IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


යාපන සිසු ඝාතනයේ සුලමුල

යාපන සරසවි සිසුන් දෙදෙනා ඝාතනය කිරිමේ සිද්ධිය මේ වන විට දේශපාලන මතභේදයකට හේතුවී තිබේ.මුලදී සිසුන් දෙදෙනා රිය අනතුරකින් මිය ගිය බව නිල වශයෙන් නිවේදනය කළ අතර පසුව පොලිසිය පැවසූයේ අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තබන්නට සිදු වූ බවයි.සිදුවීමට සම්බන්ධ බව කියමින් පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ අතර මේ වන විට ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇත.කොකුවිල් හී කුලප්පිඩි හන්දියේ සිදූ වූ මෙම වෙඩි තැබීම මෙන්ම මෙම ඝාතනය වසන් කිරීමට පොලිසිය දැරූ ප්‍රයන්තයට විරුද්ධව යාපන සරසවි සිසුහූ දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.

මිය ගිය සිසුන් දෙදෙනාට සාධාරණය ඉල්ලමින් ප්‍රදේශයේ ජනතාව යාපන දේශපාලන පක්ෂ සමග එක්ව හර්තාල් ව්‍යාපාරයක් සංවිධානය කළහ.පාර්ලිමේන්තු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මෙම ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නැගු පැනයකට පිළිතුරු දුන් අගමැතිවරයා පැවසුයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.

ඊට දින දෙකකට පසු යාපනය චුන්නාකම්හීදී පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රහාරයක් එල්ල වූ අතර එහි වගකීම “ආවා“ නම් කල්ලියක් විසින් භාරගන්නා බව කියන දැන්වීම් පත්‍ර කිහිපයක් යාපනයේ බෙදා හැර ඇතැයි පොලිසිය පවසයි.මෙම සිදුවීම නිසා යාපනයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇති අතර එම තත්ත්වය වගකීම් රහිත මාධ්‍යවේදින් සහ දේශපාලඥයින් නිසා තවත් උග්‍ර වෙන බවක් පෙනෙන්නට ඇත.

2016 ඔක්තෝබර් 20 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ යාපනය-කන්නසන්තුරේ(ඒබී16) මාර්ගයේ බී.ඒ.එක්ස් 3142 දරන බජාජ් සීටී 100 වර්ගයේ යතුරු පැදියේ ගමන් ගමින් සිටි සිසුන් දෙදෙනාට පොලිසිය වෙඩි තබා ඇත්තේ රාත්‍රී 11.45ට පමණය.ඔවුන් දෙදෙනා  යාපන විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන අතර යතුරු පැදිය පැදවූ විජයකුමාර් සුලක්ෂන් (24) සිසුවා මාධ්‍ය අධ්‍යයනය හදාරයි.ඔහු යාපනයේ ප්‍රසිද්ධ නළුවෙකි.ඔහු නාට්‍ය සහ ප්‍රසිද්ධ විඩියො පට වල රඟපා ඇත.පිටුපස අසුනේ ගමන් ගත් නඩරාජා ගජන් (23)දේශපාලන විද්‍යාව හදාරන සිසුවෙකි.

සුලක්ෂන් කන්තරෝඩයි හී පදිංචිව සිටින අතර ගජන් කිලිනොච්චියේ භාරතිපුරම්හී පදිංචි අයෙකි.ඔවුන් දෙදෙනා චුන්නාකම් කන්තරෝඩයි හී උත්සවයකට සහභාගී වී ආපසු නේවාසිකාගාරය වෙත එමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදු වී ඇත.

උප පොලිස් පරීක්ෂක සරත් දිසානායක,සැරයන් පී.එස් ජයවර්ධන සහපොලිස් කොස්තාපල්වරුන් වන චන්දන,ලක්නාමාන්න, නවරත්න යන අය එම අවස්ථාවේ කුලප්පිඩි  හන්දියේ රාජකාරියේ සිට ඇත. ස්කෝපියෝ ජිප් රථයකින් ඔවුන් එම ස්ථානයට පැමිණ ඇත.පොලිස් නිලාධාරීන් සිදුවීමෙන් අනතුරුව ගිලන් රථයකින් සිසුන් දෙදෙනා යාපන ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර සිසුන් දෙදෙනා රිය අනතුරකට ලක්ව ඇති බව පොලිස් නිලධාරීන් වෛද්‍යවරුන්ට කියා ඇතැයි වාර්තා වෙයි.

සුලක්ෂන් රෝහලට ඇතළත් කිරීමට පෙර මියගොස් ඇති අතර ගජන් ඇතුළත් කිරීමෙන් විනාඩි කිහිපයට පසු මිය ගියේය.සිසුන් දෙදෙනා මිය යාමට හේතුව රිය අනතුරක් ලෙස දක්වා ඇති අතර යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිසුන් දෙදෙනා මිය ගිය ඇති බව පොලිස් මූලස්ථානයට දැනුම් දී ඇත.මෙය මාධ්‍යයට නිකුත් කළ අතර සමහර මාධ්‍ය වල මෙය රිය අනතුරක් ලෙස හුවා දැක්විණි.නමුත් වැඩි කාලයක් සත්‍ය වසන් කර තැබීමට නොහැකි විය.

තමන්ට වෙඩි ශබ්දයක් හා රිය අනතුරක ශබ්දයක් ඇසුණු බවත් ඉන්පසුව සිද්ධිය වූ ස්ථානයට ගිය බවත් එම ස්ථානයේ පොලිස් නිලධාරීන් සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති.රිය අනතුරක් සිදු වී ඇති බවත් ආපසු නිවෙස් වලට යන ලෙසත් පොලිසිය පැවසු බව ද කියති.පසු දින උදෑසන ප්‍රවෘත්ති වල සිදුවීම සත්‍ය වසන් කරන බවක් පෙනුණු බවත් වෙඩි ශබ්දයක් ගැන නොකී නිසා සැකයක් ඇති වූ බවත් ඔවුහු කියති.ඇති වූ සැකය නිසා ඔවුන් යාපන විශ්ව විද්‍යාලයේ සිසුන්ට වෙඩි ශබ්දය ගැන කියා ඇත.ඉන්පසු කලා පීඨයේ සිසුහු රෝහල් ආරංචි මාර්ග සම්බන්ධ කරගත්හ.අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවට අනුව එක් සිසුවෙක් වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවත් අනෙක් සිසුවා හිසට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගිය බවත් සනාථ විය.වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර .මාධ්‍ය සාකච්ඡා පවත්වමින්ද අන්තර්ජාලය භාවිත කරමින් ද මෙම පුවත රට පුරා ප්‍රසිද්ධ කළහ.පොලිසියට සහ රජයට විරෝධය දක්වමින් විවිධ ක්‍රියාමාර්ග ගත්හ.

මේ බව වාර්තා වීමත් සමග විශ්ව විද්‍යාලීය සිසුහු සිය ගණනක් රෝහල අසලට රැස් වූහ.

ත්‍රිකුණාමලයේ පැවති දිස්ත්‍රික් පරිසර සම්මේලන උත්සවයේ දවල් ආහාරය ගන්නා අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ට සිදුවීම ගැන විස්තර කොට වැඩිදුර විස්තර සොයා බලන ලෙස දන්වා ඇති අතර ඒ බව යාපන දිස්ත්‍රික් මන්ත්‍රී දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන්ට පැවසු පසු ඔහු ඒ පිළිබද සොයා බලා ඇත.ඒ වන විට කොළඹ සිටි සුමන්තිරන් යාපනයේ දෙමළ සන්ධාන මන්ත්‍රී කෙනකුගෙන් හා තමිල් අරසු කච්චි නායක සෝමසුන්දරන් “මාවයි“ සේනාධිරාජාගෙන් විස්තර ලබාගෙන ඇති අතර එක් සිසුවෙක් වෙඩි පහරකින් මිය ගොස් ඇති බව දැනගත් සුමන්තිරන් ඒ පුවත සම්බන්ධන් හරහා ත්‍රිකුණාමලය උත්සවයේ සිටි ජනපතිට දන්වා ඇත.

ඉන්පසු ජනපතිවරයා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට පොලිස්පති පූජිත ජයසුන්දරට පවසා ඇත්තේ පරීක්ෂණ නිසි ලෙස පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

 

උද්ඝෝෂණයේ නිරතව සිටි සිසුන් පිළීබද සොයා බැලීමට සේනාධිරාජා රෝහලට ගියේය.දෙමළ සන්ධානය ද මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

“යාපන විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් මිය ගිය සිද්ධිය අපි හෙළාදකිනවා.දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවී සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ලබා දී ඇති අතර ජනපතිගේ නියෝගය මත ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස් කණ්ඩායමක් යාපනයට එවා තිබේ.සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂනායකවරයා පූජිත විජේසුන්දර පොලිස්පතිගෙන් ඉල්ලා සිටියේය. දෙමළ ජාතික සන්ධානය මෙම සිද්ධිය ගැන තම කනගාටුව ප්‍රකාශ කරන අතර ඔවුන්ගේ පවුලේ අයටත් නෑදෑ හිත මිතුරන්ටත් ශෝකය ප්‍රකාශය කරමු.

මේ අතරතුර යාපනය මහේස්ත්‍රාත් සින්නතුරෙයි සතීස්වරන් සිද්ධිය සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා සිසුන් දෙදෙනාගේ සිරුරු පරීක්ෂා කළේය.ඉන්පසු දේහ අවසන් කටයුතු සදහා ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දෙන ලෙසත් දේහ ආදාහනය නොකර තැන්පත් කරන ලෙසත් නියෝග කළේය.විරෝධතාවයේ නිරත ශිෂ්‍යයින්ට සාමකාමීව විසිර යන ලෙසත් නීතිමය ක්‍රියාමාර්ග වලට ඉඩදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

සිද්ධිය වූ අවස්ථාවේ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද නිල වශයෙන් නිකුත් විය.මේ පිළිබද පරීක්ෂණ සිදු කිරීමට අපරාධ විමර්ශණ ඒකකයේ කණ්ඩායමක් ද යෙදවිණි.පරීක්ෂණ වලින් හෙළි වූ කරුණු අනුව සිද්ධිය වූ අවස්ථාවේ කුලප්පුඩහී රාජකාරියේ නිරත සිටි පොලිස් නිලධාරීන් පස් දෙනා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන්ගේ සේවය අත්හිටවනු ලැබුහ.අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔවුන් නොවැම්බර් 04 දක්වා රිමාන්ඩ්කරනලෙස යාපන ප්‍රධාන මහේස්ත්‍රාත් සතීස්වරන් මහතා නියෝග කළේය.පොලිසියේ ඉල්ලීමකට අනුව එම පොලිස් නිලධාරීන් අනුරාධපුර බන්ධනාගාරයට යවන ලෙස ඔහු නියෝග කළේය.

ඉන්පසු ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඔවුන්ගේ සේවය අත්හිටවූ බවයි.මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවන බවත් එහි සදහන් විය.

මේ සිදුවීම වන දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ සහ නීතිය හා සාමය ඇමති සාගල රත්නායක බ්‍රසල්ස් හී සංචාරයක නිරතව සිටි අතර දිවයිනට පැමිණි පසු සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කැරිණි.කලබලකාරී තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගන්නා ලෙස රජයෙන් උපදෙස් ලබා දී තිබිණි.ඉන්පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ සිසුන් දෙදෙනා අණ නොතකා ගිය නිසා වෙඩි තැබූ බවයි.ඒ අනුව මුලින් කී ‘අනතුර‘ පසුව ‘අත්වැරැද්දකින් වූ වෙඩි තැබීමක්‘ දක්වා වෙනස් විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියාසිටියේ යතුරු පැදියෙන් ගමන් ගනිමින් සිටියදී කොකුවිල් හන්දියේදී වෙඩි තබා ඝාතනය කළ සිසුන් දෙදෙනා වෙනුවෙන් අපක්ෂපාති පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

“මුලින් අනතුරකින් මේ සිසුන් දෙදෙනා මිය ගියා කියලා පොලිසිය කිව්ව.නමුත් පහුවෙනිදා උදේ දැනගන්නට ලැබුණා පොලිසිය වෙඩි තියලා කියලා.යතුරු පැදිය පැදවු සිසුවාට වෙඩි වැදී මිය ගියා.පිටුපස ගමන් ගත් සිසුවා හිසට ඇති වුණු බරපතල තුවාල නිසා මිය ගියා.පොලිසිය විවිධ අවස්ථා වල විවිධ ප්‍රකාශ සිදු කරමින් කීවේ සිසුන් දෙදෙනා අණ නොතකා ධාවනය කළ නිසා වෙඩි තැබූ බවයි.

මෙම සිදුවීම හෙළාදකින අතර මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා.වැරදි කරුවන්ට නිසි දඩුවමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.පිටුපස ගමන් ගත් සිසුවාට වෙඩි නොවැදී ඉදිරිපස ගමන් ගත් සිසුවාට වෙඩි වැදුණු ආකාරය ගැන පරීක්ෂණයෙන් සොයා බැලිය යුතුයි.“යැයි සම්බන්ධන් පැවසීය.

“මේ සිදුවීම ආරංචි වන විට මා සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග.මේ බව දැනගත් වහාම ජනපතිවරයා නියෝග කර සිටියේ ඉක්මනින් කණ්ඩායමක් යාපනයට යවා පරීක්ෂණ සිදු කරන ලෙසයි.සැකකරුවන් අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරලා තියෙනවා. මේ සම්බන්ධ පරීක්ෂණය ස්වාධින ලෙස සිදුකරන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනව.ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.මෙවන් සිදූවීම් නැවත සිදුනොවීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් අගමැතිවරයාගෙන් විමසීමට කැමතියි.මේ වෙඩිතැබීම ගැන සත්‍ය කරුණු රටම දැනගෙන හමාරයි.“ යැයි ඔහු පැවසීය.

සම්බන්ධන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුයේ සිසුන් දෙදෙනාගේ මරණය රජයේ දැඩි කනගාටුවටත් විමතියටත් හේතු වූ බවයි.මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් සිදු කරන බවත් වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන බවත් ඔහු පැවසීය.

 මේ ලියුම්කරු ඔක්තෝබර් 21 යාපනයේ සිදුවු සිද්ධිය ගැන කරුණු සොයා වාර්තා කළේය.සත්‍ය වශයෙන් සිදුවූයේ කුමක්ද යන්න සෙවීමට ඔවුහු උත්සහ ගත්හ.යාපන ශික්ෂණ රෝහල්ආරංචි මාර්ග අනුව වෙඩි වැදුණු සුලක්ෂන් ගේ පපුවට, උදරයට හා හිසට තුවාල සිදුවී තිබිණි. සිදුවීමෙන් මිය ගිය ගජන් යතුරු පැදියෙන් විසිවී හිසට ඇති වූ බරපතල තුවාල හේතුවෙන් මිය ගොස් ඇත .ඔහුගේ සිරුරේ තිබී වෙඩි උණ්ඩයක් සොයාගත් නමුත් මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් නොවන බව මරණ පරීක්ෂණයේ සදහන් වෙයි. එම උණ්ඩය සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන හා ගජන්ගේ සිරුරට ඇතුල් වී ඇති බව සොයා ගත හැකි විය.

මෙම හෙලිදරව්ව නිවැරදි නම් අණ නොතකා ගමන් කළ නිසා වෙඩි තැබූ ගියබව කියන කතාව පොලිසිය විසින් සැකසු කතාවක් යැයි සිතීමට තරම් විශාල සැකයක් මතුවෙයි. පොලිසිය සැබවින්ම පලා යන සරසවි සිසුන් දෙදෙනාට වෙඩි තැබුවානම් ගජන්ට වෙඩි නොවැදී පාපැදිය පැදවු සුලක්ෂන්ට වෙඩි වැදුනේ කෙසේද.සුලක්ෂන්ගේ සිරුර පසාරු කරගෙන එය ගජන්ගේ සිරුරේ වැදුනේ කෙසේද?

ලියුම්කරු සොයාගත් කරුණු අනුව එදින එම පොලිස් කණ්ඩායම රාත්‍රී දහයට පමණ කුලප්පිඩි  හන්දියට පැමිණි ඇත. උප පොලිස් පරික්ෂක දිසානායක හා සැරයන් පී.එස් ජයවර්ධන සතුව පිස්තෝල දෙකක් හා කොස්තාපල් චන්දන හා ලක්නාමාන්න සතුව ටී56 තුවක්කු තිබුණු බවත් කොස්තාපල් නවරත්න නිරායුදව සිටි බවත් එම පොලිස් නිලධාරීන් කටඋත්තර ලබා දී ඇත.

තරුණ පිරිස් අතර සිදුවන අපරාධ ගැන විමසිල්ලෙන් සිටි බවත් යතුරු පැදි වල යන රස්තියාදු තරුණයන් පිළිබද වැඩි අවධානයකින් සිටි බවත් කටඋත්තරයේ සදහන් වෙයි.රාත්‍රී 11.40ට පමණ තාවඩි හන්දියේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් පණිවුඩයක් ලැබී තිබෙන අතර අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් කුලප්පිඩි  දෙසට පැමිණෙන බව ඉන් කියා ඇත.පණිවුඩය ලැබුණ විගස දිසානායක සහ ලක්මාන්න කිහිප දුරක් ඉදිරියට ගිය බවත් අනිත් නිලධාරීන් තිදෙනා වාහනය නවතා තිබූ තැන සිටි බවත් සදහන් වෙයි.

11.45ට පමණ යතුරු පැදියක් පැමිණ ඇති අතර නතරවන ලෙස සඥ්ඥා කළ පසු යතුරුපැදිකරු වේගය බාල කර මද දුරක් පැමිණ නැවත වේගය වැඩි කරමින් සිග්-සැග් අකාරයට පාර පුරා ධාවනය කර ඇතැයි ද කියයි.පොලිස් කොස්තාපල් නවරත්න වෙඩි තබන ලෙස චන්දන ට පවසා තිබෙන අතර උප පොලිස් පරීක්ෂක දිසානායක සහ සැරයන් ජයවර්ධන අණ දී නැතිවත් ඔහු වෙඩි තබා ඇත.වෙඩි වැදී යාර 30ක් පමණ ගොස් යතුරුපැදිය තාප්පයක වැදී පිටුපස ගමන් ගත් පුද්ගලයා විසි වී හිස තාප්පයේ වෑදී ඇති බවත් කටඋත්තරයේ සදහන් වෙයි

යතුරුපැදියේ ගමන්ගත් සිසුන් දෙදෙනා ආයුධ සම්පන්න බව සිතා වෙඩි තබන්නට ඇති බවත් ඔවුන් ආයුධ රහිත බව දැනගැනීමෙන් කලබල වූ පොලිස් නිලධාරීන් ඉන් තමන්ට ප්‍රශ්නයක් ඇති වේයැයි බිය වී සිද්ධිය වසන් කිරීමට ක්‍රියා කර ඇති බව වාර්තා වෙයි.බිම තිබූ හිස් පතොරම් සහ හිස් උණ්ඩ අහුලා සාක්සි විනාශ කිරීමට උත්සහ ගෙන ඇති බවත් ඉන් පසු ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වෙයි.මේ පිළිබද යාපන පොලිස් මූලස්ථානයට ව්‍යාජ වාර්තාවක් ලබා දී ඇති අතර එම වාර්තාව කොළඹ පොලිස් මූලස්ථානයටද එවා ඇත.

සිද්ධිය ඇසින් දුටු කිසිම කෙනෙකු නැති අතර ඒ අසල තිබූ සීසීටීවී කැමරා දෙකක දර්ශන ද පොලිසිය විසින් පරීක්ෂණ සදහා ලබාගෙන ඇත.මෙම සිදුවීම සාධාරණ බව පෙන්වීමට සමහරු උත්සහ ගන්නා බවත් වාර්තා වෙයි.අණ නොතකා ධාවනය කිරීම නිසා හා පොලිසිය දෙසට වේගයෙන් ධාවනය කිරීම නිසා වෙඩි තැබූ බව කියමින් එලෙස උත්සහ ගන්නා බවක් පෙනෙන්නට ඇත.

මෙම ඝාතනයට විරෝධය දක්වමින් විශ්ව විද්‍යාල සිසුන් 2000ක් පමණ ඒ9 මාර්ගය අවහිර කරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.සාධාරණය ඉල්ලා සංදේශයක් යාපන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බාර දුන්හ.ඊට සහය දක්වමින් දකුණේ සිසුහු ද විරෝධය පල කරති.

ගජන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඔක්තෝබර් 23 වැනි දා පැවැත්වූ අතර සුලක්ෂන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු 24 වැනි දා පැවැත්විණි.සිංහල සිසුහූ රැසක් ද ඊට සහභාගී වූහ.

මෙම සිදුවීම ජාතිවාදී ඇසින් නොබැලිය යුතු බවත් ශ්‍රී ලංකාවේ සිටින සියලුම ජනතාව ජාති භේදයක් නොමැතිව එක් වි සාධාරණය ඉල්ලා සිටිය යුතුයි.මෙය පොලිසියේ පවතින ක්‍රමවේදයේ තවත් එක් සිදුවීමකි.මෙම සිදුවීම ජාතීවාදී අයුරින් බලන තෙක් යුක්තිය දිනාගත නොහැකිය.පසුබට නොවී සාධෘරණය ඉෂ්ට කරන ලෙස රජයට බල කළ යුතුයි.නමුත් දෙමළ දේශපාලනඥයින් බොහෝ දෙනෙක් ‘ප්‍රංශයේ බර්බන්වරු‘ මෙන්  කිසිම දෙයක් ඉගෙන නොගන්නා කිසිම දෙයක් අමතක නොකරන පිරිසකි.මේ හේතුවෙන් ඔවුහූ යාපන විශ්වවිද්‍යාල සිසුන් සාධාරණය සහ යුක්තිය ඉල්ලා කරන විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දැකවීම වෙනුවට මෙම සිදුවීම දේශපාලන කාරණා මත ජාතීවාදී අයුරින් විග්‍රහ කරයි.

යාපනයේ දේශපාලන පක්ෂ එක්ව සිදුකළ හර්තාල් ව්‍යාපාරය සාර්ථක වු අතර ඒ සඳහා යාපනයේ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබිණි.

මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනමය සහ නීතිමය අයුරින් ක්‍රියාමාර්ගයක් සිදුවෙයි.මේ සම්බන්ධයෙන් දීපිකා උඩගම මුලසුන හොබවන මානව හිමිකම් කොමිසම ද  මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගත යුතුව පවතී.වෙඩිතැබීම සම්බන්ධ පරීක්ෂණ නිසිලෙස සිදුවෙනවාද යන්න සොයාබැලිය යුතු අතර මෙහිදී පොලිස් වාර්තා හා අධිකරණ කටයුතු නිරීක්ෂනය කළ යුතුවේ.

මෙම සිදුවීමත් ඊට දින දෙකකට පසු පොලිස් නිලධාරීන්ට සිදූ වූ ප්‍රහාරයත් එම ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව කියමින් බෙදාහැර තිබූ දැන්වීම් පත්‍රිකාත් නිසා යාපනයේ යම් තරමක් නොසන්සුන් තත්ත්වයක් පෙන්නුම් කරයි.‘ආවා‘ නම් කණ්ඩායම උතුරේ ආරක්ෂක අංශ විසින් මෙහෙයවන බව ප්‍රදේශවාසීන් පවසන බවත් එය සත්‍යක්දැයි කැබිනට් මාධ්‍ය හමුවකදී ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ ඇසු පැනයක් හේතුවෙන් නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවෙන් පිටව ගියේය.එලෙස පිටව යන අතරමගදී පිළිතුර ‘ඔව්“ ලෙස ගත හැකිදැයි   ජයසිංහ ඇසූ අතර මදකට නැවතුණු ඇමතිවරයා පැවසුයේ “මම එහෙම කිව්වේ නැති“ බවයි.



අදහස් (0)

යාපන සිසු ඝාතනයේ සුලමුල

අසංග Monday, 31 October 2016 04:52 PM

පොලිසිය ඉල්ලගෙන කාලා තියෙන්නේ. මෙපමණ බලයක් කොහෙන්ද මොවුන්ට ලැබුනේ. උපරිම දඬුවම් දෙන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 November 2016 12:27 AM

ලංකා, රෑ 11.45 පොලිස් අණ නොතකා යන යතුරුපැදියක් ගැන සැක සිතන්නේ නැද්ද? ඔය කියන සංහිඳියාව තිබෙන්නේ දේශපාලකයින් ළඟ විතරයි. අපේ ළඟ ගෑවිලාවත් නැත. මොකද අවුරුදු 30 ත්‍රස්තවාදයේ රස්නය තාම අපේ අැඟේ තිබෙනවා (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Tuesday, 01 November 2016 02:27 AM

ඉතා වටිනා ලිපියක් (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා‍ Tuesday, 01 November 2016 04:05 AM

මංසන්ධි වල රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට අවි ආයුධ නොදිය යුතුයි. පොලිස් නිලධාරීන්ට කුරුමානමට වෙඩි තියන්න පුහුණුවීම සඳහා විශ්‍රාම ගිය පොලිස් නිලධාරීන් යොදාගත යුතුයි. (නි)

:       0       0

සෑම් Tuesday, 01 November 2016 04:36 AM

අණනොතකා ධාවනය වුණා නම් අනිවාර්යයෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ. ලංකාවේ අනිත් පළාත් වලත් ඕකම තමයි නීතිය. යාපනයේ විතරක් වෙනස් වෙන්න විදියක් නැහැ. මේකේ අනිත් පැත්ත වුණා නම් ඔය කතාකරන අය අහක බලාගෙන නොදැක්ක, නොඇහුණ ගානට ඉන්න හැටි බලාගන්න තිබුනා. කොහොමටත් පොලිසියෙන් සැකයට වෙඩි තිබ්බා නම් හංගන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. නීතිය නවන්න ගියාම ඔයවගේ දේවල් සිද්ධවෙනවා. (නි)

:       0       0

තුෂාන් Tuesday, 01 November 2016 06:45 AM

සෑම්, ඔබ නිවැරදියි. (නි)

:       0       0

ලංකා Monday, 31 October 2016 01:58 PM

ළමයි දෙන්න මරන්න තරම් කේන්තියක් අාවේ මොකද ? නීති කඩ කරන අයව මරන්න නීතියෙන් අවසරයක් තියෙනවද ? දන්නේ නැති නිසයි අහන්නේ (බ)

:       0       0

තිසා Monday, 31 October 2016 04:31 PM

කවුරුත් මතක තියාගන්න ඕනෑ අපි කතා කරන්නේ උතුරේ සිදුවූ සිද්ධියක් ගැන බව. ඒ පරිසරය දන්නා අපි දන්නවා මේ වැනි සිදුවීම් සිදුවීම එහි ස්වාභාවික බව. නමුත් කොළඹ, නුවර, ගාල්ල වගේ යාපනය ගැන හිතන්න එපා. මේ කථාවේ එළිනොවූ ඇත්තක් ඉදිරියේදී එළිවේවි. එවිට ඔබට වැටහේවි අහිංසක හෝ හිංසක කවුද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 575 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1152 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 728 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 251 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1200 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 818 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 388 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site