IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


යුද්ධය දිනා දුන් කමාන්ඩෝ භටයන්ට උපහාර

ත්‍රස්තවාදය පරාජය කිරීමට පැවැති ක්‍රියාන්විත වලදී සක්‍රීය දායකත්වයක් දැක්වූ   යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටයන් තුන්සිය තිස් තුන් දෙනකුට අද රණශූර පදක්කම පිරිනැමිණි.

යුද්දයේදී මිය ගිය සෙබළුන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීහු එම පදක්කම් ලබා ගත්හ.



අදහස් (0)

යුද්ධය දිනා දුන් කමාන්ඩෝ භටයන්ට උපහාර

දිනේෂ් Thursday, 05 December 2013 12:05 PM

අපි ඔබ සැමටම සදා ණයගැති බව අපි හොඳින් දනිමු. (ස)

:       0       0

ගුණරත්න Thursday, 05 December 2013 06:42 AM

මගේ නොදන්නා කමට මේ අහන්නේ, තරහා වෙන්න එපා. ඔය පදක්කම ලැබුනම ඉන් මියගිය රණවිරුව ලබන ප්‍රතිලාභය මොකක්ද? මියගිය රණවිරුවාගේ පවුලට යම්කිසි සහනයක් දුන්නා නම් නේද මීට වඩා හොද? (නි)

:       0       0

පෙටී Thursday, 05 December 2013 07:34 AM

කල ගුණ සැලකීම තුලින් ඔබේ අමරණිය සේවය මෙලෙස සැමරීම අගනා යුතු කමක්. හොඳ වැඩක්. සැමට වාසනා.(නදී)

:       0       0

කුමාරිහාමි Friday, 06 December 2013 04:09 PM

ඇයි මේ පදක්කම් දෙන්න වසර හතරක් ප්‍රමාද වුනේ? (ස)

:       0       0

ගුණේ Thursday, 05 December 2013 08:10 AM

දැයේ විරුවනි, ඔබ ජාතියටත් ඔබ උපන් දේශයටත් ඔබගේ යුතුකම උපරිමයෙන්ම කලා.එයට අපගේ උත්තමාචාරය ! ඔබට ස්තුතියි. ඔබ තවමත් හරි ගාම්භීරයි.ඔබව දකිනවිට අපට ලොකු ශක්තියක් දැනෙනවා. දුවේ ඔබේ පියාණන් රුදුරු යුදබිමේ සතුරාගේ ඉදිරියට තුවක්කුව එල්ලකරගෙන සතුරන් එකා පිට එකා බිම දමමින් ගමන් කළහැටි.අපට මැවි පෙනෙනවා. දුවේ ඔබ රටට ණය නැති පියෙක්ගේ ආඩම්බරකාරී දුවෙක්. මේ රටේ සම්පත් හොරා ගනිමින්, එයින් යැපෙමින්, ජිවත්වි, කැපී පෙනෙන්න උත්සහා කරන හැමටම වඩා ඔබ ඉදිරියෙන්. (ස)

:       0       0

කසුන් Thursday, 05 December 2013 02:39 PM

ඔබට සදා ණයගැති වන්නෙමු...! (ස)

:       0       0

ගුණේ Thursday, 05 December 2013 08:24 AM

ගුණරත්න, ඔබ නොදන්නා කම නිසා ලියන්නේ. රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාගය කල විරුවන් අගය කිරීමක් මෙයින් සිදුකරන්නේ. එය කල යුතු ක්‍රියාවක්. එසේ නොමැතිව ඔවුන්ව අමතක කිරීම ජාතියකට තරම් නොවේ. අනිකුත් ක්‍රියා (එම පවුලට ලැබිය යුතු යම් ප්‍රති ලාබ හෝ දීමනා) වෙනම සිදුවිය යුතු කාරණයක්. (ස)

:       0       0

කැනඩා දිසා Thursday, 05 December 2013 08:40 AM

අභීත සොයුර,සොහොයුරිය ,අප ඔබට සදා ණය ගැතියි .(නදී)

:       0       0

පතිරණ කපිල Thursday, 05 December 2013 03:13 PM

ජාති ජාති ඔබලට ණය ගැති මුළු ලංකාවම සදා අමරණීයයි ඔබලගෙ සේවයට උපදින ආත්මයක් ගානේ අප අතරම ඉපදේවා. බුදු සරණයි. (ස)

:       0       0

වාසනා Sunday, 08 December 2013 01:52 PM

රණවිරුවනි ඔබ දිවි පිදුවෙ අපවෙනුවෙනි.(සීගිරි සිතුවම් ලෙස සදාකල් අප සිත් තුල පවතී.) මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබෙවා .ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුව ලැබේවා. (ස)

:       0       0

බණ්ඩාර - කුවේට් Thursday, 05 December 2013 08:58 AM

කොතරම් නම් අභිමානද සොයුරණේ. අපේ ප්‍රණාමය ඔබලාට. (ස)

:       0       0

Deshapriya Wednesday, 04 December 2013 08:55 PM

ආඩම්බරයි

:       0       0

අරුණ Wednesday, 04 December 2013 09:14 PM

දෝනි දුක් වෙන්න එපා පුතේ තාත්තා දිව්‍ය ලෝකේ දිව්‍යපුත්‍රරයෙක් වෙලා ඇති (අ)

:       0       0

සින්වින් - Friday, 06 December 2013 05:59 PM

ඔබ දිනා දුන් රට, ආයෙත් කොටියට දෙන්න සුද්දෝ හදන්නේ. දැන් කාටත් අමතකයි රණවිරුවන්ව.(නදී)

:       0       0

අසේල Thursday, 05 December 2013 11:02 PM

පුතේ,ඔයාගේ තාත්තා මේ රටට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.එයා මේ රටට කවදාවත් ණය නැහැ (නි)

:       0       0

කුමාරි Wednesday, 04 December 2013 09:57 PM

දිවි හිමියෙන් රට වෙනුවෙන් දිවි දුන් සොයුරන් ඇතුළු ඔබ සැමට ජාත්යේම උපහාර වේවා! (අ)

:       0       0

සම්පත් Thursday, 05 December 2013 09:24 AM

මාගේ උපහාරය ඔබ සැමට.(නදී)

:       0       0

සිංහ Thursday, 05 December 2013 09:43 AM

ආදරණීය දුවරුණි,තම පියාණන් වහන්සේලා, මහජන මුදල් කෝටි ගණන් ගසා නොකෑ බව, ආයුධවලින්, අසරණ රණවිරුවන්ගේ කෑම බීම වලින්,නිල ඇදුම්වලින් මුදල් ගසා නොකෑ බව ආදී වූ එකී මෙකී නොකී අධම, අශික්කිත ක්‍රියා වලින් වැළකී තම මාතෘ භුමිය වෙනුවෙන් උතුම් වූ ජීවිත පූජාවක් කළ බවට අනාගතයේදී මේ රට ඉදිරියේ අභීත නාදයක් පතුරුවන්න ට එතුමන්ලා විසින් ඔබලාට ඉතා විරල වූ උතුම් වරමක් උදාකර දී ඇති බව මෙනෙහි කරමින් එතුමන්ලාට ගෞරව කරමින් සිහිපත් කළ හැකිය .(නදී)

:       0       0

ලහිරු Thursday, 05 December 2013 09:45 AM

මුදල් පමණක් නොව පිරිමියෙකුත් කාන්තාවකට අවශ්‍යයි.(නදී)

:       0       0

Sirina Margrét Wednesday, 04 December 2013 10:59 PM

යුතුකම් ඉටු කරන අපේ ලංකාවට දෙවියන්ගෙ පිහිටයි (අ)

:       0       0

මහවැලි Thursday, 05 December 2013 09:58 AM

මෙවන් ඉතාමත් හැගීම් බර වූ සංවේදී පරිසරයක් තුළ තෙවැනි පින්තුරයේ පෙනෙන, අවස්ථාවට නොගැළපෙන විසූක දස්සන ඉදිරිපත් කරමින් මුදල් නාස්ති කර ඇත්තේ කිනම් මානසිකත්වයක් පෙන්නුම් කිරීමටදැයි සිතාගැනීම උභතෝකෝටිකය.(නදී)

:       0       0

ටුආන් Wednesday, 04 December 2013 11:30 PM

අද ඔබ ගැන මුළු රටම ආඩම්බර වෙනවා. ජය වේවා! (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 05 December 2013 10:19 AM

අභීත රණවිරුවනි ,ඔබට මගේ උපහාරය ! අද මගේ මවුබිමේ මිනිසුන් සැනසිල්ලෙන් ගන්නා හුස්මක් ගානේ ඔබට පින් ! මේ අහිංසක දරුවන්ටත් ස්වාමියා අහිමි වූ ඒ සොයුරියන්ටත් සමජයේ විශේෂ සැලකිල්ලක් අවශ්‍යයි. (ස)

:       0       0

ගුණරත්න Thursday, 05 December 2013 05:17 PM

අපේ ගමේම ඉන්නවා ඔය පදක්කම් ලැබුණ රණවිරුවෝ තුන් දෙනෙක්.තුන් දෙනාම මිය ගිහිල්ලා තිබුනේ අවසාන සටනේදී. මේ තුන් දෙනාම විවාහකයි.ඔවුන්ගේ වැටුප ලැබෙන්නේ බිරින්දන්ට. දෙමව්පියන් ජීවත් වෙන්නේ අමාරුවෙන්.මෙම පදක්කම් ලබා ගැනීමේ උත්සවයට යවලා තියෙන්නේ දෙමව්පියන්.දැන් දෙමව්පියන් පදක්කම නිවසේ එල්ලාගෙන දුකින් ඉන්නවා.බිරින්දෑ වරු සතුටින් ඉන්නවා. මෙන්න මේ ක්‍රමය නැති කළ යුතුයි.මියගිය සොල්දාදුවෙකුට පදක්කමකට වඩා වටින්නේ දෙමව්පියන් සතුටින් තියන එක.මැරුන කෙනෙකුට සළකන එක හොදයි.නමුත් ජීවත් වෙන අය සතුටින් තැබීම මැරුන සොල්දාදුවාට කරන උතුම්ම සැළකීමක්. (නි)

:       0       0

සම්පත් Thursday, 05 December 2013 10:22 AM

මහවැලි කියන කෙනාට මිනිසුන්ගේ මනස පිළිබද අවබෝ ධයක් නෑ වගේ පෙනෙන්නේ. (දිල්)

:       0       0

ශාන්ති Thursday, 05 December 2013 12:00 AM

දුවගේ තාත්තා ගැන ආඩම්බර වෙන්න දුවේ (නි)

:       0       0

ඉන්දික Thursday, 05 December 2013 10:40 AM

උපේන්ද්‍ර එංගලන්තය, මේ උපහාර ඔයාට නෙවේ. රට වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවන්ටයි. (ස)

:       0       0

මේනක Thursday, 05 December 2013 10:41 AM

අපගේ විරුවන් අප මතකයන් තුල සදා නොමැකෙන මතකයන් තබා ඇත. ඔවුන්ගේ දරුවන්ට පියෙකුගේ සහ බිරිඳට සැමියෙකුගේ අඩුව පිරිමැසිය නොහැකිමුත් තම පියා හෝ සැමියා ගැන ආඩම්භරය ඔවුන්ගේ දුක තුනී කර ගැනීමට හේතුවක් වනු ඇත. (ස)

:       0       0

ඉන්දික Thursday, 05 December 2013 10:42 AM

ගුණරත්න, ඔය ගුණ සමරු කියල දෙයක් ලෝකේ තියෙනවනේ. එතකොට ඒවායෙන් ඒගොල්ලන්ට මොනව හරි ලැබෙනවද? (ස)

:       0       0

මහී Thursday, 05 December 2013 01:01 AM

තාත්ත කෙනෙක්ගේ ආදරයක් ලබන්න ඕනෑ වයසේ ඉන්න පුංචි පැටියා දකිද්දී ඇහැට කඳුලක් එනවා රත්තරන් දුවේ. ඔයාගේ තාත්තට අපි ණයගැතියි දුවේ. (නි)

:       0       0

චමත් ඉතාලිය Thursday, 05 December 2013 01:07 AM

ඔබලා සැමදා අපේ රණ විරුවොයි. දුවේ, නුඹලාගේ තාත්තලාගේ වීර ලෙයින් පිපුණු රතු මල්වල සුවද හැමදාමත් අපේ හදවත් තුළ තියේවි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 05 December 2013 01:08 AM

රණබිමේදී පියවරුන් අහිමි වූ දරුවන්ට විශේෂ වරප්‍රසාද දිය යුතු වේ. විදෙස්හි පදිංචි සිංහලයන් සංවිධානය වූවවොත් අපහට ගෙවිය හැකි ප්‍රමාණ වලින් උදව් කළ හැකිවේ. (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 05 December 2013 11:01 AM

මේකත් ගොඩක් අගය කලයුතු වැඩක්.ඒ වගේම නරකද අර යුද්දයේ දී ආබාධිත වෙලා නඩු කියන අහිංසක සෙබළුන්ට සාධාරණයක් කලොත්, අන්න එතනයි නියම ප්‍රණාමය. (ස)

:       0       0

උපේන්ද්‍ර එංගලන්තය Thursday, 05 December 2013 02:02 AM

අනේ දෙයියනේ! මම බලාපොරොත්තු වූ කෙනා නැති යුද උපහාර වලින් මට නම් ඵලක් නැහැ (නි)

:       0       0

නුවන් Thursday, 05 December 2013 02:17 AM

සොයුරනි, ඔබ හැමදාම අප හදවත් වල උසස්ම තැන ගන්නවා (නි)

:       0       0

අසෝකා Thursday, 05 December 2013 02:35 AM

මම හිතනවා රට බේරාගැනීමට ඉදිරිපත්වී රටවෙනුවෙන් ජිවිත පිදු , අසරණ වූ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය නිමවනතෙක් සහන සළසන්න ලබාදෙන්න පුළුවන් වුණා නම්, ඔවුන් ජිවිත පරිත්‍යාග කර අපට නිදහසේ ජීවත්වීමට ඉඩක් ලබාදුන් අපෙනුත් ඔවුනට යුතුකම් ඉටුකළ වෙනවා. නැත්නම් ඒ දරුවෝ අසරණ වෙනවා. (නි)

:       0       0

ලාල් Thursday, 05 December 2013 03:05 AM

ඉහළම පහසුකම් දියයුතුයි. ඔබ ගැන ආඩම්බරයි (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 05 December 2013 03:33 AM

අපගේ උත්තමාචාරය! (නි)

:       0       0

චේ Thursday, 05 December 2013 11:47 AM

ලොව ඕනෑම රටක විශිෂ්ටතම හමුදා කණ්ඩායම පළඳින මෙරූන් හිස්වැසුම පැළඳිය හැක්කේ අති විශිෂ්ට පුහුණුවකින් පසුවය .ශ්‍රී ලංකාවේ මෙහි පළමු කාණ්ඩය 1979 දී 21 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී. එම 21 දෙනා අති විශිෂ්ටයන්ය. ඔවුන් අප රට බේරා ගැනීමේදී ප්‍රමුඛ කාර්ය භාරය ඉටු කල බැවින් අප ඔවුන්ට සදා ණය ගැතියි. (ස)

:       0       0

ප්‍රදීපා Thursday, 05 December 2013 05:08 AM

පුංචි දරුවන්ට පියා නැතිවුනේ , තරුණ වයසේදීම භාර්යාවන්ට සැමියා නැතිවුණේ, දෙමාපියන්ට පුතා නැතිවුණේ, රටට වීර පුතුන් දහස් ගණනක් නැතිවුණේ, අපිට ජීවත්වීම පිණිස එම ජීවිත පුජා කළ නිසයි. විරුවන් හැමටම අප කාගේත් ප්‍රණාමය පිදිය යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 379 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 469 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 668 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 945 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site