(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු යුක්රේනයේ කාර් කිව් පළාතේදී බේරාගැනීම සම්බන්ධයෙන් රුසියා සහ යුක්රේන මාධ්‍ය අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇත.
පිරිමි පුද්ගලයන් 6 දෙනකු සහ එක් කාන්තාවක මෙම සිසුන් හත්දෙනාට ඇතුලත් වන බව පැවසෙයි.
මෙම සිසුන් වයස 20ත් 40ත් අතර වයස් වල පසුවන අය බවත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සති තුනකට පෙර මොවුන් යුක්රේනයට පැමිණ ඇති බවත් යුක්රේන මාධ්‍යවේදිනියක වන මරියා රොමනෙන්කෝ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය.
සිසුන් පිරිස කුපියාන්ස්ක් හි නිවසක් කුලී පදනම මත ලබා ගෙන ඇති අතර රුසියානු හමුදා, ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසු ඔවුන් තම නිවසේ සැඟව සිට ඇති අතර පසුව වෙනත් පළාතකට යෑමට තැත් කිරීමේදී රුසියානු හමුදාවන් ඔවුන්ගේ දෑස් බැඳ හඳුනා නොගත් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇතැයි ඇය පෙන්වා දුන්නාය.
එහිදී පඩි නොගෙවා රුසියානු හමුදා සිසුන්ගෙන් වැඩ ගෙන ඇතැයිද ඇය තැබූ ට්විටර් සටහනේ දැක්වේ.
මේ අතර යුක්රේන විශේෂ බළකා ක්‍රමවේදයන් භාවිත කරමින් කුපියාන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනකු රඳවා ගෙන කර් කිව් පළාතේ හඳුනා නොගත් ස්ථානයකට රැගෙන යාම එහි මිලිටරි-සිවිල් පාලනයට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව ප්‍රකෝප කිරීමේ උත්සාහයක් දැයි සැකයක් තිබෙන බව මිලිටරි-සිවිල් පාලනයේ ප්‍රධානි විටාලි ගන්චෙව් ප්‍රකාශ කළ බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර් තා කළේය.
යුක්රේනය, යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා තම ජනතාවගේ ජීවිත පරදුවට තබන බව විටාලි ගන්චෙව් මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා සිසුන් 7 දෙනා රඳවා තබාගැනීම සම්බන්ධයෙන් යුක්රේන මාධ්‍ය රුසියානු හමුදාවන්ට චෝදනා එල්ල කරන අතර රුසියානු මාධ්‍ය යුක්රේන ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කරනු ලබයි.
විදේශ කටයුතු අමාත්‍යංශය යුක්රේන රජයෙන් මේ පිළිබඳ විමසීමක් කර ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පැවැසෙයි.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා අද (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ශ්‍රී ලංකාවට බටහිර දෙසට වන්නට ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ හතළිහක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යායාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු ඊයේ (16) අත
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්රේන හමුදා බේරාගත් සිසුන්ගේ විස්තර එළියට
SL Monday, 19 September 2022 04:21 PM
සයිටම් වහන්න කියපු කුහක යක්කු ටිකටත් මේ පවෙන් ටිකක් සම්මාද ම් වෙන්න කියන්න.
Mo77Tuesday, 20 September 2022 06:10 AM
කුහක GMOA කාරයෝ සයිටම් එකට විතරක් නෙමෙයි හෙද උපාධියට රිපූරක වෛද්‍ය උපාධියට අකුල් හෙලුවා. හරියට බැලුවොත් රජයේ වැඩ කරන කෙනෙකුට පෞද්ගලික වැඩ කිරීමේ අයිතියක් නෑ. ඒව ගැන කිසිම කතාවක් නෑ. හෙදියන්ට උපාධි ලබාදීම නැවතිලා තියෙන්නේ මේ දොස්තරලාගේ මාෆියාව නිසා. ඉස්පිරිතාලෙ පරිපාලනය සඳහා දොස්තරලා නෙමෙයි පත්කළ යුත්තේ ඒ සඳහා පරිපාලන උපාධිධාරීන් පත් කළ යුතුයි.
sugath Monday, 19 September 2022 06:05 PM
මේ ළමයින්ට තමන් උපන් රටේ තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට ඉඩ නොදුන් වෛද්‍ය සමිති මීට වගකිව යුතුයි. මේවාට අනුබල දුන් රටේ බංකොළොත් දේශපාලන පක්ෂ කිසිදිනක මේ රටේ බලයට පත් නොවෙන බව නම් සහතිකයි...
හේරත් Tuesday, 20 September 2022 08:10 AM
උසස් අධ්‍යාපනයෙන් සමත් වන සිසුන් ගෙන් 1% වත් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරනොගන්නා පාලකයන් වගකීමෙන් නිදහස් කරමු
කිරිපුතා Monday, 19 September 2022 07:56 PM
එක්තරා මැටි හෝ කඩාකප්පල්කාරී තීරණයක් ගෙන රුසියානු ගුවන් යානයක් නිසා අපට හිටිය හොඳම මිතුරෙක් වන රුසියාව අමනාප කරගත්තා. මේ සිදු වීමත් යුක්රේනය විසික් මවාපාන දෙයක් විය යුතුයි . ලක් රජය ඉතා පරිස්සමෙන් කටයුතු කළ යුතුයි.
ලුම්බිණි Tuesday, 20 September 2022 06:42 AM
රුසියන් යුක්රේන් අරගලයේදී රුසියාවට සහයෝගය දක්වන අපේ කොමියුනිස්ට් පක්ෂය මොකද කියන්නේ?