 5 සහ 6 ඡයාරුප වලින් පෙනෙනවා. තොන්ඩුව බෙල්ලට වැටෙන බව දැනුනොත් දරුණු මානසික රෝගයකින් පෙලෙන බව කියන්නට දැන් සිටම පුහුනුවෙන බව පෙනෙනවා. වියරු හිනාවක් පාමින් වැඩේ පටන්ගෙන වගේ. එකෙක් මතක නෑ කියල දැන් හොද මතකයෙන් හිටපු තැනටම ගියා. ඔක්කොම මොලේ අමාරුබව පෙන්නලා ගැලවෙන මේ රටේ අපිට තමා ඇත්තමටම ඔලුවේ අමාරු මේ නාඩගම් දිහා නිහඩව බලන් ඉඳලා.(නදී)
ඔය පවුලම එකතුවෙලානේ "ස්ලිට්" එකේ කොල්ලව නොමරා මැරුවේ. ලජ්ජා, බය කියන එක ගෑවිලාව්ත් තිබුනානම් ඒ දවස්වලම පවුලටම හැදෙන්න තිබුනා. දෙමාපියන් විදියටයි දරුවොත් හැදිලා තියෙන්නේ. (නදී)
ගැහැණු නිසා තමයි රටේ බොහොමයක් අකටයුතුකම් වෙන්නේ.(නදී)
බන්ධනාගාර ගත කළා කිව්වට මිනිහා ඉන්නේ බන්ධනාගාර රෝහලේ. බන්ධනාගාර නිලදාරීන් විවේක ගන්න ස්ථානයේ. මිනිහා ලස්ස්සන ඇදුම් ඇදගෙන පත්තර බල බල ගෙදරින් ගේන කෑම කාලා ඉන්නවා. අනිවාර්යයෙන්ම මිනිහා නිදහස් වෙයි. අර කහවත්තේ ධර්මසිරි ලා වගේ. මේ රටේ නීතිය, අනාගතය ගැන හිතන කොට හිතට පුදුම දුකක් සහ කල කිරීමක් ඇති වෙන්නේ. (නදී)
වැරදිකරුවන්ට දෙවියන් විසින්ම දඩුවම් කරාවි (නි)
වාස් ගේ බිරිඳව ගණන් නොගෙන හිටියම ඉවරෛනේ. මොකද එය අන්ගේ එල්ලේනවය.
මහේස්ත්‍රාත් තුමා රහස් ප්‍රකාශය පොලොසියට නුදුන්න එක හොදයි. (ත)
" මහේස්ත්‍රාත්ට කල ප්‍රකාශය රහස් පොලීසියට නොදෙයි " රටේ එදිනෙදා වෙන සිදුවීම් හා ආරංචි දිහා බලපුහාම ඔය විදියට ,කව්රුන් ගැනවත් විශ්වාශ කරන්න අමාරුයි වගේ ... (නි)
මාලබේ සිසුවෙක්ගේ බඩ උඩ නැගලා ලේ වමනේ දානකන් පාගල තිබුනේ මේ කියන බිරිද තමයි. ඒ කාලේම ක්‍රියාමාර්ගයක් ගත්තනම් අද මේවා අහන්ට වෙන්නේ නැහැනේ.(නදී)
මිලින්ද, පොලිසිය කියන දේවල් ඔය තරමට විශ්වාසද? (ත)
මිලින්ද, පොලෝසියත් බයයි. ආණ්ඩුවේ ලොක්කොත් බයයි. අපි බයද? (ත)
බිරිය පැමිණිල්ලට බලපෑම් කරන විට සැමියාගේ අපල දුරුවේ. (ත)
පව් කාරයෝ මරනයට හැර කිසිවකට ලජ්ජා, බිය නොදක්වති. (නදී)
මෙයාගේ ජීවිතයට තියෙන ආසාව නිසානේ රෝහලට ඇතුලත් වූනේ ජීවිතය රැක ගන්න. මෙයාට අවබොධ වූනේ නැද්ද මේ ඝාතනය කළ අයට ජීවිත් වෙන්න අයිතිය තියනවා කියලා. සුදුහම පොරවා ගත් වෘකයාට දෙවියන් වීසීන්ම අනිවාරයෙන් දඩුවම් කරන්නේය. මේ වගේ අය පොලිසියේ තවත් ඉන්නවා. මෙයාලා අතින් කී දෙනෙක්ගේ ජීවිත විනාශ කරලා ඇද්ද? කුරුණෑගල ඉන්න කාලේ මදුරු කොයිල් බීලා රෝහලෙත් හිටියා.(නදී)
අනිත් අයටත් මේකම තමයි. (ත)
වටේ ඉන්න අයගේ මුනේ තියෙන බය ගතිය වැරදි කරපු කෙනාගේ නැහැ. ඒ තරම් සුරක්ෂිත නීතියක් ලංකාවේ තියෙනවා කියලා කාටත් පේනවා. (ත)
වාස් මේ වැඩේ කෙරුවනම් වාස්ගේ පරම්පරාවල් වලටත් සාප වෙන්න ඕනා. හැබැයි නොකළ වරදකට දේශපාලන හේතු මත පටලවගනීමක් නම් ඒ අයට සාප වදියි. (ත)
ආණ්ඩුව මේ ප්‍රශ්නෙට මොනවගේ දෙයක් කරයිද දන්නේ නෑ. (ත)
මෙය දන්නවා වැරදි කරන තරමට මෙයාට උසස් වීම් දෙනවා කියල. මාංචු වැටුණු දෑතට ලගදීම පොලිස්පතිකම ලැබෙනවා. පුතාගේ පෞද්ගලික ආරවුලකට විශ්ව විද්යාල සිසුවෙකුට දස වද දුන්න ගමන් එක උසස්වීමක් ලැබුනා. ඉන්පස්සේ උඩින් ඇවිත් ඩී.අයි.ජී කම ලැබුනා. මොකද මෙයා ලංකාවෙ නිල නොලත් චන්ඩියගේ හොදම ගෝලයෙක්නෙ. සී.අයි.ඩී නිලධාරීන්ට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
නිල ඇදුම ගැලෙව්වම තිබුන තේජාන්විත ගති කිසිවක් නැහැ නේද? හරියට හුඹහින් ඇද්ද තලගොයා වගේ. හිනාව මවාපෑමක් විනා හදවතින් නැගෙන හිනාවක් නොවෙන බව පේනෙවනේ.(නදී)
වාස් යනු එදා සිටි වීදිය බණ්ඩාර වැනි අයෙකි. (නි)
නොසැලෙයි දිවි මකුළු ඇස නොසැලෙයි නළියයි අඳුන් දිවි නිය පහුර නළියයි උකුසු ඇසට නොපෙනී මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි මොන නීතියද මේ මිනිස් වනාන්තරේ (නි)
වාස්ගේ නෝනව රිමාන්ඩ් නොකර පරීක්ෂණ කරගෙන යන්න බැහැ වගේ. (ත)
අපි ඇල්ලුවේ වාස් නෙමෙයි කියන්න පුළුවන්. එහෙව් බඩු පොලිසියේ ඉන්නේ.(නදී)
අනේ මන්දා අපි මේ සිද්ද වෙල දේවල් දිහා බල බලා ලංකාවට යන්නත් බයේ ඉන්නවා. බලන්නකෝ වාස් මහත්තයා නලුවෙක් වගේ ඉන්න ලස්සන. මන් කල්පනා කරනනේ රත්වෙනකම් ඉන්න කකුලුවෙක් වගේද? රත්තරන් බැදපු කටුස්සෙක් වගේද කියලා.(නදී)
ස්වාමීනි මේ අපරාධකරු හැර වෙනත් අපරාධකරුවන් බෝහෝ නිදැල්ලේ ඇත.(නදී)
එතකොට වාස්ගේ බිරිඳත් වැඩ කරන්නේ පොලිසියේද ? (නදී)
ඔහුගේ බිරිය කිව්වා නේද අපේ මහත්තයට දැන් අපල කියලා. වැඩි වැඩියෙන් සල්ලි රත්තරන් ගෙදර ගෙන විට ඒ අපල නැද්ද ? (නදී)
මිනි මැරුම් නඩුවකට සහභාගී වන කෙනෙක් වගේ වාස් ගුනවර්දන පින්තුර වල ඉන්නේ. පොලිසියේ ආරක්ෂාව මත කාගේ හෝ මගුල් ගෙදරක යනවා වගේ ඔහුගේ සිනහව. ඔහු දන්නවා ඇති මොනවා උනත් ළඟදීම එළියේ කියලා. ඔහුට මෙය කල අය ළඟදීම පරලොව කියල හිතන් මුවේ සිනා රැල්ලක් එයාගේ.(නදී)
මල කෙලියයි වාස් මේ වෙලාවේ ලසන්ත වික්‍රමතුංග මරන්න ඔඩර් එක දුන්න කෙනාගේනම කිව්වොත් කපුවා කපෝතියි නේද? ඒ නිසා කොහොම හරි මේ නඩුව ඇදගෙන ගිහිල්ලා දුමින්ද සිල්වා වගේ වාස්ව නිදහස් කරලා පොලිස්පති කරයි.(නදී)
ඇතැම් දඩයම් කරලා තියෙන්නේ ප්‍රබලයන්ගේ උවමනාවන් නිසා බව දන්නෝ දන්නවා. ඒක නිසා වාස් ගලවා ගන්න අධිකරණ තින්දුත් වෙනස් වේවිද කියන්න බැහැ. අර පහුගිය දවස්වල ලොකුවට ගිය රත්තරන් ගනුදෙනුව වත් හෙළි කලොත් නම් නියමට තියේවි. ඒ අයටත් වාස් ඉන්න තැනටම යන්න පුළුවන්. ලංකාදීප අනේ මේ දේවල් රටම දැනගන්න ඕනා ඒක නිසා ඔක්කොම කපල දන්නා එපා. වාස්ගේ මිනි මැරුම් කීයකට මේ වෙද්දී සාක්කි තියෙනවද අනේ ඔයාල නිදිද ? කඩේ යන්නේ නැති සාඩම්බර පත්තරයක් වෙන්න අපි එක්ක තරහ නොවී.(නදී)
නීතියත් ඉතින් මේ වගේ අය පස්සේ තමයි දුවන්නේ ඒකත් හොදයි නමුත් මේවගේ වැරදි කරන හැම අයම පරික්ෂා කලොත් වාස්ගේ සිර ගෙදරට පෙර එල්ලුම් ගහට යවන්න හුගදෙනෙක් ඉන්නවා .(නදී)