කුකුළු ගොවිපළකට බලපත්‍රයක් දීම සදහා රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත්තැයි යටියන්තොට ප්‍රාදේශිය සභාපති යු ඩී වසන්ත කුමාර අල්ලස් හා දුෂණ කොමිසම විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
කුකුළු ගොවිපළකට බලපත්‍රයක් දීම සදහා රුපියල් පහළොස් දහසක අල්ලසක් ගත්තැයි යටියන්තොට ප්‍රාදේශිය සභාපති යු ඩී වසන්ත කුමාර අල්ලස් හා දුෂණ කොමිසම විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශ කියන කතාව ඇතුලේ තවත් දෙයක් තියෙනවා.ඒ කාලේ ජේ වී පි කරපු හුඟක් අය අද ලොකු පුටුවල වැජබෙනවා. අනේ අහිංසකයෝ හන්දි ගානේ පිච්චුනා ගංගා වැව් කලපු වල පතුල් බැලුව.එහෙම වුන සමහරක් ජේ වී පි තියා දේශපාලනයට කොහොමත් සම්බන්ද නැති අය.සමහරකට මේ අත්දැකීම් අමතක වෙලා කතිරේ ගහනවා අහිංසකයින් බිල්ලට දීල රජ වෙලා ඉන්න අයට. (අ)
බම්බුවක් තමයි , කුකුල් ගොවිපලකට මොන බලපත්‍රද?(නදී)
මට නම් හිතා ගන්නත් ආමරුයි. මේ මනුස්සයා මේ වගේ දෙයක් කළා කිවම මම හිතන්නේ මේක උගුලක්. මොකද තවත් කෙනෙක් ඉන්නවා සබාපති පුටුවට ඇහැ ගහ ගෙන කිතුල්ගල නගරයේ කවුරු හරි දුම්වැටියක් බොනවා දැක්කත් විරුද්දත්වය ප්‍රකාශ කරන කෙනෙක්.((නදී)
අල්ලස් හා දූෂණ කොමිසම රටේ සෑම ස්ථානයකම පිහිටවන්න ඕනේ.(නදී)
රුවනි,අපි දෙන්නම එකතුවෙලා ලංකාවේ එහෙම වැඩකරන අයට € 500 ක පඩියක් ගෙවමු (නි)
පළාත් සභාවට ඉල්ලන්න තවත් සුදුසුකමක් ජයවේවා !(නදී)
යන්තමින් හරි රජයට විරුද්ද වෙන සියලුම දෙනාට මේ ටික වෙනවා. ර්කෙන් කියන්නේ මෙයාලා පගා ගන්නේ නැහැ කියන එක නෙමෙයි. ලංකාවේ පගා නොගන්න දේසපලකයෙක් ඉන්නවනම් කියන්න බලන්න.(නදී)
පැනියක් කඩන්නේ අත ලෙවකන්න නොවේ.(නදී)
අපි නොදන්න වසන්ත, මං ඔය පරම්පරාවම හොදට දන්නවා, කඩ කඩලා අහු වෙලා ජේ.වී.පී කලබල කාලෙ ඔය මනුස්සයට හමුදාවෙන් ගහලා කං ඇහෙනවා අඩුයි. සමන් කිව්ව වගේ හොදට සල්ලි තිබුනා කලින් නම්. ඒත් දැන් බංකොලොත්. කිතුල්ගල සිගරට් එකක් වත් බොන්න දෙන්නෙ නැති කතාව ඇත්ත තමයි. එයැයි ඒව කොරන්නෙ නෑ කියලනෙ කියන්නෙ. ඒත් කිතුල්ගල තියන සංචාරක හෝටලේකට ගිහින් හවසට කන පැලෙන්න බීල ගඟ අයිනෙ හුලං වැදි වැදි සිගරට් බොනවා. සභාවෙ වැඩ කොරපු ගොඩ දෙනෙක්(සුලු සේවකයො) මෙයාගෙන් කුනු හරප අහන්න බැරුවම අස් උනා. තව කියන්න දේවල් එමටයි. ලේ පුච්චගන්නෙ මොකටෙයි.(නදී)
මෙයත් හොඳ බ්‍රොයිලර් කෙනෙක් වගේ.(නදී)
මේ ගොවිපලට බලපත්‍රය දීමට කලින් තවත් නිලදාරියෙක් එම ස්ථානය නිරීක්ෂනය කල පසුවට එම ස්ථානය ගොවිපලට සුදුසුනම් බලපත්‍රය නිකුත් කෙරේ. එසේනම් අනිත් නිලදරියත් වරදිකරුය. සබාපති සමග අනිත් නිලදරියාවත් අත්අඩංගුවට ගන්න.(නදී)
කිතුල්ගල වසන්තට ජය වේවා.(නදී)
මචෝ කුකුලෙක් වෙනුවෙන් අපි.(නදී)
සුදුසුම පුද්ගලයන් වෙනුවට නරකම පුද්ගලයන්ද, කරන්න ඕනෑම දේ වෙනුවට නරකමදේද, කරන්න හොඳම ආකාරය වෙනුවට වැරදීම විදියද සිදුවේද? එහෙව්වූ සමාජයක පාතාලය, ප්‍රචණ්ඩත්වය, අයුක්තිය, භීෂණය, දුෂණය රජ කරයි. සත්පුරුෂයන් හූල්ලමින් භීතියෙන් ජීවත් වෙයි (නි)
සිරී මේක මනාප පොරයේ ප්‍රතිඵලයක්. ගිය වියදමි හොයන්නවත් එපා. හැමතැනම ඕක තමයි තත්වය. පුලුවන්නම් ඔවැනි තත්වයන් නැති එක ආයතනයක් තියෙනවා නම් පෙන්වන්න.(නදී)
බන්දුල කියන විධියට උසාවි දාල දඬුවම් ලබපු මැති ඇමති කෙනෙක් කියන්න බලන්න.
මෙවැනි මුදලක් අරන් පවු අනේ (අ)
රට ඉවරයි අපි අනාතයි කාට කියන්නද (අ)
අය්යෝ පාගා ගහනවානම් ලක්ෂ 50ක් වත් ගහන්න..දැන් බලන්න , අන්තිමට මොනවත් නෑ (අ)
වසන්ත සභාපති තුමා බොන්නේ නැ. බොනවට කැමතිත් නැ. මේ දේත් උගුලක් අනිවාර්යයෙන්ම. යටියන්තොට ප්‍රාදේශීය සභාව මේ තත්වෙට ගෙනාවේ මෙතුමා. කුහක දේශපාලන මතිමතාන්තර පිරිමහගන්න කරපු නින්දිත වැඩක් මේක. මේ සිදුවීම පිටුපස ඉන්නේ කව්ද මොකක්ද උවමනාව කියන දේ ලගදීම හෙළිවෙයි. සත්‍ය හැමදාම ජයගන්නවා. කාලය හැමදේම විසදනවා. (අ)
මිනිපේ, කොපි කඩේ ඩිංගි මහත්තය වගේ,වැරදියටයි කියන්නේ. (අ)
ආසියාවේ අස්චාර්ය , (අ)
මේක නම් වෙන්න බැහැ.පහළොස් දාහක් මොනවා කරන්නද ? (ස)
දෙවිනුවර ජයසිරි ලියනගේ.රට ඉවරයි අපි අනාතයි කාට කියන්නද?(අ)
අජිත් කරුණාරත්න, බන්දුල පෙරේරා කියන්නේ බුදුන් දෙවියන් අදහන තැන දීසාපාලකයන්ගේ ෆොටෝ තියලා උදේ හවස මල් පහන් තියලා වන්දනාමාන කරන මොළ හෝදපු කෙනෙක්. ඒ නිසා සත්‍ය තේරුම් ගන්න මොලයක් නැහැ. අනුකම්පා කරනවා හැරෙන්න බන්දුල පෙරේරා කියන දේවල් ඒ තරම් ගණන් ගන්න එපා.(නදී)
තිලක් ඩුබායි මහතා මේ ලංකාව ගැන හිතන විදිය එයාගේ වචනෙන්ම කිව්වොත් මෙන්න මෙහෙමයි. "ලාල් සුරන්ජිත්ලා දන්නවා අපි විදින මානසික සුවය. මෙහෙ ඉදලා ලංකාවට යනවා කියලා ටිකට් එක අතට ගනිද්දීත් හිතට දැනෙන්නේ මහා බියක්. නැවත ලංකාවේ ඉදාල නැවත එන්න ප්ලේන් එකේ නගිද්දී දැනෙන්නේ යන්තම් පන බේරගෙන ලංකාවෙන් චුත වුනා කියන සතුට. " ඉතින් තවත් මොනවද මේ මනුස්සය ගැන කියලා වචන නාස්ති කරගන්නේ. රටට අච්චර ද්‍රෝහී කම් කරන දෙමල ඩයස්පොරවේ එකෙක්වත් මේ විදියට මේ රටට නින්ද කරනවා මම අහලා නැහැ. කොමෙන්ට්ස් වලින් ආණ්ඩු පෙරලන්න හදන මැටි හරකෙක්. මී හරකෙක් කියන්න බැහැ උත් මීට වඩා හොදයි.(නදී)
නුවන්ට පිස්සු, අද රටේ පගාව ගන්න ,දුෂණ කරන, අල්ලස් ගන්න මිනි මරණ අය තමයි මහත්වරු හැටියට සලකන්නේ. නුවන් ලංකාවේද කියලා හිතෙනවා (දී)
බොහොම ස්තුතියි තිලක්. (දී)
බන්දුල, ආණ්ඩු පක්ෂයේ වැරදි කරපු අයට දඩුවම් දෙනවලු. එයාගව මල්මාලා දාලා පිළිගන්නේ ඔබ වැනි අය විතරයි. අපේ ඇස් පේනවා මදිද මන්දා. (දී)
යටියන්තොට ආණ්ඩුවේ සංවිධායක එක්කත් වලි ද? පිරිසිදු දේශපාලනය කරනවා කියලා උඩින් හිටියේ.අහුවුනේ 15000 විතරයි. ඒත් මෙයා කව කොච්චර අරගෙනද දන්නෙ නැහැ (දී)
පද්මිණි නංගී, මොකද දඩුවම් ලැබුණු අය විපක්ෂයේද? මට නම් ඉතින් හතලිස් ඇදිරිය ..ඔයාට එහෙම නැහැ නේද? (දී)
ලොව අංක එකේ හොරුන්ගේ පාරාදීසය.... (නි)
වරුණ කෝ මොකක්ද මේකට කියන්නේ?(නදී)
කතාව නම් බුදු වෙන්න. (නදී)
සාලිය මටනම් මේකට කියන්න තියෙන්නේ මේ ආස්චර්‍යම තමා කියලයි. අල්ලනවා අහුවෙනවා ටික දවසයි ඊටපස්සේ ආයේ නාම යෝජනාත් හම්බවෙනවා ආයි දිනනවා නැවත, නැවත ජරාවම කනවා.(නදී)
පගා ගහන තරමක් ගහන්නේ ප්‍රාදේශීය සභාපතිලා මොකක්ද මේකට රහස? පත්තරේ බැලුවොත් ප්‍රාදේශීය සභාපතිකෙනෙක් මාට්ටුයි ජරාව කාලා.(නදී)
මේ පාර ඡන්දෙදිත් මේ කටිටියටම දෙමු. එතකොට ලංකාවේ මිනිස්සුන්ට ආස්චර්‍යකට ගිය හැකියි. අපේ මිනිස්සු චින්තනයෙන් මත්වෙලා ඉන්නේ.(නදී)
තනතුරේ හැටියට ගත්තු ගාන මදි, මම දන්න පොලිසියේ මහත්තයෙක් ඉන්නවා ප්ලේන්ටියත්, බුලත්විටත් පගාවට ගන්න. අවුරුදු 25ක් විතර තාම කොස්තාපල්.(නදී)
රස්සාවෙන් දොට්ට දාන්න ඕනා රාජකාරිය හරියට කරන්න බැරිනම්. මීට වඩා හොරකම් කරන අය ඕන තරම් ඉන්න බව අමතක කරන්න එපා. මැති ඇමති වරු පඩියෙන්ම වෙන්න ඇති ජීවත් වෙන්නේ.(නදී)
ලංකාවේ හැම කෙනාම පගාව ගන්නවා. නොගන්නේ මැරුන සහ නොඉපදුන කෙනා පමණයි. මේකට ප්‍රදානම හේතුව අදායම සහ වියදමයි. මේ කාලයේ හැටියට හැම පුර වැසියෙකුටම අඩුම තරමේ යුරෝ 500 ලැබෙන්න ඕනා. මේ සදහා කර්මාන්ත ශාලා, අපනයනය ඇති කොට රට දියුණු කල යුතුය. අපේ රටේ ඇති නැති පරතරය විශාලයි. දේශපාලුවන්ට ආවඩන නිවට ජාතියක් බවට පත් වෙලා.(නදී)
අනේ සභාපතිතුමෝ, ඔයතරම් අඩු ගනනකට බලපත්‍ර දුන්නම අනෙක් සභාපතිලටත් බඩේපාර වදිනවනේ.(නදී)
සරසි, එහෙනම් එයා මහත්තයෙක් වෙන්න බෑ.(නදී)
සල්ලි වියදම් කරලා චන්දෙන් දිනලා ඔතෙන්ට එන්නේ පඩිය බලාගෙන නෙවෙයිනේ. (නි)
ඔන්න බලන්න මෙවර ඡන්දෙදි මෙයා උඩින්ම දිනන්නේ නැද්ද කියලා (නි)
විශ්ව විද්‍යාල සිසුන් දක්ෂ අචාර්‍යවරුන් එකතු වෙලා පළාත් සබාවට නාම ජෝජන ලබා දී බුද්දිමත් සංවාදයක් මේ රටේ අසාදාරණයට, හොරකමට විරුද්දව ඇති කල යුතුයි. මෙය අන්කුත් බෞද්ධ දේශාභිමානී සංවිදාන වලත් යුතු කමක්. ඡන්දෙ ඉල්ලනේ පළාත් සභා දිනීමට නොව ජනතාව දැනුවත් කිරීම සඳහායි.(නදී)
අනෙක් සබාපති උතුමන්ලාට යකා නැගලා ඇති මේ වගේ පොඩි ගණනක් අරන් අපහාස කලාට. (නි)
මට නම් හිතාගන්න බැහැ (නි)
ඔබ අරගන්න, අරගන්න මට වාසනා. මා පිනවන්න, සනසන්න මට වාසනා.(නදී)
පළාත් සබා මන්ත්‍රිලට,සභාපතිලට ,හරියට ඩෙංගු වගේ වසංගත රෝගයක් බෝවෙලා වගේ. කොහොමත් ඔය හොරුම තමා ඉස්සරහටත් පත්වෙන්නේ (නි)
කුකුල් මස් ගනන් යන එක අහන්න දෙයක්ද, මෙහෙම පගාව ගන්නකොට. (නි)
රුවනි හොද අදහසක් 100% එකගයි ඇත්ත එයයි. දියුණු රටවල පගා ගැහැලි නැත්තේ මිනිසුන්ට හොද ආදායමක් තියෙනවා. දේශපාලකයෝ පස්සේ යන්නේ නැහැ. ජනපති, අගමැති මාරුවුනත් කිවිසුමකටවත් ගනන් ගන්නේ නැහැ. ඒ හැම කෙනාටම හොද ආදායම් තත්වයක් තියෙනවා. හොද ජීවන රටවක් තියෙනවා. ඒක ජාතික ප්‍රතිපත්තියක්.(නදී)
මම රජයේ සේවයේ ඉන්න කලේ මගේ ද්‍රවිඩ ජාතික බොස් මට කීවා කෙනෙකුගේ අවංකභාවය මුදලින් තක්සේරු කරන්න පුළුවන් කියලා. මෙයාගේ අවංකකම රුපියල් 15000යි. මෙයා රුපියල් 15000 මුළු ජීවිතයම පාවාදුන්නා. එම මුදලට මෙයා ඕනෑම පර වැඩක් කරන්න ලැහැස්ති කෙනෙක්.(නදී)
අපරාදේ කියන්න බැහැ ඒ සල්ලි වලින් එයාගේ නෝනා පන්සලේ පුණ්‍ය කටයුතු වලට ලෝබ නැතිව වියදම් කරනවා ඇති. ළමයි ඉහලම ස්කොල වල පන්තිවල හොදට සල්ලි වියදම් කරලා ඉගෙන ගන්නවා ඇති.(නදී)
අයියෝ සල්ලි.(නදී)
මේක තරහට කව්රුහරි අටවපු උගුලක් වෙන්න බැරි නැහැ. මොකද මෙයා හොඳ සල්ලි ඇති කෙනෙක් නිසා 15000 ගත්තා කියන එක පිළිගන්න අමාරු බව යටියන්තොට සමහර අයගේ අදහසයි. (නි)
අනේ පවු, අහිංසකයා නැති බැරිකමට ගන්න ඇති (නි)
අපෝ...ගාන පොඩියිනේ.මේක මුළු සභාපති සංගමයටම අවනම්බුවක්.ගන්නවානම් ලක්ෂ 50 ක් වත් ගන්න එපාය.(අ)
මේ ඔක්කොම හොරුනේ. ඡන්දය දීපු අපිට ගහන්න ඕනෑ (නි)
මේ වගේ අයට මේවා සුළු වැඩ. එන පාරත් ඡන්දෙ ඉල්ලගෙන ඒවි. (නි)
මම අවංකවම කියන්නේ ප්‍රාදේශීය සභාවක සබාපති කෙනෙකුට අවම රුපියල් ලක්ෂයක්, මන්ත්‍රී කෙනෙකුට රුපියල් පනස්දාහක්වත් ගෙවිය යුතුයි. එතකොට පගාව නොගෙන ඉදීවි. එයාලගේ ආදායම මදි ඒකයි පගාව ගන්නේ. මේ ප්‍රශ්නය සානුකම්පික ඇසින් බලමු. මෙතුමා නැත්නම් රු 15000 කට තම දේශපාලන ජීවිතය පුජාකරයිද. මෙය උගුලක් විය හැකියි. අනුකම්පා කරමු. (නි)
අනේ මන්ද ..සමහරු කියනවා රටේ නීතියක් නෑලු ..එ වුනාට ආණ්ඩු පක්සේම අයව අත් අඩංගුවට අරන් උසාවි දානවා,,දඩුවම් ලැබෙනවා....මොකක්ද ඇත්ත කියල හිතාගන්න බැහැ.(අ)
ඡන්දෙ ඉල්ලයි නොවෙයි ඉල්ලන්න තියෙන සුදුසු කමක් සමත් ටිකට් එක ඉහලින්ම හම්බු වෙයි ලංකාවට ජයවේවා.(අ)