කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටිය (පිලිප් ගුණවර්ධන පිටිය) අලුත්වැඩියා කිරීමේ වැඩ අද (1) වේගවත් කැරිණි.
බැකෝ පහක් පමණ අද එහි වැඩට ගෙනැවිත් තිබිණි. සේවකයෝ 50ක් පමණ පැමිණ සිටියහ. කොළඹ නගර සභාව මෙම කටයුතු භාරව ක්‍රියා කරයි.
මෙම පිටිය වෙන්කරවා ගැනීමට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබූ බවද වාර්තාවේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා සංවිධායකයන් කියා තිබුණේ තමන් ඉල්ලූ හයිඩ් පිටිය තමනට නොදීම සඳහා කොළඹ නගර සභාව එහි වළවල් හාරා ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිටියට පාද යාත්‍රාව එයි කියලා නේද මේක හාරන්නේ.(හේ)
මොනවා කලත් මහජන මුදල් නාස්ති. එච්චරයි. (ර)
සිල්වා මහතා කියන කතාව හරි, දැන් අපි හරියට බැලුවොත් කෝ මහින්ද මහත්තයා එක්ක හිටපු උගත්තු , බුද්ධිමත්තු , කලාකරුවෝ, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ , ආචාර්යවරු කිසි කෙනෙක් නැහැ. අවුරුදු 10 ක් රට කරපු එතුමාට අන්තිමට ඉතුරු වුනේ බේබද්දෝ ටිකක් සමග රටේ දේපල සූරා කාපු නායකයෝ ටිකක් විතරයිනේ.(හේ)
මේ පාද යාත්‍රව යන එක ජන ජිවිතයට මොනතරම් බාධාවක්ද මේ කරන්නේ කියලා කල්පන කරන්න (හේ)
නමට මෛත්‍රී ,ක්‍රියාවනම් වෛරී , මේ වැඩේ බොහොම හදිස්සිනේ , අනික වෙන කරන්න වැඩකුත් නැහැනේ. සියලු වැඩ කර අවසන්නේ නේද? විලි ලැජ්ජයි (බ)
හැමෝම මේ දෙයත් මතක් කරගන්න - අද රාජපක්ෂ ආණ්ඩුවක් තිබිල එජාප විසින් පාද යාත්‍රාවක් ආවනම් , තැන් කීයකදී මැර ප්‍රහාර ලැබෙයි ද ? පාරේ නිදහසේ ඇවිදින්න දෙයිද ? මාධ්‍ය මෙය පෙන්වයි ද ? (බ)
රෙදි ඇදගෙනද මේවට අන දුන්නේ විලි ලැජ්ජයි. (ම)
මිනිසුන්ට ඇත්ත තේරෙනකොට පරක්කු වැඩියි. (ර)
මට මේ වෙලාවෙ මතක් වෙන්නේ සිරිකොත ඉස්සරහ පාර කාපට් කරපු එක. (ර)
චතුරි, පිටබැද්දර ජයා එක්ක මොනවා හරි මේකටත් ලියන්න කෝ. (ර)
හොදට තිබ්බ පිටියට මේ මොකද ආයේ කරන්නේ.(හේ)
කොහොමත් කොහේහරි හාරන එකනේ කරන්නේ. මේ හාරන තුන්වෙනි තැන. මෙතනත් රත්තරන් මතු කරගන්න හදනවා වගේ. ලැජ්ජයි, අප්‍රසන්නයි. මේවද රජයක වැඩ. (නි)
අැයි ඔයතරම් බය? (නි)
මේකත් අර ජෝන් බාස් ඇවිදින මන්තිරුව කැඩුව වැඩේට දෙවෙනි වෙන්නේ නැහැ . අපරාදේ ජනතාවගෙන් එකතු කරපු බදු මුදල් ටිකක් නිකන් අපතේ අරිනවා ..(රේ)
යකෝ උබල සෙල්ලන් කරනේ අහිංසක රට වැසියන්ගේ සල්ලිත් එක්ක. එකක් හදනවා අනික කඩනවා. මේවා ගොන් පාර්ට්..(රේ)
අනේ දර්ශන මහින්දද එක්සත් ජාතික පක්ෂය පෙළපාලි යනකොට අම්බානට කුරුඳු පොලු වලින් නෙළුවේ? ලජ්ජා නැති වැඩ මේවා. මේකද ඔයාල ගෙනාපු යහ පාලනේ. කලින් වගේමනේ ඉතින්. (බ)
යහා පාලනයේ සංවර්ධනයේ වේගය ඔබලාට සතුටුයිද දැන් ?(අ)
මෙහෙමත් වැඩ.(හේ)
හොදට තිබුන පිටිය කැඩීම රජ්‍ය මුදල් නාස්ති කිරිමක් නොවේද ?.(රේ)
මීට කලිනුත් මේ ක්‍රිඩා පිටිය නවීකරණය කළා නේද?(හේ)
අනුන්ට බොරු වලවල් කපන අය නොදැනීම බොරු වලවල් වලට වැටෙනවා.(හේ)
විලි ලැජ්ජයි .(රේ)
මේ සිරස්තලය වෙනුවෙන් ලංකාදීපයට අපේ ගෞරවය.(රේ)
මේවා තුට්ටු දෙකේ වැඩ .....(රේ)
නියමයි (බ)
යහපාලනය යනු මෙය වෙයි. (බ)
මෙතන සේවකයන් 50 ක් වැඩ කරනවා කිවුවට 45 ක් ම නිකන් ඉදගෙන ඉන්නේ . රජයේ හැම තැනම මෙහෙම තමා. සේවකයෝ 100 ක් ඕන තැනට 1000 ක් දානවා 4 ක් 5 ක් වැඩ කරනවා.අපේ බදු මුදලින් පඩි ගෙවනවා .(රේ)
ඒ අය කළා කියා මේ අයත් කරන එක ඉතාමත් අසාධාරණයි .(හේ)
මම මේ කිසිම දේශපාලන පක්ෂයක් ගැන හිතලා නෙවෙයි කියන්නේ. කොහොම උනත් අදම පිට්ටනිය හදන්න පටන් අරගෙන මේ කරපු වැඩේ නම් ගොඩක්ම නින්දිතයි. යහපාලන රජයට තමයි මමත් චන්දය දුන්නේ. නමුත් මේ කරපු වැඩෙන් යහපාලන රජයට ලොකු කළු පැල්ලමක් ඇති වෙනවා. අද පිටිය අලුත් වැඩියා කරන්න පටන් ගන්නවානම් පිටිය වෙන් කරගන්න ඉල්ලපු වෙලාවේ එක කියන්න තිබුනා නේද. හදිසියේ අලුත් වැඩියා කටයුත්තක් පටන් ගන්න තරම් මොකක්ද තියෙන අවශ්‍යතාවය..(රේ)
යහපාලනය යනු මෙය වෙයි.(රේ)
ඔබට සතුටුද දැන් .(රේ)
යහපාලනයේ කුහක ගති.(රේ)
නගර සභාව මෙච්චර කාර්යක්ෂවම මේ වැඩක් කරනවාමයි වෙන්න ඇති (රේ)
පේනවනේ? තාමත් මේ රටේ වැඩක් වුනොත් වෙන්නේ මහින්ද හින්දම තමයි! (රේ)
පාද යාත්‍රාවෙන් ඔප්පු වුනා අපේ රටේ ජනතාව වැඩි හරියක්ම රැකියා නොකරන නිකන්ම නිකන් දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න පිරිසක් බව ඉතින් මෙම රටක් දියණු වේද ?(හේ)
එතකොට සිල්වා යු එන් පි එක ජන බල මෙහෙයුම් කරන කාලේ ඔබ කොහෙද හිටියේ? (රේ)