(විමුක්ති එස් රුද්‍රිගු)
සාමාජිකයන් සය දෙනකුගෙන් යුත් ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හරින බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර ඇතැයි අද (17) එරට මාධ්‍ය වාර්තා කළේය.
ඊශ්‍රායල යුද කැබිනට්ටුව ඊයේ (16) රැස්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදුකර ඇතැයි ඔහු පැවැසුවේය.
යුද කැබිනට්ටුවේ සාමාජිකයකු වූ බෙනී ගාන්ට්ස් ඉන් ඉවත්වීමෙන් පසුව අන්ත දක්ෂිනාංශික සන්ධාන හවුල්කරුවන් නව යුද කැබිනට්ටුවක් පිහිටුවන ලෙස අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට බල කරමින් සිටින අවස්ථාවක ඔහු මෙම තීරණය ගෙන තිබේ.
සන්ධාන ගිවිසුමකට අනුව බෙනී ගාන්ට්ස්ගේ ඉල්ලීම මත යුද කැබිනට්ටුව පිහිටවූ බවත් ඔහු ඉවත් වීමෙන් පසුව යුද කැබිනට්ටුව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත.
යුද කැබිනට්ටුව විසිරුවා හැරීමෙන් පසුව ගාසා තීරය පිළිබඳ තීරණ කුඩා අමාත්‍ය මණ්ඩලයක් විසින් ගනු ලබනු ඇති බවත් එම අමාත්‍ය මණ්ඩලයට යුද කැබිනට්ටුවේ සිටි ආරක්ෂක අමාත්‍ය යොඇව් ගාලන්ට් සහ උපායමාර්ගික කටයුතු අමාත්‍ය රොන් ඩර්මර්ද ඇතුළත් වනු ඇති බවත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුද කැබිනට්ටුව ගැන බෙන්ජමින් තීරණයක් ගන්න යයි