යාල ජාතික වනෝද්‍යානයේ පළමු කලාපයේ අක්කර 10ක ගංජා හේනක් සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මැණික්ගල්ලේ සිට මිටර 600ක් දුරට පොළොව යටින් එලන ලද නල මාර්ගයකින් හේනට ජලය ලබාගෙන තිබූ අතර එහි ගංජා පැල මට්ටමේ තිබිණි. පසෙක් පැල තවාන් දමා තිබුණු බව ද වනජීවී නිලධාරින් පවසයි. වතුර ගැනීමට ගෙන ආ මීටර 3000ක පමණ බට සහ වතුර මෝටරයක් ද තවත් භාණ්ඩ රැසක් ද සොයාගෙන ඇත. සැකකරුවන් පලා ගොසිනි. ඌව වනජීවී කලාප සහකාර අධ්‍යක්ෂ සිසිර කුමාර ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලංකාවේ සරුවට හැදෙන දේ විනාශ කරන්න . පිට රටින් ඒ හා සමාන ඖෂධ ආනයනය කරන්න ". ඔන්න අපේ ප්‍රතිපත්තිය. (දී)
ගංජා වගාවේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත්වෙලා. එතනෝල් හෙරොයින් වලත් කේන්ද්‍රස්ථානය වෙලා. ආශ්චර්යය අත ලඟයි. (අ)
ඔය අලි කුලප්පු වෙලා තියෙන්නේ මේවා කාල වෙන්ට ඇති (අ)
රටින් මතට තිත එත් කරෙගන යන එක අමාරුයි (අ)
ගංජා කියන්නේ බෙහෙතක්නේ (දී)
හරි පුදුමයි නෙ. ගංජ හේන් වල සැකකරුවන් කවදාවත් අහු වෙන්නැ. පැනල යනව. (දී)
බලවත් කෙනෙක් ඔකේ පිටිපස්සෙන් ඇති පොඩි එවුන් දාල කරනවා. රටට ගිය කලක්! (දී)
ඕක පිටුපස බලවත් කෙනෙක් ඇති.පොඩි මිනිහෙකුට ඔච්චර දෙයක් කරන්න බැහැනේ! හැම දේම ඔහොම තමයි.(දී)
වන උද්‍යාන තුල සිදුවන දේවල් වරින් වර ගුවනින් පරික්ෂ කර බලා, වගකිව යුත්තන්ට දැන්වීමට ගුවන් හමුදාවට භාර කරන්න අවශ්‍ය තාක්ෂනය සහ හැකියාව ඔවුන් සතුවේ . (දී)
අපේ රටේ ක්‍රමයක් නැද්ද උඩින් යනකොට ඕව අදුන ගන්න (දී)
මෙච්චර දේවල් කරන්න දක්ෂ මේ මිනිස්සු එතන එළවලු හරි පලතුරු හරි වගාවක් දැම්ම නම් සතෙක් හරි කනවා. (දී)
බලාගෙන ගියාම ඉංජිනේරු මහත්වරු පනයනකල් සැලසුම්කරණ වාරිමාර්ග ක්‍රම කව්රුත් දන්නවනේ? (නදී)