ශ්‍රී ටීවී මාධ්‍ය ආයතනය මගින් රෝමයේදී ක්‍රිකට් තරගයක් පැවැත්වීය.
දේශපාලන පක්ෂ සමිති නියෝජිතයෝ එක් පිලකට ක්‍රීඩා කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමග රෝමයේ ශ්‍රී ලංකා සංවිධානය එක් පිලකය.වෙළෙඳ ප්‍රජාව තවත් පිලක සිටි අතර ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රී ටීවී මාධ්‍ය කණ්ඩායමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පක්ෂ රෝමයේ හරි මරගන්නෙ නැතිවක්‍රිකට් තරගයක් (අ)
දේශපාලනය ගෑවිලා වැඩක් කළ එක ගැන සතුටු වෙමු (නි)
ශ්‍රී ටීවී ගැන දෙවියෝ බලලා. (නි)
මේ ශ්‍රී ටීවී හා නාරද අයියා කරපු නෙත් ශ්‍රී ලංකා චැනල් දෙකෙන් විශාල සේවයක් කරනවා විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන්. නාරද අයියා මට මතකයි රිසානා නෆික්ව බේරාගන්න එයාගේ නෙත් ශ්‍රී ලංකා චැනල් එක හරහා විශාල මෙහෙයුමක් කළා.අවසානයේදි ඒ උත්සාහය ලාංකික පාලකයන්ගේ නොසැළකිල්ල නිසා අහිමි වුණා (නි)
වරුණ, ඔය විශාල මෙහෙයුම ගැන විස්තර කියන්නකෝ (නි)
සීංහල භාෂාව අහන්න පහසුවෙන් පුළුවන් එකම එක රූපවාහිනය. ඒත් අපි රැවටීම විතරයි එයින් සිදුවන්නේ. ගුරුකම් ගැන දැන්වීම් පළකිරීම ඉතාම කණගාටු දායකය. එය වනචාරී යුගයකට ගෙනයාමකි. පුවත් හිමිදිරිය කරන අයට ඇති දැනුම ගැන කණගාටුයි. කාටුන් විග්‍රහය අන්තිමයි .මොනවහරි විරෝධතා ව්‍යාපාරයක් ඉතාලියේ තිබුනොත් ඒකටත් අනුග්‍රහය එයාලගෙන්.උදේ සිට රාත්‍රිය වන තුරු එක දිගට දැන්වීම් නැරඹිය හැකිවාක් මෙන්ම කියන වැඩ සටහන් ප්‍රචාරය නොකර අපව රවටයි. අන්තිමට ඉතිරි වන්නේ කලකිරීම පමණයි. මේ ආයතනයට හරවත් වැඩ සටහන් දී ඔවුන්ව දිරිමත් කිරීම ලංකාවේ ඇති සියලුම රුපවාහිනී ආයතනවල ට ඇති යුතු කමකි. (නදී)
විශ්වජිත්,ඔයා කියන එක 100% හරි. සමහර නාලිකා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් කාරයන්ගෙ පාරාදීසයක්. ලෝක හොරු ගෙන්නලා එයාට සුදු හුණු ගාල අසරණ මිනිසුන්ගේ සල්ලි ටික කඩා ගන්නවා. වැඩසටහන් වලින් 2/3 ක්ම බලි තොවිල් ගුරුකම් කාරයො ගැන. වෙලාවට වැඩසටහන් යන්නෙ නෑ. ගුරුකම් කරන කෙනෙක් ගෙනාවොත් එදාට තියෙන නාට්‍ය නෑ. ඒ වෙලාවත් ගුරුකම් කාරයට දීල සල්ලි කඩා ගන්නවා.(නදී)
විශ්වජිත්, පෙරේරා, ඔබලා කිවුවා හරියට හරි (නි)
ඔයා ඔහොම ඇහුවට ලසන්ත රිසානා නෆීක් වෙනුවෙන් ඒ කාලේ නාරද අයියා ඉතාලියේ ඉඳන් කරපු කියපු දේවල් අද වගේ මතකයි.ඔයා සමහර විට එයා ගැන දන්නේ නැතුව ඇති. (ස)
හැබැයි මම මේ නාලිකා දෙක ගැන ගුණ වර්ණනා කලේ 2005-2008 කාලය තුල වූ දේවල් ගැන.2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟය පවා නැරඹුවේ මේ චැනල් දෙක හරහායි. වර්තමාන තත්වය ගැන මා දන්නේ නැහැ විශ්වජිත් (ස)
රිසානාගේ ජීවිතය ගලවා ගැනීම වෙනුවෙන් සහ යුද්ධය වෙනුවෙන් එදා නෙත් ශ්‍රී ලංකා නාලිකාව කල දේවල් අද බොහෝ දෙනෙකු නොදන්නවා වුවත් හෘද සාක්ෂිය ඇති අයට මතක ඇති . වරුණ මේ පිළිබඳව සම්පුර්ණ පැහැදිලි කිරීමක් ඉතා දීර්ඝ නිසා ලංකාදීපයේ වටිනා ඉඩ කඩ තුල ලිවීමට නොහැකි වේවි . නමුත් ඔබ නිසාම මා එය මගේ ෆේස් බුක් පිටුවේ පල කරමි. (ස)
එකට වැඩ කල එක නියමයි (දී)