හෙද වැඩවර්ජනය සමයේ නියමිත කාලයට පෙර අඩු බරින් යුක්තව ප්‍රසූත කළ පිරිමි දරුවකු මළ දරු උපතක් බවට තීරණය කර දෙමාපියන්ට දැනුම් දී දින හයකට පසු මළදරුවකු බව සිතූ දරුවාගේ දිවි ගලවා ගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා රෝග දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරු සමත්වූහ.
දරුවාට නැවත පණ ලැබෙන විට දෙමාපියන් දරුවා වෙනුවෙන් හත් දවසේ දානයද දී තිබිණි.
කුරුණෑගල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පී කේ විජයවර්ධන මහතා ඇතුළු ළමා දැඩි සත්කාර ඒකකයේ කාර්ය මණ්ඩලය මේ දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෙහෙසුණහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවට පණ දුන් දොස්තර මහත්වරුවන්ට පින්. කොච්චර දුකින්ද මේ දෙමාපියන් ඉන්න ඇත්තෙ. (ස)
හෙදියෝ කොච්චර වැඩ කළත් දොස්තරවරු දෙවිවවරුනේ. ලංකාවේ මිනිසුන්ට දොස්තරලා බෙහෙත ලියලා යනවා. අනික් හැමදේම කරන්නේ හෙදියෝ. (ස)
මේ දරු පැටියා නිරෝගීව ඉන්නවනම් කොච්චර එකක්ද? දොස්තරවරුන්ට ගොඩක් පින්. (දී)
කොහොම වුණත් ඒ දරුවාට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා! බුදු සරණයි පුතුනේ! (නි)
"මුළු ලෝකයම අන්ධයි" කියලා බුදුන් දේශනා කළේ ඔන්න ඔය වගේ දේවල් නිසා. (නි)
කවුද කිවුවේ මේ දරුවා මැරුණා කියලා? කවුද ඒක තීරණය කළේ? (නි)
දොස්තර කෙනෙක් කියන්නේ දෙවියෙක් නෙමෙයි. ඒක එයාගේ රස්සාව. අපි හැමෝගෙම රස්සා වගේ. ඔය දෙවියෝමනේ ළමය මැරිලා කියල කියන්නත් ඇත්තේ. සමහරු නිකන් අන්ධ භක්තියෙන් මේවට අදහස් දාන්නේ. (ස)
වාසනාවන්! (නි)
මේ ප්‍රශ්න දොස්තරලා ලකුණු දාගන්න කළ වැඩක් වගේ මට නම් පෙනෙන්නේ. මළ දරු උපතක් නම් මළ සිරුර දෙමවුපියන්ට භාර නොදී දවස් 7 ක් ම තියාගත්තේ ඇයි? (නි)
ළඳරු ඒකක වල හෙදියෝ වර්ජනය කළේ නැහැනේ.ඕකේ කාර්ය මණ්ඩලයට ඉන්නේ දොස්තරලා විතරද? (ස)
ඊටත් මේ දෙම්පියෝ දරුවාගේ අවසන් කටයුතු නොකර දානෙත් දීලා.අනික දින ගානක් යනකම් මවවත් මේ දරුවා බලන්න අවේ නැද්ද?? මේක ප්‍රශ්න වැලක්. දින හතක් යනකම් දරුවා නිරුපද්‍රිතව ඉන්නවා කියා දෙමාපියන්ට නොකියන්න හේතුව. අනේ මන්ද මේක කතාව.දරුවාගේ ජීවිතේ බේරාගත් වෛද්‍යවරුන්ට ප්‍රණාමය. (ස)
අනේ වාසනාවන්. (ස)
උදේ පාන්දරම හිතට සතුට ගෙනෙන හොද සිද්ධියක්. (නදී)
සුරංග , ඔබේ කතාව හරි, ජීවත් වෙන දරුවෙකුට මරණ සහතික දුන්නේ කව්ද? යතුරු තියෙද්දී ඉබ්බෝ කැඩුව විදිහටම තමයි මේකත් කරලා තියෙන්නේ.(නදී)
මොන දේ වුනත් ඒ මවට මොන තරම් කඳුලු යන්න ඇතිද? තමුන්ගෙ කුසට ආ දරුව මැරුණ කීවහම. මොනව වුනත් වෛද්‍යවරු නිසා ඒ දරු පැටියට යළි මව් සෙනෙහස ලැබුනා.(නදී)
මුලදී ඒ දරුවාගේ දෙමව්පියන් කොච්චර දුක් වෙන්න ඇත්ද. දොස්තරලට පින් සිද්ධ වෙන්න පස්සේ ඒ දෙමව්පියන් සතුටු වෙන්න ඇති. (ස)
බන්දුලතා, වගේ මමත් කල්පනා කරේ., මේ දරුවා ආදාහනය නොකරද හත් දවසේ දානේ දුන්නේ.., මට හිතාගන්න බැහැ මොනවත්ම...!! (ස)
ගොඩක් හොද වැඩක්. ගොඩක් පින්. කව්ද කිවේ බබා මැරිලා කියලා. (නදී)
මැරුණා කියල අයින් කළ බබා දවස් හතක් තිස්සේ ජීවත් වුනේ කොහොමද? කිරි පොදක්වත් නැතුව. අනික මිනිය තියාගෙන ඉඳලා තියෙන්නේ වාට්ටුවේ ද? (ස)
මොනවා වුණත් මම හිතන්නෙ මෙලොව එළිය දකින්න පෙර පින් බලමහිමය බලපෑ හේතුවක් විය හැකිය. මොකද හත් දින දානමය ශීලයෙන් පසු දරුවාට මෙලොව එළිය දැකීමට හැකි විය.(නි)
හැමෝම එක කාරණයක් දෙස බලන්නේ විවිද විදිහට...එඅත් මේ ප්‍රශ්නේ ඇතුලාන්ටය හරියට තේරුම් අරගෙන නැ ..හෙදියන් දසදහස් ගණනක් සමාජයට කෙරන සේවය ..මේවගේ බොරුවකින් හෙලා දැකල... දොස්ටරවරු විතරයි දෙවිවරු ... ????? (ස)
අනේ ! ඒ දරුවා කොච්චර වාසනාවන්තද? හෙද සේවය මීට වඩා වැඩිපුර සැළකිලිමත් විය යුතුයි. කෙසේවුවත් මේ දරු පැටියාට දිර්ඝායුෂ වේවා! තිසරණ සරණයි! (නි)
සිද්ද වෙන්න ගියේ මොනතරම් අපරාධයක්ද? (දී)
තෙරුවන් සරණයි ! මිට වඩා සැලකිලිමත් උනොත් හොදයි .(දී)
මේ සම්බන්ධව විදිමත් පරීක්ෂණයක් වහාම කල යුතුයි .ඇමති තුමනි මෙය ඔබගේ අවධානයට .(ස)
පුතේ,ඔබට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
වාසනාවන්ත දරුවෙක්. ඔබට ජය! (නි)
මෙතන වෙලා තියෙන්නේ වැරදි සන්නිවේදනයක්. දරුවා නොමේරු ළදරු ඒකකයේ සිටිද්දී අම්මාට කියන්න අැති එයා මෙලොව හැර ගිහින් කියලා. කොහොම නමුත් මේ ගැන මීට වඩා සොයා පැහැදිලිව ලීවොත් හොදයි. අලුත උපන් ළමයෙක් ඔහේ නිකම් දවස් හතක තියා දවසක්වත් ඉදීද ඇත හැර දැමුවොත්? ළමයාට එහි නියම ප්‍රතිකාර ලැබෙන්න ඇති. (නදී)
එතකොට ළමයාගේ මිනිය භාර ගන්නේ නැතුවද මේ දෙමාපියන් දානේ දීලා තියෙන්නේ.(නදී)
හොස්පිටල් තුනක ඇරෙන්න අනිත් ඔක්කොම ළදරු ඒකක වල නර්ස්ලා ස්ට්‍රියික් කළා. දොස්තරලා ගේ කැපවීමෙන් තමයි ළදරුවන් ගේ ජීවිත බේරුනේ.(නදී)
වාසනාවන්තයි! සුභ පැතුම්! (නි)
නිලූගේ ප්‍රශ්න වැල හරි. ඒක එහෙම වුණේ කොහොමද? මේ ගැන අනිවාර්යෙන් සොයන්න ඕනෑ.දොස්තරලට පින් මේ දරුවා බේරුවට. (නි)
කාගෙන් හරි වැරදීමක්, සමාජයට ප්‍රශ්නයක්, ළමයට දෙමාපියන්ට ලොකු ආසාධාරණයක්. නොසැලකිල්ල ද, ළමයව භාරගත් වීද්‍යා විශාරදින් හට ලොකූ ගෞරවයක්. මටත් ලොකු සතුටක්. (ස)
තීක්ෂණ අහල තියෙන්නෙ , මං අහන්න හිටිය ප්‍රශ්නෙයි. කව්ද කිව්වේ බබා නැතිවෙලා කියල. එහෙනම් දවස් 7 රෝහලේ තියාගෙන හිටියේ කව්ද ? බබා නැතිවෙලා නම් ඇයි මිනිය තියාගෙන හිටියේ දෙමාපියන්ට බාර දෙන්නෙ නැතුව...? මේක ගැන පරීක්ෂණයක් තියන්න ඕනේ. (ස)
පුතේ ඔයාට බුදු සරණයි. (ස)
වෛද්‍යවරුන්ට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
මහජනයාගේ මුදල් වලින් ඉගෙන ගෙන අනිත් ඉගෙන ගන්න හදන හෙදියන්ට වලකපන දොස්තරලා මෙයාල හරි බයයි හෙදියෝ උපාදි ගයි කියලා නැතිනම් හෙදියන්ගේ ප්‍රස්නවලට දොස්තරල මැදිහත් වෙන්නේ (දී)
ඔය දෙවිවරු වැඩි පඩි ඉල්ලලා කීවතාවක් ස්ට්‍රික් කළාද....???? ලෙඩුන් කීදෙනෙක් මැරුණද .....!!! එතකොට කව්රුද දෙවිවරු..??? (දී)
ඔය දෙවිවරු වැඩ වර්ජන කරද්දී ලෙඩ්ඩු ගැන බලන්නේ නැ. ඔන්න දැන් තමයී ඔය දෙවිවරු සාදාරන ඕ ටී ගන්නේ බොරුනම් දෙවිවරුන්ගේ හදවතට තට්ටු කරලා අහන්න කියන්න මම කියන්නේ බොරුද කියල (දී)
අදහස් දාන්නේ බබාලාද ..?? මාර ලස්සන මල් අදහස් දාල තියෙන්නේ.. හිනා කාලා පන යනවා... (දී)
අප්පුහාමි අය්යේ, වැඩ වර්ජන කාලේ , ළමයන් හම්බුවෙන අම්මලට සහ ලෙඩ වෙන මිනිස්සුන්ටත් බුදු සරනයි (දී)
දරුවට තෙරුවන් සරණයි.(නදී)
බුදු සරණයි! දෙවි පිහිටයි! (දී)
වැරදීම් යනු මිනිසුන් අතින් වෙන සාමාන්‍ය දෙයක්. ඒ ළමයාගේ ජීවිතය ආරක්ෂා වීම ලොකු දෙයක්.(නදී)
කොහොම හෝ කමක් නැහැ පන ආවනම් ඇති (දී)
මේක නම් ආශ්චර්යයක්! (නි)
පුංචි පැටියට බුදු සරණයි! දෙවි පිහිටයි! (නි)
දෙවිවරු බදු වෛද්‍යවරුන් ගැන ගොඩක් ආඩම්බර වන අතර ඔබගේ මහඟු සේවය අගය කරමි.මෙය මුළු මහත් රටටම ආදර්ශයකි.ඔබ සැමට තෙරුවන් සරණයි! (නි)
සමාජ ව්‍යයසනයන් ගැන පෙන්වා දෙන ඔබට ස්තුතියි. (නි)
ඔය දෙවිවරුම තමා බබා මල බව කියන්න ඇත්තෙත්.(නදී)
හරි තොරතුරු දෙමව්පියන්ට කියල නැති නිසයි මෙය වෙලා තියෙන්නේ.(නදී)
දීර්ඝායුෂ ලැබේවා! (නි)
මෙය අගය කල යුතුයි. ඒත් යම් දෙයක් තීරණය කරද්දී මීට වඩා වගකීමෙන් බැලිය යුතුය. මොකද මේ දරුවට අද සමාජය නමක් තියන්නත් බලනවා මේ සිදුවීම නිසා පව්.(නදී)
වෛද්‍යවරු හෙදියන්ගේ වැරදි පෙන්නන්න බොරුවට උපතේ දී මිය ගිය කියල, දැන් පණ දුන්න එහෙම නෙමෙයි නේද? (ස)
නොමල දරුවෙකුට මරණ සහතික දුන්නද? හෙට ඔබේ දරුවටත් ඔහොම වෙයි ප්‍රවේසම් වන්න.(නදී)
වෛද්‍යවරුන්ට අපගේ ප්‍රණාමය. දෙමව්පියන්ට කොච්චර ලොකු සතුටක් ඇත්ද ? රෝගීන්ට සේවය සලසන හැම තරාතිරමක සේවක මහත්ම මහත්මීන් බොහොම කැපවීමකින් සහ වගකීමක් ඇතුව හොඳින් සේවය කරන පිරිසක්. අඩුපාඩු දුර්වලකම් නැති අය ලෝකේ කොහෙවත් නැහැ. ඉතින් මේ අඩුපාඩු හදාගෙන අවම කරගෙන අපි කවුරුත් එකමුතු කමින් ලස්සන ජිවිතයක් ගත කරමු.(නදී)
මේ දරුවාගේ දෙමව්පියන් සත් දින දානය දුන්නේ මල දරුවා ආදාහනය කිරීමට ගෙන ගියේ නැද්ද? (ස)
අනේ මේ දරුවට පණ ආව එක කොච්චර දෙයක්ද? දෙමාපියන්ට වටිනා සම්පත ඉතින් දරුවොනෙ. (ස)
මල දරු උපතක් කිව්වේ වැඩ වර්ජනය කරපු නර්ස්ලද ?එහෙම තීරණය කරපු නිසා තමා මේ දේ වුණේ. (ස)
අනේ හොඳයි මේ දරුවට පණ ආපු එක. (ස)
මේ දරුවාව ගලේ ගැහැව්වත් ආපහු කිසිම අනතුරක් වෙන්නේ නැහැ. එහෙම නොවේවායි කියලත් පතනවා.(නදී)
හීනයක් වගෙයි. වාසනාවන්! වෛද්‍යවරුන් තමයි මේ දරුවා බේරුව දෙවියෝ (නි)
ලංකාවේ දොස්තරලා නම් ගිය ආත්මයේ කවුරුවෙලා හිටියද දන්නෙ නැහැ (නි)
තමන් දැනට කරන රාජකාරියවත් හරියට නොකර නිදහසට මොකක්ම හරි කියන හෙදියන්ට මේ රටේ දරු උපත්ටික බාරදුන්නොත් අපේ රටේ අනාගතයට බුදුසරණයි.(නදී)
නිශා සහ නිෂද දෙන්නම හෙදියන් බවයි අංජනම් දේවිය පෙන්වන්නේ (නි)
නිශා, මෙතන හෙදියන් ගැන විස්තරයක් නැහැ. වෛද්‍ය වරුනගේ විශ්මිත ප්‍රතිකාරයක් ගැන සදහන් වෙන්නේ, කව්රුත් මෙවැනි දේවල් අගය කල යුතුයි.(නධී)
පිට රට නම් ඔහොම අතපසු වීම් කලොත් පෝලිමට හිරේ යන්න වෙනවා .මෙහෙ ඉතින් "අනේ වාසනාවන් " .(නදී)
මේ දරුවා මිය ගොස් ඇති බව කිවූ දෙවියා, පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් කෙනෙක්ද ? (ස)
මැරිලා කියල කීවේ කවුද? මේ ගැන හොයන්න? මෙහෙම මිනිස්සුන්ට සලකන රටක් වුනේ කොහොමද ලංකාව? (ස)