හම්බන්තොට මත්තල වරාය අසලදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට බැණවැදී තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹින් ගිය විශේෂ කණ්ඩායමක් විසින් මොවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
හම්බන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් කිසිත් නොකළ බවට විරෝධය පළ කරමින් සෙනසුරාදා හම්බන්තොට පොලිසිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ද කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති , පසුවෙලා හරි අල්ලා ගත්තා . (දී)
නීතිය සාධාරණව ඉටුවෙයිද?(දිල්)
මිනිස්සුන්ට ගහන්න බැහැ ඒක නීතියෙන් සලකන්නේ අපරාධයක් විදිහට (දී)
නීතියේ ආධිපත්‍ය රටකට ඉතා වැදගත් (දී)
එතකොට අර නගරදිපතිව අල්ලා ගන්න බැරි උනාද (දී)
නිතිය යනු බලවතාගේ උවමනාවයි ! (ස)
සෙල්ලම් පිස්තතෝලෙන් ළමා කාලෙ ඔට්ටු සෙල්ලම් කරන, වැඩිහිටි මහත්තයත් ඉන්නවද ඔතන. (ස)
සෙල්ලම් පිස්තෝලෙත් එක්ක සෙල්ලමට හැංගුන පාර තාම එයාව හොයනවා ඇති.(ස)
එතකොට අර සෙල්ලම් පිස්තෝලය අරන් ආපු කෙනාට මොකද උනේ ?(දී)
අපිට නම් ඒ අය සැක නැහැ, නැහැමයි (නි)
අපේ ගෙවල් පැත්තේ හිටියා තමන්ගේ මහන්සියෙන් සධාරනවා හම්බ කරගෙන අහිංසකව ජිවත් උන තරුණයෙක්.ගෙදර හිටියේ බදින්න කිට්ටු නංගියෙකුයි අම්මයි ලෙඩින් වැටුන තාත්තයි.මේ දරුවටත් බදින්න අහිංසක ගැනු ළමයෙකුත් හිටියා.දවසක් ඒ පැත්තේම උන සොරකමකට සැක කරුවෙක් කියල මේ ලමයව පොලිසියෙන් ජීප් දෙකකින් ඇවිත් මේ හැමෝටම පේන්න ගගහ පාරේ ගෙනිහින් ජීප් එකට නග්ගගෙන ගියේ භයානක අපරදාකරුවෙක් වගේ.ඒ ළමයාගේ කිසිම සම්බන්දයක් නැහැ කියල පසුව ඔප්පු උනා.ඒ ළමයාගේ වැදගත් කමයි පවුලට සම්බන්ද වෙන්න හිටිය අයගේ වැටහීමත් නිසා අදත් ඒ ලමයා සාමාන්‍ය ජිවිතයක් ගෙවනවා.නැත්නම් මෙලහකටත් ඒ ලමයා ඒ සිද්දිය නිසා ජීවිතය විනාස කරගෙන.මම මේ කතාව කිව්වේ ඔය පිස්තෝලයක් ගත්ත කතාවේ සැකකරු කියල තිබුන තමන් වැඩ අදික නිසා පොලිසියෙන් ටිකක් කට්ටි පැන පැන ඉන්නවා,වෙලාවක් හම්බ උනහම පොලිසිය පැත්තේ යනවය කියල.මේ කතා දෙකම සත්‍ය කතා.ඉතුරු කොටස ඔබට බාරයි. (දී)
තාම සැකපිට විතරද? (දී)
ඒගොල්ලන්ටත් එහෙමනම් , අපිට මොන කතාද? (දී)
අඩන්න ඉන්න මිනිහට ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ (දී)
හරියට නිතිය ක්‍රියාත්මක කරනවාද කියලා සමාජය අවදියෙන් (දී)
ඉතින් එහෙනම් මුලින්ම අල්ලන්න ඕනෑ අර සෙල්ලම් පිස්තෝල අයියාවනේ. (නි)