යටවත්ත පොලිසිය පක්ෂග්‍රාහීයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට අද ලිඛිතව පැමිණිලි කළේය.
මධ්‍යම පළාත් සභාවට තරග කරන ඔහුගේ පුත් චින්තකගේ ආධාරකරුවන් හා ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ බාල සොහොයුරු පරාක්‍රම ආධාරකරුවන් අතර ඇති වූ මේ ගැටුමෙන් චින්තනගේ රියදුරකු රිමාන්ඩ් කර ඇතැයි ද, පොලිස් පරීක්ෂකගේ පක්ෂග්‍රාහී ක්‍රියාව නිසා පහර කෑ අය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඒකනායක මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට පක්ෂග්‍රාහී පෙන්නේ මැති ඇමතිවරු උනහම තමයි සාමාන්‍ය මිනිහෙක්ට උනානම් නඩු දාලා හිරෙත් යවලා (දී)
මහේෂිකා, ඔයා කොහොමද එහෙම කියන්නේ? අපි දන්නා විදියට එතුමා හොඳ නීති ගරුකව මේ ජන්දය කරනවා. නමුත් දන්සල් දෙන අය නිසා පළාතේ බොහොම කලබල. (ස)
ඡන්ද දායකයිනි,ඔය වගේ දේශපාලකයන්ට ඡන්දය දීමට පෙර දෙවරක් සිතන්න. (ස)
දෙන්නම නියෝජ්‍ය නේ. කොහොම උනත් රෝහණ නීතිය දන්නේ නෑ. මේ සැරේ ජනතාව හොඳ පිළිතුරක් දේවි. (ස)
ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකෙනෙක්ටත් ඔහොම පොලීසිය සළකනවා නම් දුප්පත් අසරණ මිනිස්සුන්ට සළකන විදිහ හිතාගන්න පුළුවන් නේ (නි)
ඕක යටවත්තනේ නමින්ම. ඒ නිසා පොලීසියත් යටයි. ඉක්මනට ගමේ නම වෙනස් කරමු (නි)
මේක නවනිදෙන් පිල්ලේ අපිට විරුද්ධව උසිගන්නන්න කරන පැමිණිල්ලක් වෙන්න බැරිද? (නි)
පව්. අද තමා මේක තේරිලා තියෙන්නේ (නි)
මධ්‍යම පළාතේ ඡන්දදායක භවතුනේ, මේවත් හිතට අරගෙන ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. සුදුස්සෙක් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී සිටින්න. (නි)
ලස්සන කතාවක්. ඉතින් පොලිසිය මම නම් මට විකල්ප 4 ක් තිබුනා. එක්කෝ මෙයාගේ සැමියා අත්අඩංගුවට ගැනීම, නැත්නම් අරයගෙ සැමියා අත්අඩංගුවට ගැනීම, එහෙමත් නැත්නම් දෙන්නම අත් අඩංගුවට ගැනීම හෝ එක් කෙනෙක්වත් අත් අඩංගුවට නොගැනීම. හතරෙන් කොයි එක කළත් මට බැනුම් අහන්න වෙනවා. ඉතින් මම අඩුවෙන්ම බැනුම් අහන දේ කළා. (නි)
කාගේත් වැඩ අපි හොදට දන්නවා (නි)
පාර්ලිමේන්තු ලොක්කන්ගේ ළමුන්ගේ මොන්ටිසෝරිය පලාත් සභාවයි. (අ)
අසාධාරණයි (දී)
අඩමානයක් නැහැ පොලිසිට නියෝජ්‍ය ඇමතිගේ පැත්ත ගන්නේ නැතුව අපක්ෂපාතිව වැඩකරනවා ඇති, පොලිසියටත් දැන් හොදටම හෙම්ම්බත්වෙන්ද වෙලානේ තියෙන්නේ, ඔහොමයන්ග් ඇමැතිතුමෝ (අ)
ආණ්ඩු පක්ෂේ ඇතුලෙත් පොලිසිය පක්ෂග්‍රාහී නම් විරුද්ද පක්ෂේ අපේක්ෂකයින්ට පොලිසිය කොහොම සලකනවා ඇත්ද ...එතකොට ඔය කියන ප්‍රජාතන්ත්‍ර වාදය කොහෙද තියෙන්නේ?රටට වෙන්නේ මොකද්ද දෙවියනේ .......(දී)
අර යෝධබල යෝධ ශක්තියෙන් වැඩක් ගනිමුද? (නි)
ඔයතරම්ම අසාධාරන වැඩ වෙනවද? (නි)
විරුද්ධ පක්ෂේ කෙනෙක් කීවානම් ඔය ඇමතිතුමා මොකක් කියයිද? (නදී)
අප්පේ මෙහමත් දේවල්. අපි එකමුතුයි කිව්වට කෝ? (නදී)
දැන්ද දන්නේ? කියන්නත් දෙයක්ද ඇමති තුමෝ. මොකද යටවත්ත විතරද ?(නදී)
ඇමතිතුමා දැන්ද ඕක දන්නේ? (නදී)
දැන් බලපුවම පවුල් වල පුරුක් නේ ඡන්ද ඉල්ලන්නේ. ඉතින් කොහොමද මේ රට දියුණු වෙන්නේ. හොඳ උගත් පුද්ගලයෙක්ට මේ ප්‍රදාන පක්ෂ වලට ඇතුල් වෙලා ඉහලට නගින්න දැන් දේශපාලනයේ අවස්තාවක් නැහැ. මේ රටේ දියුණුව හීනයක් පමණයි.(නදී)
ඔයාලට ඔහොම නම් අපිට කොහොම කරයිද? කඩු ඉවර වෙනකොට පෙරහැර ගිහින් හමාරයි.(නදී)
ඔබ තුමාලාම ඔහොම කියනවනම් අනිත් අය ගැන කුමන කතාද? (අ)
ආණ්ඩුවේ ඇමති කෙනෙක්ම මෙහම කියද්දී,විරුද්ද පක්ෂ වලට මොන තරම් අසාදාරනයක් වෙන්ව ඇත ද. ශ්‍රී_ලංකා පොලිචිය විසුරුවා හැර අලුත්ම සාමාජිකයින්ගෙන් අලුත් පොලොසියක් පටන් ගතහොත් නරකද.? (අ)
ලංකාවේ පොලිසිය කොහොමත් පක්ෂග්‍රහි එක අදද දන්නේ ඇමතිතුමා ..පව් ඔයා බබා..(අ)