(යොහාන් භාසුර)
යුරෝපා සංගමයට අයත් රටවල් 26කට යොමු කරන සියලු තැපැල් භාණ්ඩ සඳහා නව බදු ප්‍රතිපත්ති අද (01) සිට ක්‍රියාත්මක වන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.
යුරෝපා සංගමයට අයත් රටවල් වෙත යැවෙන ලිපි හැර සෙසු සියලුම තැපැල් භාණ්ඩ සංශෝධිත බදු ප්‍රතිපත්තිය යටත් වන බවත් තැපැල් පාරිභෝගිකයන්, අන්තර්ජාලය මඟින් අලෙවිකරන්නන් සහ අන්තර්ජාල අලෙවිසැල් යුරෝපා සංගමයේ රටවල් වෙත යොමු කරන තැපැල් භාණ්ඩවලට මෙම බදු සංශෝධනය බලපැවැත්වේ.
යූරෝ 150ට අඩු වටිනාකමකින් යුත් සියලුම තැපැල් භාණ්ඩ සඳහා යවන්නා විසින් යුරෝපා සංගමයට අයත් අදාළ රට වෙත සෘජුවම වැට් බදු ගෙවිය යුතු බවත් යූරෝ 150ට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ සඳහා අදාළ රටේ බදු ප්‍රතිපත්තියට අමතරව අනෙකුත් තීරු බදු ප්‍රතිපත්තීන්ට ද යටත් වන බැවින් තැපැල් භාණ්ඩ සඳහා වූ සියලුම බදු ගමනාන්තයේදී භාණ්ඩය ලබාගන්නා පුද්ගලයාගෙන් අය කරගන්නා බවත් තැපැල්පතිවරයා පවසයි.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
යුරෝපා සංගමයට අයත් රටවලට යැවෙන තැපැල් භාණ්ඩවලට අද සිට බදු
සාගර Thursday, 01 July 2021 04:02 PM
මාස දෙක හමාරක් වෙනවා චීනෙන් පොඩි සර්කිට් කෑල්ලක් ගෙන්නලා.. මැයි මාසේ ලංකාවට අාවා කියලා පෙන්නනවා.. එතැනින් එහාට අතුරුදහන් ලැයිස්තුවට තමයි දාන්න වෙන්නේ... තාම බෙදලා නැද්ද? බහිරවයා ගිල්ලද දන්නේ නැත...
chithral Thursday, 01 July 2021 05:29 PM
හුටා !!! කාලා වරෙල්ලා. ගොත්‍රිකයිනේ දැන් කොහොමද?
සෙනෙවිරත්න Thursday, 01 July 2021 06:02 PM
මේත් අර ජී.එස්.පී. කොටසක්ද?
WCA Thursday, 01 July 2021 07:41 PM
අපි තමයි හොඳටම කරේ...