
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වසර (2027) සඳහා වන රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මෙය ජාතික ජන බලවේග රජයේ තෙවැනි අයවැයයි.
මෙවර අයවැයෙන් රාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, යම් යම් බදු සහන ඇතුළු විවිධ ක්ෂ්ත්රවලට අදාළව සහන රැසක් ජනතාවට හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි
. විසර්ජන පනත් කෙටුම්පත (2027) පළමුවර කියවීම සදහා ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජනපති අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෙට (13) සිට 20 වැනිදා දක්වා දින හතක කාලයක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 20 වැනිදා සවස පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 21 සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19 ක් පැවැත්වීමට නියමිතය. අයවැය අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd