(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත් එම අවස්ථාවේ සිටි විමර්ශන නිලධාරියාගේ තීරණය අනුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත් විලංගු නොදැමීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමිනි.
එම මාධ්‍ය හමුව ඊයේ (26) බත්තරමුල්ල, සුහුරුපාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ දෙහිවල පිහිටි නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගිය අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂ මහතා බෙලිඅත්ත ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බවට ලද තොරතුරකට අනුව ඔහු බෙලිඅත්ත අධිවේගී පිටවීමේ පොලිස් මුරපොළ ආසන්නයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව මනතුංග මහතා පැවැසීය.
පොලිසියෙන් සිදුකරනු ලබන විමර්ශන සදහා කිසිසේත්ම දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නොමැති බවත් ආරක්ෂක අමාත්‍යවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට අත්විලංගු නොදමනන ලෙස කිසිම මොහොතක පවසා නොමැති බවත් අමාත්‍යවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ ජනාධිපතිවරයා හෝ මෙහි විමර්ශන කටයුතුවලට මැදිහත්වී නොමැති බව මනතුංග මහතා කීය.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘යෝෂිත අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය නෑ‘‘
රම්බොඩ Sunday, 26 January 2025 07:30 PM
සියල්ල අසීමිතව දේශපාලනීකරණය වී හමාරයි. බොරුවෙන් පාලනයට ඇවිත් වෛරයෙන් පිනුම් ගහන පවකුයි පෙනෙන්නේ. සියල්ල අනිත්‍ය වග ඔවුන්ට මඳක් හෝ වැටහේ නම් මීට වඩා පරිිස්සම් වනු ඇතැයි සිතමි.
වික්‍රව විදුරSunday, 26 January 2025 08:41 PM
අපි කන්න නැතුව දුක්විඳින කොට ඔවුන් බිලියන ගණන් ගිලලා.. පොඩි හරි වංචාවක් කරපු අයට ධර්ම චක්‍රය කැරකෙනවා පේනකොට බය හිතෙනවා. ඔයාටත් බයක් දැනුණාද? එක සැරේම සංසාරේ අනියත බවක් ධර්මයක් මතක් වුණාද? හීන් දාඩිය දානවද? එහෙනම් ලෙඩේට බේත් තියනවා.
ජිල්බු Sunday, 26 January 2025 08:21 PM
හොරු අල්ලන්න කියලා අභියෝග කරනවා. අල්ලනකොට කෙඳිරි ගානවා පලිගැනීම්ලු. හරියට නිකං ජාතිය ගලවා ගත්තයි කියන කෙනාම ජාතිය විනාශකෙරුවා වගේ. තවත් හරියට නිකං ජාතියේ පියා, නිදහසේ පියා සම්පූර්ණ නිදහසක් අපිට එපා, අපි එකතුවෙලු රට පාලනය කරමුයි කිව්වා වගේ...
Shantha Sunday, 26 January 2025 08:42 PM
තිබුණයි කියලා ප්‍රශ්නයකුත් නෑ. විය යුතුදේ විය යුතුයි.
David Perera Sunday, 26 January 2025 09:29 PM
තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්.......ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා.
අරවින්ද මොනරවිල Sunday, 26 January 2025 09:37 PM
බයි සන්සදයට දැන් වැස්සත් ඒක දේශපාලන බලපෑමක් පෑයුවත් එකත් දේශපාලන බලපෑමක් කියලා මරලතෝනී දෙනවා ඇරෙන්නට වෙන කරන්න දෙයක් නැහැ.
සෙනෙවිරත්න Sunday, 26 January 2025 11:27 PM
ඩේසි ආච්‍චිගේ මැණික් මල්ල විශ්වාස කරන බූරුවන් මේ පිටුව කියවන බව පැහැදිලියි. හරිම අමාරුයි මේවා හොයනකොට, කටු කාපු අයට බොහොම රිදිලා වගේ..
විජිත් Sunday, 26 January 2025 11:46 PM
මහා ජනයා ජනමාධ්‍ය මගින් විමසන "යෝෂිත හොරාට මාංචු දැම්මේ නැත්තේ ඇයි?" කියන ප්‍රශ්නයෙන් මනාවට පෙන්නුම්කරන්නේ රාජපක්ෂ හැතිකරේ කෙරෙහි රටේ ජනතාවගේ තිබෙන මහත්වූ අප්‍රසාදයයි!!!
දුමින්ද පෙරේරා Monday, 27 January 2025 02:54 AM
පච කියන මිනීමරපු අයට මොනවද කරන්න බැරි…? ජෙප්පෝ රැල බය කාදිනල්ටයි, LTTE ඩයස්පෝරා උන්ටයි විතරයි.
යෝගා Monday, 27 January 2025 05:02 AM
නෑ, යෝෂිතව දවස් කීපයකට ඇතුලට දාන්නේ වරායෙන් හොරෙන් පිට කල කන්ටේනර් මගඩිය යට ගහන්නයි. හාල් ප්‍රශ්නය යට ගහන්න මහින්දගේ නිල නිවස ඇදල ගත්ත වගේ. ඊලඟට වී ගොවියන්ගේ ගැටලුව ආවහම නාමල්ව අත්අඩංගුවට ගනියි. අලුත් ක්‍රම හොයාගන්න. ජනතාව අවදියෙන්.
බක්මී්ගොල්ල Monday, 27 January 2025 08:29 AM
පොලිස් ඇමතිතුමාගේ හැසිරීම නම් පාර්ලිමේන්තුවේ අන්තිමයි. ඉවසීම බින්දුවයි. කේන්ති ගිහින් වෙවුලනවා කතාකොරනකොට. ඔහොම නම් බැරිවෙයි ඉදිරියට යන්න. ටිකක් වැදගත් වෙන්න වෙයි. ජනාධිපති තුමා මේ ගැන හිතන්න වෙයි. රටේ ජනතාව ඔක්කොම මැට්ටෝ නෙමෙයි...... පොලිස්පති තුමාත්ඔය අන්තර්ජාලයේ කොටන හැම එකකටම උත්තර දෙන්න යන්නේ නැතිව කතාව අඩු කරලා ටිකක් වේගයෙන් වැඩ කෙරුවොත් හොඳයි. අනුන්ගේ අඩුපාඩු, වැරදි කියව කියවා ඉඳලා හරියන්නේ නෑ.රටේ මිනිස්සු තියපු බලාපොරොත්තු දැන් ටික ටික බොඳ වේගන වාගේ එන්නේ......
පිටිගල මිලානෝ Monday, 27 January 2025 12:38 PM
ෂෝ එක ඉවරායි….. දැන් පරිස්සමින් ගෙවල්වලට යන්න….