IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


''මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගෙන මම යන්නනම්''

මහා සංගීතඥයකු හා ගායකයකු ලෙස අනභිභවනීය සාහිත්‍ය සේවාවකින් හෙළ ගීතයේ ගාන්ධර්වයා වූ පණ්ඩිත ඩබ්ලිව්.ඩී අමරදේව (88) මහතා දැයෙන් සමුගත්තේය.

වර්ෂ 1927 දෙසැම්බර් පස් වැනි දා මොරටුවේදී ඔහු උපන්නේය. වනක්කුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයකු ලෙස ශ්‍රී ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හර්මෝනියාව වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට ඔහු දායක කර ගත්තේය.

රන්මුතුදුව, සාරවිට, දෙලොවක් අතර, සිකුරුතරුව යන චිත්‍රපටවල ද කරදිය, නල දමයන්ති, වෙස්සන්තර, බවකඩතුරාව යන නාට්‍ය වලට ද ඔහු ගීතයෙන් පෝෂණය කළේය.

මහගමසේකර ශුරීන්ගේ  ‘’මළ හිරු බසිනා  සැන්දෑ  යාමේ  ඔබගෙන් සමුගෙන මම යන්නම්, අඳුරට  ඉඩ දී  අඳුරට  සැඟවී  ඔබගෙන් සමුගන්නම්’’ ගීතයට ද හඬ මුසු කළේය.

දරුවන් හය දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වු අමරදේවගේ මවුපියෝ දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් වුහ. කුඩා කල දී අමරදේව සංගීතමය ආභාෂය ලැබුවේ තම පියාගෙනි.

අමරදේව අධ්‍යාපනය ලැබුවේ ශ්‍රි සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතියික අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසු ඔහු කළුතර විද්‍යාලයටද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටද ඇතුළත් වුයේය.

‘අශෝකමාලා’ චිත්‍රපටය රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වු මෙහොමඩ් ගවුස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස අමරදේව සම්බන්ධ කර ගත්තේය.  

‘අමරදේව’ යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි  භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදැරූ අමරදේව පසුව ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.

පණී භාරතගෙන් නැටුම් ඉගෙන ගත් විමලා අමරදේව මහතා සමඟ විවාහයෙන් පසු ඔහු සමඟ  ජන ගී ගායනා කළාය. ඔහුගේ දියණියන් වන මධුභාෂිනි හා සුභානි අමරදේව සමඟ ගී ගැයුහ. 

946d9e9d 42837W_D_Amaradewa amra2 images-(1) images



අදහස් (0)

''මළ හිරු බසිනා සැන්දෑ යාමේ ඔබගෙන් සමුගෙන මම යන්නනම්''

සමරනායක Thursday, 03 November 2016 08:35 AM

මේ ලොව යම් කිසිවෙක් මා හට පෙම් කළ බව... එතකොට ඒ ගී රාවය... හීන් හඬින් මට කියාවි... මා මළ පසු සොහොන්කොතේ.... දුක් ගීයක් ලියනු මැනව.... නන්නාඳුනනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව... දේශයේ ගාන්ධර්වයාණනි, ඔබට අමාමහ නිවන් සුව.....! (නි)

:       0       0

චින්තක සේනාරත්න Thursday, 03 November 2016 11:49 AM

හෙළ සංගීතයේ රජුනි, ඔබගෙන් ජාතියට වූ සේවය අසමසමයි. වසර ගණනාවක් පුර අප සියලු දෙනාගේ සිත් සුවපත් කළ ඔබටම අපමණ පින් ඇත වේවා. ඔබට නිවන් සුව ලැබේවා. (ම)

:       0       0

නිශ්ශංක Thursday, 03 November 2016 06:45 AM

“සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ, පුවක් මල් කිනිත්තෙන්..” මේක මගේ හිතේ වැඩියෙන්ම ඇඳුනු ගී පද පේළිය. මේ කියන්නේ අපේ රට ගැන. ආචාර්යය අමරදේවයන්ගේ ගායනය. හෙළ සංගීතයේ අසමසම ගාන්ධර්වයා ‘අමරදේව’ ඔබට නිවන් සුව…….!!!!!!! (නි)

:       0       0

රුවන් Thursday, 03 November 2016 06:55 AM

ස්තුතියි අප රසගැන්වූවාට! ඔබට නිවන් සුව! (නි)

:       0       0

සීල Thursday, 03 November 2016 06:59 AM

මේ පින් බිමේ මතු ඉපදෙන්නට හේතු වාසනා වේවා! මහා ගාන්ධර්වයාණන්ට නිවන් සුව! (නි)

:       0       0

ජගත් ලියනගේ Thursday, 03 November 2016 07:04 AM

එතුමා සිංහල සංගීතයට දායාද කළ දෑ මිල කළ නොහැකිය. එතුමාට සමකළ හැකි අයෙක් බිහි වේදැයි සිතීමට පවා නොහැක. සංගීත ගාන්ධර්වයාණනි, ගීතයෙන් පවා පැවසූ අනිත්‍ය, එතුමාටද ළඟා විය. උතුම් වූ නිවන් සුව පතමු! (නි)

:       0       0

නිරුල් Thursday, 03 November 2016 07:12 AM

මේ අඩුව කාට පිරවිය හැකිද? එතුමාට අමාමහ නිවන් සුව පතමි. (නි)

:       0       0

ඉන්දික Thursday, 03 November 2016 07:26 AM

සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා......! (නි)

:       0       0

අමරදාස Thursday, 03 November 2016 07:41 AM

ඔබ සදා අමරණීය වේ. ඔබට‍ නිවන් සුව! (නි)

:       0       0

අනුර Thursday, 03 November 2016 08:20 AM

එතුමා වෙනුවෙන් ජාතික ශෝක දිනයක් නම් කළ යුතුයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 992 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2040 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 355 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1589 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site