(අංජුල මහික වීරරත්න)
යහපාලන ආණ්ඩුවට පෙර පැවැති පාලන සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ ඇත.
කන්කසන්තුරේ පිහිටි මෙම මන්දිර පරිශ්‍රයට අක්කර 29 ක භූමියක් අයත් වන අතර එයින් අක්කර 12ක ගොඩනැගිලි සංකීර්ණ පිහිටා තිබේ.
ඉතිරි ප්‍රමාණය ප්‍රදේශයේ ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉඩම් වන අතර රජයට අයත් අක්කර 12ක ප්‍රමාණය මුලින් SLIIT ආයතනයට බදු දීමට තීරණය කෙරිණි.
ජනතාවගෙන් පවරා ගනු ලැබූ ඉතිරි අක්කර 17ක භූමි ප්‍රදේශය ද එම ජනතාවට ආදායමක් ලැබෙන පදනමක් මත SLIIT ආයතනයට බදු පදනමට ලබා දීමට තීරණය කෙරිණි.
දැනට මෙම ඉඩම නාවික හමුදා භාරයේ පවතින අතර අදාල බදු ගිවිසුම අත්සන් කළ පසුව එම පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය වෙත මුදා හැරීමට නියමිතය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යාපනය ජනාධිපති මන්දිරය බදු දෙයි
පුරවැසියෙක් Saturday, 14 October 2023 12:29 PM
ගොඩක් හොඳයි.
ABSaturday, 14 October 2023 08:33 PM
යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමට රජය තීරණය කිරීම අගය කලයුතු ක්‍රියාවක්... මෙවැනි වැදගත් රට වෙනුවෙන් ගන්නා තීරණ ජාතිවාදී හෝ පක්ෂ පාතී හෝ එක් පුද්ගලයකු වෙනුවෙන් නොව දහසක් තරුණ පිරිසගේ අද්යාපන දියුණුව වෙනුවෙන් ක්‍රියාත්මක වනු ඇත.
විහඟ Saturday, 14 October 2023 04:17 PM
ගොඩක් හොඳයි.. මොකද දකුණට කරපුවගෙ ඵලවිපාක මිනිස්සු තාම ගෙවනවා. තව අවුරුදු 100 ක් ගියත් ගෙවන්න වෙනවා... හම්බන්තොට පාරවල් ටික, ගාල්ලෙන් එහාට හදපු හයිවේ එක, සම්මන්ත්‍රණ ශාලා, මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය ඔය වගේ සුදු අලි නිසා තමයි මේ රටට මෙහෙම වුනේ... අනික රුහුණ විශ්ව විද්‍යාලයට දෙන සම්පත් යාපනය, රජරට වගේ විශ්ව විද්‍යාලවලට දුන්නා නම් මේ රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් බිහිකර ගන්න පුළුවන්..
City Saturday, 14 October 2023 06:21 PM
හොඳ තීරණයක්...
Sampath Abeygunasekara Saturday, 14 October 2023 11:16 PM
සියලුම ජනාධිපති සහ අගමැති මන්දිර කොළඹ ඒවා හැර හෝටල් වලට දුන්නානම් හරි හොඳ ආදායමක් ගන්න තිබුනා