යුද්ධය ජයග්‍රහණය කළ ද පසුගිය කාලයේ සාමය පරාජය වී තිබුණු බවත්, සාමය දිනා ගැනීමට දැන් අවස්ථාව ලැබී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
යුද්ධයේ අත්දැකීම් අළලා රදිකා පද්මනාදන් තරුණිය ලියූ ‘මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ‘ නම් කෘතිය එළි දැක්වීමේ උළෙලට සහභාගී වෙමින් හිටපු ජනපතිනිය එලෙස කීවාය.
වසර 30ක පමණ යුද්ධයක් පැවැති රටක සාමය දිනා ගැනීම පහසු නොවන බවත්, ආකල්ප වෙනස් කරමින් සාමය ඇති කිරීමට මග පාදා ගත යුතු බවත්, ඒ සදහා රජයේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.
ජාතීන් අතර ප්‍රශ්නය හා මෑතකදී නිර්මාණය වූ ආගම් අතර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා පක්ෂ පාට වැනි පටු බේදවලින් තොරව එකතු වී කටයුතු කරන ලෙස තමා යෝජනා කරන බව ද ඇය කීවාය.
රාධිකා පද්මනාදන් තරුණිය (23) යුද බිමි දිවි ගෙවා ඇති බවත්, ළාමක වියේදී ඊළාම් රාජ්‍යක් උදෙසා අවි දරා ඇති බවත්, ඉන් පසු එම සංවිධානයෙන් රහසිගතව පළා එද්දී වෙඩි වැදී පාදයක් තුවාල වී ඇති බවත්, රොහල් කිහිපයක ප්‍රථිකාර ලැබීමෙන් පසු කොළඹ ජාති රෝහලට මාරු කර ඇති බවත් මෙම කෘතියට හැඳින්වීමක් එක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ජාතික රෝහලේ ප්‍රතිකාර කරන සමයේ කාත් කවුරුත් නැතිව දුකින් හා මානසික පීඩනයකින් සිටි බව ද, ඉන් පසු වෛද්‍යවරුන් සහ අනෙකුත් අය සමග සුහද වූ බව ද, රෝහලේ සිටිය දී සිතේ වූ පීඩනය පිට කිරීම සඳහා කවි ලියූ බව ද රාධිකා පද්මනාදන් කීවාය.
මව පියා නැති ඇයට ඉන් පසු මව සහ පියා වී ඇත්තේ සිංහල පුද්ගලයන්ය.
‘යුද්ධෙ ඇතුළේ මොකද වෙන්නේ කියා බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඒ පිඩනය ගැන අනිත් අයටත් දැන ගන්නයි මේ පොත එළි දක්වන්නේ. එදා රෝහලේ සිටිය දී කවි ලිව්වේ පීඩනය දරා ගන්න බැරිවයි. කවි ලියන්න ලියන්න සිත සැහැල්ලු වුණා. අම්මා තාත්තා නැති මට මේ සමාජයෙන් අම්මා තාත්තා වගේ අය ලැබුණා. අද මට ගොඩක් සතුටුයි.‘ යැයි ද රාධිකා පැවසුවාය.
හිටපු ජනාධිපතිනිය ප්‍රධාන මේසයේ සිටිය දී එතැනට අමුත‍්තකු ලෙස ආ වාසුදේව නානායක්කාර මහතාට ද ප්‍රධාන මේසයට එන ලෙස ආරාධිතයන් කතා කළ ද ඔහු පැමිණියේ නැත.
ප්‍රවීන නාට්‍යවේදියකු වන ධර්මසිරි බණ්ඩාරනායක මහතා ද කතාවක් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මොකටද නිකන් ලේ පුච්චා ගන්නේ මේවට උත්තර දීලා? (නි)
මහින්ද යුද්ධය ඉවරකළේ නැත්නම් ඔය කවුරු කවුරුත් ඔහොම කතාකරන්නවත් අද නැහැ (නි)
දැන් ඔය කතා කිවුවා කියලා මොකක්ද ඇති වැඩේ? (නි)
ඔය කතා අහලාම දැන් අපිට ඇතිවෙලා (නි)
එසේනම් මෙවන් පොතක් බිහිවේවිද? (නි)
අපි නම් දන්නේ යුද්ධය දිනුවට පස්සේ ඔබතුමියටත් අපිටත් බියෙන් සැකෙන් තොරව පාරක බැහැලා යන්න අවස්ථාව ලැබුනා කියන එක. වෙන මොන සාමයක්ද? (නි)
ආ යුද්ධය දිනුවද? ඒ කාලේ කොහෙද හිටියේ? (නි)
මේ දෙගොල්ලන්ම කරන්නේ තම තමන්ගේ විරුද්ධවාදීන් විවේචනය කරමින් ඉන්නවා මිස රටට වැදගත් වන ක්‍රියාවක් නොවෙයි.1948 ඉඳලම ඕවා අහලා අප්‍රසන්නයි (නි)
අපේ සල්ලි නාස්ති කර කර බොරුවට කාලය කාදමනවා (නි)
මිස්ටර් ප්‍රභාකරන් ගැන මොකුත් කියන්න තිබෙනවද දන්නෙ නැහැ (නි)
මොකද්ද මෙයා මේ රටට කළ වැදගත් දෙයක් කියලා කියන්න තියෙන්නේ. (නි)
ලංකාවේ ගොඩක් තැන් වල ඉන්නේ වැඩ බැරි ටාසන්ලා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ අනුන්ගේ වැඩ වලින් තමන්ට ලකුණු දාගන්න ගමන් ඒගොල්ලන්ට බනින එක. ලංකාව එක තැන පල්වෙන්න ප්‍රධාන හේතුවක් තමා මේක.
සාමය ලබාගන්න බැරි හේතුව තවමත් උතුරේ දෙමළ නායකයින් වගේම විදේශ දෙමළ ඩයස්පෝරාව ඊළාම් සංකල්පය ඉදිරියට ගෙනයන්න දරන උත්සාහය. සාමාන්‍ය ජනතාවට සාමය අවශ්‍ය වුණත් ඔය කණ්ඩායම් දෙකට ඔවුන්ගේ පැවැත්මට එය අවශ්‍යයි. දකුණේ අපි සාමයට කොතරම් කටයුතු කළත් එයින් පලක් නොවන්නේ ඒ නිසයි. (නි)
ආප්ප කාලා පස්ස දොරෙන් මාරුවෙන හැටි කියාදුන්නේ කවුද කියලා අපි දන්නවා. ඉන්නකොට මොනවද කළේ රටට? (නි)
එහෙනම් ඔබත් පිලිගන්නවා යුද්දේ දින්නා කියලා..... ඇති යන්තම් එකවත් පිළිගත්තා (හේ)
වෛරය සහ පලිගැනීම මොන තරම් බිහිසුණුද කියා ඔබගෙන් අවබෝධ කරගත් ප්‍රධාන දෙයක්. (ම)
මහින්ද මහත්තයට පින් අයිති වෙන්න මෙයාලත් මෙහෙම එළියේ ඉන්නවා. ඔයත් හිටියනේ දෙළොස් වසරක්. ඒ කාලේ ගෙනෙන්න තිබුනනේ ඕක. (නි)
මේ කියන දේ හරි නෑ නේද?(හේ)
අනේ මැඩම් ඔයා හිටපු ජනාධිපතිතුමා ගැන කථා කරන්නෙ,ඔබතුමිය ඒ කරපු ඒවායෙන් හතරෙන් එකක් කරලා තියෙනවාද? එදා මිනිකටු ගොඩදාලා බල තණ්හාවට බලය ගත්තට හිටපු ජනාධිපතිතුමා රටෙි මිනිසුන්ට බයෙන් සැකයෙන් තොරව ජිවත්වෙන්න රටක් හදලා දුන්නා. (බ)
අනුන්ගේ පහනින් එලිය බලමින්.මහින්දට බැන බැන හම්බ කරන ඉරිසියාවෙන් පුපුරන ගැනියෙක් (බ)
කටවහගෙන ඉන්නඔබට ඒකවත් කරන්න පුළුවන් වුනාද දුෂ්ටකම තවමත් අඩුවෙලා නෑ යනතැනට වැඩක් කරගෙන ඉන්නව (බ)
තවමත් මේ ගෑනිගේ ජරාකම නැතිවෙලා නැහැ ..මේ ජාතියේම විනාසෙට බිහි වෙච්ච ගෑනියෙක්
අනේ මගෙන් මුකුත් අහගන්න එපා. පුද්ගලික තරහා මරහා පිරිමහගන්නයි ඊරිසියාවෙනුයි පිරිච්ච සියවසේ ජරාම මනුස්ස පරානයක්. මැරුණම අනිවාර්‍යයෙන් තිරිසන් ලෝකෙ තමයි.. අපෝ මේ වගේ පාවා දනේනො අපේ රටට එපා.. ඉක්මනට වලකජ්ජ ගහල යන ලෝකෙකට යන්න කරුණාකරලා(රේ)
ඔබත් අවුරුදු දොළහක් ජනපතිකම් කළානේ. සාමය සඳහා යුද්ධය කියලා මොකක්දෝ එකක් ඔබ කිව්වා අපට මතකයි. හැබැයි මොකවත් වුණේ නැහැ. (අ)
මහින්ද යුද්දය වත් දිනුවා. චන්ද්‍රිකා මොකවත් දිනුවේ නෑ (අ)
ඒ වුණාට මීට වඩා හොඳට රටේ නීතිය ක්‍රියාත්ත්මක වුණා, ගැහැනු කෙනෙකුට පාරේ බැහැලා යන්න පුළුවන්කම තිබුනා, ඇයි මතක නැත්තේ. (අ)
සාමයට,සහජිවනට අනාගත සිංහලයන් සාප කරාවි. සිංහලයට වින කරන සියලුම ද්‍රෝහියන් (අ)
රාමා, මොනවා? මහින්ද යුද්ධය දිනුව? හිටගනද? ඇයි ගුණමකු මනුස්සයෝ හමුදාව මොනවද කෙරුවේ? චන්දිකාත් යුද්ධයෙන් සැහෙන ප්‍රමාණයක් දිනලා තිබුනබව අමතක කරන්න එපා.. කරුණ අම්මාන් වෙලාවට අනිත් පැත්ත ගහපු එකත් ඔය දිනුමට හේතුවක් වුන. සමහරු යුද්ධේ වවාගන කාපු බවත් මේ රටේ ඉන්න ඔලුවක් තියන මිනිස්සු දන්නවා! (අ)
ජී නාන්දන , සමහර බල්ලෝ බුරන්න පුළුවන් තරමට කරදඩු ටික දික් වුණාම උන්ට මතක නැහැ. තමන් හිටියේ කුඩා බලු පැටියෙක් විදිහට කියලා. ඌ හිතන්නේ ඌ ඉපදුනෙත් ඔය වගේම බුරාගෙන කියලා.ඇයි ඉතින් බුරන බල්ලන්ට දැන් ලොකු වටිනාකමකුත් තියනවනේ නේද? (අ)
ඔබ තුමිය විහිළු කතා නොකිය ඉන්නවා නම් වඩා හොඳයි. එතුමා ද්‍රවිඩ ත්‍රස්තවාදය සමූල ඝාතනය කරලා රට වැසියන්ට බය සැක නැතිව ජීවත් වෙන්න අවස්ථාව ලබල දුන්න.සාමය නැතිවෙලා තියෙන්නේ කොහොමද සාමය නැතිකරන්නේ කවුද කියල විස්කි ටිකක් ගහපු නැති වෙලාවට කල්පනාකරලා බලන්න හොඳේ. (අ)
ඔබ තුමිය බ්‍රැන්ඩි අඩියක් ගහන්න කලින් , ඔබ තුමියගේ කාලයේ සිදුවුණා ඒවාත් මතක් කරන්න...වයඹ මැතිවරණයේදී ගැහැණු කෙනෙක්ව නිර්වස්තරයෙන් ඇදගෙන ගියේ කාගේ යුගයේදීද...අනේ නිකම් පිස්සු කියවන්නේ නැතිව ඉන්න.(රේ)
මේවා අහන්ඩ අපි පව් කළා මහින්ද යුද්දේ ඉවරකලේ නැත්නම් මෙයාල එලියටවත් බහින්නේ නැහැ (රේ)
ඔබ තුමිය රට පාලනය කරන කාලේ ඔය කියන දෙකෙන් එකක්වත් ජය ගන්න පුලුවන් වුණාද (අ)
අනෝජා වීරසිංහට කලදෙවල්, චන්ද්‍රලේක පෙරේරාගේ ගෙදරට ගොස් අගේ කොණ්ඩය කපා කරලා, 2001 දී, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථිකය පස්සට යවපු, 1996 යාපනය දින කීපයකට අල්ලාගෙන ලොකු පාර්ටි කොළොඹ දමපු, මුලතිවු, අලි මංකඩ සහ සියලුම හමුදා කදවරු කොටින්ට දුන් නොනාද මේ? (රේ)
බොහෝ හොඳ මිනිසුන් තමාගේ වැරදි මතක් කරති. ඒවා හදා ගනිති. අනාගතයට අලුතින් සැලසුම් හදති. මහින්ද වීරයෙක් ලෙස රට බේරා ගත්තේය. වැරදිද ඇත්තේය. එතුමාම ඒ බව පවසාද ඇත්තේය. ඔබ කුමක්ද කරලා තියෙන්නේ. කියන්න බලන්න විවේචනයට කලින්. (නි)
මොනවා වුණත් මහින්ද නැත්නම් අද රටක් නැහැ (නි)
මේවය කොහෙන් හිනාවෙන්නද මන්දා? (නි)
දැන් සාමය ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යුද්ධය දිනපු නිසා නොවෙයිද ? සාමය දිනාගන්න එක ඒ තරම් අමාරු නැහැ, කවුරුත් සාධාරනව හිතනවානම්. කාගේත් අඩුපාඩු ඇති. එ්ත් ඒවා මොහොතකට අමතකකර අවශ්‍ය දේ මොනවද කියලා පාර්ශව දෙකම හිතනවානම් සාමය දිනාගන්න ඔබ කියනකම් ඉන්න ඕනෑ නැහැ. අපි සාමයට අතවැනූ හැම අවස්ථාවකම ඔවුන් කළේ යුද්ධයට අතවැනීම නොවෙයිද? (නි)
මේවා අහනකොට ඇඟේ මාළු නටනවා (නි)
දිමුත්ගේ කතාව මමත් අනුමත කරනවා. (නි)
තමුන්ගේ කාලේ මොනවද කළේ? දැන් බොරුවට බයිලා ගගහා වෛරය පතුරවනවා. (නි)
අපිට නම් එහෙම පැරදුන බවක් පෙනෙන්නේ නැහැ (නි)