IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


යාපනයට පාස්පෝට් කාර්යාලයක්

(අංජුල මහික වීරරත්න)

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ වැඩීම දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ඇතුළත් වන උතුරු පළාතේ වවුනියාව දිස්ත්‍රික්කය තුළ දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. 

යාපනය, කිලිනොච්චි හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට ආගමන හා විගමන කටයුතු ආශ්‍රිත සේවාවන් ලබා ගැනීම උදෙසා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලය වෙත ගමන් කිරීමේදී විශාල කාලයක් වැය කිරීමට සිදුවේ. 

උතුරු පළාතේ ජනතාව විශාල වශයෙන් විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති බැවින්, ඔවුන් සඳහා කඩිනම් සේවාවක් ලබා දීම පිණිස යාපනය දිස්ත්‍රික්කයේ ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් ආරම්භ කිරීම සුදුසු බවට 2025-01-31 දින ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී යෝජනා වී තිබේ. 

ඒ අනුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්යාලය, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ මෙම මාසයේදී ස්ථාපිත කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (6)

යාපනයට පාස්පෝට් කාර්යාලයක්

තරිඳු කුමාර Wednesday, 02 April 2025 03:53 PM

අනුරාධපුර තිබුණ කාර්යාලය තමයි වවුනියාවට ගෙනිච්චේ. උතුරු පළාතෙ විතරක්ද ජනතාව අපහසුතාවයට පත් වෙන්නෙ. අනිත් මිනිස්සු මොක්කුද එතකොට

:       3       25

Toni Wednesday, 02 April 2025 11:26 PM

උතුරට කිරි අපට කැකිරි . තවත් මොනවද දෙන්න තියෙන්නේ? ඒකත් දෙනවාද?

:       0       0

Kule Wednesday, 02 April 2025 11:33 PM

කොටින්ට දැලි පිහිය

:       1       1

රුවන් Thursday, 03 April 2025 07:23 AM

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පාස්පෝට්, හැදුනුම්පත්, ආදායම් බලපත්‍ර ගන්න ස්ථානයක් තියෙන්න ඕනේ.

:       0       2

de silva berlin Thursday, 03 April 2025 10:44 AM

දිවයිනේ සෑම ප්‍රදේශයකම ජිවත්වන ජනතාවට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සාමාන්‍ය ක්‍රමයට ගමන් බලපත් අයදුම්පත් භාර දෙන්න පුළුවන් විදිහට කටයුතු සලස්වන්න , දිවෛනේ සෑම පළාතකම එක බැගින් එක්දින ක්‍රමයට අයදුම්පත් භාර දෙන්න කාර්යාල විවුර්ත කරන්න , මේවට අමතර නිලධාරී අවශ්‍ය වෙන්නේ නැහැ පරදේශීය ලේකම් කාර්යාල වල අවශ්‍ය ප්‍රමනෙට වැඩිය උපාධි ධාරී රජයේ සේවකයෝ ඉන්නවා ඔවුන් මේවට පුරුදු පුහුණු කරලා ගන්න පුළුවන් , අවශ්‍ය ගොඩනැගිලි වැනි වෙනත් පහසුකම් පවා රජයට එම පළාත් වල තිබෙනවා , මුද්‍රණ වියදම් ඩොලර් 5 ක් (1500Rs ) වෙන පාස්පෝර්ට් එක එක්දින ක්‍රමයට රජය දෙන්නේ රුපියල් 20000 අයකරල, පාස්පෝර්ට් මගින් රජයට විශාල ලාභයක් ලැබෙනවා , රජය එම නිසා මුදල් ගෙවන පුරවැසිය රස්තියාදු කරන්න එපා .කියව , කියව ඉන්නේ නැතුව රජය වහාම ක්‍රියාත්මක වන්න , මේවා තමා ජනතාව ඉල්ලපු සහ අගයන system chenge

:       0       4

Mangala Dissanayake Thursday, 03 April 2025 12:41 PM

යාපනයට දෙනවා නම් ආපහු වවුනියාවේ කාර්යාලය අනුරාධපුරයට ගෙනාවනම් හොඳයි නේද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක්
2025 අප්‍රේල් මස 19 0 0

මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.


අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 98 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 409 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 216 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 501 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1282 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 116 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site