IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මාළු මිල අඩු වෙලා

වසර දෙක තුනකට පසු දිවයින අවට මුහුදු තීරයෙන් ලැබෙන මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම නිසා මාළු මිල ගණන් පහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංය සඳහන් කරයි. 

ශ්‍රී ලංකාව අවට සාගර කළාපය තුළ මේ දිනවල බහුල වශයෙන් මසුන් ගැවසෙන බවත් දිනපතා අල්ලා ගනු ලබන මසුන් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බවත් ධීවර ප්‍රජාව පවසන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. 

ඉතාමත් මිල අධික මත්ස්‍ය විශේෂයෙක් වන තෝරා මත්ස්‍ය මිල ගණන් ඉතා ඉහළ වූ අතර  පසුගිය කාලයේ කිලෝවක මිල රුපියල් 2000කට ආසන්න විය. ඔක්තෝබර් මාසයේ පළමු සතිය තුළ තෝරා මාළු කිලෝවික මිල රුපියල් 1443ක පැවැති දෙවැනි සතියේදී එය රුපියල් 1380ක් බවට පත්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ සංඛ්‍යා දත්ත සඳහන් කරයි. මේ සතිය වන විට තෝරා මාළු කිලෝවක රුපියල් 850 දක්වා පහළ ගොස් ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කරයි.

සාලයා, ලින්නා, කෙලවල්ලා, බලයා, අලගොටුවා යන මත්ස්‍ය මෙන්ම තලපත් හා මෝර යන මත්ස්‍ය විශේෂවල අස්වැන්න ද පසුගිය සති දෙක තුළ ක්‍රමිකව වැඩි වී ඇති අතර මේ තත්ත්වය ඉදිරියටත් පවතිනු ඇතැයි ද එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය. 

ඔක්තෝබර මාසය ආරම්භයේදී රුපියල් 920 පැවැති පරව් මාළු කිලෝවක මිල දෙවැනි සතියේදී රුපියල් 848ක් දක්වාත් සඳුදා (1) වනවිට රුපියල් 650ක් දක්වා අඩු වී ඇති බවත් වාර්තා වේ.  

 



අදහස් (0)

මාළු මිල අඩු වෙලා

සජී Thursday, 03 November 2016 05:29 AM

අනේ එහෙනම් දැන්වත් දේශපාලකයන් මහජනතාවගේ මාළු නොකා ඉන්න (නි)

:       0       0

කුමාර් Wednesday, 02 November 2016 06:59 PM

අපි ඉන්නේ දුප්පත් ෆිජි කියන රටේ. ඔය කියන ඕනෑ මාළු කිලෝවක් රුපියල් 350 ක් තමා වෙන්නේ. මාළු අල්ලන කට්ටිය ලංකාවේ මුහුදට සල්ලි දීලා ගන්නවද දන්නේ නැහැ (නි)

:       0       0

සෙනවි Wednesday, 02 November 2016 07:11 PM

දැන් එ්කටත් රජයට දොස් කියාවි. (නි)

:       0       0

සංජීව Thursday, 03 November 2016 06:15 AM

ඔය කියන මාළු මොන රටේද තියෙන්නේ අඩුවට ගන්න (නි)

:       0       0

සිසිර Wednesday, 02 November 2016 11:07 PM

මාළු මිල අඩුවුණේ මාළු අස්වැන්න ඉහළයාම නිසා මිස මේ යහපාලනයේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නිසා නොවන බව පිළිගැනීම ගැන සතුටුයි. (නි)

:       0       0

විකී Thursday, 03 November 2016 02:44 AM

ලංකාවේ පාලකයෝ ලැජ්ජා වෙන්න ඕනෑ මාළු මිල මෙච්චර ඉහළ යනවට. ලංකාව වටේම මුහුද. සාමාන්‍ය මිනිසුන්ට කන්න බැරි ගානට ගණන් ගිහින්. (නි)

:       0       0

නිරුල් Thursday, 03 November 2016 07:14 AM

යමල්ලා මාළු කන්න යමල්ලා... (නි)

:       0       0

හුසේන් මොහමඩ් Thursday, 03 November 2016 03:38 AM

රට වටේම මුහුදක් තියෙන රටක මිනිස්සුන්ට මාළු ටිකවත් අඩුවට ලැබෙන්නේ නැහැ.(ම)

:       0       0

වෙදගේ Thursday, 03 November 2016 07:40 AM

සංස්ථාවේ මාළු මිල අඩුකරන්නේ කවදාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 992 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2039 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 355 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1589 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site