IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘‘යුක්තිය නවත්වන්න‘‘-මනව හිමිකම් සංවිධානය

(විමුක්ති එස් රුද්‍රිගු)

විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති යුක්තිය මෙහෙයුම වහාම අත්හිටුවන ලෙසත් මෙහෙයුමේ මෙතෙක් ගමන් මග සමාලෝචනය කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

යුක්තිය මෙහෙයුම දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග මත පදනම් වී ඇති බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පැවැසුවේය.

අනිවාර්ය පුනරුත්ථාපන මධ්‍යස්ථාන වහා වසා දැමිය යුතු බවත් ඒ වෙනුවට ස්වේච්ඡා, සාක්ෂි සහ අයිතිවාසිකම් මත පදනම් වූ, ප්‍රජා මූලික සමාජ සේවාවක් පිහිටුවිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවත් මනාව හිමිකම් විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

යුක්තිය මෙහෙයුම අත්හිටුවා විෂ මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවද මනාව හිමිකම් විශේෂඥයන් පෙන්වා දුන්නේය.

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ටද මානව හිමිකම් තිබෙන බවත් ඔවුන් තවදුරටත් සමාජයෙන් කොන් වීමට සහ වෙනස් ලෙස සැලකිලිවලට භාජනයටවීමට ඉඩ නොදිය යුතු බවත් එම විශේෂඥයන් පවසයි.සමාජීය සහ ආර්ථිකමය වශයෙන් කොන්වී සිටින සමාජ කණ්ඩායම් වලට අයත් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ යැයි සැක කෙරන වැරදිකරුවන් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් දහස් ගණනක් වාර්තා වී ඇති බවත් එම සිදුවීම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකින බවත් මනාව හිමිකම් විශේෂඥයන් සඳහන් කළේය.

එසේම හමුදා විසින් පාලනය කරනු ලබන පුනුරුත්ථාපන මධ්‍යස්ථානවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සිය ගණනක් රඳවා සිටින බවත් යුක්තිය මෙහෙයුම තුළදී මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට වැරදිසහගත ලෙස සැලකීමේ සහ වධහිංසා පමුණුවීමේ සිදුවීම් වාර්තා වන බවත් මනාව හිමිකම් විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

මත්ද්‍රව්‍ය සම්බන්ධ යැයි සැක කෙරෙන වැරදිකරුවන් යුක්තිය මෙහෙයුමෙන් දැඩිව මර්දනය කරන ආකාරය පිළිබඳ මනාව හිමිකම් විශේෂඥයන් දැඩි කනස්සල්ල පළ කර ඇත.

මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීමේදී ඔවුන්ගේද කැමැත්ත ඇතිව පුනුරුත්ථාපනය කළ යුතු බවත් ඔවුන්ට ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් තිබෙන බවත් එම විශේෂඥයෝ ප්‍රකාශ කළහ.

පුනුරුත්ථාපනය කිරීමට යොමු කිරීමේදී අසමාන ලෙස සැලකීම, වධ හිංසා පමුණුවිම , නීතියේ නිසි ක්‍රියාදාමය අනුගමනය නොකිරීම පිළිබඳ වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරන ලෙසද ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මනාව හිමිකම් විශේෂඥයෝ පැවැසූහ.

 



අදහස් (14)

‘‘යුක්තිය නවත්වන්න‘‘-මනව හිමිකම් සංවිධානය

සල්ලි Wednesday, 24 January 2024 07:02 AM

මේක පිටපතක් ද? අයියෝ පට්ට චාටර් ...

:       1       1

චන්දන Wednesday, 24 January 2024 07:34 AM

මෙයාලගෙ මේ කියුම්වලට යටත් වෙන්න ඕන නැහැ. මුකුත්ම කරකියාගන්න බැරි රටවලට තමයි මෙයාල පාට් දාන්නෙ. ඊශ්‍රායලය අමු අමුවේ ළමයි ඇතුළු දහස් ගණනක් මරණව . වචනයක් කතා නැහැ. ලංකාවෙ මේ වෙන දේ මිනී මරණ ඒව නෙවෙයි. අපේ එවුන්ට කොන්ද පණ තියෙනව නම් මුන්කියන ඒව ගණන් නොගෙන වැඩ කරන්න ඕන.

:       6       7

kumara Wednesday, 24 January 2024 07:45 AM

අපේ පළාතේ ජීවත් වෙන්න බෑ කුඩු කාරයෝ අමු අමුවේ අහිංසක මිනිස්සුන්ට කරදර කරනවා. පොලිසිය නිදි. මානව හිමිකම් සංවිධාන ඉන්නේ අපරාධකාරයෝ රකින්න ද? කියන දේ තේරෙනවා. නමුත් අපිටත් අයිතියක් තියෙනවා නේද ජීවත් වෙන්න?

:       4       12

Sk Wednesday, 24 January 2024 08:20 AM

විජාතික බලවේග කියල අපේ ගොබ්බයො දැන් රෙදි උස්සගෙන එයි. මානව හිමිකම් කියන්නෙ මොනවද කියල අපේ රටේ ළිං මැඩියො දන්නෙ නෑ.

:       7       10

Pradeep Kumara Wednesday, 24 January 2024 08:37 AM

ඔය කියන ඊනියා මානව හිමිකම් සංවිධාන මතට ඇබ්බැහි වූවන් නිසා පීඩා විඳින අයගේ මානව හිමිකම් ගැන සොයා නොබැලීමයි අභාග්‍යය. මතට ඇබ්බැහි වූවන් මරා දැමීමට තීරණය කරලා තියනවානම් ඔය කියන සංවිධාන හඩ නැගුවාට කමක් නෑ, නමුත් මේ කරන්න යන්නේ ඔවුන් පුනරුත්ථාපනය කිරීමක්. දැන් කාරණාව හොඳටම පැහැදිලියිනේ, මේ ජාත්‍යන්තර මත් ජාවාරම් පිටුපස සිටින්නේ කවුද කියන එක. බැටළු සම් පොරවාගත් වෘර්කයින් කවුද කියන එක දැන් පේනවා.

:       5       12

chandana Wednesday, 24 January 2024 08:56 AM

දුසරිත ලෝකයෙන් තුරන් වෙනවාට අකමැති පිරිස් ඉන්නවා

:       4       9

රංබොඩ Wednesday, 24 January 2024 10:35 AM

මානව හිමිකම් කමින් පාතාලය සහ කුඩු ජාවාරම්.කරුවන්.රකින්නට යන මේ නඩයටත් රජයෙන් හොඳ පිළිතුරක් ලැබේවි යැයි විස්වාස කරමි

:       5       8

lalanntha Wednesday, 24 January 2024 10:40 AM

ධනවත් දියුණු රටවල් කරන දේවල් කරන්න නම් උපදෙස් එක්ක සල්ලිත් දෙන්න. නැතිනම් තමන්ගේ පාඩුවේ ඉන්න.

:       4       9

නාලක Wednesday, 24 January 2024 11:06 AM

යුක්තිය නෙමෙයි අයුක්තිය

:       12       5

වංහුන් Wednesday, 24 January 2024 04:18 PM

යුක්තිය නොවෙයි, අයුක්තියලු... මෙන්න කුඩ්ඩෙක් හඳුනා ගන්න...

:       0       0

m.dammasiri Wednesday, 24 January 2024 12:03 PM

මානව හිමිකං කාරයොත් මත්ද්‍රව්‍ය හිමිකං කාරයන්ගෙ නියෝජිතයො වගෙයි පේන්නෙ.

:       3       5

fairoos Wednesday, 24 January 2024 12:19 PM

යුක්තියට මුවාවෙලා අහිංසකයින් කී දෙනෙක් ඇල්ලුවද?

:       0       0

මැක්ස් Wednesday, 24 January 2024 12:28 PM

දෙමළ ත්‍රස්තවාදය තිබුණු කාලයේ මුන් කිඹුල් කඳුළු හෙළුවේ ත්‍රස්තයන් වෙනුවෙනි. සිංහල ත්‍රස්තවාදය තිබුණු කාලයේ මානව හිමිකම් කප්පිත්තන් නිදි වැද සිටි අතර පාතාලය මර්දනය කරන විට පාතාල පැත්තට හෝයියා කීමට පුරුදුව සිටියි. කුඩ්ඩන්ට එදිරි සටනේ දී මේ මානව හිමිකම් වෙළෙන්දන් කුඩුකාරයින්ගේ පැත්තට දරදිය අදියි. එම පදයට නටන ලෝකල් ජෝකර්ලා ද කළු කොට අතර මෙන්ම ජෙපි සහ සජබ දායක සභාවල ද රඟනු දැකිය හැකිය.

:       1       7

mahesh Wednesday, 24 January 2024 12:43 PM

මේවට හිනා යන්නෙ කොහෙන්ද මන්ද

:       2       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 309 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 724 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 421 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1244 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site