නිලූ ඔබ නිරූපිකාවක ලෙස වසර පහළොවක් තිස්සේ ස්ථාවරත්වයක් ඇතිකර ගත්තෙ කොහොමද?
ඒක ඇත්තටම අසීරු ගමනක්. මුලින්ම මම ක්ෂේත‍්‍රයට ආවේ ප‍්‍රවීන රූපලාවන්‍ය ශිල්පී පේ‍්‍රමසිරි හේවාවසම් යටතේ නිරූපණ කටයුතුවලට සහභාගී වෙමිනුයි. ඉන්පසුව ලෝ චිං වොන්ග් යටතේ නිරූපණය කළා. ෆැෂන් ටීවී නාලිකාව වෙනුවෙන් මට අවස්ථාව ලැබුණා. වෘත්තීය තත්ත්වයට පැමිණියේ ඒ සියල්ල සමගයි.
ලංකාවේ මෙතරම් දිගු කාලයක් එක දිගට නිරූපිකාවක ලෙස රැඳී සිටින්න හේතුවුණේ?
මගේ සැමියා අර්ජුන සේනානායකත් නිරූපණ ශිල්පියෙක්. එයත් 2002 සිට නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කළා. එක්තරා අවස්ථාවක තුර්කියේ පැවැති නිරූපණ සංදර්ශනයකදී මම කාන්තා අංශයෙන් සහ එයා පිරිමි අංශයෙන් කිරුළ දිනා ගත්තා. ලංකාවේ දෙන්නකුට එකවර ජයග‍්‍රහණ ලැබුණු පළමු අවස්ථාව එයයි. සැමියා සමග ආ ඒ ගමන දිගටම ස්ථාවර වුණා. ඔහු තමයි මට මේ ගමනේ යෝධ හෙවනැල්ල වුණේ.
ඔබ පෙර සඳහන් කළේ අසීරුවෙන් ආ ගමනක් කියායි. ලාංකීය සමාජයේ නිරූපිකාවක් වීම අසීරු ඇයි?
අමාරුයි කියලා කිව්වෙ නිරූපණයේ යෙදීම නෙවෙයි. ක්ෂේත‍්‍රයේ පිළිගැනීම සහ අවබෝධය ඉහළයි. නමුත් බාහිර සමාජය බලන දැක්ම එතරම් සුබවාදී නැහැ. ඒ හැරත් ලංකාවේ වෘත්තීය වටිනාකම අඩු වුනත් පිටරටක නම් නිරූපිකාවකට ලැබෙන්නෙ ඉහළ වටිනාකමක්. විශේෂයෙන් නිරූපිකාවක් යනු යුරෝපීය රටක සම්පතක්. ඕනෑම ක්ෂේත‍්‍රයක වගේ හොඳ මෙන්ම නරක තියෙන්න පුළුවනි. නමුත් 96 සිට පැමිණි මේ ගමනේ මට හොඳ මිසක්, වටිනාකම වැඩිවීම මිසක්, අනවශ්‍ය දේ ඇතිවුණේ නැහැ. පළපුරුද්ද මත වෘත්තීය ගරුත්වය ඇතිවුණා.
නිරූපණ ක්ෂේත‍්‍රයෙ සිදුවන යහපත ඔබ දකින්නෙ කොහොමද?
විවිධ මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ මෝස්තර එළිදැක්වීමට දායකවීමට ලැබීම වගේම රටේ විලාසිතා ගැන ලෝකයට කියන්නට අවකාශය ලැබෙනවා. මම ගොඩාක් ප‍්‍රකටව සිටින්නේ කැට් වෝක් නිරූපිකාවක ලෙසයි.
”කැට් වෝ්ක්” මොඞ්ල් යන්නෙහි තේරුම?
අපි හිතමු ලොව ඕනෑම කාන්තා විලාසිතාවක ප‍්‍රමාණය විය යුත්තේ 8-10 කියලා. ඒ අනුව නිරූපිකාව සිරුර ප‍්‍රමාණාත්මකව සහ නම්‍යශීලීව තබාගත යුතුයි. කැට්වෝක් මොඩල් කෙනෙකුට ලොව ඇති ඉල්ලූම ඉහළයි. රිද්මය හරියටම තියෙන්න ඕනෑ. පිටරටක වුනත්, වැඩි වටිනාකමක් තියෙන්න කැට්වෝක් මොඞ්ල් කෙනෙකුටයි.
ඔබ මවක්, දරු දෙදෙනෙකු සිටින මවක් ලෙස, ඔබ නම්‍යශීලීත්වය සහ සිරුරේ රිද්මය පවත්වාගෙන යන්නෙ කොහොමද?
2002 හොඳම නිරූපිකාව වෙද්දී මගේ කුළුඳුල් දරුවා ඉපදී මාස හයයි. මවක් වෙලත් එහෙම වීම ගැන සමහරු පුදුම වුණා. මේ සියල්ල සාර්ථක කරගන්න සැමියාගෙන් ලද සහයෝගය ඉහළයි. එයා මගේ ආහාර වට්ටෝරුව ගැන පවා සොයා බැලූවා. ඇත්තටම ඒ සියල්ලෙහි රහස තමයි සැමියා.
කොහොමද ඔබේ දින චර්යාව?
උදේ 4.45 ට විතර අවදි වෙනවා. ඉන්පස්සෙ දරු දෙදෙනා පාසලට යැවීමට කටයුතු කරනවා. බුදුන් වැඳලා ඊට පස්සෙ උදේ 7 ට විතර මගේ සැලොන් එකේ වැඩ සහ විලාසිතා ආයතනයේ වැඩ කටයුතු පටන් ගන්නවා. මොන දේ කළත්, පළමුව මුල් තැන දෙන්නේ ගෙදර වැඩ කටයුතුවලටයි.
මෙම ආසියාතික කිරුළ ලැබීම සහ ඊට සහභාගි වූ හැටි විස්තර කළොත්?
මෙම අවස්ථාව ලැබුණේ R and V ආයතනයේ වාසනා දන්තනාරායන මහත්මිය නිසයි. රටවල් 30 ක තරගකාරියන් මීට ඇතුළත් වුණා. ඉන්දියාව වගේ රටවල් පරාජය කරලා කිරුළ අපේ රටට ගේන්න පුළුවන් වුණා. ඒත් අපට අනුග‍්‍රාහකයෙක් ඉදිරිපත් වුණේ නැහැ. ගුවන් ටිකට්පත පවා ගත්තෙ අපේ වියදමින්. සැමියා ඒ සියල්ල වෙනුවෙන් මාව දිරිගැන්වුවා. දැන් මේ නිසා ලෝකයේ ඕනෑම තැනක පැවැත්වෙන මෙවැනි තරග සඳහා ඉදිරිපත්වීමේ අවස්ථා ලැබී තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොඩකතා ගණන් ගන්න එපා අක්කේ..ඔයාට සුබ පැතුම්....................!!! (දී)
වැඩියෙන්ම හරි පිරිමි මුස්ලිම් පිරිමි වෙන්නැති. ඔවුන් කැමති මුහුණත් වහපු අතේ ඇඟිලි වහපු පයේ ඇඟිලි පිටිපතුල පවා වහපු ගැහැනුන්ට. නවීන තරුණ වෙනත් ජාතික පිරිමි නම් ගැහැණු සිරුරෙන් වැඩි කොටසක් නිරාවරණය වෙනවටයි කැමති. (නි)
මිලාන් වල මොඩ්ලින් ඒජන්සියක් හෝ යහළුවෙක්ගේ මාර්ගයෙන් හෝ 'ස්පොන්සර්' කරගෙන ඇවිල්ලා ඒජන්සි එකකට බැඳෙන්න. මිලාන් ඒජන්සි වලට හරියට මොඩ්ලින් වැඩ තියෙනවා ලෝකේ අනිත් රටවල් වලට වඩා. මෙහෙ ඉන්න සුදු අය අතර ආසියාතික පෙනුමක් ඇති ඔබව දමන්න ඔවුන් ගොඩක් කැමති වෙයි. මිලානෝ සිටින විට නිතරම අර්මානි, වෙර්සාචේ, දොල්චේ සහ ගබානා,ප්‍රාඩා වැනි අයව මුණ ගැහෙනවා ඔවුන්ගේ වැඩ වලට ගියාම. (නි)
යුරෝපයට යන්නේ නැතුව කරන දෙයක් ලංකාවේ කරොත් හොඳයි. මොකද මොඩ්ලින් කරන්න යුරෝපයට ගිය අපේ ගැහැණු ළමයින් එහෙදි විකිනෙනවා මගේ ඇස් ඉදිරිපිටට මන් දැකලා තියෙන නිසා.(නදී)
කුමාරිහාමි, මොකෝ මොනවා හරි පෑගිලාද? (නි)
බය වෙන්න එපා. ටික දවසක් යනකොට ඔයා අපේ අයටත් වටිනාම සම්පතක් වේවි. (නි)
නංගි ඔය එක එකා කියන දේවල් ඔයා කරන්න යන්න එපා. ඔයාගේ හදවතට එකගව සහ ඔයාට හරි කියලා හිතෙන දේ කරන්න.මොකද ඔයා ඔච්චර දුරක් ආවේ මෙයාලගෙන් උපදෙස් අරන් නෙවෙයිනේ.වැරදුනාම ඔයාට කවුරුවත් නැහැ, අම්මා ඇරෙන්න. හරි යනකොට නම් ඕනෑ තරම් උපදේශකලා ඉන්නවා (නි)
ඕනෑම වෘත්තියක ප්‍රායෝගිකත්වයක් තිබිය යුතුයි (අ)
ඔයා ජන්ගල් කියන එක කරන්න ඒ ඇති (අ)
හලෝ සෑම්, වයස කීයද?(නි)
මෙයා හරියට අර දෙමල ෆිල්ම් නිළිය නයන් තාරා වගේනේ. යන්න ඉදිරියට ජය ඔබට.(නදී)
ඔව් ඉතින් කෙල්ලෙක් නිරුවත පෙන්නන එක ඉතා හොඳ වැඩක්නේ ලංකාවේ. ඔහොම යන් ඔහොම යන්... කෝ අපේ සේනාව? (නි)
නිරුවත බලෙන් හරි බලන්න ආස නැති හොද කට්ටියනේ ලංකාවේ ඉන්නේ..... ඒකනේ ලංකාවේ ස්ත්‍රී දුෂණ වැඩි. නේද? (දී)
නිරුපිකාවක් හෝ රූප රාජිනියක් යනු නිරුවත පෙන්වීමක් නොවෙන බව රට තුල කතිකාවක් ඇතිකළ යුතුයි.(නදී)
නංගි, මම ඔයාගේ අනාගතයට සුබ පතනවා. (නි)
අනුන්ට ඇග පෙන්වන එකට එදිරිව කෝ මේ කවුරුවත් මොකුත් කරන්නේ නැහැනේ. යුරෝපානුවන්ට ඕක සම්පතක් වෙන්වා වුනත් ලංකාවේ මේක නැති කළ යුතුයි (නි)
කාන්තාවේදය කරපින්නාගෙන අපේ රටේ රැල්ලට යන්න දගලන අය තමන්ගෙ නංගිගෙ, පෙම්වතියගෙ නිරුවත ලෝකෙට පෙන්නලා ආයිත් යන්න හදන්නෙ ගල් යුගයට. ඒත් කියන්නෙනම් අනුන්ට දියුණු වෙන මිනිස්සු කියලා ඒකත් එක්තරා ආකාරයක මානසික ලෙඩක්.(නදී)
නිරූපිකාවක් විදිහට ඔබ ගෙනා කීර්තිය රටට අගෙයි, එත් මම නිරූපන ක්ෂේස්ත්‍රයට ගොඩක් අකමැතීයි.(නදී)
යුරෝපයේ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ (නි)
ඔයාට ලක්ෂ 50ක් විතර වටිනා ගෙයක් තාම ලැබුනේ නැද්ද?(නදී)
ඔයා රටට කීර්තියක් ගෙනාවා. සුබ පැතුම්. ඒත් ඇයි කට ඇරලා ලස්සනට හිනා වෙන්න බැරි ? (නි)
සුබ පැතුම්! ඒත් තනිකර මේකප් විතරනේ පෙනෙන්නේ.ඔයත් යුරෝපයට යන්න. එහෙදි හොද කලක් උදාවේවි (නි)
සුභ පැතුම්! මෝඩයෝ කියන කතා ගනන් ගන්න එපා.(නදී)
අනේ ප්‍රියා , කවුද ඔය හරි පිරිමි කියන්නේ? (නි)
ප්‍රියාට පිස්සු, ඔයා දන්නා තරම.(නදී)
ඔබට සුබ පැතුම් (අ)
ලෝකය වෙනස් වුණා කියලා අපිට වෙනස් වෙන්න බැහැ. ලංකාවට නම් මොඩ්ලින් කියන්නෙ විකාරයක්. හරි පිරිමි කැමති නැහැ නිරුවත් ගැහැණියට (දී)
ඔබට ජයෙන් ජය! (දී)
ඔබට සුබ පැතුම්. ඉදිරියටත් මේවගේ කීර්තියක් රටට ගෙනෙන්න වාසනාව ලැබේවා! ලංකාවේ මිනින්සුන්ගේ තියන වැරැද්ද තමා, වපර ඇහෙන් හැමදේම බලන එක. විවේචන කරන්න ඕනෑතරම්. ඒත් අගය කරන්නේ අඩුවෙන්. ඔබට ජය. (දී)
නිරූපන ක්ෂේත්‍රයේදී නිර්මාණය කරන විලාසිතා වලින් නිර්මාණ හැකියා මතුකලාට, ඒවා වලින් ප්‍රායෝගිකව සැරසිලා යන්න බැහැනේ පාරක. ඕනෑම වෘත්තියක ප්‍රායෝගිකත්වයක් තිබිය යුතුයි (දී)
යුරෝපයේ හොදමේ ඔෆර් හම්බවෙන්නේ නිරුපිකාවන්ගෙන් වෙන්න පුළුවන්. නමුත් ඔය ඉන්නේ ආසියාවෙනුත් (නි)
සුභ පැතුම්! (නි)
යුරෝපේ හැමෝටම නොවෙයි ව්‍යාපාරිකයන්ට ජනතාව ගොනාට අන්දවන්න පුළුවන්. මේගොල්ලන්ගේ නිරුවත පෙන්වලා විකුණන දේවල් තියෙනවනේ.(නදී)