IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ

බර්මින්හැම් විහාරයට නව ගොඩනැගිල්ලක්.

 

අලුතෙන් අනුමැතිය ලැබී ඇති නව විහාර ගොඩනැගිල්ල ඉදිවූ පසුව බර්මින්හැම් මහා විහාරය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානය බවට පත්වනබව විහාරාධිපති අචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නව ගොඩනැගිල්ල සඳහා නගර සභාවේ අනුමැතිය ලැබීම පිලිබඳ ආරංචිය සහ එහි ගොඩනැගිලි සැලැස්ම දායක කාරකාදීන් වෙත එළිදැක්වූ අවස්ථාවේදීය.

කස්සප හිමියන් විසින් 1992දී ආරම්භ කළ බර්මින්හැම් මහා විහාරය දැනට මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් බවට  පත්වී ඇත.

මිඩ්ලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර බෞද්ධ සහනාධාර ආයතනයේ සභාපතිධුර හොබවන කස්සප හිමියන් විසින් ඉටුකර ඇති ආගමික, සමාජීය සහ සුභසාධක සේවාවන් අගය කරමින් බ්‍රිතාන්‍ය මහා රැජින උන්වහන්සේට ඔබීඊ ගෞරව නාමයද පිරිනමා ඇත.

බ්‍රිතාන්‍යයේ දෙවැනි නගරය ලෙස සැලකෙන බර්මින්හැම් නුවර මනරම් පෙදෙසක පිහිටා ඇති බෞද්ධ මහා විහාර භුමිය නව විහාර මන්දිරය ඉදිකිරීම සඳහා ඉතාම සුදුසු ස්ථානයක් බව මේ පිළිබඳව සොයා බැලීමට පත්කළ නගරසභා පරීක්ෂණ කණ්ඩායම ඉදිරිපත් කරඇති වාර්තාවේ දක්වා ඇත.

නව ගොඩනැගිල්ල ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයේ හැඩතල මුලික කර ගනිමින් එංගලන්තය වැනි රටකටද ගැලපෙන අයුරින් නිර්මාණය කරන බව මෙහි ගෘහනිර්මාණ ශිල්පි දිනුක රාජපක්ෂ කියයි. 

ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කරන්නේ ජෝන් බර්ඩ්ය. 

නව විහාරස්ථානයේ ඉස්මතුවී පෙනෙන අංගයක් වනුයේ මනස්කාන්ත දාගැබ් වහන්සේය.

ගොඩනැගිල්ලේ ඉහළින්ම පිහිටුවා ඇති දාගැබ ඇතුලත විහාරස්ථානයේ ඉඩපහසු සහිත බුදුගෙය ඉදිකෙරෙනු  කෙරෙනු ඇත.

එමෙන්ම ධර්ම දේශනා සහ භාවනා ආදිය සඳහා ධර්මශාලාවක්, භික්ෂුන්වහන්සේගේ පරිහරණය සඳහා දාන ශාලාවක්, පුස්තකාලයක්, අංග සම්පුර්න මුළුතැන් ගෙයක් සහ දේශන ශාලාවක් ද මෙම නව විහාර මන්දිරයේ ගොඩනැගෙනු ඇත.

බර්මින්හැම් යනු විවිධ ජනකොටස් සහ ආගමිකයින් පදිංචිවී ඉන්නා සුවීසල් නගරයකි. මේ නිසාම නව විහාර මන්දිරයේ ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම සම්ප්‍රදායයන් වල බෞද්ධයන්හට ඔවුනගේ චාරිත්‍ර වාරිත්‍රයන්ට අනුකුලව වන්දනා මාන කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසාදීම සඳහා කටයුතු කර ඇති බවද කස්සප හිමියෝ අවධාරණය කරති.

 



අදහස් (0)

යුරෝපයේ ලොකුම පන්සලට අඩිතාලම වැටේ

දර්ශන Tuesday, 19 March 2013 10:13 PM

එක හොද වැඩක් (දී)

:       0       0

අමිලා Tuesday, 19 March 2013 03:22 PM

සන්තෝසයි (දී)

:       0       0

කුරේ Tuesday, 19 March 2013 03:23 PM

අපේ සුභ පැතුම් (දී)

:       0       0

කමල් Tuesday, 19 March 2013 03:28 PM

බුදු සසුන වෙනුවෙන් කරන වැදගත් වැඩක් (දී)

:       0       0

ෂෙහාන් Tuesday, 19 March 2013 03:38 PM

ආසියාවේ ලොකුම පන්සල කොහෙද තියෙන්නේ (දී)

:       0       0

මහේෂ් Tuesday, 19 March 2013 11:00 PM

හොද වැඩේ කවුරු කළත් හොදයි. (නි)

:       0       0

යුධීෂ්වර Tuesday, 19 March 2013 03:49 PM

සාධු... සාධු... සාධු...! ඔබවහන්සේට දීර්ඝායු වේවා! (නි)

:       0       0

මෝරාළ Tuesday, 19 March 2013 04:06 PM

අනේ සාධු! මේවා නම් හොද වැඩ. (නි)

:       0       0

පිටිගල Tuesday, 19 March 2013 04:41 PM

හිමියනි, ඔබට බොහෝ පින්! (නි)

:       0       0

සුනිල් ප්‍රනාන්දු Wednesday, 20 March 2013 02:02 AM

අනේ සාධු....අනේ සාධු....

:       0       0

නිමල් Wednesday, 20 March 2013 02:03 AM

අනේ හොදයි...අනේ හොදයි...

:       0       0

ගමගේ Wednesday, 20 March 2013 03:31 AM

සාදු සාදු සාදු ......(දී)

:       0       0

නිශා Tuesday, 19 March 2013 05:23 PM

දකිනකොටත් කොච්චර ආඩම්බරද? (නි)

:       0       0

ජනක Wednesday, 20 March 2013 04:32 AM

එංගලන්තයම ලස්සන වේවි. අපේ නායක හිමියන්ට දීර්ඝායුෂ ලැබේවා! මේක ඉතාම හොඳ වැඩක්. අපි හැමෝම උදව් කළ යුතුයි. (නි)

:       0       0

ඩැනියෙල් Tuesday, 19 March 2013 05:23 PM

ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටවල් යනු මේවායි. (නි)

:       0       0

අනුර Tuesday, 19 March 2013 05:23 PM

හරිම ආඩම්බරයි. (නි)

:       0       0

නිමල් Tuesday, 19 March 2013 05:24 PM

අර කෝකටත් සුද්දන්ට බණින පුරාජේරුකාරයෝ දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

සේන Tuesday, 19 March 2013 05:29 PM

දැන් කට්ටිය සුද්දගේ හොද කියන්න ගනීවි. (නි)

:       0       0

මාලා Tuesday, 19 March 2013 05:30 PM

කෝ අර පුරුද්දට වගේ සුද්දන්ට බණින ගිරා ‍පෝතකයෝ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 20 March 2013 06:57 AM

එන්ගලන්තයේ උද්ඝෝෂණ කරන්න අපේ වගේ විවිධ සංවිධාන නැහැ වගේ. (නි)

:       0       0

ප්‍රියදර්ශන Tuesday, 19 March 2013 06:32 PM

ගොඩක් සතුටුයි හාමුදුරුවනේ. (නි)

:       0       0

තාරක Tuesday, 19 March 2013 06:49 PM

ඇත්තටම ආඩම්බරයි! (නි)

:       0       0

දිනුක Wednesday, 20 March 2013 09:16 AM

එක හොදයි (දී)

:       0       0

නන්දන Wednesday, 20 March 2013 09:51 AM

තෙරුවන් සරණයි (දී)

:       0       0

ශාන්ත Wednesday, 20 March 2013 09:51 AM

සාධු....සාධු.... (දී)

:       0       0

සනත් Wednesday, 20 March 2013 09:52 AM

වචනෙන් හරි උදවු කරන කාටත් තෙරුවන් සරණයි (දී)

:       0       0

නිරෝෂන් Wednesday, 20 March 2013 09:48 AM

බුදු සසුන බැබලේවා (දී)

:       0       0

ලසන්ත Wednesday, 20 March 2013 09:50 AM

බුදුසරණයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 245 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 831 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1726 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6160 7

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1815 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 967 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site