අනියම් බිරියගේ ඕනෑකමට මාසයකට කලින් පිළියන්දල හොන්නන්තර ධනවත් කතක හුස්ම හිරකැර මරා දැමූ බව කියන වඩුබාස් (41) වලස්මුල්ලෙන් අත්අඩංගුවට ගැනීමට මාළු වෙළෙන්දෙක් සමත්විය. මරාදැමුණු ධනවත් කතගේ පුතාගේ බිරිය වඩුබාස්ගේ අනියම් බිරිය විය. නැන්දම්මා ඝාතනයෙන් දින කිහිපයකට පසුව ඇය සියදිවි නසා ගත්තාය. එහෙත් ඇගේ ජංගම දුරකථන පණිවිඩ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය වලස්මුල්ලට ගොස් වඩු බාස් ගැන සෙවීය. මාළු වෙළෙන්දා වූයේ උප පොලිස් පරීක්ෂක නන්දනසිරි ගමගේය. ඔහු දින කිහිපයක්ම මාළු වෙළඳාමේ ගොස් තොරතුරු සොයාගෙන වඩු බාස් අත්අඩංගුවට ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජු ගේ අදහස මමත් අනුමත කරනවා. මෙවැනි දේවල් ප්‍රසිද්ධ කරන්න හොද නැහැ.රහසේ කරන වැඩ එළිපිට කියන්න ගියාම නැවත දවසක එවැනි දෙයකට ඒ පොලිස් නිලධාරියා යන්න බැරිවෙනවා (නි)
සෑම් - මල්ලී ඔයා හරිම ලාමකයි.හරි හැටි තේරුම් ගන්න හැකියාවක් නොමැති කම ගැන කණගාටුයි. (පී.ඔ .එල්.අයි.සී.ඊ.)පොලිස් යන වචනය ආවේ සුද්දන්ගෙන්.ඔය වචනය හදා ඇති සෑම අක්‍ෂරයකටම ඉංග්‍රීසි වචනයක් තියෙනවා.අයි. කියනේ (ඉන්ටෙලිජන්ස්) බුද්ධිය,රහස් තොරතුරතුරු රැස්කරන්නා ,යන අර්ථයන්.මෙම නිලධාරියාට මාළු වට්ටිය,තරාදිය,පිහිය,වෙනුවට දුගියෙක්,ලොතරැයි වෙළෙන්දෙක්,පරණ පත්තර,බෝතල්,කපුරු බෝල,රඹුටන්,වෙළෙන්දෙක් හැටියට රඟපාන්න තිබුනා මාළු වෙළඳාමෙන් සුවඳ සබන් ගාගන්නවාට වඩා ...ඒක තේරුම් ගන්න තරම් ඉන්ටෙලිජන්ස් නොමැති වීම කණගාටුයි.. (අ)
සෑම් මල්ලි කලබල වෙන්න එපා පොලිසියයි දන්නේ වැඩේට සුදුසු මොන වගේ කෙනෙක්ද කියල නැතුව කතන්දර අහන අය නොවෙයි.(නදී)
"පරණ පත්තර, බෝතල්, කපුරු බෝල, රඹුටන්,වෙළෙන්දෙක් හැටියට රඟපාන්න තිබුනා". ගාමිණී-සිරි ඔබ කියන කිසිම වෙළෙන්දෙකුට හැමදාම එකම ගෙදරකට යන්න බැහැ. කපුරු බෝල කාරයට පුලුවන්ද එකම ගෙදරට තුන් සැරයක් යන්න? නමුත් මාළු වෙළෙන්දාට පුළුවන්. ඔය රාජකාරිය එක දවසකින් කල එකක් නොවෙයි කීප වතාවක් නැතිනම් දින ගණනාවක් ඔතනට ගිහිල්ලා කල දෙයක් ඉතින් ඕක රඹුටන් වෙළෙන්දාට කරන්න පුලුවන්ද? දැන් කවුද ඔය කියන බුද්ධිය පාව්ච්චි කොරල නැත්තේ.(නදී)
අපි දැක්කා දැරනියගල පොලිසියේ කියුම් කෙරුම් පත්තරවල තිබුණා (නි)
මමනම් කැමතියි රහස් පොලිසියේ උපක්‍රම ප්‍රසිද්ධ නොකරනවා නම්. (නි)
"මමනම් කැමතියි රහස් පොලිසියේ උපක්‍රම ප්‍රසිද්ධ නොකරනවා නම්." ඔබ හරියට හරි (නි)
බන්දුල පෙරේරා අදහස හැටියට නම් ඒක ලංකාවේ සිද්ධ වෙන්න බැහැ.හොදට ඇස ඇරලා බලන්න අපි අපේ දරුවන්ට දායාද කරන්න යන රටේ නියම යතාර්ථය. (නි)
ඉතා දක්ෂ නිලධාරියෙක්.සුභ පැතුම්! (නි)
මෙන්න මේ වගේ නිලධාරින් පොලිස් සේවයටම ආඩම්බරයක්.ඔබට තවත් ශක්තිය ලැබේවා ! (නි)
පොලිසියට අපේ සුභ පැතුම්! (නි)
ඉතා දක්ෂ නිලධාරියෙක්. නමුත් මෙවැනි පොලිස් රහස් ප්‍රසිද්ධ නොකරනවා නම් අති විශිස්ටය (නි)
ආඩම්බරයි අපේ පොලිසිය ගැන. (අ)
අපරාධ වැළැක්වීමට ඇති ලොකුම බාධකයත් අපිමයි (නි)
ප්‍රා මන්ත්‍රී කෙනෙක්වත් යන්තම්වත් ගැවිල හිටියා නම් ඔය පරීක්ෂණ ඉවරයි. (නි)
පගාවට සහ දේශපාලන බලයට යට වෙන්නට තියන අවස්ථා අවම වුනාම යුක්ති ගරුක නිලදාරීන්ට වැඩ කරන්න පුළුවන් කියන එකද මේ කියන්නේ ? (දී)
ඔන්න පොලිසි වලට කරනවනම් නියම වැඩ. (දී)
වඩු බාස්ලා ගෙවල් වලට ගිහින් පීරි ගානකල් ගෙදර මිනිස්සු ඇයි බලාගන හිටියේ. (නි)
දක්ෂ නිළධාරියෙක්.ඔය විදිහට නිතිය හරියට කරනවා නම් අපේ රටට හොද කලක් යයි. (නි)
තරු ටික පොලිසියේ ලොක්කන්ට,පොඩි එකාට කිසිදෙයක් නැද්ද? (නි)
වෙස්වලා ගැනීම හා උපක්‍රමශීලි බව ඔබව සාර්ථකත්වයට පත්කලා.පොලිස් දෙපාර්තමේන්තුවට ආදර්ශයක් දුන් ඹබට නියම විධියට උසස්වීමක් ලැබිය යුතුයි. (ස)
හ..හ..හ..හ..හ..හ..හා (දී)
මම නම් හිතන්නෙ මේ දේවල් හෙළි නොකරනවා නම් හොදයි කියලා (නි)
මම හිතුවේ මේවා රහස් පරීක්ෂක කතාවල පමණක් තිබෙන එවකියල බලනකොට අපේ අයට ෂර්ලොක් හෝම්ස්, පෙරිමසන් ල පරාදයිනේ (අ)
මිනී මරුවා අල්ලපු වැඩේ නම් සාර්ථකයි. සුවඳ සබනුත් යන්න ඇති දුසිම් ගානක්. පොලිස් පරීක්ෂකට. (ස)
පොලිස් නිලදාරියාට වහාම උස්සවීමක් දෙන්න ඕනනේ, රාජකාරීය ඇගයුමට ලක් කරන්න ඔනේ.(නදී)
ගිමිණී-සිරි, සුවඳ සබන්? රස්සාවලට ඔහොම ගරහන්න එපා යාළුවා. මාලු වෙළදාම කියන්නෙත් රස්සාවක්.(නදී)
හොද රාජකාරියක් ඉටුකළා! අගේ කල යුතු නිලදාරියෙක්.(නදී)
මේ රාලහාමි යැව්වා නම් අර එතනෝල් ගෙන්නපු එක්කෙනාවත් හොයා ගන්න තිබුනා නිකන් අපේ ඇමතිවරුන්ගේ මූන වල්වල දැලි ගාන්නේ නැතුව නේද?(නදී)
ඔබට අනිවාර්යෙන්ම උසස් වීමක් ලැබේ.(නදී)
ඔය මාළු මුදලාලි ක්‍රමයෙන් බොහොම කලකට ඉස්සරත් සාර්ථකව හොරු අල්ලපු අවස්ථා අනන්තවත් තියෙනවා. එහෙම කරපු නිලධාරීන් දැන් විශ්‍රාම ගිහිල්ලත් ඉවරයි.(නදී)
ශ්‍රීලංකා පොලිසියේ දක්ෂ නිලධාරීන් හැමදාමත් ඉන්නවා . එහෙත් අපි ඔවුන්ව අගය කරනවා මදි. ගමේ හොර පොල් කඩ කඩා ඉඳලා පොලිසියට ආපු සමහර අය, පොලිසියට ඇවිල්ලා පොලිසියේ නම කනවා. ඉතින් අපිත් පොලිසියේ හැමෝටම බනිනවා.(ස)
පොලිස් මහත්තය දැන් රාජකාරියට යන්න බැහැ කියනවා මාළු රස්සාව හොදා කියල. මිනිහට ලාබය දැකල හිතට අල්ලලා. ගෙදර නෝනා හොදටම බනිනවලු.(ස)
අපේ පොලිසියේ අයට ඕනෙම අපරාදකරුවෙක් අල්ලන්න පුළුවන් නිදහසේ රාජකාරිය කරන්න දෙනවා නම් . පිට රටවල් එක්ක බැලුවහම අඩු සම්පත් වලින් අපරාද කරුවන් හොයන හැටි අගය කරන්න ඕනි .මේ සිද්දියට අපක්ෂපාතිව හරියට රාජකාරිය කරලා තියෙනවා , මගේ ප්‍රණාමය නන්දසිරි ගමගේ තුමාට පුද කරමි . (අ)
දැන් අපේ අය දියුණු වෙලා... හරි හොඳයිනේ. (ස)
"ඔබට අනිවාර්යෙන්ම උසස් වීමක් ලැබේ" දැන් කරන රාජකාරිය හරියට කිරීම උසස් වීමක් ලැබීමට හේතුවක් නොවෙය් කියලයි මම අහල තිබෙන්නේ (අ)
උප පොලිස් පරීක්ෂක මහත්තයෝ ඔබට උසස් වීමක් කොහොමත් ලැබෙයි, නමුත් අර අහවල වගේ කොන්ත්‍රාත් එහෙම ගන්න එපා දැන්නවනේ අන්තිමට නවතින්නේ කොහෙද කියල! (අ)
අපේ රහස් පොලිසිය දක්ෂයි. අගය කල යුතු දේ අවිවාදයෙන් අගය කරනවා මම නම්. මේ දක්ෂතා හොද දේටම යොදාගන්න අපේ මහත්තයෝ. අපිටත් ඕනේ නීතිය රැකෙන රටක්. (නි)
එක පාරක් සාස්තර කාරයෙක් විදියටත් ගිහින් එක් කෙනෙක්ව අල්ලලා තියෙනවලු (නි)
ඉතා දක්ෂ නිලධාරියෙක්.නිතැතින්ම අගය කල යුතුයි. (නි)
ශ්‍රී ලංකා පොලිසියට මගේ ප්‍රණාමය! (නි)
ගමගේ, ඇත්තටම කසිප්පු පෙරන්න අවශ්‍ය එතනෝල් ගුදම් දෙකක් ගෙන්වපු අයවත් තවම හොයා ගන්න බැරි වුනානේ.(නදී)
අපේ පොලිසිය කොහොමත් දක්ෂයි. බාදකයකට තියෙන්නේ දේශපාලකයෝ එයාලා කොක්ක දානවා.(නදී)
සැබෑ දක්ෂ්‍යා සුබ අනාගතයක් (අ)
සෑම් - මල්ලී ඔයා හරිම ලාමකයි.යමක් තේරුම් ගන්න හැකියාවක් නැහැ(අ)