IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


යුක්තියෙන් පසු අපරාධ අඩුවෙලා

(ගයාන් සූරියආරච්චි)

විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ යුක්තිය මෙහෙයුම ආරම්භ කළ ඉකුත් දෙසැම්බර් මස 17 වැනි දින සිට මෙම මස 3 වැනි දින දක්වා වූ කාලසීමාව තුළ සැලකිය යුතු පරිදි අපරාධ අඩුවීමක් දක්නට ලැබෙන බව අපරාධ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා අද (10) පැවැසීය.

මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ගෙවල් බිදුම්, වාහන කොල්ලකෑම් ඇතුළු අපරාධ කීපයක් බල අපරාධ ගණයට අයත්වන අතර ඉකුත් 2022 දෙසැම්බර් 17 වැනි දින සිට ඉකුත් වසරේ ජනවාරි 3 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා බල අපරාධ 1477 ක් වාර්තාවී තිබූ අතර එය ගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා සිට මෙම වසරේ ජනවාරි 3 වැනිදා දක්වා වූ කාලය තුළ 1313 ක් ලෙස අඩුවී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.



අදහස් (7)

යුක්තියෙන් පසු අපරාධ අඩුවෙලා

Chamila Fernando Wednesday, 10 January 2024 03:25 PM

කරන දෙය විවේචනය කරනවා නෙවෙයි. නමුත් රටක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඩලන එක පොලිසිය සහ අදාල ආයතනවල නිත්‍ය රාජකාරියක්... එය එක මෙහෙයුමකට හෝ යම් කාල පරිච්ඡේදයකට ගොනුවුණු ක්‍රියාවලියක් නොවේ. තවද තරාතිරම නොබලා හැම කෙනෙක්ටම නීතිය සාධාරණව ඉටුකළ යුතුයි.

:       0       36

aseWednesday, 10 January 2024 04:00 PM

නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීම නීතිය රකින පොලිසියේ වගකීම. මෙය කාල සීමාවකට පමණක් නොව සැමදා සිදුවිය යුතුයි...

:       0       23

Sachith Wednesday, 10 January 2024 03:32 PM

මේ අල්ලනවා කියන ඒවා පාවිච්චි කරලා, මාධ්‍ය සාකච්ඡා තියලා ඔහොම තමයි. යථාර්ථය පේන්නේ නෑ. හීන ලෝක වල ඉන්නේ...! 

:       7       12

Indhika Wednesday, 10 January 2024 03:41 PM

අඩු වුණේ..., වැස්ස වැඩි නිසා වෙන්න බැරිද?

:       8       23

සමිත සේනක අලුත්ගමගේ Wednesday, 10 January 2024 04:14 PM

මත්ද්‍රව්‍ය වුවදුර තුරන් කිරීමට කටයුතු කිරීම ගැන ස්තුතියි. ඒත්, මේ වැටලීම් වුනේ එක්තරා පිරිසකට පමණයි. බලවත් අය මේ නිසා වහන් වුණා වෙන්නට බැරිද? පොලිසියට කරන්න දෙයක් නැහැ. මේ රටේ දේශපාලකයා පොලිසියට හා අධිකරණයට ඉහළින් කටයුතු කරන බව රහසක් නෙමෙයි. ඒ නිසා කවුරුන් කෙසේ කිව්වත්, මත් උවදුර තුරන් කිරීමට නම්, ලොකු පොඩි කොයිකාටත් එකසේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් මේ රටේ ඒක සිහිනයක් පමණයි...

:       0       0

ජේ ආර් නානා Wednesday, 10 January 2024 05:30 PM

ඊ ළඟ ඡන්දෙන් පස්සේ අපරාධ සියල්ලම අඩුවෙයි...

:       7       11

ගමේ එකාලා Wednesday, 10 January 2024 05:50 PM

පාර්ලිමේන්තුවේත් ඔය කියන අය හිටියාට අල්ලන එකක් නැහැ. දේශපාලුවෝ, පොලිසියේ සමහර ලොක්කෝ, විවිධ පුද්ගලයෝ කුඩු මුදලාලිලාගේ පිහිටෙන් ගොඩගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 277 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 418 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 316 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1187 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1081 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 5706 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39177 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site