IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


යුවාන් වැන්ග් 5ට 16 වෙනිදා මෙරටට ඇතුළුවීමට අවසර

(විමුක්ති එස් රුද්‍රිගු)

හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට  අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

හම්බන්තොට වරායේ හාර්බර් මාස්ටර් යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වාරයේ නැංගුරම් ලෑමට අවසර ලබාදී නොමැති බව දිගින් දිගටම ප්‍රකාශ කළත් එම නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට පැමිණීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඉකොනොමිස්ට් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේය.

යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට නාවික සැතැපුම් 600 ක් පමණ දුරින් පැයට නාවික සැතපුම් 5.8 ක වේගයෙන් තම ගමන් මාර්ගයෙන් පිට පනිමින් නැවතත් ගමන් මාර්ගයට පැමිණෙමින් නැවතත් පිට පනිමින් යාත්‍රා කරන බව මැරිටයිම් වෙබ් අඩවි දත්ත පෙන්නුම් කළේය.

අගෝස්තු 16 හම්බන්තොට වරායට පැමිණීමට යුවාන් වැන්ග් 5 නෞකාවට අවසර ලබා දී ඇතැයි ලෙස පළවන වාර්තා පිළිබඳ දැනුවත් මුත් ඒ පිළිබඳ තහවුරු කිරීමක් මේ අවස්ථාවේ කළ නොහැකි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.



අදහස් (2)

යුවාන් වැන්ග් 5ට 16 වෙනිදා මෙරටට ඇතුළුවීමට අවසර

Saman Saturday, 13 August 2022 11:36 AM

අරගලේ වගේ රනිල් පොරක් බව පෙන්වීමට හදපු ෂෝ එකක් ද මේ

:       27       2

podimalli Saturday, 13 August 2022 08:29 PM

ඩොලර් මිලියන 68යි. වන්දි ගෙවලා අසූචි පොහොර නැවක් හරවලා යැව්වා. ඒකට හිලව් වෙන්න කියලා පොහොර ටික මේ නැවේ එව්වා නම් ඉන්දියාව ශේප් කරගන්න තිබ්බා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 780 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 3882 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4910 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 12836 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4489 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 586 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site