(අංජුල මහික වීරරත්න)
2024 යල කන්නයේ වී වගා කටයුතු මාර්තු අවසන් සතියේ සිට අප්‍රේල් පළමු සතිය දක්වා කාලයේ ආරම්භ කිරීමටත් ඒ අනුව මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ ජලය නිකුත් කිරීමටත් අද (13) තීරණය කරනු ලැබීය.
2024 යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳ විශේෂ ජල කළමනාකරණ සාකච්ඡාව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. අනෙකුත් බෝග වගාවන් සඳහා අප්‍රේල් තුන්වන සතියේ සිට ජලය නිකුත් කිරීමට එහිදී තීරණය විය.
මහවැලි ජලාශ වල දැනට ඇති ජල ප්‍රමාණය 94%ක් වන අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල 91%ක ජල ධාරිතාවක් පවතින බව මෙම රැස්වීමේදී අනාවරණය විය.
යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය සමස්ත ජල ප්‍රමාණය මේ වනවිට ජලාශ සතුව පවතින අතර එමඟින් වගාවන් සාර්ථක කර ගැනීමට හැකියාව ඇතැයි මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පැවසූයේ දැනට පවතින කාලගුණික තත්ත්වය අනුව පෙබරවාරි මාර්තු මාස වල තවදුරටත් වියලි කාලගුණික තත්ත්වයක් පවතින අතර, අප්‍රේල් මාසයේදී ඊසාන දිග මෝසම් සුළඟ සක්‍රීය වීමත් සමඟ වැඩි වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතින බවයි.
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ
ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යලේ වැඩ සිංහල අවුරුද්දට කලින්