ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවැති ක්‍රියාන්විත වලදී සක්‍රීය දායකත්වයක් දැක්වූ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් තුන්සිය තිස් තුන් දෙනකුට අද රණශූර පදක්කම පිරිනැමිණි.
යුද්දයේදී මිය ගිය සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීහු එම පදක්කම් ලබා ගත්හ.
ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවැති ක්‍රියාන්විත වලදී සක්‍රීය දායකත්වයක් දැක්වූ යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් තුන්සිය තිස් තුන් දෙනකුට අද රණශූර පදක්කම පිරිනැමිණි.
යුද්දයේදී මිය ගිය සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීහු එම පදක්කම් ලබා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ගොඩක් අගය කලයුතු වැඩක්.ඒ වගේම නරකද අර යුද්දයේ දී ආබාධිත වෙලා නඩු කියන අහිංසක සෙබළුන්ට සාධාරණයක් කලොත්, අන්න එතනයි නියම ප්‍රණාමය. (ස)
මාගේ උපහාරය ඔබ සැමට.(නදී)
ආදරණීය දුවරුණි,තම පියාණන් වහන්සේලා, මහජන මුදල් කෝටි ගණන් ගසා නොකෑ බව, ආයුධවලින්, අසරණ රණවිරුවන්ගේ කෑම බීම වලින්,නිල ඇදුම්වලින් මුදල් ගසා නොකෑ බව ආදී වූ එකී මෙකී නොකී අධම, අශික්කිත ක්‍රියා වලින් වැළකී තම මාතෘ භුමිය වෙනුවෙන් උතුම් වූ ජීවිත පූජාවක් කළ බවට අනාගතයේදී මේ රට ඉදිරියේ අභීත නාදයක් පතුරුවන්න ට එතුමන්ලා විසින් ඔබලාට ඉතා විරල වූ උතුම් වරමක් උදාකර දී ඇති බව මෙනෙහි කරමින් එතුමන්ලාට ගෞරව කරමින් සිහිපත් කළ හැකිය .(නදී)
මුදල් පමණක් නොව පිරිමියෙකුත් කාන්තාවකට අවශ්‍යයි.(නදී)
මෙවන් ඉතාමත් හැගීම් බර වූ සංවේදී පරිසරයක් තුළ තෙවැනි පින්තුරයේ පෙනෙන, අවස්ථාවට නොගැළපෙන විසූක දස්සන ඉදිරිපත් කරමින් මුදල් නාස්ති කර ඇත්තේ කිනම් මානසිකත්වයක් පෙන්නුම් කිරීමටදැයි සිතාගැනීම උභතෝකෝටිකය.(නදී)
අභීත රණවිරුවනි ,ඔබට මගේ උපහාරය ! අද මගේ මවුබිමේ මිනිසුන් සැනසිල්ලෙන් ගන්නා හුස්මක් ගානේ ඔබට පින් ! මේ අහිංසක දරුවන්ටත් ස්වාමියා අහිමි වූ ඒ සොයුරියන්ටත් සමජයේ විශේෂ සැලකිල්ලක් අවශ්‍යයි. (ස)
මහවැලි කියන කෙනාට මිනිසුන්ගේ මනස පිළිබද අවබෝ ධයක් නෑ වගේ පෙනෙන්නේ. (දිල්)
උපේන්ද්‍ර එංගලන්තය, මේ උපහාර ඔයාට නෙවේ. රට වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවන්ටයි. (ස)
අපගේ විරුවන් අප මතකයන් තුල සදා නොමැකෙන මතකයන් තබා ඇත. ඔවුන්ගේ දරුවන්ට පියෙකුගේ සහ බිරිඳට සැමියෙකුගේ අඩුව පිරිමැසිය නොහැකිමුත් තම පියා හෝ සැමියා ගැන ආඩම්භරය ඔවුන්ගේ දුක තුනී කර ගැනීමට හේතුවක් වනු ඇත. (ස)
ගුණරත්න, ඔය ගුණ සමරු කියල දෙයක් ලෝකේ තියෙනවනේ. එතකොට ඒවායෙන් ඒගොල්ලන්ට මොනව හරි ලැබෙනවද? (ස)
කොතරම් නම් අභිමානද සොයුරණේ. අපේ ප්‍රණාමය ඔබලාට. (ස)
ලොව ඕනෑම රටක විශිෂ්ටතම හමුදා කණ්ඩායම පළඳින මෙරූන් හිස්වැසුම පැළඳිය හැක්කේ අති විශිෂ්ට පුහුණුවකින් පසුවය .ශ්‍රී ලංකාවේ මෙහි පළමු කාණ්ඩය 1979 දී 21 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී. එම 21 දෙනා අති විශිෂ්ටයන්ය. ඔවුන් අප රට බේරා ගැනීමේදී ප්‍රමුඛ කාර්ය භාරය ඉටු කල බැවින් අප ඔවුන්ට සදා ණය ගැතියි. (ස)
අපි ඔබ සැමටම සදා ණයගැති බව අපි හොඳින් දනිමු. (ස)
ඔබට සදා ණයගැති වන්නෙමු...! (ස)
ජාති ජාති ඔබලට ණය ගැති මුළු ලංකාවම සදා අමරණීයයි ඔබලගෙ සේවයට උපදින ආත්මයක් ගානේ අප අතරම ඉපදේවා. බුදු සරණයි. (ස)
අපේ ගමේම ඉන්නවා ඔය පදක්කම් ලැබුණ රණවිරුවෝ තුන් දෙනෙක්.තුන් දෙනාම මිය ගිහිල්ලා තිබුනේ අවසාන සටනේදී. මේ තුන් දෙනාම විවාහකයි.ඔවුන්ගේ වැටුප ලැබෙන්නේ බිරින්දන්ට. දෙමව්පියන් ජීවත් වෙන්නේ අමාරුවෙන්.මෙම පදක්කම් ලබා ගැනීමේ උත්සවයට යවලා තියෙන්නේ දෙමව්පියන්.දැන් දෙමව්පියන් පදක්කම නිවසේ එල්ලාගෙන දුකින් ඉන්නවා.බිරින්දෑ වරු සතුටින් ඉන්නවා. මෙන්න මේ ක්‍රමය නැති කළ යුතුයි.මියගිය සොල්දාදුවෙකුට පදක්කමකට වඩා වටින්නේ දෙමව්පියන් සතුටින් තියන එක.මැරුන කෙනෙකුට සළකන එක හොදයි.නමුත් ජීවත් වෙන අය සතුටින් තැබීම මැරුන සොල්දාදුවාට කරන උතුම්ම සැළකීමක්. (නි)
පුතේ,ඔයාගේ තාත්තා මේ රටට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.එයා මේ රටට කවදාවත් ණය නැහැ (නි)
ඇයි මේ පදක්කම් දෙන්න වසර හතරක් ප්‍රමාද වුනේ? (ස)
ඔබ දිනා දුන් රට, ආයෙත් කොටියට දෙන්න සුද්දෝ හදන්නේ. දැන් කාටත් අමතකයි රණවිරුවන්ව.(නදී)
රණවිරුවනි ඔබ දිවි පිදුවෙ අපවෙනුවෙනි.(සීගිරි සිතුවම් ලෙස සදාකල් අප සිත් තුල පවතී.) මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබෙවා .ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුව ලැබේවා. (ස)
සොයුරනි, ඔබ හැමදාම අප හදවත් වල උසස්ම තැන ගන්නවා (නි)
දෝනි දුක් වෙන්න එපා පුතේ තාත්තා දිව්‍ය ලෝකේ දිව්‍යපුත්‍රරයෙක් වෙලා ඇති (අ)
දිවි හිමියෙන් රට වෙනුවෙන් දිවි දුන් සොයුරන් ඇතුළු ඔබ සැමට ජාත්යේම උපහාර වේවා! (අ)
යුතුකම් ඉටු කරන අපේ ලංකාවට දෙවියන්ගෙ පිහිටයි (අ)
අද ඔබ ගැන මුළු රටම ආඩම්බර වෙනවා. ජය වේවා! (නි)
දුවගේ තාත්තා ගැන ආඩම්බර වෙන්න දුවේ (නි)
තාත්ත කෙනෙක්ගේ ආදරයක් ලබන්න ඕනෑ වයසේ ඉන්න පුංචි පැටියා දකිද්දී ඇහැට කඳුලක් එනවා රත්තරන් දුවේ. ඔයාගේ තාත්තට අපි ණයගැතියි දුවේ. (නි)
ඔබලා සැමදා අපේ රණ විරුවොයි. දුවේ, නුඹලාගේ තාත්තලාගේ වීර ලෙයින් පිපුණු රතු මල්වල සුවද හැමදාමත් අපේ හදවත් තුළ තියේවි (නි)
රණබිමේදී පියවරුන් අහිමි වූ දරුවන්ට විශේෂ වරප්‍රසාද දිය යුතු වේ. විදෙස්හි පදිංචි සිංහලයන් සංවිධානය වූවවොත් අපහට ගෙවිය හැකි ප්‍රමාණ වලින් උදව් කළ හැකිවේ. (නි)
අනේ දෙයියනේ! මම බලාපොරොත්තු වූ කෙනා නැති යුද උපහාර වලින් මට නම් ඵලක් නැහැ (නි)
ආඩම්බරයි
මම හිතනවා රට බේරාගැනීමට ඉදිරිපත්වී රටවෙනුවෙන් ජිවිත පිදු , අසරණ වූ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නිමවනතෙක් සහන සළසන්න ලබාදෙන්න පුළුවන් වුණා නම්, ඔවුන් ජිවිත පරිත්‍යාග කර අපට නිදහසේ ජීවත්වීමට ඉඩක් ලබාදුන් අපෙනුත් ඔවුනට යුතුකම් ඉටුකළ වෙනවා. නැත්නම් ඒ දරුවෝ අසරණ වෙනවා. (නි)
ඉහළම පහසුකම් දියයුතුයි. ඔබ ගැන ආඩම්බරයි (නි)
අපගේ උත්තමාචාරය! (නි)
පුංචි දරුවන්ට පියා නැතිවුනේ , තරුණ වයසේදීම භාර්යාවන්ට සැමියා නැතිවුණේ, දෙමාපියන්ට පුතා නැතිවුණේ, රටට වීර පුතුන් දහස් ගණනක් නැතිවුණේ, අපිට ජීවත්වීම පිණිස එම ජීවිත පුජා කළ නිසයි. විරුවන් හැමටම අප කාගේත් ප්‍රණාමය පිදිය යුතුයි. (නි)
මගේ නොදන්නා කමට මේ අහන්නේ, තරහා වෙන්න එපා. ඔය පදක්කම ලැබුනම ඉන් මියගිය රණවිරුව ලබන ප්‍රතිලාභය මොකක්ද? මියගිය රණවිරුවාගේ පවුලට යම්කිසි සහනයක් දුන්නා නම් නේද මීට වඩා හොද? (නි)
කල ගුණ සැලකීම තුලින් ඔබේ අමරණිය සේවය මෙලෙස සැමරීම අගනා යුතු කමක්. හොඳ වැඩක්. සැමට වාසනා.(නදී)
දැයේ විරුවනි, ඔබ ජාතියටත් ඔබ උපන් දේශයටත් ඔබගේ යුතුකම උපරිමයෙන්ම කලා.එයට අපගේ උත්තමාචාරය ! ඔබට ස්තුතියි. ඔබ තවමත් හරි ගාම්භීරයි.ඔබව දකිනවිට අපට ලොකු ශක්තියක් දැනෙනවා. දුවේ ඔබේ පියාණන් රුදුරු යුදබිමේ සතුරාගේ ඉදිරියට තුවක්කුව එල්ලකරගෙන සතුරන් එකා පිට එකා බිම දමමින් ගමන් කළහැටි.අපට මැවි පෙනෙනවා. දුවේ ඔබ රටට ණය නැති පියෙක්ගේ ආඩම්බරකාරී දුවෙක්. මේ රටේ සම්පත් හොරා ගනිමින්, එයින් යැපෙමින්, ජිවත්වි, කැපී පෙනෙන්න උත්සහා කරන හැමටම වඩා ඔබ ඉදිරියෙන්. (ස)
ගුණරත්න, ඔබ නොදන්නා කම නිසා ලියන්නේ. රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගය කල විරුවන් අගය කිරීමක් මෙයින් සිදුකරන්නේ. එය කල යුතු ක්‍රියාවක්. එසේ නොමැතිව ඔවුන්ව අමතක කිරීම ජාතියකට තරම් නොවේ. අනිකුත් ක්‍රියා (එම පවුලට ලැබිය යුතු යම් ප්‍රති ලාබ හෝ දීමනා) වෙනම සිදුවිය යුතු කාරණයක්. (ස)
අභීත සොයුර,සොහොයුරිය ,අප ඔබට සදා ණය ගැතියි .(නදී)