(යොහාන් භාසුර)
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාඩ්භාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
යෝෂිත රාජපක්‍ෂ මහතා එහි රැඳවීමෙන් පසුව කිසිඳු විශේෂ යමක් ඉල්ලා නොමැති බව කී දිසානයක මහතා ඔහු බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන නාමල් රාජපක්‍ෂ සහ ඩී. වී. චානක යන මහත්වරු බන්ධනාගාරයට අද (26) පැමිණි බව ද සඳහන් කළේය.
එම දෙපළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වීම නිසා බන්ධනාගාරය නිරීක්‍ෂණය කිරීම යටතේ යෝෂිත රාජපක්‍ෂ මහතා හමුවීමට කටයුතු සැළසු බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යෝෂිත වැලිකඩ සාමාන්‍ය වාට්ටුවක
Rasi Sunday, 26 January 2025 04:26 PM
ඔය ක්‍රමයත් නැති කරන්න ඕනෑ. නැත්තම් කුඩු කාරයෝ, මිනි මරුවෝ බලන්නත් මේ රටේ නායකයෝ පිරිවරාගෙන ගිහිල්ලා ජෝගි නැතුව මතක ඇති. මේ රාජපක්ෂ වරුණේ මේ රටේ හොල්මන් කරන එක නවත්තන්න ඕනෑ. මේ මගුල අවුරුදු 25ක් විතර මේ රටේ මිනිසුන්ව නැති කරලා තාමත් ප්‍රවෘත්ති වලින් භාගයක් විතර රාජපක්ෂ... මෙතැනින් එහාට දැන්වත් අපි යායුතුයි.
ඩිනේශ් කුමර් Sunday, 26 January 2025 05:29 PM
රටේ ප්‍රශ්න ජනතාවගෙන් අමතක කරන්න… ගැලරිය කුල්මත් කරන්න… කරන සක්කිලි වැඩ... අඩු ගානේ පොල් ගෙඩියක්, හාල් ටිකක් දීපල්ලා සම්බෝලයි, බතුයි කන්න. පච හැත්ත.
චතුරි Sunday, 26 January 2025 08:54 PM
ඩිනෙශ් ඔයා ඉන්දියන් වෙන්න ඇති ඔයාට සම්බෝලයි බතුයිවත් නැත්ද කන්න කොලකැද කිව්වානම් හරි මොලේ වැඩෙන්න කිසිම ගැලරියක් නැහැ මෙතන අද මේ හොරකම ඔයා කෙරුවානම් ප්ව්ලේ කට්ටියට බලන්න ඉඩ දෙයිද මෝඩයෝ අනුන්ට කඩේ යන්නෙ නැතිව තමුන්ට සලකන හැටි මුන්ට සලකන හැටි වෙනස බලපන් මෙයා බේබිලාට කඩේ යන්නෙ උන් ගෙන් කීය කීය හරි ලැබෙනවා ඇති තමන්ගෙ දෙමව්පියො දුක් විදාලා හමබකරලා කන්න දෙනවා ඒ නම්බුව තියපන් මීහරකෙක් වගේතෙරුමක් නැති කතා නොකියා මුන් වගෙ ගොන්නුත්මුන් එක්කම ඇතුලට දාන්න ඕන.
[email protected]Monday, 27 January 2025 06:13 AM
ඔයා කෝමා වෙලා හිටියද පසුගිය කාලේ වග කිව යුතු පුද්ගලයන් නිසි පරිදි කටයුතු කරලා තියේද බලන්න ඔයාට තේරුම් ගන්න පුලුවන්
fairoos Sunday, 26 January 2025 05:38 PM
කවුරු වැරැදි කරලා තිබ්බොත් දඬුවම් ලැබිය යුතුයි. රට බංකොළොත් කරපු අයට අනිවාර්යයෙන්ම...
ිටිගල මිලානෝ Sunday, 26 January 2025 08:14 PM
ඩී වී චානක පොහොට්ටු පක්ෂයේ නාමල්ට වඩා ඉදිරියෙන් සිටින නිසා එහි නායකත්වය ඩී වී චානකට දිය යුතුයි. නාමල්ට පිටිපස්ස දොරෙන් එන්න පුළුවන් වුනෙත් ඩී වී චානක නිසා…
රුවන් Sunday, 26 January 2025 08:51 PM
යුරෝපයේ කෝඑෂියාව ධනවත්, සංවර්ධිත රටක් වුනේ 2023, ඊට කලින් ඉතිහාසය ලංකාව වගේම කාලයක් යුද්ධය, කාලයක් යටත් විජිත රටක්. නායකයා යහපත්, එඩිතර, බුද්ධිමත් නම් රටක් ගොඩ ගන්න පුළුවන්. ලංකාව සිංගප්පූරුවට කලින් දියුණු කරන්න තිබ්බ රටක්. බලපොරොත්තු අපෙත් දවසක ලෝකයේ සංවර්ධිත රටක් කරන එක.
David Perera Sunday, 26 January 2025 09:31 PM
තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්.......ලපයා දවසක මැරෙන්නෙ පචයක් උගුරෙ හිරවෙලා ………
බත් කන හරකා Sunday, 26 January 2025 10:29 PM
කුලියට වැළලෙන අපිට කන්න රතු හාල්, පොල්, බිත්තර නෑ. කුඹුරු කරලා ඊළඟ කන්නෙ අස්වැන්න එනකම්වත්, පොල්ගස් හිටවලා ඵලදාව එනකම්වත්, කිකිළි පැටව් ලොකුවෙලා බිත්තර දානකම්වත් අපිට ඉන්න බෑ. මාස තුනට ඕවා හැදෙන්නේ නැති කතා අපිට වැඩක් ඇත්තෙම නෑ.
nihal Monday, 27 January 2025 12:35 AM
දිනේෂ් කුමාර් විකාර කතා කියන්න එපා...
Kumar Monday, 27 January 2025 01:33 AM
යෝෂිත වරදක් නැති නම් උසාවිය නිදහස් කරයි. අත්අඩංගුවට ගන්නවා කියල ගියා නම් එතන පොඩි යුද්ධයක් ඇතිවීමට ඉඩ තිබුණා.
උඩුධුම්බරා වීරකෝන් Monday, 27 January 2025 08:33 AM
මුන් ඔක්කොම ලෙඩ්ඩුද. අල්ලනකොටම ලෙඩ. මේ සිස්ටම් එකත් චේන්ජ් කරන්න වෙයි.
H .jayasinghe Monday, 27 January 2025 10:03 AM
ඉතින් අපට මොකද ?
Nandalal de Silva - France Monday, 27 January 2025 09:23 PM
අපි අහලා තියෙන විදියට, "වාට්ටුවල" ඉන්නේ "ලෙඩ්ඩු" ? මී හරකෙක් වගේ තඩි කද බඩ තිබෙන මේකා , බෙලිඅත්ත සිට කොළඹට ගාල් කරගෙන එනකොට, මූට හැදුන මහ ලෙඩේ මොකක්ද, වාට්ටුවකට ඇතුල් වෙන්න ? තඩි ඇගේ ලෙඩක්ද, නැත්නම් කූරු ගනන් කරන්න බයට හැදිච්ච හිතෙ ලෙඩක්ද කියා මගේ ආච්චි සීයාගෙන් අහනවා.....